ඕක්ලන්ඩ් (2)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

නවසීලන්තයේ උතුරු දිවයිනට අයත් පළාතකි. දිවයිනේ ඉතා ම උතුරු කොටස මෙයයි. මෙහි විශාලත්වය ව.සැ. 25,400ක් පමණ වේ. ඊසාන දිග වෙරළින් ඔබ්බෙහි පිහිටි දූපත් කිහිපයක් ද මෙම පළාතට අයත්ය. බෙහෙවින් කඩතොලු වූ නැගෙනහිර වෙරළ බොකු හා වරායවල් රාශියකින් යුක්තය. මෙහි මළ යමහල් කිහිපයක් ද ඇත්තේය. ප්‍රධාන නගරය ඕක්ලන්ඩ් (3) (බ.) ය. මෙම පළාතේ දේශගුණය සෞම්‍යය, ප්‍රසන්නය. පශුපාලනය පළාත්වාසීන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගයයි. ගල් අඟුරු ආකර කර්මාන්තය ද දියුණුය.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඕක්ලන්ඩ්_(2)&oldid=12097" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි