ඕග්යු සොරයි
සිංහල විශ්වකෝෂය වෙතින්
(1666-1728). ජපන් ජාතික කොන්ෆියුසියානු ධර්මධරයෙකි. සාහිත්‍යය, දේශපාලනය හා ආර්ථිකවිද්‍යාව සම්බන්ධයෙන් මොහු තුළ වූ අවබෝධය උසස් කොට සලකනු ලැබේ.
කීර්තිධර කොන්ෆියුසියානු ධර්මධරයකු වූ ඉතෝ ජින්සයිගේ ඉගැන්වීම්වලට පහර එල්ල කළ මෙතෙමේ 1721 දී යොෂිමුනෙ තොකුගාවා ෂෝගුන්වරයාගේ ඉල්ලීම පරිදි සම්භාව්‍ය චීන ග්රන්ථයක් වූ රෝක්යු එන්ගි නම් කෘතිය ජපන් බසට පරිවර්තනය කළේය.
(සංස්කරණය: 1974)