ඕල්ඩම්
සිංහල විශ්වකෝෂය වෙතින්
(Oldham). එංගලන්තයේ ලැන්කෂයර් කෝරළයේ පිහිටි නගරයකි. මැන්චෙස්ටර් නගරයට සැතපුම් හතක් පමණ ඊසාන දිගින් පිහිටි මෙහි විශාලත්වය ව.සැ. 8.3ක් පමණ වේ. මෙහි කපු කර්මාන්තය බෙහෙවින් දියුණු වී ඇත. ලෝකයේ ප්‍රධාන කපු කටින ස්ථානවලින් මෙය ද එකකි. ඉංජිනේරු කර්මාන්තය - විශේෂයෙන් රෙදිපිළී සම්බන්ධ ඉංජිනේරු කර්මාන්තය - නගරයේ දෙවන කර්මාන්තයයි.
පැරණි ඉතිහාසයක් ඇති ඕල්ඩම්හි පෞරාණික දේවස්ථාන, විද්‍යාස්ථාන ආදි පැරණි ගොඩනැඟිලි මෙන් ම කෞතුකාගාර, පුස්තකාල, කලාගාර, උද්‍යාන රාශියක්, නගර ශාලාවක් හා උසාවියක් ද ඇත. 1888 දී පළාත් පාලන ආයතන පිහිටුවන ලද අතර ඕල්ඩම් පාර්ලිමේන්තු කොට්ඨාසයක් ද වේ. 1971 දී මෙහි ජනගහනය 105,705ක් විය.
(සංස්කරණය: 1974)