පයස් ඇන්ටොනයිනස්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(ක්‍රි.ව. 86-161). රෝම අධිරාජයෙකි (138-161). ඕරීලියස් ෆුල්වුස් නමැති රෝම කොන්සල්වරයකුගේ පුත්‍රයා වූ මොහු 120 දී කොන්සල් තනතුරකට ද පසුව ඉතාලියෙහි පාලක නිලධාරීන් සතර දෙනාගෙන් කෙනකුන් වශයෙන් ද පත් කරනු ලැබීය. හේඩ්රියන් අධිරාජයාගේ අභිප්‍රාය පරිදි ඔහුගෙන් පසු අධිරාජ තනතුර ලැබූ ඇන්ටොනයිනස් සැබවින් ම වැසියන්ගේ ශුභසිද්ධිය පතා ක්‍රියා කළ නැණවත්, කෘතහස්ත, කාරුණික පාලකයෙක් විය. ඔත්තුකාරයන් හෙළා දුටු මොහු කුමන්ත්‍රණකරුවන් කෙරෙහි වුව ද දයාපරවශ විය; ඉතාලියේ අනාථ දරුවන්ට මෙන් ම යටත් ප්‍රදේශයන්හි විපතට පත් නුවරුන්ට ද නොමසුරු සහනාධාර සලසා දුන්නේය; නීතිය සරල බවටත් සානුකම්ප බවටත් පමුණුවමින් එහි සංශෝධනයක් ඇති කළේය.

මෙපරිද්දෙන් ද ස්නානාගාර, ජලනයන මාර්ග ආදිය තැනවීමෙන් හා කලාශිල්ප දියුණු කිරීමෙන් ද බවට පත්ව තිබිණි. වෙළඳ නගරයක් වශයෙන් ඉතාලිය සුඛිත මුදිත කළ මොහුගේ රාජ්‍ය සමය සාමයෙන් පිරුණක් විය.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=පයස්_ඇන්ටොනයිනස්&oldid=8968" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි