කිකකු එනොමොතො

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(1661-1707). ජපානයෙහි සුප්‍රකට හයිකු කවියෙකි. හයිකු කවියෙහි ආදි කර්තෘ වූ මත්සුවෝ බෂෝගේ ප්‍රධාන ශිෂ්‍යයකු වූ මෙතෙමේ පසුව බෂෝගේ ශෛලිය අත්හැර ඉතා දුර්බෝධ ප්‍රයෝගයන්ගෙන් සමන්විත පද්‍ය රචනා කෙළේය. පසු කාලයෙහි ජනප්‍රිය වූ ෂරෙ-ෆූ නමැති පද්‍ය ශෛලිය ආරම්භ කරන ලද්දේ මොහු විසිනි.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=කිකකු_එනොමොතො&oldid=11045" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි