"එළිකැටියේ ශ්‍රී ධීරානන්ද හිමි" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
 
46 පේළිය: 46 පේළිය:
 
මෙහි සඳහන් වන්නේ “එළුකැටියේ ධීරානන්ද” යනුවෙනි.
 
මෙහි සඳහන් වන්නේ “එළුකැටියේ ධීරානන්ද” යනුවෙනි.
  
 +
(කර්තෘ: [[අහංගම පඤ්ඤාවාස හිමි]]; [[හපුගොඩ සුමනතිස්ස ස්ථවිර]])
 +
   
 +
(සංස්කරණය නොකළ)
 +
 +
[[ප්‍රවර්ගය: සිංහල සාහිත්‍යය-ග්‍රන්ථ කර්තෘවරු]]
 +
     
 +
[[ප්‍රවර්ගය: ධ]]
 +
 +
== එළිකැටියේ ශ්‍රී ධිරානන්ද හිමි ==
 +
අහංගම එළිකැටියේ බිම්මාරාම මහා විහාරාධිපතිව වැඩ විසූ එළිකැටියේ ශ්‍රී ධිරානන්ද ස්ථවිරයන් වහන්සේ කලක් අමරපුර නිකායේ මහා නායක පදවිය ද හෙබවූ තෙර නමකි.
 +
 +
වෛද්‍ය නක්‍ෂත්‍රාදී ශාස්ත්‍රාන්තරයන්හි නිපුණ (අහංගම විදානලාගේ) දොන් හර්මානිස් ද සිල්වා විවාහ ලේකම් මහතා හා එම මැතිණිය උන්වහන්සේගේ මව්පියෝ වූහ. උත්පත්තිය සිදුවූයේ ක්‍රි.ව. 1830 ජුනි 11 වන දින දී ය. භාෂා ශාස්ත්‍ර හා වෛද්‍ය, ජ්‍යෝතිෂය ආදියෙහි උගතකු වූ තම පියාගෙන් මූලික අධ්‍යාපනය ලැබූ මේ කුමරාට තවදුරටත් ශාස්ත්‍ර ඥානයේ ලබාදීමේ අදහසින් ඔහු මූලික බිම්බාරාම මහා විහාරාධිපතිව වැඩ සිටි එළිකැටියේ ඉන්දජෝති මහ තෙරපාණන් වහන්සේට භාර කරන ලදි.
 +
 +
ඉගෙනීමෙහි දක්ෂයකු වූ මේ කුමාරයා සසුන් ගත කිරීමෙන් සැලසෙන ලෝක ශාසන සේවය සැලකූ ඉන්ද්‍රජෝති හිමිපාණෝ ඊට නිසි සාමනේර බණ දහම් පාඩම් කරවා දෙමාපියන්ගේ අවසරය ඇතිව සසුන් ගත කොට ‘ධීරානන්ද’ නාමය තැබූහ.
 +
 +
එතැන් සිට සිංහල, පාළි, සංස්කෘති යන භාෂාත්‍රය හැදෑරීමට ඉවහල් වන මූලික පොත් වණ පොත් කරවීමෙන් හා අක්ෂර කියවීමෙනුත් බොහෝ දුර ප්‍රගුණ කරවා ධීරානන්ද හෙරන්පාණෝ ඉගෙනීම සඳහා මිහිරිපැන්නේ කවීන්දු ධම්මරතන ස්ථවිරයන් වහන්සේ වෙත පමුණුවන ලදහ. ධම්මරතන හිමිපාණන්ගේ අපවත්වීමෙන් පසු දොඩම්පහළ සිරි දීපංකර ස්ථවිරයන් වහන්සේ වෙත පමුණුවන ලදහ. නියුක්තව විසූ ධීරානන්ද තෙරණුන් වහන්සේ විසිවස් ලැබීමෙන් පසු පොල්වතු ගඟේ උදකුක්ඛෙප සීමා මාලක්යේ දී අතිගරු පෙතංගහවත්තේ සුගුණ මහ තෙරපාණන් වහන්සේගේ උපාධ්‍යාත්වයෙන් හා මිහිරිපැන්නේ අරියාකාර විහාරාධිපති තංගල්ලේ පරම කවිතිලක ශ්‍රී සුමනතිස්ස මහානායක හිමිපාණන් වහන්සේගේ ද එළිකැටියේ බිම්බාරාම මහා විහාරාධිපති එළිකැටියේ ඉන්ද්‍රජෝති හා හිමිපාණන් වහන්සේගේ හා ආචාර්යත්වයෙන් අධි ශීලයෙහි පිහිටුවන ලදහ.
 +
 +
එතැන් සිට විවිධ ප්‍රදේශයන්හි වස් එළඹීමෙන් හා ධර්ම දේශනා කිරීමෙනුත් ගිහි පැවිදි බොහෝ ශිෂ්‍යයන්ට ධර්ම ශාසෝත්‍රාග්‍රහණය කරවීමෙනුත් කල් යැවූ උන්වහන්සේ තම ආචාර්යපාදයන් වහන්සේගේ ඇවෑමෙන් විහාරාධිපති පදවියට හා නිකායේ කාරක සංඝ සභාවටත් පත්වූහ.
 +
 +
එවකට නිකායේ මහා නායක ධුරය දැරූ පරම කවිතිලක තංගල්ලේ ශ්‍රී සුමනතිස්ස හිමිපාණන් වහන්සේලාගේ අනුමතිය පිරිදි අමරපුර රාජධානියෙහි එකල සංඝරාජ පදවිය දැරූ මා හිමිපාණන් වහන්සේගේ වෙත පාළි සංදේශයක් යවන ලදි. මේ මාගධීය සංදේශය සකස් වූයේ විනය කර්මයක් සම්බන්ධයෙන් මෙහි මහාසංඝ සභාවක් ගත් තීරණයක් විනයානුකූල නොවන බවට විනය විනිශ්චයාදී ග්‍රන්ථවලින් කරුණු උපුටා තර්කානුකූලව ඉදිරිපත් කිරීමට ය. එය බලා තුටු පහටු වූ සංඝරාජ මාහිමිපාණොත් මැංඩ්‍රම්ස් මහ රජතුමාත් බොහෝ පඬුරු එවූහ. එම පඬුරු අතර වූ රාජකීය මාගධීය සංදේශය හා ස්වර්ණ ලිප්ත විනය ග්‍රන්ථය අද දක්වාත් බිම්බාරාම විහාරයෙහි සුරක්ෂිතව ඇත.
 +
 +
පරම කවිතිලක තංගල්ලේ ශ්‍රී සුමනතිස්ස මහා නායක මාහිමිපාණන් වහන්සේ ඇවෑමෙන් (බු.ව. 2440)  ක්‍රි.ව. 1898 ජනවාරි මස 7 වැනි දින ශ්‍රී ධීරානන්ද හිමිපාණෝ ස්වනිකායික මහා සංඝයාගේ සමාන ඡන්දයෙන් 'සුගතසායනසෝධක පරම කවිතිලක' යන ගෞරවොපාධිය සමඟ මහා නායක ධුරයට පත් කරන ලදහ.
 +
 +
ස්වකීය ජීවිත කාලයෙන් වැඩි කොටසක් අමරපුර නිකායෙත් ලක්වැසි බෞද්ධ මහ ජනයාගේත් යහපත සඳහා කළහැකි ධර්ම ශාස්ත්‍රීය කටයුතුවල නිරත ව ශ්‍රී ධිරානන්ද නාහිමියන් විසින් වැදගත් කරුණු සඳහා කරන ලද ප්‍රබන්ධ රාශියකි. 'කවිකුසුම', 'කවිපති' යන පද්‍ය ග්‍රන්ථ ද උන්වහන්සේගේ හෙළු, මගද දෙබසෙහි හා කවීත්වයෙහි දැරූ පාණ්ඩිත්‍යය පඬිවරයන්ගේ උසස් වර්ණනයට පාත්‍ර විය. ලෞකික කීර්ති ප්‍රසංගාදිය ගැන නොඇලුණු උන්වහන්සේගේ බුද්ධ වචනය ගුරුත්වයෙහි තබා සිය යුතුකම් නොපිරිහෙලා ඉටු කළහ. නිකාය භේදය සම්බන්ධයෙන් ද උන්වහන්සේ මධ්‍යස්ථ වූහ.
 +
 +
මෙසේ ලෝක ශාසන සංවර්ධනයෙහි නියැලී වැඩ සිටි මහානායක මාහිමිපාණෝ අසූ අට වසක් ආයු වළදා ක්‍රි.ව. 1917 සැප්තැම්බර් 7 වන දින සිහිනුවණින් යුක්තව ස්වර්ග පරායණ වූහ.
 +
 +
උන්වහන්සේගේ පැවිදි ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලාත් බොහෝයි. ශ්‍රී ධිරානන්ද නාහිමියන්ගේ ආධිපත්‍යයෙන් පැවති අහංගම එළිකැටියේ බිම්බාරාම මහා විහාරස්ථානයෙහි දැනට අධිපති ධුරය උසුලන්නේ උන්වහන්සේගේ ම ශිෂ්‍ය අහංගම පඤ්ඤාවාස මහස්ථවරපාදයන් වහන්සේ ය. වැල්ලවත්තේ ශ්‍රී විජයරාමාධිපති ශ්‍රී සාහිත්‍ය විශාරද පණ්ඩිත අහංගම ශ්‍රී පුත්‍රලෝක හිමියෝ ද නාහිමියන්ගේ ශිෂ්‍යයෙක් වෙති.
 +
වර්තමාන සිංහල කවින්ද්‍රයෝ නැමැති ග්‍රන්ථයේ I කාණ්ඩයෙහි මුන්වහන්සේගේ ගමේ නම දක්වන එළිකැටියේ යන්න වෙනුවට එළුකැටියේ යන නම යොදා තිබේ. 
 +
   
 
(කර්තෘ: [[අහංගම පඤ්ඤාවාස හිමි]]; [[හපුගොඩ සුමනතිස්ස ස්ථවිර]])
 
(කර්තෘ: [[අහංගම පඤ්ඤාවාස හිමි]]; [[හපුගොඩ සුමනතිස්ස ස්ථවිර]])
 
      
 
      

15:51, 7 මැයි 2024 වන විට නවතම සංශෝධනය

එළිකැටියේ ශ්‍රී ධීරානන්ද හිමි

(1830.06.11–1917.09.07). ගාලු දිස්ත්‍රික්කයේ අහංගම එළිකැටියේ බිම්බාරාම මහා විහාරාධිපති වැ වැඩ විසූ එළිකැටියේ (එළුකැටියේ) ශ්‍රී ධීරානන්ද ස්ථවිරයන් වහන්සේ ක්‍රි.ව. 1896 සිට 1917 දක්වා අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායේ මහානායක පදවිය ද හෙබවූ භාෂා-ශාස්ත්‍ර-කාව්‍ය විෂයයන්හි ප්‍රවීණත්වය දැරූ මහතෙර නමකි.

වෛද්‍ය නක්‍ෂාත්‍රාදී ශාසත්‍රාන්තරයන්හි නිපුණ (අහංගම විදානලාගේ) දොන් හර්මානිස් ද සිල්වා විවාහ ලේකම් මහතා හා එම මැතිණිය උන්වහන්සේගේ මව්පියෝ වූහ. උත්පත්තිය සිදු වූයේ ක්‍රි.ව.1830 ජුනි 11 වන දින අහංගම එළුකැටියේ දී ය. ඉහත සඳහන් කළ දෙමාපියන්ට පුත් රුවනක් පහළ විය. භාෂා ශාස්ත්‍ර හා වෛද්‍ය, ජ්‍යෝතිෂ්‍යාදියෙහි උගතකු වූ තම පියාගෙන් මූලික අධ්‍යාපනය ලැබූ මෙකුමරාට තවදුරටත් ශාස්ත්‍ර ලබාදීමේ අදහසින් එළිකැටියේ මහා බිම්බාරාම මහා විහාරාධිපතිව වැඩ සිටි එළිකැටියේ ඉන්ද්‍රජෝති මහා තෙරපාණන් වහන්සේට භාර කරන ලදි.

ඉගෙනීමෙහි දක්ෂයකු වූ මේ කුමාරයා සසුන්ගත කිරීමෙන් සැලසෙන ලෝක ශාසන සේවය සැලකූ ඉන්ද්‍රජෝති හිමිපාණෝ ඊට නිසි සාමණේර බණ දහම් පාඩම් කරවා දෙමාපියන්ගෙන් ද නිසි අවසර ගෙන සසුන් ගත කොට ‘ධීරානන්ද’ නාමය තැබූහ.

එතැන් සිට සිංහල, පාලි, සංස්කෘත යන ශාස්ත්‍රය හැදෑරීමට ඉවහල් වන මූලික පොත් වණපොත් කරවීමෙන් හා අක්‍ෂර කියවීමෙනුත් බොහෝ දුර ප්‍රගුණ කරවා වැඩිදුර ඉගෙනීම සඳහා මිහිරිපැන්නේ කවීන්දු ධම්මරතන ස්ථවිරයන් වහන්සේ වෙත පමුණුවන ලදී. උන්වහන්සේගේ ඇවෑමෙන් දොඩම්පහළ සිරි දීපංකර ස්ථවිරයන් වහන්සේගෙන් ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණයෙහි නියුක්තව වසන අතර විසි වයස් පිරුනෙන් පොල්වතු ගඟේ උදකුක්ඛේප සීමා මාලකයේ දී අතිගරු පෙතංගහවත්තේ සුගුණ මහතෙරපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් මිහිරිපැන්නේ අරියාකර විහාරාධිපති තංගල්ලේ පරම කවිතිලක ශ්‍රී සුමනතිස්ස මහානායක හිමිපාණන් වහන්සේ ද හබරාදුව වැල්ලේතොට ශ්‍රී සුධර්මාරාධිපති සිටිනාමලුවේ ධම්මාරාම හිමිපාණන් වහන්සේ ද කර්මවාගාචාර්යයත්වයෙන් අධිශීලයෙහි පිහිටුවන ලදහ. ඉන්පසු විවිධ ප්‍රදේශයන්හි වස් එළඹීමෙන් හා ධර්ම දේශනා කිරීමෙනුත් ගිහි පැවිදි බොහෝ ශිෂ්‍යයන්ට ධර්ම ශාසෝත්‍රාග්‍රහණය කරවීමෙනුත් කල් යැවූ උන්වහන්සේ තම ආචාර්යපාදයන් වහන්සේගේ ඇවෑමෙන් විහාරාධිපති පදවියට හා නිකායේ කාරක සංඝ සභාවටත් පත්වූහ.

එවකට මහානායක ධූරය දැරි පරම කවිතිලක තංගල්ලේ ශ්‍රී සුමනතිස්ස හිමිපාණන් වහන්සේගේ අනුමැතිය පරිදි අමරපුර රාජධානියෙහි එකළ සංඝරාජ පදවිය දැරූ මා හිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී ධීරානන්ද හිමියන් විසින් පාළි සංදේශයක් යවන ලදි. මේ ගද්‍ය සංදේශය සකස් වූයේ විනය කර්මයක් සම්බන්ධයෙන් මෙහි මහාසංඝ සභාව ගත් තීරණයක් විනයානුකූල නොවන බවට විනය විනිශ්චයාදී ග්‍රන්ථවලින් කරුණු උපුටා තර්කානුකූලව ඉදිරිපත් කිරීමට ය. එය බලා තුටු පහටු වූ සංඝරාජ මාහිමිපාණොත්, මැංඩ්‍රම්ස් මහ රජතුමාත් බොහෝ පඬුරු එවූහ. එම පඬුරු අතර වූ රාජකීය මාගධීය සංදේශය හා ස්වර්ණ ලිප්ත විනය ග්‍රන්ථය ද අද දක්වාත් බිම්බාරාම විහාරයෙහි සුරක්ෂිත ව ඇත.

පරම කවිතිලක තංගල්ලේ ශ්‍රී සුමනතිස්ස මහානායක මාහිමිපාණන් වහන්සේගේ ඇවෑමෙන් (බු.ව.2440) ක්‍රි.ව.1898 ජනවාරි මස 7 වැනි දින ශ්‍රී ධීරානන්ද හිමිපාණෝ ක්‍රි.ව.1896 දී ස්වනිකායික මහා සංඝයාගේ සමානච්ඡන්දයෙන් සුගතසාසනසෝධක පරමකවිතිලක යන ගෞරවොපාධිය සමග අමරපුර ශ්‍රී ධර්මරක්ෂික මහානිකායේ මහානායක ධූරයට පත් කරන ලදහ.

ස්වකීය ජීවිත කාලයෙන් වැඩි කොටසක් අමරපුර නිකායේත් ලක්වැසි බෞද්ධ මහජනයාගේත් යහපත සඳහා කළ හැකි ධර්ම ශාස්ත්‍රීය කටයුතුවල නිරත වූ ශ්‍රී ධීරානන්ද විසින් වැදගත් කරුණු සඳහා කරන ලද ප්‍රබන්ධ රාශියකි. කවිකුසුම, කිවිපති පද්‍ය ග්‍රන්ථය ද උන්වහන්සේගේ කෘති ය. උන්වහන්සේගේ සිහල, මගද දෙබසෙහි හා කවීත්වයෙහි දැරූ සාමාර්ථය පඬිවරයන්ගේ උසස් වර්ණයට පාත්‍ර විය. ලෞකික කීර්තිප්‍රසංශාදිය ගැන නොඇලුණු උන්වහන්සේගේ බුද්ධ වචනයට ගරුත්වයන්හි තබා සිය යුතුකම් නොපිරිහෙලා ඉටු කළහ. නිකාය භේදය සම්බන්ධයෙන් ද උන්වහන්සේ මධ්‍යස්ථ වූහ. මෙසේ ලෝක ශාසන සංවර්ධනයෙහි නියැළී වැඩසිටි මහානායක හිමිපාණෝ අසූ අටවසක් ආයු වළදා සිහිනුවණින් යුක්තව අපවත් වූහ.

උන්වහන්සේගේ පැවිදි ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලාත් බොහෝය. උන්වහන්සේගේ ඇවෑමෙන් බිම්බාරාම විහාරාධිපතීත්වයට පත් වූයේ උන්වහන්සේගේ ශිෂ්‍ය අහංගම පඤ්ඤාවංස මාහිමිපාණන් ය. වැල්ලවත්තේ ශ්‍රී විජයාරාමාධිපති වැ වැඩ විසූ ශ්‍රී සාහිත්‍ය විශාරද පණ්ඩිත අහංගම ශ්‍රී ප්‍රඥාලෝක හිමියන් ද ධීරානන්ද මාහිමිපාණන්ගේ ශිෂ්‍යවරයෙකි. වර්තමාන ‘සිංහල කවීන්ද්‍රයෝ’ නමැති ග්‍රන්ථයේ 1 කණ්ඩයෙහි ‘එළිකැටියේ’ වෙනුවට ‘එළුකැටියේ’ යන නම යොදා තිබේ.

(කර්තෘ: අඥාතයි)

(සංස්කරණය නොකළ)

එළිකැටියේ (එළුකැටියේ) ශ්‍රී ධීරානන්ද

මිහිරිපැන්නේ නිකාය නමින් ද හඳුන්වනු ලබන ශ්‍රී ධර්මරක්ෂිතවංශ අමරපුර නිකායෙහි තුන්වන මහානායක මාහිමිපාණෝ ය. අහංගම එළිකැටියේ (එළුකැටියේ) බිම්බාරාම මහා විහාරයෙහි වැඩ විසූ උන් වහන්සේ ප්‍රකට කිවිවරයාණ කෙනෙක් ද වූහ.

අහංගම එළිකැටියේ විසූ වෛiනක්ෂත්‍රාදී ශාස්ත්‍රන්තරයන්හි නිපුණ සැලකිය යුතු උගතකු වූ අහංගම විදානලාගේ දොන් හරමානිස් ද සිල්වා විවාහ ලේකම් මහතා ට පුත්ව 1830 ජුනි 11 වන දින උපත ලබා එළිකැටියේ ඉන්දජෝති මහතෙරපාණන් කෙරෙහි පැවිදි ව පරම කවිතිලක මිහිරිපැන්නේ ධම්මරතන හිමියන් වෙතින් හා දොඩම්පහළ සිරි දීපංකර හිමියන් වෙතින් ධර්ම ශාස්ත්‍රොද්ග්‍රහණය කළ ධීරානන්ද හිමියෝ නිසි වයස් පැමිණි කල්හි පෙතංගහවත්තේ සුගුණ මහතෙරපාණන්ගේ උපාධ්‍යායත්වයෙන් උපසම්පදාව ලදහ. එතැන් පටන් නානා දිශාභාගයන්හි වස් එළැඹීමෙන් හා ධර්මදේශනා කිරීමෙන් ද බොහෝ ගිහි පැවිදි ශිෂ්‍යයන්ට ධර්මශාස්ත්‍රෝද්ග්‍රහණය කැරැවීමෙන් ද කල් යැවූ උන්වහන්සේ ස්වකීය ආචාර්ය පාදයන් වහන්සේගේ ඇවෑමෙන් විහාරාධිපති පදවියටත් නිකායෙහි මහානායක පදවිය හෙබැ වූ පරම කවිතිලක ශ්‍රී සුමනතිස්ස මහතෙරපාණන්ගේ ඇවෑමෙන් 1896 දී උන්වහන්සේට “සුගතසාසනසෝධක පරම කවිතිලක” යන ගෞරවෝපාධිය සහිත ව එම මහානායක පදවිය පිරිනැමිණ. ස්වකීය නිකායෙහි ද ලංකාවාසී බෞද්ධ ජනතාව ගේ ද අභිවෘද්ධිය පිණිස නොයෙක් ධර්‍ම ශාස්ත්‍රිය කටයුතුවල නිරත ව වැඩ විසූ ශ්‍රී ධිරානන්ද මහානායක මාහිමිපාණෝ සිංහල, පාලි සංස්කෘත යන භාෂාවන්හිත් ත්‍රිපිටක බුද්ධ ධර්මයෙහිත් විශාරදයෙක් වූහ. කිවියකු වශයෙන් සමකාලීන උගතුන් අතර මහත් කීර්තියක් ලබා සිටි උන්වහන්සේ විසින් නොයෙක් අවස්ථාවන් හි රචනා කරන ලද පi ප්‍රබන්ධ මහත් රාශියක් ඇත. එවක අමරපුර රාජධානියෙහි සංඝරාජ මාහිමියන් වෙත් උන්වහන්සේ යැවූ පාලි සන්දේශයක් කියවා තුටුපහටු වූ එම සංඝරාජ මාහිමියන් හා අමරපුර රාජධානියෙහි මහරජතුමා විසින් රචනා කරන ලද බොහෝ අතුරෙන් සමහරක් එළිකැටියේ බිම්බාරාම මහා විහාරයෙහි දක්නට ලැබේ.

මාහිමිපාණෝ අසූ අටවසක් ආයූ වළඳා 1917 සැප්තැම්බර් 7 වැනි දින ස්වර්ගස්ථ වූහ. උනවහන්සේගේ පැවිදි ශිෂ්‍ය පිරිස බොහෝ වෙති. එළිකැටියේ බිම්බාරාම මහා විහාරයෙහි අධිපති අහංගම පඤ්ඤාවාස මිහියෝ ද වැල්ලවත්තේ ශ්‍රී විජයාරාම විහාරාධිපති අහංගම ශ්‍රී ප්‍රඥාලෝක හිමියෝ ද ඉන් දෙනමකි.

ආශ්‍රිත ලේඛන හා පොත්පත්

1. අහංගම පඤ්ඤාවාස හිමියන් විසින් සපයන ලද ලිපිය / 2. 9. 1960

2. වර්තමාන සිංහල කවීන්ද්‍රයෝ (1) - ජේ. ලයනල් ඩබ්ලිව්. ද සිල්වා මේ දෙපොළෙහි වකවානුවල ලොකු පටලැවිල්ලක් වෙයි. පඤ්ඤාවාස හිමියන් දක්වන වකවානු මෙහි පිළිගන්නා ලදී.

ඡායාරූප : වර්තමාන සිංහල කවීන්ද්‍රයෝ (1)

3. මාතර සාහිත්‍ය යුගය, 37 පිට

මෙහි සඳහන් වන්නේ “එළුකැටියේ ධීරානන්ද” යනුවෙනි.

(කර්තෘ: අහංගම පඤ්ඤාවාස හිමි; හපුගොඩ සුමනතිස්ස ස්ථවිර)

(සංස්කරණය නොකළ)

එළිකැටියේ ශ්‍රී ධිරානන්ද හිමි

අහංගම එළිකැටියේ බිම්මාරාම මහා විහාරාධිපතිව වැඩ විසූ එළිකැටියේ ශ්‍රී ධිරානන්ද ස්ථවිරයන් වහන්සේ කලක් අමරපුර නිකායේ මහා නායක පදවිය ද හෙබවූ තෙර නමකි.

වෛද්‍ය නක්‍ෂත්‍රාදී ශාස්ත්‍රාන්තරයන්හි නිපුණ (අහංගම විදානලාගේ) දොන් හර්මානිස් ද සිල්වා විවාහ ලේකම් මහතා හා එම මැතිණිය උන්වහන්සේගේ මව්පියෝ වූහ. උත්පත්තිය සිදුවූයේ ක්‍රි.ව. 1830 ජුනි 11 වන දින දී ය. භාෂා ශාස්ත්‍ර හා වෛද්‍ය, ජ්‍යෝතිෂය ආදියෙහි උගතකු වූ තම පියාගෙන් මූලික අධ්‍යාපනය ලැබූ මේ කුමරාට තවදුරටත් ශාස්ත්‍ර ඥානයේ ලබාදීමේ අදහසින් ඔහු මූලික බිම්බාරාම මහා විහාරාධිපතිව වැඩ සිටි එළිකැටියේ ඉන්දජෝති මහ තෙරපාණන් වහන්සේට භාර කරන ලදි.

ඉගෙනීමෙහි දක්ෂයකු වූ මේ කුමාරයා සසුන් ගත කිරීමෙන් සැලසෙන ලෝක ශාසන සේවය සැලකූ ඉන්ද්‍රජෝති හිමිපාණෝ ඊට නිසි සාමනේර බණ දහම් පාඩම් කරවා දෙමාපියන්ගේ අවසරය ඇතිව සසුන් ගත කොට ‘ධීරානන්ද’ නාමය තැබූහ.

එතැන් සිට සිංහල, පාළි, සංස්කෘති යන භාෂාත්‍රය හැදෑරීමට ඉවහල් වන මූලික පොත් වණ පොත් කරවීමෙන් හා අක්ෂර කියවීමෙනුත් බොහෝ දුර ප්‍රගුණ කරවා ධීරානන්ද හෙරන්පාණෝ ඉගෙනීම සඳහා මිහිරිපැන්නේ කවීන්දු ධම්මරතන ස්ථවිරයන් වහන්සේ වෙත පමුණුවන ලදහ. ධම්මරතන හිමිපාණන්ගේ අපවත්වීමෙන් පසු දොඩම්පහළ සිරි දීපංකර ස්ථවිරයන් වහන්සේ වෙත පමුණුවන ලදහ. නියුක්තව විසූ ධීරානන්ද තෙරණුන් වහන්සේ විසිවස් ලැබීමෙන් පසු පොල්වතු ගඟේ උදකුක්ඛෙප සීමා මාලක්යේ දී අතිගරු පෙතංගහවත්තේ සුගුණ මහ තෙරපාණන් වහන්සේගේ උපාධ්‍යාත්වයෙන් හා මිහිරිපැන්නේ අරියාකාර විහාරාධිපති තංගල්ලේ පරම කවිතිලක ශ්‍රී සුමනතිස්ස මහානායක හිමිපාණන් වහන්සේගේ ද එළිකැටියේ බිම්බාරාම මහා විහාරාධිපති එළිකැටියේ ඉන්ද්‍රජෝති හා හිමිපාණන් වහන්සේගේ හා ආචාර්යත්වයෙන් අධි ශීලයෙහි පිහිටුවන ලදහ.

එතැන් සිට විවිධ ප්‍රදේශයන්හි වස් එළඹීමෙන් හා ධර්ම දේශනා කිරීමෙනුත් ගිහි පැවිදි බොහෝ ශිෂ්‍යයන්ට ධර්ම ශාසෝත්‍රාග්‍රහණය කරවීමෙනුත් කල් යැවූ උන්වහන්සේ තම ආචාර්යපාදයන් වහන්සේගේ ඇවෑමෙන් විහාරාධිපති පදවියට හා නිකායේ කාරක සංඝ සභාවටත් පත්වූහ.

එවකට නිකායේ මහා නායක ධුරය දැරූ පරම කවිතිලක තංගල්ලේ ශ්‍රී සුමනතිස්ස හිමිපාණන් වහන්සේලාගේ අනුමතිය පිරිදි අමරපුර රාජධානියෙහි එකල සංඝරාජ පදවිය දැරූ මා හිමිපාණන් වහන්සේගේ වෙත පාළි සංදේශයක් යවන ලදි. මේ මාගධීය සංදේශය සකස් වූයේ විනය කර්මයක් සම්බන්ධයෙන් මෙහි මහාසංඝ සභාවක් ගත් තීරණයක් විනයානුකූල නොවන බවට විනය විනිශ්චයාදී ග්‍රන්ථවලින් කරුණු උපුටා තර්කානුකූලව ඉදිරිපත් කිරීමට ය. එය බලා තුටු පහටු වූ සංඝරාජ මාහිමිපාණොත් මැංඩ්‍රම්ස් මහ රජතුමාත් බොහෝ පඬුරු එවූහ. එම පඬුරු අතර වූ රාජකීය මාගධීය සංදේශය හා ස්වර්ණ ලිප්ත විනය ග්‍රන්ථය අද දක්වාත් බිම්බාරාම විහාරයෙහි සුරක්ෂිතව ඇත.

පරම කවිතිලක තංගල්ලේ ශ්‍රී සුමනතිස්ස මහා නායක මාහිමිපාණන් වහන්සේ ඇවෑමෙන් (බු.ව. 2440) ක්‍රි.ව. 1898 ජනවාරි මස 7 වැනි දින ශ්‍රී ධීරානන්ද හිමිපාණෝ ස්වනිකායික මහා සංඝයාගේ සමාන ඡන්දයෙන් 'සුගතසායනසෝධක පරම කවිතිලක' යන ගෞරවොපාධිය සමඟ මහා නායක ධුරයට පත් කරන ලදහ.

ස්වකීය ජීවිත කාලයෙන් වැඩි කොටසක් අමරපුර නිකායෙත් ලක්වැසි බෞද්ධ මහ ජනයාගේත් යහපත සඳහා කළහැකි ධර්ම ශාස්ත්‍රීය කටයුතුවල නිරත ව ශ්‍රී ධිරානන්ද නාහිමියන් විසින් වැදගත් කරුණු සඳහා කරන ලද ප්‍රබන්ධ රාශියකි. 'කවිකුසුම', 'කවිපති' යන පද්‍ය ග්‍රන්ථ ද උන්වහන්සේගේ හෙළු, මගද දෙබසෙහි හා කවීත්වයෙහි දැරූ පාණ්ඩිත්‍යය පඬිවරයන්ගේ උසස් වර්ණනයට පාත්‍ර විය. ලෞකික කීර්ති ප්‍රසංගාදිය ගැන නොඇලුණු උන්වහන්සේගේ බුද්ධ වචනය ගුරුත්වයෙහි තබා සිය යුතුකම් නොපිරිහෙලා ඉටු කළහ. නිකාය භේදය සම්බන්ධයෙන් ද උන්වහන්සේ මධ්‍යස්ථ වූහ.

මෙසේ ලෝක ශාසන සංවර්ධනයෙහි නියැලී වැඩ සිටි මහානායක මාහිමිපාණෝ අසූ අට වසක් ආයු වළදා ක්‍රි.ව. 1917 සැප්තැම්බර් 7 වන දින සිහිනුවණින් යුක්තව ස්වර්ග පරායණ වූහ.

උන්වහන්සේගේ පැවිදි ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලාත් බොහෝයි. ශ්‍රී ධිරානන්ද නාහිමියන්ගේ ආධිපත්‍යයෙන් පැවති අහංගම එළිකැටියේ බිම්බාරාම මහා විහාරස්ථානයෙහි දැනට අධිපති ධුරය උසුලන්නේ උන්වහන්සේගේ ම ශිෂ්‍ය අහංගම පඤ්ඤාවාස මහස්ථවරපාදයන් වහන්සේ ය. වැල්ලවත්තේ ශ්‍රී විජයරාමාධිපති ශ්‍රී සාහිත්‍ය විශාරද පණ්ඩිත අහංගම ශ්‍රී පුත්‍රලෝක හිමියෝ ද නාහිමියන්ගේ ශිෂ්‍යයෙක් වෙති. වර්තමාන සිංහල කවින්ද්‍රයෝ නැමැති ග්‍රන්ථයේ I කාණ්ඩයෙහි මුන්වහන්සේගේ ගමේ නම දක්වන එළිකැටියේ යන්න වෙනුවට එළුකැටියේ යන නම යොදා තිබේ.

(කර්තෘ: අහංගම පඤ්ඤාවාස හිමි; හපුගොඩ සුමනතිස්ස ස්ථවිර)

(සංස්කරණය නොකළ)