දහම් ගැටය
ධර්මයෙහි එන ඇතැම් කරුණු ප්‍රහේලිකා ස්වරූපයෙන් ශ්‍රවණ මාත්‍රයෙහි අන්‍යාර්ථයක් හැඟෙන සේ යොදනා ලද්දේ 'දහම් ගැට' යයි කියනු ලැබේ. එබඳු දහම් ගැට එක් රැස් කොට රචනා කළ ග්‍රන්ථය මෙහි ලා එනමින් දැක්විණ. දහම් ගැට ස්වරූප දක්වන ර්ධමසේන තෙරණුවෝ
“යෙත ලෙස නො වියතුන් වියකුන් ඉස් සලසලා
සොයනෙවි අරුතු තෙපුල් .......”යි අව්‍යක්තයන් සිනාසෙන පරිද්දෙන් ද ව්යාක්තයන් හිස සලමින් වචනාර්ථයන් විමසන පරිද්දෙන් ද දහම් ගැට ලියන බව පැවැසූහ. මෙයින් දහම් ගැටය වියත් නොවියත් දෙපසට ම විනෝදය උපදවන රචනාවක් බව හෙළි වෙයි. ඒ එසේ මැ ය. අව්‍යක්තයන් හාස්‍ය රස උපදවන අරමුණුවලින් සතු වුවන අතර වියතුනට අර්ථ විමංසනය වැනි විනෝදයෙක් නැති තරම් ය. දහම් ගැට උභයාර්ථවත් ශබ්දයන්ගෙන් රචනා කළෙන් සිනහ උපදවනසුලු ය. මුඛ්‍යාර්ථය ගැටලුව ගිය හෙයින් වියතුන් පවා විමංසනයෙහි හෙලයි. මෙසේ හෙයින් දහම් ගැට විවේකය විනෝදවත් කිරීමට උපකාර වේ.
සිංහල සාහිත්‍යයෙහි මුලින් මැ දහම් ගැට නිපදවාලුවෝ තෙළෙස්වන සියවසෙහි දඹදෙණි සාහිත්‍යයෙහි මුලින් මැ දහම් ගැට නිපදවාලුවෝ තෙළෙස් වන සියවසෙහි දඹදෙණි සාහිත්‍ය යුගයේ වැඩ සිටි සද්ධර්මරත්නාවලී කාරක ධර්මසේන මහතෙරණුවෝ ය. ඔබගේ දහම් ගැට නිබන්ධය ගී විරිතින් බැඳුණු පද්‍ය එකතු සැට (59)කින් පරිමිත විය. මෙය ධර්මසේන හිමියන්ගේ කෘතිය කැයි සඳහන් ව නැති නමුදු පාරම්පරිකව එන ශ්‍රැතිය බැහැරලිය නොහැක්ක.
ධර්මසේන තෙරණුවන් මෙබඳු දහම් ගැට රචනායෙහි මෙහෙයන ලදුයේ පාලි සාහිත්‍යය විසිනැ'යි සිතිය යුතු ය. විනය පරිවාරයෙහි විනය නිපුණත්වය හා විනයධරයාගේ විමංසන බුද්ධිය විමසනු සඳහා යොදන ලද සෙදමොචක ගාථා ද දහම් ගැට බඳු ය.
“අනාලපනොමහුචෙන කෙනම් වාචාගිරං වො ච පරෙ භණෙය්ය
ආපජ්ජෙය්ය වාමසිකං න කායිකං පඤහා මෙසා කුසලෙහි මිත්තිතා”
කිසි මිනිසෙකු සමඟ කථා නොකොට අනුන්ට කිසිවක් නොකියා සිටින මහණ වාචසික ඇවතකට පැමිණෙයි, මෙය විනය නිපුණයන් විසින් සිතන ලද ප්රශ්ණයෙකැ'යි යන අර්ථයි. මෙබඳු ප්‍රශ්න අව්යක්තයනට සිහින් දහදිය උපදවන ගැටලු හෙයින් සෙදමොචක ගාථා යයි කියනු ලැබේ. මේ වනාහි විනෝද සඳහා දෙසන ලදුයෙක් නොව විනයධරයාගේ විමංසන බුද්ධිය තියුණු කිරීම සඳහා වූයෙකි.
බුදුරදුන් විසින් ධම්ම පදයෙහි,
“මාතරං විතරං හනත්වා රාජානො ඛෙ ම ඛන්තියෙ
රං සානුචරං හත්වා අතීසො යාති බ්රාහ්මණො”යි (මවු ද පියා ද නසා කැත් රජුන් දෙදෙනා ද අනුචාරයා සහිත රට ද නසා බමුණු තෙම නිදුකින් යයි.) මේ වූ කලී මහත් මැ දහම් ගැටයෙකි. මෙහි නිදානය සැලැකීමේ දී බුදුන් විසින් මත්තෙහි කරන ධර්ම දේශනාව සඳහා ශ්‍රාවකයන්ගේ අවධානය යොමු කිරීමට මෙය දෙසූ බව පෙනේ. තෘෂ්ණ මාන දුෂටි හා දොළොස් ආයතයෙහි පැතිර සිටි නන්දිරාගය ද නිවනට බාධක ය. සත්වයන් තුන් භවයෙහි උපදවන හෙයින් මව වැනි තෘෂ්ණාව ද මව් අසුවල්හුගේ පුත්‍රයෙමි, පියා හේතු කොට මානය උපදනා හෙයින් පියා නැති මානය ද හැම සත්ත්වයන් නතු කොට ගන්නා හෙයින් රජුන් වැනි ශාශ්වත-උච්ඡේද දෘෂ්ටි දෙක ද හැම තන්හි පතළ හෙයින් රට වැනි ආයතන ද එහි යෙදුණු අනුචාරයා වැනි නන්දිරාගය ද නසා රහත් තෙම නිවන් පුරයට යෙයි යනු එහි ඇතුළු ව සිටි ලක්ෂණයයි. මේ අසා සිටි භික්ෂූහු රහත් වූහ. මෙබඳු සාත්ර්ථ වූ දහම් ගැට පාලියෙහි දක්නට ඇත. එය ම ධර්මසේන හිමියන්ගේ දහම් ගැට රචනාවට අරමුණ වී යයි සිතිය හැක.
මේ දහම් ගැට කෙතරම් ජනප්‍රිය වී ද යත් පසු පස වැ ගියෙන් සිව් පදයෙන් පමණක් නොවැ සිලොවින් ද රචනා කළ දහම් ගැට දක්නට ලැබේ. ගැමියන් අතර ද 'දහම් ගැටකාරයා' එයාගේ දහම් ගැට ව්‍යවහාරය බෙහෙවින් අසන්නට ලැබේ. දහම් ගැටයට ධර්මසේන තෙරණුවන් විසින් ම ලියන ලදැයි කියන ගැටපදයක් ද රනස්ගල්ලේ තෙරුන් විසින් ලියන ලද සන්නයක් ද ඇති බව කියති. සන්න සහිත දහම් ගැටය මුද්‍රණයෙන් ප්‍රකාශ වී ඇත.
(කර්තෘ: ලබුගම ලංකානන්ද හිමි: 1958)
(සංස්කරණය නොකළ)