"මානව වර්ග" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
 
(නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්)
9 පේළිය: 9 පේළිය:
 
මිනිසුන් අතර දක්නට ලැබෙන වෙනස්කම් අනුව ඔවුන් වර්‍ග කිරීම 17 වැනි සියවසේ පමණ ඇරඹුණු බව පෙනේ. 1684 දී ‍ෆ්‍රන්සුවා බර්නියේ (François Bernier) විසින් Journal des savants නම් සඟරාවට ලියූ ලිපියකින් මානව වර්ගීකරණයක් ඉදිරිපත් කෙළේ ය. එය කරන ලද්දේ ශාරීරික ලක්‍ෂණ පදනම් කර ගෙන ය. මේ කාලයේ දී යුරෝපයේ විද්වතුන් විවිධ ගස්, වැල්, මල් ආදිය වර්‍ග කිරීමේ උත්සාහයක යෙදී සිටියහ. එමෙන්ම ගවේෂකයෝ ඔවුන් දුටු විවිධ මනුෂ්‍ය වර්‍ග ගැන විස්තර ඉදිරිපත් කළහ. විද්වතුන්ගේ ආභාසය ලබා ගවේෂකයන් සැපයූ විස්තර ආධාර කරගෙන ඔහු මෙම බෙදීම කරන්නට ඇත.
 
18 වැනි සියවසේ දී පමණ කාල් ලීනියස් (Carl Linnaeus) මිනිස් වර්‍ග පිළිබඳ ක්‍රමානුකූල බෙදීමක් කිරීමේ උත්සහයක යෙදුණේ ය. ඒ අනුව මිනිසුන් කොටස් හයකට බෙදන ලදී. එනම් හෝමෝ ෆෙරස් (Homo ferus), ඇමෙරිකානු (americanns), යුරෝපීය (europaens), ආසියාතික (asiaticus) හා අෆර් මොන්ස්ට්‍රොසස් (afer monstrosns) වශයෙනි. මින් පළමුවැන්න දක්නට නොලැබෙන නිසාත්, අවසන් බෙදීම ව්‍යාධිවේදීය (pathological) බෙදීමක් හැටියට සැලකිය හැකි නිසාත් ඉතිරි හතර ප්‍රධාන මහාද්වීප හතරේ වසන මනුෂ්‍යයන් ලෙස සැලකීමට හැකි ය. මිනිස් වර්‍ග බෙදී සිටි ආකාරය පිළිබඳ ව එම අවධියේ තිබුණු සීමිත දැනුම ආධාර කරගෙන ඔහු මෙම බෙදීම කෙළේ ය.  
+
18 වැනි සියවසේ දී පමණ කාල් ලීනියස් (Carl Linnaeus) මිනිස් වර්‍ග පිළිබඳ ක්‍රමානුකූල බෙදීමක් කිරීමේ උත්සාහයක යෙදුණේ ය. ඒ අනුව මිනිසුන් කොටස් හයකට බෙදන ලදී. එනම් හෝමෝ ෆෙරස් (Homo ferus), ඇමෙරිකානු (Americanns), යුරෝපීය (Europeans), ආසියාතික (Asiaticus) හා අෆ්‍රො මොන්ස්ට්‍රොසස් (Afro monstrosus) වශයෙනි. මින් පළමුවැන්න දක්නට නොලැබෙන නිසාත් අවසන් බෙදීම ව්‍යාධිවේදීය (pathological) බෙදීමක් හැටියට සැලකිය හැකි නිසාත් ඉතිරි හතර ප්‍රධාන මහාද්වීප හතරේ වසන මනුෂ්‍යයන් ලෙස සැලකීමට හැකි ය. මිනිස් වර්‍ග බෙදී සිටි ආකාරය පිළිබඳ ව එම අවධියේ තිබුණු සීමිත දැනුම ආධාර කරගෙන ඔහු මෙම බෙදීම කෙළේ ය.  
  
බෆ්න් (Buffon) ද මානව වර්ගීකරණයක් කිරීමේ උත්සාහයක නිරත වූයේ ය. ඔහුගේ අදහස වූයේ සියලු ම මනුෂ්‍යයන් මූලික වශයෙන් සුදු පැහැයෙන් යුක්ත වූ බවත් ඉන් අනතුරුව විවිධ දේශගුණික තත්වයන්ට මුහුණදීම නිසා වෙනස් වී විවිධ වර්ග ඇති වූ බවත් ය.  
+
කොම්ට් ඩි බිෆොන් ජෝජස්ලු-වී ලෙක්ලෙයා (Comte de Buffon Georges-Louis Leclerc) ද මානව වර්ගීකරණයක් කිරීමේ උත්සාහයක නිරත වූයේ ය. ඔහුගේ අදහස වූයේ සියලු ම මනුෂ්‍යයන් මූලික වශයෙන් සුදු පැහැයෙන් යුක්ත වූ බවත් ඉන් අනතුරුව විවිධ දේශගුණික තත්වයන්ට මුහුණදීම නිසා වෙනස් වී විවිධ වර්ග ඇති වූ බවත් ය.  
  
බ්ලුමෙන්බාෂ් (Blumenbach) මානව වර්ග පහක් දැක්වීය. මෙම බෙදීම සඳහා ඔහු පදනම් කර ගත්තේ වර්‍ණය, හිසකේවල හැඩය හා මුහුණේත් හිස්කබලේ ආකාරයයි. එම වර්‍ග නම් ඉතියෝපියන් (), ඇමරිකන් :්පැරසජ්බ*ල මැලේසියන් :ඵ්ක්හිස්බ*ල කොකේචයන් :ක්‍්බජ්ිස්බ* හා මොංගොලියන් :පදබටදකස්බ* ය.
+
යොහාන් ෆෙඩ්රික් බ්ලූමෙන්බාහ් (Johann Friedrich Blumenbach) මානව වර්ග පහක් දැක්වී ය. මෙම බෙදීම සඳහා ඔහු පදනම් කර ගත්තේ වර්‍ණය, හිසකේවල හැඩය හා මුහුණේත් හිස්කබලේ ආකාරයයි. එම වර්‍ග නම් ඉතියෝපියන් (Ethiopian), ඇමෙරිකන් (American), මැලේසියන් (Malaysian), කොකේචයන් (Caucasian) හා මොංගොලියන් (Mongolian) ය.
  
හක්සිල් :්‍යමංකැහ* මානව වර්ග, ඔස්ට්‍රගොයිඩ් :්මිඑර්කදසා*ල නීග්‍රොයිඩ් :භැටරදසා*ල මොන්ගොලොයිඩ් :ඵදබටදකදසා* හා සැන්තොක්‍රොයික් :ං්බඑයදජයරදසජ* වශයෙන් කොටස් පහකට බෙදා දැක්වීය. ඉන් අනතුරුව සුදු හෝ කොකේසන්, නීග්‍රෝ, මොන්ගලොයිඩ්, ඕස්ටේ්‍රලියානු දේශජ ආදිවාසිහූ, බුෂ්මන්-හොටෙක්ටොම්, පිග්මි හෝ නිග්‍රිටෙන්, ආසියාතික පිග්මි හෝ නිග්‍රිල්ලෝ :භැටරසකකද* යනුවෙන් මානව වර්ගීකරණයක් ඉදිරිපත් කරනු ලැබිණි.  
+
තෝමස් හක්සිල් (Thomas Huxley) මානව වර්ග, ඔස්ට්‍රොලොයිඩ් (Australoid) නීග්‍රොයිඩ් (Negroid), මොන්ගොලොයිඩ් (Mongoloid) හා සැන්තොක්‍රොයික් (Xanthochroic) වශයෙන් කොටස් පහකට බෙදා දැක්වී ය. ඉන් අනතුරුව සුදු හෝ කොකේසන්, නීග්‍රෝ, මොන්ගලොයිඩ්, ඕස්ට්‍රේලියානු දේශජ ආදිවාසිහු, බුෂ්මන්-හොටෙක්ටොම්, පිග්මි හෝ නිග්‍රිටෙන්, ආසියාතික පිග්මි හෝ නිග්‍රිල්ලෝ (Negrillo) යනුවෙන් මානව වර්ගීකරණයක් ඉදිරිපත් කරනු ලැබිණි.  
  
මිනිස් වර්‍ග සියල්ලක්ම ඇතුලත් වන ආකාරයේ වර්ගීකරණයක් ඉදිරිපත් කිරීමට විද්වතුන් කීපදෙනෙක්ම උත්සහ කළහ. ඒ අතුරෙන් එකක් වනුයේ ජෝසප් ඩෙනිකර් :න්‍දිැචය ෘැබසකජැර*, වොන් අයිස්ටෙඩ් :ඪදබ ෑසජකජිඑැාඑ*ල ඒ. සී. හැඩ්න් :්ගක්‍ග ්‍ය්ාාදබ* හා ඊ. ඒ. හුට්න් :ෑග්ල ්‍යදදඑැබ* විසින් ඉදිරිපත් කරන ලද වර්ගීකරණයයි. ඒ අනුව මිනිසුන් ප්‍රාථමික වර්‍ග තුනකට උපවර්ග කිපයකට බෙදන ලදී.  
+
මිනිස් වර්‍ග සියල්ලක් ම ඇතුළත් වන ආකාරයේ වර්ගීකරණයක් ඉදිරිපත් කිරීමට විද්වතුන් කීපදෙනෙක් ම උත්සාහ කළහ. ඒ අතුරෙන් කෙනෙක් වනුයේ ජෝසප් ඩෙනිකර් (Joseph Deniker), ඉගෝන් ෆ්‍රයිහෙෆෙර් ෆොන් අයික්ෂ්ටෙඩ් (Egon Freiherr von Eickstedt), ඇල්ෆ්‍රඩ් කෝර්ට් හැඩන් (Alfred Cort Haddon) හා අර්නස්ට් හූටන් (Earnest Hooton) විසින් ඉදිරිපත් කරන ලද වර්ගීකරණයයි. ඒ අනුව මිනිසුන් ප්‍රාථමික වර්‍ග තුනකට උපවර්ග කිපයකට බෙදන ලදි.  
  
හූට්න්ගේ වර්ගීකරණය පහත දැක්වේ.
+
== හූටන්ගේ වර්ගීකරණය ==
 +
'''ප්‍රධාන වර්ගය I'''
  
ප්‍රධාන වර්ගය » -: සුදු - (යුරෝපීය :ෑමරදචස්බ*, කොකසොයිඩ් :ක්‍්මජ්ිදසා*, යුරෝ-අප්‍රිකානු :ෑමර-්රෙසජ්බ*)
+
සුදු - [යුරෝපීය (European), කොකසොයිඩ් (Caucasoid), යුරෝ-අප්‍රිකානු (Euro-African)]
උපවර්ග - මධ්‍යධරණී
 
අයිනු
 
සෙල්ටික්
 
නෝර්ඩික්
 
ඇල්පයින්
 
නැගෙනහිර බෝල්ටික්
 
මිශ්‍ර උපවර්ග :ක්‍දපචදිසඑැ ීමඉර්මි* -  ආර්මෙනොටිඩ්  
+
''උපවර්ග''
ඩිනාරික්
+
 
 +
මධ්‍යධරණී
 +
 +
අයිනු
 +
 +
සෙල්ටික්
 +
 +
නෝර්ඩික්
 +
 +
ඇල්පයින්
 +
 +
නැගෙනහිර බෝල්ටික්
 +
 
 +
''මිශ්‍ර උපවර්ග'' (Composite sub races)
 +
 
 +
ආර්මෙනොටිඩ් ඩිනාරික්
 +
 
 +
''ඉතිරි මිශ්‍ර වර්ග''
 +
 
 +
නොර්ඩික් ඇල්පයින්
 +
 +
නෝර්ඩික් මධ්‍යධරණී
 +
 
 +
මිශ්‍ර වර්ග (වැඩි වශයෙන් සුදු) - ඔස්ට්‍රේලියානු
  
ඉතිරි මිශ්‍ර වර්ග -  නොර්ඩික් ඇල්පයින්
 
නෝර්ඩික් මධ්‍යධරණී
 
මිශ්‍ර වර්ග (වැඩි වශයෙන් සුදු) - ඔස්ටේ්‍රලියානු
 
මිශ්‍ර වර්ග (වැඩි වශයෙන් නිග්‍රොයිඩ්) - තැස්මේනියානු
 
මිශ්‍ර වර්ග (වැඩි වශයෙන් සුදු) - ඉන්දු-ද්‍රවිඩ
 
මිශ්‍ර වර්ග (වැඩි වශයෙන් සුදු) - පොලිනීසියන්  
 
ප්‍රධාන වර්ගය »» -: නිග්‍රොයිඩ්
+
== ප්‍රධාන වර්ගය II ==
 +
නිග්‍රොයිඩ්
 +
 
 +
'''උපවර්ග'''
 +
 
 +
අප්‍රිකානු නීග්‍රෝ
 +
 
 +
නිලොටික් නීග්‍රෝ
  
උපවර්ග - අප්‍රිකානු නීග්‍රෝ
+
නිග්‍රිටෝ
නිලොටික් නීග්‍රෝ
 
නිග්‍රිටෝ
 
මිශ්‍ර වර්ග (වැඩි වශයෙන් නීග්‍රෝයිඩ්) - මෙලනීසියන් - පැපුවන්
+
'''මිශ්‍ර වර්ග'''
  
ද්විතික උප වර්ග - පැපුවන්  
+
(වැඩි වශයෙන් නීග්‍රෝයිඩ්) - මෙලනීසියන් - පැපුවන්
  
මෙලනීසියන්
+
''ද්විතීක උපවර්ග''
  
මිශ්‍ර වර්ග (වැඩි වශයෙන් නිග්‍රෝයිඩ්) - බුෂ්මන් - හොටෙන්ටොට්
+
පැපුවන්
  
ද්විතික උප වර්ග - බුෂ්මන්
+
මෙලනීසියන්
  
හොටෙන්ටොට්  
+
'''මිශ්‍ර වර්ග''' (වැඩි වශයෙන් නිග්‍රෝයිඩ්) - බුෂ්මන් - හොටෙන්ටොට්
  
ප්‍රධාන වර්ගය »»» -: මොන්ගලොයිඩ්
+
''ද්විතික උපවර්ග''
  
මූලික උපවර්ග - පැරණි මොන්ගොලොයිඩ්
+
බුෂ්මන්
  
ආක්ටික් මොන්ගොලොටිඩ් (ආස්තිමෝ)
+
හොටෙන්ටොට්
  
මිශ්‍ර වර්ගය (වැඩි වශයෙන් මොන්ගොලොයිඩ්) - ඉන්දුනීසියන් මොන්ගොලොටිඩ්
+
 
 +
== ප්‍රධාන වර්ගය III ==
 +
මොන්ගලොයිඩ්
 +
 
 +
'''මූලික උපවර්ග'''
 +
 
 +
පැරණි මොන්ගොලොයිඩ්
 +
 
 +
ආක්ටික් මොන්ගොලොටිඩ් (ආස්තිමෝ)
 +
 
 +
'''මිශ්‍ර වර්ගය''' (වැඩි වශයෙන් මොන්ගොලොයිඩ්) - ඉන්දුනීසියන් මොන්ගොලොටිඩ්
 
ද්විතියික උප වර්ග - මැලේ මොන්ගොලොයිඩ්
+
''ද්විතියික උපවර්ග''
 +
 
 +
මැලේ මොන්ගොලොයිඩ්
 +
 
 +
ඉන්දුනීසියන්
  
  ඉන්දුනීසියන්
+
'''මිශ්‍ර වර්ග'''
  
මිශ්‍ර වර්ග - ඇමරිකානු ඉන්දියානුන්
+
ඇමෙරිකානු ඉන්දියානුන්
  
රිප්ලි :ඍසචකැහ* ගේ වර්ගීකරණය වූයේ නිල් ඇස් ඇති උස අය නෝර්ඩික් වශයෙන් ද, කලු මිටිහිසක් සහිත ජනයා ඇල්පයින් වශයෙන් ද මිටි, දිග හිසක් සහිත ජනයා මධ්‍යධරණී වශයෙන් ද වර්ග කිරීමයි.
+
විලියම් සේබිනා රිප්ලිගේ (William Zebina Ripley) වර්ගීකරණය වූයේ නිල් ඇස් ඇති උස අය නෝර්ඩික් වශයෙන් ද කලු, මිටි හිසක් සහිත ජනයා ඇල්පයින් වශයෙන් ද මිටි, දිග හිසක් සහිත ජනයා මධ්‍යධරණී වශයෙන් ද වර්ග කිරීමයි.
  
ස්ට්‍රාස් :ීඑර්එි* මිනිසුන් ප්‍රොටොමෝෆ් :චරදඑදපදරචය* ඇකිමෝර්ෆ් :්රජයසපදරචය* හා මෙටමෝර්ෂ් :පැඒපදරචය* යන කොටස් තුනට බෙදා දැක්වීය.
+
ස්ට්‍රාස් (Strats) මිනිසුන් ප්‍රොටොමෝෆ් (protomorph) ඇකිමෝර්ෆ් (archimorph) හා මෙටමෝර්ෂ් (metamorph) යන කොටස් තුනට බෙදා දැක්වීය.
 
මෙම වර්ගීකරණයන් සියල්ලටම පදනම් කරගන්නා ලද්දේ ශාරීරික ලක්‍ෂණයයි. මීට වෙනස්ව ප්‍රෙඩ්රික් මුලර් :ත්‍රසැාරසජය ඵමකකැර* හිසකේවල ආකාරය මෙන්ම භාෂාව ද පදනම් කරගෙන වර්ග කීපයක් දැක්වූයේ ය.  
+
මෙම වර්ගීකරණයන් සියල්ලටම පදනම් කරගන්නා ලද්දේ ශාරීරික ලක්‍ෂණයයි. මීට වෙනස්ව ප්‍රෙඩ්රික් මුලර් (Friedrich Müller) හිසකේවල ආකාරය මෙන්ම භාෂාව ද පදනම් කරගෙන වර්ග කීපයක් දැක්වූයේ ය.  
  
සංස්කෘතික සාධක අනුව මිනිසුන් වර්‍ග කිරීමට කාරූස් :ක්‍්රබස* උත්සාහ කෙළේ ය. මේ අනුව මානව වර්ග වූයේ දවාල, රාත්‍රිය, පෙරදිග අරුණාලෝකය :ඇිැරබ ා්ජබ* එනම් යුරෝපීයයන්, අප්‍රිකානුන්, ඇමරිකානුන් හා මොගලොයිඩ් වාර්ගිකයන් ය.
+
සංස්කෘතික සාධක අනුව මිනිසුන් වර්‍ග කිරීමට කාරූස් (Carus) උත්සාහ කෙළේ ය. මේ අනුව මානව වර්ග වූයේ දවාල, රාත්‍රිය, පෙරදිග අරුණාලෝකය (eastern dawn) එනම් යුරෝපීයයන්, අප්‍රිකානුන්, ඇමරිකානුන් හා මොංගලොයිඩ් වාර්ගිකයන් ය.
  
සමාන ලක්‍ෂණ වැඩි ප්‍රමාණයක් දක්වා මනුෂ්‍යයන් එක් වර්ගයක් ලෙස දැක්වීම සඳහා මූල්කාලීන මානව විiාඥයෝ ප්‍රමාණාත්මක අගයක් යොදා ගත්හ. 19 වැනි සියවසේ දී දියුණු මාවනමිතික ක්‍රම වර්ගීකරණයන් සඳහා යොදා ගැනීමට මානව විiාඥයෝ සමත් වූහ. කකුල්වල ප්‍රමාණය හිස්කබලේ ප්‍රමාණය ආදිය වර්ගීකරණයන් සඳහා භාවිත කරන ලදී. කෙටි කකුල් ඇති මිනිසුන් නිදසුන් දකුණු ආසයාතික හා ඇස්කිමෝ ජනයා හා දිග කකුල් ඇති මිනිසුන් නිදසුන් නිලොට්ස් ජනයා වශයෙන් මිනිසුන් වර්ග කරන ලදී.
+
සමාන ලක්‍ෂණ වැඩි ප්‍රමාණයක් දක්වා මනුෂ්‍යයන් එක් වර්ගයක් ලෙස දැක්වීම සඳහා මූල්කාලීන මානව විද්‍යාඥයෝ ප්‍රමාණාත්මක අගයක් යොදා ගත්හ. 19 වැනි සියවසේ දී දියුණු මාවනමිතික ක්‍රම වර්ගීකරණයන් සඳහා යොදා ගැනීමට මානව විද්‍යාඥයෝ සමත් වූහ. කකුල්වල ප්‍රමාණය හිස්කබලේ ප්‍රමාණය ආදිය වර්ගීකරණයන් සඳහා භාවිත කරන ලදි. කෙටි කකුල් ඇති මිනිසුන් නිදසුන් දකුණු ආසියාතික හා ඇස්කිමෝ ජනයා හා දිග කකුල් ඇති මිනිසුන් (නිදසුන් නිලොට්ස් ජනයා) වශයෙන් මිනිසුන් වර්ග කරන ලදි.
  
1842 දී රෙට්සින්ස් :ඍැඑ‘සබි* විසින් ඉදිරිපත් කරන ලද වර්ගීකරණය වූයේ හිසේ පළල දිගෙහි ප්‍රතිශතයක් වශයෙන් දක්වා කපාල දර්ශකය :ජරපස්ක සබාැං* ඒ අනුව මිනිසුන් වර්ග කිරීමයි. මේ අනුව මිනිසුන් කොටස් තුනකට බෙදන ලදී. ඒ කපාල දර්ශකය අඩුම, මධ්‍යම හා වැඩිම ජනයා වශයෙනි. දර්ශකය 75 හෝ ඊට අඩු වර්‍ග ඩොලිකෝසෙෆිල්ස් යන නමින් ද 75-80 අතර වර්‍ග මෙසෝසෙෆල්ස් යන නමින් ද 80ට වැඩි වූ විට බ්‍රැකිසෝෆ්ල්ස් යන නම ද යොදන ලදී.
+
1842 දී රෙට්සින්ස් (Retzins) විසින් ඉදිරිපත් කරන ලද වර්ගීකරණය වූයේ හිසේ පළල දිගෙහි ප්‍රතිශතයක් වශයෙන් දක්වා කපාල දර්ශකය (criminal index) ඒ අනුව මිනිසුන් වර්ග කිරීමයි. මේ අනුව මිනිසුන් කොටස් තුනකට බෙදන ලදි. ඒ කපාල දර්ශකය අඩුම, මධ්‍යම හා වැඩිම ජනයා වශයෙනි. දර්ශකය 75 හෝ ඊට අඩු වර්‍ග ඩොලිකෝසෙෆිල්ස් යන නමින් ද 75-80 අතර වර්‍ග මෙසෝසෙෆල්ස් යන නමින් ද 80ට වැඩි වූ විට බ්‍රැකිසෝෆ්ල්ස් යන නම ද යොදන ලදි.
  
හිස්කබලේ හා මුහුනේ ඇට මැනීම නිසා මිනිසුන්ගේ මෙන්ම ඇටසැකිලිවලත් වෙනස්කම් බලාගැනීමට හැකි විය. එමෙන්ම මුහුණේ හැඩය හිසේ හැඩය ආදිය අනුව මිනිසුන් වර්‍ග හඳුනා ගැනීමට මෙම ක්‍රමය ප්‍රයෝජනවත් විය.
 
මෙම ලක්‍ෂණ මැනීම පුද්ගලයන්ගේ ආරයෙන් එන ජනනික :ටැබැඑසජ* ලක්‍ෂණ සොයා ගැනීමට උපකාරී වුවද මෙම ලක්‍ෂණ කෙරෙහි පෝෂණ තත්‍වයන් ද බලපායි. එහෙයින් මෙය නියම වර්ගීකරණයක් ලෙස සැලකීමට නොහැකි විය. මෙම අඩුව පිරවීමට රූපවිචාරය () අනුව මිනිසුන් බෙදීමේ උත්සහයන් කීපයක් ගනු ලැබිණි. එහෙත් රූපවිචාරය අනුව බෙදීමේ දී එම ලක්‍ෂණ පරම්පරාවෙන් පැවත එන ඒවාදැයි දැනගැනීමට නොහැකි වීම නිසා එම වර්ගීකරණවල ජනනික අගයක් නොවීය. එම නිසා සංඛ්‍යාත්මය ක්‍රමයක අවශ්‍යතාව පෙනී ගියේ ය.
+
මෙම ලක්‍ෂණ මැනීම පුද්ගලයන්ගේ ආරයෙන් එන ජනනික (genetic) ලක්‍ෂණ සොයා ගැනීමට උපකාරී වුවද මෙම ලක්‍ෂණ කෙරෙහි පෝෂණ තත්‍වයන් ද බලපායි. එහෙයින් මෙය නියම වර්ගීකරණයක් ලෙස සැලකීමට නොහැකි විය. මෙම අඩුව පිරවීමට රූපවිචාරය අනුව මිනිසුන් බෙදීමේ උත්සහයන් කීපයක් ගනු ලැබිණි. එහෙත් රූපවිචාරය අනුව බෙදීමේ දී එම ලක්‍ෂණ පරම්පරාවෙන් පැවත එන ඒවාදැයි දැනගැනීමට නොහැකි වීම නිසා එම වර්ගීකරණවල ජනනික අගයක් නොවීය. එම නිසා සංඛ්‍යාත්මය ක්‍රමයක අවශ්‍යතාව පෙනී ගියේ ය.
  
සාමාන්‍යයන් හා විචලනයන් :ඩ්රස්ඉසකසඑහ* පිළිබඳ අධ්‍යයනයන්ගෙන් පෙනී ගියේ එකලඟ පිහිටි ප්‍රදේශවල ජීවත් වන ජන කොට්ඨාස දෙකක් අතර සමාන ලක්‍ෂණ රැසක් තිබෙන බවය. මේ නිසා පුද්ගලයෙකු සුවිශේෂ වර්ගයකට අයත් යැයි නිශ්චිත වශයෙන් දැක්වීම දුෂ්කර විය. මිනිසුන් වර්ගයක් වශයෙන් වෙන් කළ හැකි වන්නේ එම වර්ගය සතු විශේෂ ලක්‍ෂණ එකී වර්ගයේ සැමටම පොදු හා සෙසු වාර්ගිකයන් අතර දක්නට නොලැබෙතොත් පමණකි. එහෙත් ලඟ පිහිටි ප්‍රදේශවල ජනයා බෙහෙවින් මිශ්‍ර වන බැවින් මේ ලක්‍ෂණ අනුව වර්ග වෙන් කොට ගැනීම දුෂ්කර විය.  
+
සාමාන්‍යයන් හා විචලනයන් (variability) පිළිබඳ අධ්‍යයනයන්ගෙන් පෙනී ගියේ එකලඟ පිහිටි ප්‍රදේශවල ජීවත් වන ජන කොට්ඨාස දෙකක් අතර සමාන ලක්‍ෂණ රැසක් තිබෙන බවය. මේ නිසා පුද්ගලයෙකු සුවිශේෂ වර්ගයකට අයත් යැයි නිශ්චිත වශයෙන් දැක්වීම දුෂ්කර විය. මිනිසුන් වර්ගයක් වශයෙන් වෙන් කළ හැකි වන්නේ එම වර්ගය සතු විශේෂ ලක්‍ෂණ එකී වර්ගයේ සැමටම පොදු හා සෙසු වාර්ගිකයන් අතර දක්නට නොලැබෙතොත් පමණකි. එහෙත් ළඟ පිහිටි ප්‍රදේශවල ජනයා බෙහෙවින් මිශ්‍ර වන බැවින් මේ ලක්‍ෂණ අනුව වර්ග වෙන් කොට ගැනීම දුෂ්කර විය.  
  
වර්තමාන පරීක්‍ෂණ අනුව හෙලි වී ඇති වැදගත්ම කරුණක් වනුයේ වර්ග අතර වෙනස්කම් ඇති වීමට මූලික වශයෙන් ඒ එක් එක් පළාත්වල දේශගුණය හේතු වී ඇති බවයි. එහෙයින් දේශගුණය පදනම් කරගෙන ලෝකයේ ජනගහනය වර්ග කීපයකට බෙදිය හැකි ය.  
+
වර්තමාන පරීක්‍ෂණ අනුව හෙලි වී ඇති වැදගත් ම කරුණක් වනුයේ වර්ග අතර වෙනස්කම් ඇති වීමට මූලික වශයෙන් ඒ එක් එක් පළාත්වල දේශගුණය හේතු වී ඇති බවයි. එහෙයින් දේශගුණය පදනම් කරගෙන ලෝකයේ ජනගහනය වර්ග කීපයකට බෙදිය හැකි ය.  
  
එක් මානව වර්ගයකට අයත් ජනගහනය ඇතැම් විට සිය ගණනකට සීමා විය හැකි ය. තවත් විටෙක කෝටි ගණනක් විය හැකි ය. එහෙයින් මේ විශාල හා කුඩා වර්ග වෙන් කර හඳුනා ගැනීමට සමහර විටක වර්ගය යන පදය ප්‍රමාණවත් නොවේ. නිදසුනක් වශයෙන් අප්‍රිකාවේ ජනයා ගතහොත් ඔවුන් ආසියාවේ හා යුරෝපයේ වසන ජනයාට වඩා වෙනස් වූ වර්ගයකි. නමුත් අප්‍රිකාව තුලම බුෂ්මන්, හොටෙන්ටොට්, පිග්මි ආදී එකිනෙකට වෙනස් මානව වර්ග වාසය කරති. බටහිර අප්‍රිකානු රටවල වාසය කරන ජනයා නැගෙනහිර අප්‍රිකාවේ හා සුඩානයේ වසන ජනයාට වඩා වෙනස් ය. එම නිසා එක් රටක් තුළ වාසය කරන විශාල ජනසමූහ භූගෝලීය වර්ග යන නමින් ද එම රට තුළ වාසය කරන කුඩා සමූහ ප්‍රාදේශීය වර්ග යන නමින් ද හැඳින්විය හැකි ය.
+
එක් මානව වර්ගයකට අයත් ජනගහනය ඇතැම් විට සිය ගණනකට සීමා විය හැකි ය. තවත් විටෙක කෝටි ගණනක් විය හැකි ය. එහෙයින් මේ විශාල හා කුඩා වර්ග වෙන් කර හඳුනා ගැනීමට සමහර විටක වර්ගය යන පදය ප්‍රමාණවත් නොවේ. නිදසුනක් වශයෙන් අප්‍රිකාවේ ජනයා ගතහොත් ඔවුන් ආසියාවේ හා යුරෝපයේ වසන ජනයාට වඩා වෙනස් වූ වර්ගයකි. නමුත් අප්‍රිකාව තුළ ම බුෂ්මන්, හොටෙන්ටොට්, පිග්මි ආදී එකිනෙකට වෙනස් මානව වර්ග වාසය කරති. බටහිර අප්‍රිකානු රටවල වාසය කරන ජනයා නැගෙනහිර අප්‍රිකාවේ හා සුඩානයේ වසන ජනයාට වඩා වෙනස් ය. එම නිසා එක් රටක් තුළ වාසය කරන විශාල ජනසමූහ භූගෝලීය වර්ග යන නමින් ද එම රට තුළ වාසය කරන කුඩා සමූහ ප්‍රදේශීය වර්ග යන නමින් ද හැඳින්විය හැකි ය.
  
භූගෝලීය වර්ග කීපයකි. ඒවා ප්‍රධාන මහාද්වීපවලටත් විශාල දූපත්වලටත් සීමා වේ. එනම් ඇමරිකානු, ඉන්දියානු, පොලිනීසියන්, මයික්‍රොනීසියන්, මෙලනීසියන්, පැපුවන්, ඔස්ටේ්‍රලියන්, ආසියානු, ඉන්දියානු, යුරෝපීන් හා අප්‍රිකානුන් ය.  
+
භූගෝලීය වර්ග කීපයකි. ඒවා ප්‍රධාන මහාද්වීපවලටත් විශාල දූපත්වලටත් සීමා වේ. එනම් ඇමෙරිකානු, ඉන්දියානු, පොලිනීසියන්, මයික්‍රොනීසියන්, මෙලනීසියන්, පැපුවන්, ඔස්ට්‍රේලියන්, ආසියානු, ඉන්දියානු, යුරෝපීන් හා අප්‍රිකානුන් ය.  
  
මෙම භූගෝලීය වර්ගවලට උතුරු ජපානයේ අයිනු ගෝත්‍රිකයනුත් තායිවානයේ හා නිරිතදිග චීනයේ ප්‍රාථමික ගෝත්‍ර කීපයකුත් හැරුන විට අන් සියලුම වාර්ගිකයෝ ඇතුලත් වේ.  
+
මෙම භූගෝලීය වර්ගවලට උතුරු ජපානයේ අයිනු ගෝත්‍රිකයනුත් තායිවානයේ හා නිරිතදිග චීනයේ ප්‍රාථමික ගෝත්‍ර කීපයකුත් හැරුන විට අන් සියලු ම වාර්ගිකයෝ ඇතුළත් වේ.  
  
භූගෝලීය වර්ග තුළ ප්‍රාදේශීය වර්ග රැසක් තිබේ. මෙවැනි ප්‍රාදේශීය වර්ගවල ජනයා ඇතැම් විට සිය ගණනක් ද තවත් ඒවායේ දහස් ගණනක් ද සිටිති. කොලම්බස් පැමිණීමට පෙර ඇමරිකාවේ ප්‍රාදේශීය වර්ග රැසක් විය. අප්‍රිකාව තුළ ද ප්‍රාදේශීය වර්ග රැසක් තිබේ.  
+
භූගෝලීය වර්ග තුළ ප්‍රදේශීය වර්ග රැසක් තිබේ. මෙවැනි ප්‍රදේශීය වර්ගවල ජනයා ඇතැම් විට සිය ගණනක් ද තවත් ඒවායේ දහස් ගණනක් ද සිටිති. කොලම්බස් පැමිණීමට පෙර ඇමෙරිකාවේ ප්‍රදේශීය වර්ග රැසක් විය. අප්‍රිකාව තුළ ද ප්‍රදේශීය වර්ග රැසක් තිබේ.  
  
ප්‍රාදේශීය වර්ග ඇති වන්නේ කිසියම් ජන කොට්ඨාසයක් සෙසු මිනිසුන්ගෙන් වෙන් වී වාසය කිරීමෙනි. එහි ප්‍රතිඵලයක් වශයෙන් එම සමූහය තුලම සහාභිජනනය ඇති වේ. එම සමූහයටම පොදු සංස්කෘතික ලක්‍ෂණ ද ඇති වේ. ගංගා මුහුදු වැනි භූගෝලීය සාධක අනුව එම ප්‍රදේශය සෙසු ප්‍රදේශවලින් වෙන්ව තිබීම ප්‍රාදේශීය වර්ගවල පැවැත්මට හිතකර වේ.  
+
ප්‍රදේශීය වර්ග ඇති වන්නේ කිසියම් ජන කොට්ඨාසයක් සෙසු මිනිසුන්ගෙන් වෙන් වී වාසය කිරීමෙනි. එහි ප්‍රතිඵලයක් වශයෙන් එම සමූහය තුළ ම සහාභිජනනය ඇති වේ. එම සමූහයට ම පොදු සංස්කෘතික ලක්‍ෂණ ද ඇති වේ. ගංගා මුහුදු වැනි භූගෝලීය සාධක අනුව එම ප්‍රදේශය සෙසු ප්‍රදේශවලින් වෙන්ව තිබීම ප්‍රදේශීය වර්ගවල පැවැත්මට හිතකර වේ.  
  
වැඩි ජනගහන ඝනත්වයක් ඇති ප්‍රදේශවල හුදකලාව ජීවත් වන ප්‍රාදේශීය වර්ග දක්නට නොලැබේ. එහෙත් එම ප්‍රදේශවල ද එක් එක් සමූහ ජනනික ලක්‍ෂණ අනුව අනෙක් සමූහවලින් වෙනස් වේ. මානව විiාඥයෝ මෙම කුඩා සමූහ මයික්‍රෝ වර්ග ලෙස හඳුන්වති.  
+
වැඩි ජනගහන ඝනත්වයක් ඇති ප්‍රදේශවල හුදකලාව ජීවත් වන ප්‍රදේශීය වර්ග දක්නට නොලැබේ. එහෙත් එම ප්‍රදේශවල ද එක් එක් සමූහ ජනනික ලක්‍ෂණ අනුව අනෙක් සමූහවලින් වෙනස් වේ. මානව විද්‍යාඥයෝ මෙම කුඩා සමූහ මයික්‍රෝ වර්ග ලෙස හඳුන්වති.  
  
මෙලෙස එක් ජන කොටසක් එක් පෙදෙසකට පමණක් සීමා වී වාසය කිරීම නිසා එකම ජීවන ක්‍රමයකට හා දේශගුණයකට අනුව හැඩගැසුණු ආරය, ගති ලක්‍ෂණ හා පුරුදුවලින් සමාන වූ ජන සමූහයක් බිහි වේ. තද උෂ්ණත්වයක් සහිත දේශගුණික ප්‍රදේශවල ජීවත් වන ජනයාගේ ශරීර තාපයට ඔරොත්තු දෙන ආකාරයට හැඩගැසී ඇති බව පර්යේෂණයන්ගෙන් පෙනී යයි. එමෙන්ම ඇස්කිමෝ වැනි මිනිස් වර්ග තද ශීතලට ඔරොත්තු දෙන අන්දමට හැඩගැසී සිටිති. එමෙන්ම මිනිසුන් ජීවත් වන පරිසරයේ ඇති රෝගවලින් මිදීම සඳහා එම රෝගවලට ඔරොත්තු දෙන ආකාරයට ශරීර හැඩ ගැසේ.
 
107 පේළිය: 143 පේළිය:
 
වාර්ගික වෙනස්කම් මැනීමට මෑතක දී යොදා ගන්නා ලද තවත් නිර්ණායකයක් වූයේ විවිධ ප්‍රදේශවල වාසය කරන මිනිසුන්ගේ ලේ කාණ්ඩ පරීක්‍ෂා කොට ඒ අනුව ඔවුන් වර්ග කිරීමයි.  
 
1900 පමණ සිට ලේ කාණ්ඩ පිළිබඳ රැස් කරන ලද දත්ත අනුව වාර්ගික වෙනස්කම් පිළිබඳ සාමනයකරණයක් ඉදිරිපත් කර තිබේ. බී කාණ්ඩයට අයත් ලේ ඇමරිකාවේ හා ඔස්ටේ්‍රලියාවේ ප්‍රාථමික ගෝත්‍රවල ජනයා තුළ දක්නට නොලැබුණි. එය යුරෝපීයයන් තුළ 12%ක් ද, අප්‍රිකානු හා ආසියානු ඉන්දියානුන් තුළ 25% පමණ ද ආසියාවේ වෙනත් ප්‍රදේශවල ජනයා තුළ 40% පමණ ද විය. ඒ කාණ්ඩයට අයත් ලේ සෑම භූගෝලීය වර්ගයටම අයත් ජනයා තුළ දක්නට ලැබුණි. ඒ2 - යුරෝපයට පමණක් සීමා වූ ලේ කාණ්ඩයක් විය. එමෙන්ම :ඍය - බැට්එසඩැ* ආර් එච් ඍණ ලේ කාණ්ඩය ද යුරෝපීය ජාතීන්ට පමණක් සීමා වූවක් විය. යුරෝපීන්ගෙන් 25% පමණ තුළ මෙම කාණ්ඩයට අයත් ලේ දක්නට ලැබුණි. ඍයද කාණ්ඩය අප්‍රිකාවේ බහුල වශයෙන් දක්නට ලැබුණි.  
+
1900 පමණ සිට ලේ කාණ්ඩ පිළිබඳ රැස් කරන ලද දත්ත අනුව වාර්ගික වෙනස්කම් පිළිබඳ සාමාන්‍යකරණයක් ඉදිරිපත් කර තිබේ. බී කාණ්ඩයට අයත් ලේ ඇමෙරිකාවේ හා ඔස්ට්‍රේලියාවේ ප්‍රාථමික ගෝත්‍රවල ජනයා තුළ දක්නට නොලැබුණි. එය යුරෝපීයයන් තුළ 12%ක් ද අප්‍රිකානු හා ආසියානු ඉන්දියානුන් තුළ 25% පමණ ද ආසියාවේ වෙනත් ප්‍රදේශවල ජනයා තුළ 40% පමණ ද විය. ඒ කාණ්ඩයට අයත් ලේ සෑම භූගෝලීය වර්ගයට ම අයත් ජනයා තුළ දක්නට ලැබුණි. ඒ2 - යුරෝපයට පමණක් සීමා වූ ලේ කාණ්ඩයක් විය. එමෙන්ම (Rh-negative) ආර්.එච්. ඍණ ලේ කාණ්ඩය ද යුරෝපීය ජාතීන්ට පමණක් සීමා වූවක් විය. යුරෝපීන්ගෙන් 25% පමණ තුළ මෙම කාණ්ඩයට අයත් ලේ දක්නට ලැබුණි. Rho කාණ්ඩය අප්‍රිකාවේ බහුල වශයෙන් දක්නට ලැබුණි.  
  
ඩියාගෝ :ෘසැටද* ක්‍රමය අනුව ද ඇමරිකානු ඉන්දියානුන් හා ආසියානුන් අතර දියාගෝ පොසිටිව් :ෘසැටද ඡදිසඑසඩැ* වර්‍ගයට අයත් අය වැඩි ය. ඩෆී :ෘමහෛ*, කිඩ් :නසාා*, කෙල් :නැකක*, ලූතනේ :කමඑයැරබ* ලේ කාණ්ඩ අනුව ජනකොටස් බෙදීමේ දී ද ඒ ඒ වාර්ගිකයන් අතර වෙනස්කම් දක්නට ලැබුණි. ඉන්දියානුන්ගේත් හා ඇමරිකානු ඉන්දියානුන්ගෙන් 65% පමණ ඩෆී පොසිටිව් :ෘමහෛ ඡදිසඑසඩැ* වර්ගයට අයත් වූහ. මේ වර්ගයට අයත් අය අප්‍රිකාවේ ජනගහනයෙන් 10% පමණ සුලු ප්‍රමාණයන් විය.
+
ඩියාගෝ (Diego) ක්‍රමය අනුව ද ඇමරිකානු ඉන්දියානුන් හා ආසියානුන් අතර දියාගෝ පොසිටිව් (Diego Positive) වර්‍ගයට අයත් අය වැඩි ය. ඩෆී (Duffy), කිඩ් (kidd), කෙල් (kell), ලූතනේ (luthern) ලේ කාණ්ඩ අනුව ජනකොටස් බෙදීමේ දී ද ඒ ඒ වාර්ගිකයන් අතර වෙනස්කම් දක්නට ලැබුණි. ඉන්දියානුන්ගේත් හා ඇමෙරිකානු ඉන්දියානුන්ගෙන් 65% පමණ ඩෆී පොසිටිව් (Duffy Positive) වර්ගයට අයත් වූහ. මේ වර්ගයට අයත් අය අප්‍රිකාවේ ජනගහනයෙන් 10% පමණ සුළු ප්‍රමාණයන් විය.
  
මෙවැනි වෙනස්කම් අනුව පෙනී ගියේ විවිධ ලේ කාණ්ඩවලට අයත් මිනිසුන්, විවිධාකාරව ලෝකයේ ව්‍යාප්තව සිටි බවයි.  
+
මෙවැනි වෙනස්කම් අනුව පෙනී ගියේ විවිධ ලේ කාණ්ඩවලට අයත් මිනිසුන්, විවිධාකාරව ලෝකයේ ව්‍යාප්ත ව සිටි බවයි.  
  
ඇතැම් වාර්ගිකයන්ට පමණක් සීමා වූ රෝග ද දක්නට ලැබේ. නිදසුනක් වශයෙන් නැගෙනහිර නිව්ගිනියාවේ පෝ :දෙරු* ජනයා අතර දක්නට ලැබෙන කුරු රෝගය ගත හැකි ය. තවද මධ්‍යධරණී ප්‍රදේශයේ ඇතැම් පුද්ගලයෝ ආරයෙන් එන ලේ වල රෝගයකින් පීඩා විඳිති. අප්‍රිකාවේ සහරාවට දකුණින් ඇති ප්‍රදේශයේ ජනයාත්, ඇමරිකානු නීග්‍රෝවරුන් සුදු කොටසකුත් ආරයෙන් එන ඩික්ලින් ගති ලක්‍ෂණය :ිසජකජකසබට * හා :ිැඩැරු ිසජකජකැ ජැකක ්බැරරස්* රෝගවලින් පීඩා විදිති.  
+
ඇතැම් වාර්ගිකයන්ට පමණක් සීමා වූ රෝග ද දක්නට ලැබේ. නිදසුනක් වශයෙන් නැගෙනහිර නිව්ගිනියාවේ පෝ (fore) ජනයා අතර දක්නට ලැබෙන කුරු රෝගය ගත හැකි ය. තවද මධ්‍යධරණී ප්‍රදේශයේ ඇතැම් පුද්ගලයෝ ආරයෙන් එන ලේ වල රෝගයකින් පීඩා විඳිති. අප්‍රිකාවේ සහරාවට දකුණින් ඇති ප්‍රදේශයේ ජනයාත්, ඇමරිකානු නීග්‍රෝවරුන් සුදු කොටසකුත් ආරයෙන් එන ඩික්ලින් ගති ලක්‍ෂණය (siclcling) හා (severe siclcle cell anerria) රෝගවලින් පීඩා විදිති.  
  
එමෙන්ම මිනිස් වර්‍ග ආරයෙන් එන ගති ලක්‍ෂණ අනුව ඔවුන් ජීවත් වන දේශගුණික තත්‍වයන්ට ඔරොත්තු දෙන ආකාරයට හැඩගැසී සිටිති. ටෙයරා ඩෙල් ෆිටුගෝ හා ඔස්ටේ්‍රලියාවේ ඇතැම් ගෝත්‍රික ජනයා හිම මිදෙන සීතලේ නිරුවතින් නිදති. කොරියන් යුද්ධයේ ද සුදු ජනයාට වඩා ඇමරිකන් නීග්‍රෝවරුන්ට ශීතලෙන් පීඩා විදීමට සිදු විය.  
+
එමෙන්ම මිනිස් වර්‍ග ආරයෙන් එන ගති ලක්‍ෂණ අනුව ඔවුන් ජීවත් වන දේශගුණික තත්‍වයන්ට ඔරොත්තු දෙන ආකාරයට හැඩගැසී සිටිති. ටෙයරා ඩෙල් ෆිටුගෝ හා ඔස්ට්‍රේලියාවේ ඇතැම් ගෝත්‍රික ජනයා හිම මිදෙන සීතලේ නිරුවතින් නිදති. කොරියන් යුද්ධයේ ද සුදු ජනයාට වඩා ඇමෙරිකන් නීග්‍රෝවරුන්ට ශීතලෙන් පීඩා විඳීමට සිදු විය.  
  
මේ පිළිබඳව පර්යේෂණවලින් පෙනී ගොස් ඇත්තේ ඩහදිය දැමීමේ හා උණුසුම ඉවසීමේ හැකියාව සුදු හා නීග්‍රෝ ජනයා අතර වෙනස් බවත්, එමෙන්ම ඔස්ටේ්‍රලියානු ප්‍රාථමික ගෝත්‍රිකයන්ගේ හමේ උෂ්ණත්වය පහත් බවත් ය. මේ අයුරින් බෙදීම් කළ ද ලෝකයේ ජනයා ඉතා විවිධ වන බැවින් වෙන් වෙන් කොටස් හැටියට දැක්වීම දුෂ්කර වේ. විවිධ වර්‍ග එකිනෙක හා මිශ්‍ර වීම නිසා ඇතැම් වර්‍ග නැති වී යාම හා අලුත් වර්‍ග බිහිවීම සිදු වී තිබේ ඉතිහාසයේ සිදු වූ සංක්‍රමණ, යුද්ධ, වහල් වෙළදාම ආදිය නිසා ද නව මාර්‍ග ඉදිකිරීම්, පාලම් තැනීම් ආදිය නිසා භූගෝලීය බාධක ඉවත්ව යාම නිසා ද හුදකලාව ජීවත් වූ සමූහවල හුදකලා බව නැති වී සෙසු වර්ග හා මිශ්‍ර වූහ. පසුගිය වසර 200 ඇතුළත එතෙක් පැවති මානව වර්‍ග රැසක්ම නැති වී ගියේ ය. කැරිබි ඉන්දියානුන් හා තස්මේනියනුන් ඊට උදාහරණයි. එමෙන්ම මිශ්‍ර වීම නිසා නව වර්ග බිහිවීම ද සිදු වී තිබේ. ඇමරිකා එක්සත් ජනපදයේ කලු ජනයා යුරෝපීන් හා මිශ්‍ර වී තිබේ. ඉංග්‍රීසි ජනයා අතීතයේ සිට වයිකින්ස්, රෝම, ස්පාඤ්ඤ, අයිරිෂ්, ස්කොට්, ටේල්ස්, බි්‍රටන් ආදී ජනකොටස් සමඟ මිශ්‍ර වූහ. එමෙන්ම යාබද පෙදෙස්වල වාසය කරන ජනකොටස් නිරතුරුවම එකිනෙකා හා මිශ්‍ර වෙති. එම නිසා කිසියම් නිශ්චිත වර්ගයක සාමාජිකයන් තුළ තවත් වර්ග           රැසකට අයත් ජනකාණු තිබිය හැකි ය.
+
මේ පිළිබඳව පර්යේෂණවලින් පෙනී ගොස් ඇත්තේ ඩහදිය දැමීමේ හා උණුසුම ඉවසීමේ හැකියාව සුදු හා නීග්‍රෝ ජනයා අතර වෙනස් බවත් එමෙන්ම ඔස්ට්‍රේලියානු ප්‍රාථමික ගෝත්‍රිකයන්ගේ හමේ උෂ්ණත්වය පහත් බවත් ය. මේ අයුරින් බෙදීම් කළ ද ලෝකයේ ජනයා ඉතා විවිධ වන බැවින් වෙන් වෙන් කොටස් හැටියට දැක්වීම දුෂ්කර වේ. විවිධ වර්‍ග එකිනෙක හා මිශ්‍ර වීම නිසා ඇතැම් වර්‍ග නැති වී යාම හා අලුත් වර්‍ග බිහිවීම සිදු වී තිබේ ඉතිහාසයේ සිදු වූ සංක්‍රමණ, යුද්ධ, වහල් වෙළෙඳාම ආදිය නිසා ද නව මාර්‍ග ඉදිකිරීම්, පාලම් තැනීම් ආදිය නිසා භූගෝලීය බාධක ඉවත්ව යාම නිසා ද හුදකලාව ජීවත් වූ සමූහවල හුදකලා බව නැති වී සෙසු වර්ග හා මිශ්‍ර වූහ. පසුගිය වසර 200 ඇතුළත එතෙක් පැවති මානව වර්‍ග රැසක් ම නැති වී ගියේ ය. කැරිබි ඉන්දියානුන් හා තස්මේනියනුන් ඊට උදාහරණයි. එමෙන්ම මිශ්‍ර වීම නිසා නව වර්ග බිහිවීම ද සිදු වී තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ කළු ජනයා යුරෝපීන් හා මිශ්‍ර වී තිබේ. ඉංග්‍රීසි ජනයා අතීතයේ සිට වයිකින්ස්, රෝම, ස්පාඤ්ඤ, අයිරිෂ්, ස්කොට්, ටේල්ස්, බ්‍රිටන් ආදී ජනකොටස් සමඟ මිශ්‍ර වූහ. එමෙන්ම යාබද පෙදෙස්වල වාසය කරන ජනකොටස් නිරතුරුව ම එකිනෙකා හා මිශ්‍ර වෙති. එම නිසා කිසියම් නිශ්චිත වර්ගයක සාමාජිකයන් තුළ තවත් වර්ග රැසකට අයත් ජනකාණු තිබිය හැකි ය.
 
මේ අයුරින් මානව වර්ග මිශ්‍ර වීම නිසා දිගින් දිගටම නව මානව වර්‍ග ඇති වීම සිදු වේ.
 
16:31, 1 ජූලි 2024 වන විට නවතම සංශෝධනය

(Human Races). ආරයෙන් පැවත එන, සමාන ශරීර ලක්ෂණ ඇති මිනිස් කොට්ඨාසයක් මානව වර්ගයක් ලෙස හැඳින්විය හැකි ය.

පරිණාමවාදය අනුව මුලු මිනිස් සංහතිය ම හෝමෝසේපියන්ස් නම් එක් වර්‍ගයකට අයත් වේ. මෙම මිනිසුන් ක්‍රමයෙන් සංඛ්‍යාවෙන් වැඩිවත් ම ඔවුහු ලෝකයේ විවිධ ප්‍රදේශවලට සංක්‍රමණය වීමට පටන් ගත්හ. මේ අයුරින් දීර්ඝ කාලයක් මුලුල්ලේ ඇති වූ සංක්‍රමණයන්හි ප්‍රතිඵලයක් වශයෙන් මූලික මිනිස් වර්ගය කොටස් කීපයකට බෙදී ගියේ ය.

මේ අයුරින් බෙදීයාමක් ඇති වූයේ සත්‍ව ලෝකයේ එක් සමූහයක් මිනිසුන් හැටියට පරිණාමයට පත් වූවාට පෙර ද එසේ නැතහොත් ඊට පසුව ද යන්න මතභේදයට තුඩු දී ඇති කරුණකි. එම සමූහය මනුෂ්‍යයන් ලෙසට පරිණාමයට පත් වීමට පෙර වර්ග කීපයකට බෙදී සිටියේ නම් මානව වර්ගයාට එකිනෙකින් වෙන් වූ මූලාරම්භයන් කීපයක් තිබිය යුතු වේ. එසේ නැතහොත් මිනිසුන් වශයෙන් පරිණාමයට පත් වූවාට පසුව කොටස් කීපයකට බෙදී ගියේ නම් ඒකජනනික (Monogenetic) න්‍යාය පිළිගැනීමට සිදු වේ.

මානව වර්‍ගයා මූලික ව වර්ග කීපයකට බෙදී යාමෙන් පසු සංක්‍රමණය නිසා එම වර්ග නැවතත් කොටස්වලට බෙදී යාමෙන් උපවර්ග ඇති විය. එක් මනුෂ්‍ය කොට්ඨාසයක් දිගු කලක් තුළ එක ම ප්‍රදේශයක පදිංචි ව සිටීම නිසා එම ප්‍රදේශයේ පරිසයට ගැලපෙන ආකාරයට හැඩගැසීමට සිදු විය. උචිත පරිදි හැඩගස්වාගත නොහැකි ගති ලක්‍ෂණ ඉවත් කොට, අවස්ථාවන්ට වඩාත් ගැලපෙන ගති ලක්‍ෂණ දියුණු වීම නිසා මුල් මිනිසුන්ට වඩා වෙනස් ලක්‍ෂණ ඇති මිනිසුන් බිහිවිය. ඒ අතර ම එක් සමූහයක් තුළ පමණක් සහාභිජනනය (inbreeding) ඇති වීම නිසා ද එම සමූහයට ම විශේෂ වූ ආරයෙන් එන ශරීර ලක්‍ෂණ සමූහයක් ඇති විය. එහෙයින් ආරයෙන් පැවත එන සමාන ශරීර ලක්‍ෂණ ඇති ජන කොට්ඨාසයක් එක් වර්ගයක් ලෙස සැලකීම ආරම්භ විය. කිසියම් පුද්ගලයකුගේ මුතුන්මිත්තන් කව්ද යන්න පරම්පරා දෙක තුනකට වඩා සොයා ගැනීම දුෂ්කර හෙයින් එම පුද්ගලයා ජනකානු අනුව කුමන වර්ගයකට අයත් දැයි දැක්වීම දුෂ්කර ය. එහෙයින් පුද්ගලයන් සතු ගති ලක්‍ෂණ පදනම් කරගෙන ඔහු කුමන මානව වර්ගයකට අයත් දැයි තීරණය කරනු ලැබේ.

මිනිසුන් අතර දක්නට ලැබෙන වෙනස්කම් අනුව ඔවුන් වර්‍ග කිරීම 17 වැනි සියවසේ පමණ ඇරඹුණු බව පෙනේ. 1684 දී ‍ෆ්‍රන්සුවා බර්නියේ (François Bernier) විසින් Journal des savants නම් සඟරාවට ලියූ ලිපියකින් මානව වර්ගීකරණයක් ඉදිරිපත් කෙළේ ය. එය කරන ලද්දේ ශාරීරික ලක්‍ෂණ පදනම් කර ගෙන ය. මේ කාලයේ දී යුරෝපයේ විද්වතුන් විවිධ ගස්, වැල්, මල් ආදිය වර්‍ග කිරීමේ උත්සාහයක යෙදී සිටියහ. එමෙන්ම ගවේෂකයෝ ඔවුන් දුටු විවිධ මනුෂ්‍ය වර්‍ග ගැන විස්තර ඉදිරිපත් කළහ. විද්වතුන්ගේ ආභාසය ලබා ගවේෂකයන් සැපයූ විස්තර ආධාර කරගෙන ඔහු මෙම බෙදීම කරන්නට ඇත.

18 වැනි සියවසේ දී පමණ කාල් ලීනියස් (Carl Linnaeus) මිනිස් වර්‍ග පිළිබඳ ක්‍රමානුකූල බෙදීමක් කිරීමේ උත්සාහයක යෙදුණේ ය. ඒ අනුව මිනිසුන් කොටස් හයකට බෙදන ලදී. එනම් හෝමෝ ෆෙරස් (Homo ferus), ඇමෙරිකානු (Americanns), යුරෝපීය (Europeans), ආසියාතික (Asiaticus) හා අෆ්‍රො මොන්ස්ට්‍රොසස් (Afro monstrosus) වශයෙනි. මින් පළමුවැන්න දක්නට නොලැබෙන නිසාත් අවසන් බෙදීම ව්‍යාධිවේදීය (pathological) බෙදීමක් හැටියට සැලකිය හැකි නිසාත් ඉතිරි හතර ප්‍රධාන මහාද්වීප හතරේ වසන මනුෂ්‍යයන් ලෙස සැලකීමට හැකි ය. මිනිස් වර්‍ග බෙදී සිටි ආකාරය පිළිබඳ ව එම අවධියේ තිබුණු සීමිත දැනුම ආධාර කරගෙන ඔහු මෙම බෙදීම කෙළේ ය.

කොම්ට් ඩි බිෆොන් ජෝජස්ලු-වී ලෙක්ලෙයා (Comte de Buffon Georges-Louis Leclerc) ද මානව වර්ගීකරණයක් කිරීමේ උත්සාහයක නිරත වූයේ ය. ඔහුගේ අදහස වූයේ සියලු ම මනුෂ්‍යයන් මූලික වශයෙන් සුදු පැහැයෙන් යුක්ත වූ බවත් ඉන් අනතුරුව විවිධ දේශගුණික තත්වයන්ට මුහුණදීම නිසා වෙනස් වී විවිධ වර්ග ඇති වූ බවත් ය.

යොහාන් ෆෙඩ්රික් බ්ලූමෙන්බාහ් (Johann Friedrich Blumenbach) මානව වර්ග පහක් දැක්වී ය. මෙම බෙදීම සඳහා ඔහු පදනම් කර ගත්තේ වර්‍ණය, හිසකේවල හැඩය හා මුහුණේත් හිස්කබලේ ආකාරයයි. එම වර්‍ග නම් ඉතියෝපියන් (Ethiopian), ඇමෙරිකන් (American), මැලේසියන් (Malaysian), කොකේචයන් (Caucasian) හා මොංගොලියන් (Mongolian) ය.

තෝමස් හක්සිල් (Thomas Huxley) මානව වර්ග, ඔස්ට්‍රොලොයිඩ් (Australoid) නීග්‍රොයිඩ් (Negroid), මොන්ගොලොයිඩ් (Mongoloid) හා සැන්තොක්‍රොයික් (Xanthochroic) වශයෙන් කොටස් පහකට බෙදා දැක්වී ය. ඉන් අනතුරුව සුදු හෝ කොකේසන්, නීග්‍රෝ, මොන්ගලොයිඩ්, ඕස්ට්‍රේලියානු දේශජ ආදිවාසිහු, බුෂ්මන්-හොටෙක්ටොම්, පිග්මි හෝ නිග්‍රිටෙන්, ආසියාතික පිග්මි හෝ නිග්‍රිල්ලෝ (Negrillo) යනුවෙන් මානව වර්ගීකරණයක් ඉදිරිපත් කරනු ලැබිණි.

මිනිස් වර්‍ග සියල්ලක් ම ඇතුළත් වන ආකාරයේ වර්ගීකරණයක් ඉදිරිපත් කිරීමට විද්වතුන් කීපදෙනෙක් ම උත්සාහ කළහ. ඒ අතුරෙන් කෙනෙක් වනුයේ ජෝසප් ඩෙනිකර් (Joseph Deniker), ඉගෝන් ෆ්‍රයිහෙෆෙර් ෆොන් අයික්ෂ්ටෙඩ් (Egon Freiherr von Eickstedt), ඇල්ෆ්‍රඩ් කෝර්ට් හැඩන් (Alfred Cort Haddon) හා අර්නස්ට් හූටන් (Earnest Hooton) විසින් ඉදිරිපත් කරන ලද වර්ගීකරණයයි. ඒ අනුව මිනිසුන් ප්‍රාථමික වර්‍ග තුනකට ද උපවර්ග කිපයකට ද බෙදන ලදි.

හූටන්ගේ වර්ගීකරණය

ප්‍රධාන වර්ගය I

සුදු - [යුරෝපීය (European), කොකසොයිඩ් (Caucasoid), යුරෝ-අප්‍රිකානු (Euro-African)]

උපවර්ග

මධ්‍යධරණී

අයිනු

සෙල්ටික්

නෝර්ඩික්

ඇල්පයින්

නැගෙනහිර බෝල්ටික්

මිශ්‍ර උපවර්ග (Composite sub races)

ආර්මෙනොටිඩ් ඩිනාරික්

ඉතිරි මිශ්‍ර වර්ග

නොර්ඩික් ඇල්පයින්

නෝර්ඩික් මධ්‍යධරණී

මිශ්‍ර වර්ග (වැඩි වශයෙන් සුදු) - ඔස්ට්‍රේලියානු

මිශ්‍ර වර්ග (වැඩි වශයෙන් නිග්‍රොයිඩ්) - තැස්මේනියානු

මිශ්‍ර වර්ග (වැඩි වශයෙන් සුදු) - ඉන්දු-ද්‍රවිඩ

මිශ්‍ර වර්ග (වැඩි වශයෙන් සුදු) - පොලිනීසියන්

ප්‍රධාන වර්ගය II

නිග්‍රොයිඩ්

උපවර්ග

අප්‍රිකානු නීග්‍රෝ

නිලොටික් නීග්‍රෝ

නිග්‍රිටෝ

මිශ්‍ර වර්ග

(වැඩි වශයෙන් නීග්‍රෝයිඩ්) - මෙලනීසියන් - පැපුවන්

ද්විතීක උපවර්ග

පැපුවන්

මෙලනීසියන්

මිශ්‍ර වර්ග (වැඩි වශයෙන් නිග්‍රෝයිඩ්) - බුෂ්මන් - හොටෙන්ටොට්

ද්විතික උපවර්ග

බුෂ්මන්

හොටෙන්ටොට්

ප්‍රධාන වර්ගය III

මොන්ගලොයිඩ්

මූලික උපවර්ග

පැරණි මොන්ගොලොයිඩ්

ආක්ටික් මොන්ගොලොටිඩ් (ආස්තිමෝ)

මිශ්‍ර වර්ගය (වැඩි වශයෙන් මොන්ගොලොයිඩ්) - ඉන්දුනීසියන් මොන්ගොලොටිඩ්

ද්විතියික උපවර්ග

මැලේ මොන්ගොලොයිඩ්

ඉන්දුනීසියන්

මිශ්‍ර වර්ග

ඇමෙරිකානු ඉන්දියානුන්

විලියම් සේබිනා රිප්ලිගේ (William Zebina Ripley) වර්ගීකරණය වූයේ නිල් ඇස් ඇති උස අය නෝර්ඩික් වශයෙන් ද කලු, මිටි හිසක් සහිත ජනයා ඇල්පයින් වශයෙන් ද මිටි, දිග හිසක් සහිත ජනයා මධ්‍යධරණී වශයෙන් ද වර්ග කිරීමයි.

ස්ට්‍රාස් (Strats) මිනිසුන් ප්‍රොටොමෝෆ් (protomorph) ඇකිමෝර්ෆ් (archimorph) හා මෙටමෝර්ෂ් (metamorph) යන කොටස් තුනට බෙදා දැක්වීය.

මෙම වර්ගීකරණයන් සියල්ලටම පදනම් කරගන්නා ලද්දේ ශාරීරික ලක්‍ෂණයයි. මීට වෙනස්ව ප්‍රෙඩ්රික් මුලර් (Friedrich Müller) හිසකේවල ආකාරය මෙන්ම භාෂාව ද පදනම් කරගෙන වර්ග කීපයක් දැක්වූයේ ය.

සංස්කෘතික සාධක අනුව මිනිසුන් වර්‍ග කිරීමට කාරූස් (Carus) උත්සාහ කෙළේ ය. මේ අනුව මානව වර්ග වූයේ දවාල, රාත්‍රිය, පෙරදිග අරුණාලෝකය (eastern dawn) එනම් යුරෝපීයයන්, අප්‍රිකානුන්, ඇමරිකානුන් හා මොංගලොයිඩ් වාර්ගිකයන් ය.

සමාන ලක්‍ෂණ වැඩි ප්‍රමාණයක් දක්වා මනුෂ්‍යයන් එක් වර්ගයක් ලෙස දැක්වීම සඳහා මූල්කාලීන මානව විද්‍යාඥයෝ ප්‍රමාණාත්මක අගයක් යොදා ගත්හ. 19 වැනි සියවසේ දී දියුණු මාවනමිතික ක්‍රම වර්ගීකරණයන් සඳහා යොදා ගැනීමට මානව විද්‍යාඥයෝ සමත් වූහ. කකුල්වල ප්‍රමාණය හිස්කබලේ ප්‍රමාණය ආදිය වර්ගීකරණයන් සඳහා භාවිත කරන ලදි. කෙටි කකුල් ඇති මිනිසුන් නිදසුන් දකුණු ආසියාතික හා ඇස්කිමෝ ජනයා හා දිග කකුල් ඇති මිනිසුන් (නිදසුන් නිලොට්ස් ජනයා) වශයෙන් මිනිසුන් වර්ග කරන ලදි.

1842 දී රෙට්සින්ස් (Retzins) විසින් ඉදිරිපත් කරන ලද වර්ගීකරණය වූයේ හිසේ පළල දිගෙහි ප්‍රතිශතයක් වශයෙන් දක්වා කපාල දර්ශකය (criminal index) ඒ අනුව මිනිසුන් වර්ග කිරීමයි. මේ අනුව මිනිසුන් කොටස් තුනකට බෙදන ලදි. ඒ කපාල දර්ශකය අඩුම, මධ්‍යම හා වැඩිම ජනයා වශයෙනි. දර්ශකය 75 හෝ ඊට අඩු වර්‍ග ඩොලිකෝසෙෆිල්ස් යන නමින් ද 75-80 අතර වර්‍ග මෙසෝසෙෆල්ස් යන නමින් ද 80ට වැඩි වූ විට බ්‍රැකිසෝෆ්ල්ස් යන නම ද යොදන ලදි.

හිස්කබලේ හා මුහුනේ ඇට මැනීම නිසා මිනිසුන්ගේ මෙන්ම ඇටසැකිලිවලත් වෙනස්කම් බලාගැනීමට හැකි විය. එමෙන්ම මුහුණේ හැඩය හිසේ හැඩය ආදිය අනුව මිනිසුන් වර්‍ග හඳුනා ගැනීමට මෙම ක්‍රමය ප්‍රයෝජනවත් විය.

මෙම ලක්‍ෂණ මැනීම පුද්ගලයන්ගේ ආරයෙන් එන ජනනික (genetic) ලක්‍ෂණ සොයා ගැනීමට උපකාරී වුවද මෙම ලක්‍ෂණ කෙරෙහි පෝෂණ තත්‍වයන් ද බලපායි. එහෙයින් මෙය නියම වර්ගීකරණයක් ලෙස සැලකීමට නොහැකි විය. මෙම අඩුව පිරවීමට රූපවිචාරය අනුව මිනිසුන් බෙදීමේ උත්සහයන් කීපයක් ගනු ලැබිණි. එහෙත් රූපවිචාරය අනුව බෙදීමේ දී එම ලක්‍ෂණ පරම්පරාවෙන් පැවත එන ඒවාදැයි දැනගැනීමට නොහැකි වීම නිසා එම වර්ගීකරණවල ජනනික අගයක් නොවීය. එම නිසා සංඛ්‍යාත්මය ක්‍රමයක අවශ්‍යතාව පෙනී ගියේ ය.

සාමාන්‍යයන් හා විචලනයන් (variability) පිළිබඳ අධ්‍යයනයන්ගෙන් පෙනී ගියේ එකලඟ පිහිටි ප්‍රදේශවල ජීවත් වන ජන කොට්ඨාස දෙකක් අතර සමාන ලක්‍ෂණ රැසක් තිබෙන බවය. මේ නිසා පුද්ගලයෙකු සුවිශේෂ වර්ගයකට අයත් යැයි නිශ්චිත වශයෙන් දැක්වීම දුෂ්කර විය. මිනිසුන් වර්ගයක් වශයෙන් වෙන් කළ හැකි වන්නේ එම වර්ගය සතු විශේෂ ලක්‍ෂණ එකී වර්ගයේ සැමටම පොදු හා සෙසු වාර්ගිකයන් අතර දක්නට නොලැබෙතොත් පමණකි. එහෙත් ළඟ පිහිටි ප්‍රදේශවල ජනයා බෙහෙවින් මිශ්‍ර වන බැවින් මේ ලක්‍ෂණ අනුව වර්ග වෙන් කොට ගැනීම දුෂ්කර විය.

වර්තමාන පරීක්‍ෂණ අනුව හෙලි වී ඇති වැදගත් ම කරුණක් වනුයේ වර්ග අතර වෙනස්කම් ඇති වීමට මූලික වශයෙන් ඒ එක් එක් පළාත්වල දේශගුණය හේතු වී ඇති බවයි. එහෙයින් දේශගුණය පදනම් කරගෙන ලෝකයේ ජනගහනය වර්ග කීපයකට බෙදිය හැකි ය.

එක් මානව වර්ගයකට අයත් ජනගහනය ඇතැම් විට සිය ගණනකට සීමා විය හැකි ය. තවත් විටෙක කෝටි ගණනක් විය හැකි ය. එහෙයින් මේ විශාල හා කුඩා වර්ග වෙන් කර හඳුනා ගැනීමට සමහර විටක වර්ගය යන පදය ප්‍රමාණවත් නොවේ. නිදසුනක් වශයෙන් අප්‍රිකාවේ ජනයා ගතහොත් ඔවුන් ආසියාවේ හා යුරෝපයේ වසන ජනයාට වඩා වෙනස් වූ වර්ගයකි. නමුත් අප්‍රිකාව තුළ ම බුෂ්මන්, හොටෙන්ටොට්, පිග්මි ආදී එකිනෙකට වෙනස් මානව වර්ග වාසය කරති. බටහිර අප්‍රිකානු රටවල වාසය කරන ජනයා නැගෙනහිර අප්‍රිකාවේ හා සුඩානයේ වසන ජනයාට වඩා වෙනස් ය. එම නිසා එක් රටක් තුළ වාසය කරන විශාල ජනසමූහ භූගෝලීය වර්ග යන නමින් ද එම රට තුළ වාසය කරන කුඩා සමූහ ප්‍රදේශීය වර්ග යන නමින් ද හැඳින්විය හැකි ය.

භූගෝලීය වර්ග කීපයකි. ඒවා ප්‍රධාන මහාද්වීපවලටත් විශාල දූපත්වලටත් සීමා වේ. එනම් ඇමෙරිකානු, ඉන්දියානු, පොලිනීසියන්, මයික්‍රොනීසියන්, මෙලනීසියන්, පැපුවන්, ඔස්ට්‍රේලියන්, ආසියානු, ඉන්දියානු, යුරෝපීන් හා අප්‍රිකානුන් ය.

මෙම භූගෝලීය වර්ගවලට උතුරු ජපානයේ අයිනු ගෝත්‍රිකයනුත් තායිවානයේ හා නිරිතදිග චීනයේ ප්‍රාථමික ගෝත්‍ර කීපයකුත් හැරුන විට අන් සියලු ම වාර්ගිකයෝ ඇතුළත් වේ.

භූගෝලීය වර්ග තුළ ප්‍රදේශීය වර්ග රැසක් තිබේ. මෙවැනි ප්‍රදේශීය වර්ගවල ජනයා ඇතැම් විට සිය ගණනක් ද තවත් ඒවායේ දහස් ගණනක් ද සිටිති. කොලම්බස් පැමිණීමට පෙර ඇමෙරිකාවේ ප්‍රදේශීය වර්ග රැසක් විය. අප්‍රිකාව තුළ ද ප්‍රදේශීය වර්ග රැසක් තිබේ.

ප්‍රදේශීය වර්ග ඇති වන්නේ කිසියම් ජන කොට්ඨාසයක් සෙසු මිනිසුන්ගෙන් වෙන් වී වාසය කිරීමෙනි. එහි ප්‍රතිඵලයක් වශයෙන් එම සමූහය තුළ ම සහාභිජනනය ඇති වේ. එම සමූහයට ම පොදු සංස්කෘතික ලක්‍ෂණ ද ඇති වේ. ගංගා මුහුදු වැනි භූගෝලීය සාධක අනුව එම ප්‍රදේශය සෙසු ප්‍රදේශවලින් වෙන්ව තිබීම ප්‍රදේශීය වර්ගවල පැවැත්මට හිතකර වේ.

වැඩි ජනගහන ඝනත්වයක් ඇති ප්‍රදේශවල හුදකලාව ජීවත් වන ප්‍රදේශීය වර්ග දක්නට නොලැබේ. එහෙත් එම ප්‍රදේශවල ද එක් එක් සමූහ ජනනික ලක්‍ෂණ අනුව අනෙක් සමූහවලින් වෙනස් වේ. මානව විද්‍යාඥයෝ මෙම කුඩා සමූහ මයික්‍රෝ වර්ග ලෙස හඳුන්වති.

මෙලෙස එක් ජන කොටසක් එක් පෙදෙසකට පමණක් සීමා වී වාසය කිරීම නිසා එකම ජීවන ක්‍රමයකට හා දේශගුණයකට අනුව හැඩගැසුණු ආරය, ගති ලක්‍ෂණ හා පුරුදුවලින් සමාන වූ ජන සමූහයක් බිහි වේ. තද උෂ්ණත්වයක් සහිත දේශගුණික ප්‍රදේශවල ජීවත් වන ජනයාගේ ශරීර තාපයට ඔරොත්තු දෙන ආකාරයට හැඩගැසී ඇති බව පර්යේෂණයන්ගෙන් පෙනී යයි. එමෙන්ම ඇස්කිමෝ වැනි මිනිස් වර්ග තද ශීතලට ඔරොත්තු දෙන අන්දමට හැඩගැසී සිටිති. එමෙන්ම මිනිසුන් ජීවත් වන පරිසරයේ ඇති රෝගවලින් මිදීම සඳහා එම රෝගවලට ඔරොත්තු දෙන ආකාරයට ශරීර හැඩ ගැසේ.

වාර්ගික වෙනස්කම් මැනීමට මෑතක දී යොදා ගන්නා ලද තවත් නිර්ණායකයක් වූයේ විවිධ ප්‍රදේශවල වාසය කරන මිනිසුන්ගේ ලේ කාණ්ඩ පරීක්‍ෂා කොට ඒ අනුව ඔවුන් වර්ග කිරීමයි.

1900 පමණ සිට ලේ කාණ්ඩ පිළිබඳ රැස් කරන ලද දත්ත අනුව වාර්ගික වෙනස්කම් පිළිබඳ සාමාන්‍යකරණයක් ඉදිරිපත් කර තිබේ. බී කාණ්ඩයට අයත් ලේ ඇමෙරිකාවේ හා ඔස්ට්‍රේලියාවේ ප්‍රාථමික ගෝත්‍රවල ජනයා තුළ දක්නට නොලැබුණි. එය යුරෝපීයයන් තුළ 12%ක් ද අප්‍රිකානු හා ආසියානු ඉන්දියානුන් තුළ 25% පමණ ද ආසියාවේ වෙනත් ප්‍රදේශවල ජනයා තුළ 40% පමණ ද විය. ඒ කාණ්ඩයට අයත් ලේ සෑම භූගෝලීය වර්ගයට ම අයත් ජනයා තුළ දක්නට ලැබුණි. ඒ2 - යුරෝපයට පමණක් සීමා වූ ලේ කාණ්ඩයක් විය. එමෙන්ම (Rh-negative) ආර්.එච්. ඍණ ලේ කාණ්ඩය ද යුරෝපීය ජාතීන්ට පමණක් සීමා වූවක් විය. යුරෝපීන්ගෙන් 25% පමණ තුළ මෙම කාණ්ඩයට අයත් ලේ දක්නට ලැබුණි. Rho කාණ්ඩය අප්‍රිකාවේ බහුල වශයෙන් දක්නට ලැබුණි.

ඩියාගෝ (Diego) ක්‍රමය අනුව ද ඇමරිකානු ඉන්දියානුන් හා ආසියානුන් අතර දියාගෝ පොසිටිව් (Diego Positive) වර්‍ගයට අයත් අය වැඩි ය. ඩෆී (Duffy), කිඩ් (kidd), කෙල් (kell), ලූතනේ (luthern) ලේ කාණ්ඩ අනුව ජනකොටස් බෙදීමේ දී ද ඒ ඒ වාර්ගිකයන් අතර වෙනස්කම් දක්නට ලැබුණි. ඉන්දියානුන්ගේත් හා ඇමෙරිකානු ඉන්දියානුන්ගෙන් 65% පමණ ඩෆී පොසිටිව් (Duffy Positive) වර්ගයට අයත් වූහ. මේ වර්ගයට අයත් අය අප්‍රිකාවේ ජනගහනයෙන් 10% පමණ සුළු ප්‍රමාණයන් විය.

මෙවැනි වෙනස්කම් අනුව පෙනී ගියේ විවිධ ලේ කාණ්ඩවලට අයත් මිනිසුන්, විවිධාකාරව ලෝකයේ ව්‍යාප්ත ව සිටි බවයි.

ඇතැම් වාර්ගිකයන්ට පමණක් සීමා වූ රෝග ද දක්නට ලැබේ. නිදසුනක් වශයෙන් නැගෙනහිර නිව්ගිනියාවේ පෝ (fore) ජනයා අතර දක්නට ලැබෙන කුරු රෝගය ගත හැකි ය. තවද මධ්‍යධරණී ප්‍රදේශයේ ඇතැම් පුද්ගලයෝ ආරයෙන් එන ලේ වල රෝගයකින් පීඩා විඳිති. අප්‍රිකාවේ සහරාවට දකුණින් ඇති ප්‍රදේශයේ ජනයාත්, ඇමරිකානු නීග්‍රෝවරුන් සුදු කොටසකුත් ආරයෙන් එන ඩික්ලින් ගති ලක්‍ෂණය (siclcling) හා (severe siclcle cell anerria) රෝගවලින් පීඩා විදිති.

එමෙන්ම මිනිස් වර්‍ග ආරයෙන් එන ගති ලක්‍ෂණ අනුව ඔවුන් ජීවත් වන දේශගුණික තත්‍වයන්ට ඔරොත්තු දෙන ආකාරයට හැඩගැසී සිටිති. ටෙයරා ඩෙල් ෆිටුගෝ හා ඔස්ට්‍රේලියාවේ ඇතැම් ගෝත්‍රික ජනයා හිම මිදෙන සීතලේ නිරුවතින් නිදති. කොරියන් යුද්ධයේ ද සුදු ජනයාට වඩා ඇමෙරිකන් නීග්‍රෝවරුන්ට ශීතලෙන් පීඩා විඳීමට සිදු විය.

මේ පිළිබඳව පර්යේෂණවලින් පෙනී ගොස් ඇත්තේ ඩහදිය දැමීමේ හා උණුසුම ඉවසීමේ හැකියාව සුදු හා නීග්‍රෝ ජනයා අතර වෙනස් බවත් එමෙන්ම ඔස්ට්‍රේලියානු ප්‍රාථමික ගෝත්‍රිකයන්ගේ හමේ උෂ්ණත්වය පහත් බවත් ය. මේ අයුරින් බෙදීම් කළ ද ලෝකයේ ජනයා ඉතා විවිධ වන බැවින් වෙන් වෙන් කොටස් හැටියට දැක්වීම දුෂ්කර වේ. විවිධ වර්‍ග එකිනෙක හා මිශ්‍ර වීම නිසා ඇතැම් වර්‍ග නැති වී යාම හා අලුත් වර්‍ග බිහිවීම සිදු වී තිබේ ඉතිහාසයේ සිදු වූ සංක්‍රමණ, යුද්ධ, වහල් වෙළෙඳාම ආදිය නිසා ද නව මාර්‍ග ඉදිකිරීම්, පාලම් තැනීම් ආදිය නිසා භූගෝලීය බාධක ඉවත්ව යාම නිසා ද හුදකලාව ජීවත් වූ සමූහවල හුදකලා බව නැති වී සෙසු වර්ග හා මිශ්‍ර වූහ. පසුගිය වසර 200 ඇතුළත එතෙක් පැවති මානව වර්‍ග රැසක් ම නැති වී ගියේ ය. කැරිබි ඉන්දියානුන් හා තස්මේනියනුන් ඊට උදාහරණයි. එමෙන්ම මිශ්‍ර වීම නිසා නව වර්ග බිහිවීම ද සිදු වී තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ කළු ජනයා යුරෝපීන් හා මිශ්‍ර වී තිබේ. ඉංග්‍රීසි ජනයා අතීතයේ සිට වයිකින්ස්, රෝම, ස්පාඤ්ඤ, අයිරිෂ්, ස්කොට්, ටේල්ස්, බ්‍රිටන් ආදී ජනකොටස් සමඟ මිශ්‍ර වූහ. එමෙන්ම යාබද පෙදෙස්වල වාසය කරන ජනකොටස් නිරතුරුව ම එකිනෙකා හා මිශ්‍ර වෙති. එම නිසා කිසියම් නිශ්චිත වර්ගයක සාමාජිකයන් තුළ තවත් වර්ග රැසකට අයත් ජනකාණු තිබිය හැකි ය.

මේ අයුරින් මානව වර්ග මිශ්‍ර වීම නිසා දිගින් දිගටම නව මානව වර්‍ග ඇති වීම සිදු වේ.

(කර්තෘ: දේවිකා ප්‍රියදර්ශනී එදිරිවීර)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=මානව_වර්ග&oldid=5672" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි