ඕෂිමා
සිංහල විශ්වකෝෂය වෙතින්
(Oshima). ජපානයට අයිති කුඩා දූපත් තුනකි. මේවා කියුෂු දූපතට දකුණුදිගින් පිහිටා තිබේ. මේ දූපත් තුන කුරෝ-ෂිමා, ඉවෝ ෂිමා, තකේ-ෂිමා යන නම්වලින් හැඳින්වෙයි. ක්රමයෙන් ඉහළට නෙරුණු භූමි ප්රදේශයක් වූ කුරෝෂිමා අඩි 2475ක් දක්වා උස් වේ. අඩි 2480ක් පමණ උස් වූ සප්රාණ ගිනිකන්දක් ඉවෝ-ෂිමා දූපතේ තිබේ.
ජපානයේ ප්රධාන ගොඩබිම වශයෙන් සැලකෙන හොන්ෂු දිවයිනේ අග්නිදිග වෙරළෙහි තෝකියෝ වරායට පිවිසෙන තැන අසල පිහිටි දිගින් සැ. 9ක් හා පුළුලින් සැ.5ක් වූ කුඩා දූපත ද ඕෂිමා නමි.
(සංස්කරණය: 1974)