"ආඥාපත්‍ර" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(Writs). සිවිල් හෝ වේවා ආගමික හෝ වේවා හැම අධිකරණ බලය...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
3 පේළිය: 3 පේළිය:
 
මන්ඩාමුස් ආඥාවෙන් එක්තරා නියමිත යුතු කමක් ඉටු කිරීමට අණ කරනු ලැබේ. එය ඉටු කරවා ගැනීමට අන්කිසි මාර්ගයක් නොමැති විට ද ඇතැම් විට සාමාන්‍ය නීතිය අනුව එය ඉටු කර ගත හැකි මාර්ගය කරදර සහිත වූවක් හා අසම්පූර්ණ වූවක් වූ විටද මන්ඩාමුස් ආඥාපත්‍රය ලබාගත හැකිය. සාමාන්‍ය නීතිය අනුව එම කාර්යය ඉටු කර ගතහැකි නම් අධිකරණය විසින් මේ විශේෂ බලතල පාවිච්චි කරනු නොලැබේ. විශේෂයෙන් ම අනිසි ලෙස ඉවත් කරනු ලැබූ නිලධරයන් නැවත පත් කිරීම සඳහා ද තම අධිකරණ බල සීමා ඇතුළත වූ යම් යම් කරුණු පිළිබඳව ක්‍රියා කිරීම සඳහා ද රජයේ නිලධරයන් ලවා ඔවුන් වෙත නීතිය මගින් හෝ අන් ලෙසකින් පැවරුණු යුතුකම් ඉටු කරවා ගැනීමට ඔවුන්ට බල කිරීම සඳහා ද මේ ආඥාව යෙදවිය හැකිය. මෙය වුවමනාවට වඩා කලින් හෝ ප්‍රමාද වී හෝ නොව යථාකාලයෙහි ඉල්ලා සිටිය යුතුය.
 
ශ්‍රෙෂ්ඨාධිකරණයට යටත් අධිකරණයක හෝ නිලධරයකුගේ නීතිකෘත්‍ය හෙවත් නඩුවිභාගවාර්තා ගෙන්වා ඒවා නීත්‍යනුකූල ද නැද්දැයි පරීක්ෂා කිරීමට ද එම අධිකරණයට හෝ නිලධරයාට වඩා ශීඝ්‍ර ලෙසත්, හොඳිනුත්, සම්පූර්ණ ලෙසත් යුක්තිය ඉෂ්ට කරන බවට වගබලාගන්නා අටියෙන් ක්‍රියා කිරීමට ද සර්ටියෝරාරි ආඥාව මගින් ශ්‍රෙෂ්ඨාධි කරණයට බලය ඇත්තේය. පහළ උසාවියක නීත්‍යනුකූල නොවන තීරණ නිෂ්ප්‍රභ කොට ජයග්‍රාහක පක්ෂයට ගාස්තු අය කර ගැනීමට ද ඉන් නියම කළ හැකිය.
+
ශ්‍රෙෂ්ඨාධිකරණයට යටත් අධිකරණයක හෝ නිලධරයකුගේ නීතිකෘත්‍ය හෙවත් නඩුවිභාග වාර්තා ගෙන්වා ඒවා නීත්‍යනුකූල ද නැද්දැයි පරීක්ෂා කිරීමට ද එම අධිකරණයට හෝ නිලධරයාට වඩා ශීඝ්‍ර ලෙසත්, හොඳිනුත්, සම්පූර්ණ ලෙසත් යුක්තිය ඉෂ්ට කරන බවට වගබලාගන්නා අටියෙන් ක්‍රියා කිරීමට ද සර්ටියෝරාරි ආඥාව මගින් ශ්‍රෙෂ්ඨාධිකරණයට බලය ඇත්තේය. පහළ උසාවියක නීත්‍යනුකූල නොවන තීරණ නිෂ්ප්‍රභ කොට ජයග්‍රාහක පක්ෂයට ගාස්තු අය කර ගැනීමට ද ඉන් නියම කළ හැකිය.
 +
 
 +
අන්කිසි අධිකරණයක් විසින් තීන්දුව දීම ප්‍රමාද කරනු ලැබූ නඩුවක තීන්දුව වහාම දෙන ලෙස ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් අණ කෙරෙන හෝ අන්කිසි අධිකරණයකින් ප්‍රමාණවත් හේතු නොමැතිව සර්ටියෝරාරි ආඥාව වැනි ආඥාවකින් ශ්‍රෙෂ්ඨාධිකරණය වෙත එවනු ලැබූ නඩුවක් ඒ අධිකරණයට ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් නැවත යැවෙන හෝ ආඥාවකට ප්‍රොසිඩෙන්ඩෝ ආඥාව යයි කියනු ලැබේ.
  
අන්කිසි අධිකරණයක් විසින් තීන්දුව දීම ප්‍රමාද කරනු ලැබූ නඩුවක තීන්දුව වහාම් දෙන ලෙස ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් අණ කෙරෙන හෝ අන්කිසි අධිකරණයකින් ප්‍රමාණවත් හේතු නොමැතිව සර්ටියෝරාරි ආඥාව වැනි ආඥාවකින් ශ්‍රෙෂ්ඨාධිකරණය වෙත එවනු ලැබූ නඩුවක් ඒ අධිකරණයට ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් නැවත යැවෙන හෝ ආඥාවකට ප්‍රොසිඩෙන්ඩෝ ආඥාව යයි කියනු ලැබේ.
 
ආරම්භ කරනු ලැබූ නීති කෘත්‍ය තාවකාලිකව හෝ අවසාන වශයෙන් නතර කරන ලෙස අන්කිසි අධිකරණයකට හෝ පාර්ශ්වකරුවන්ට නැතහොත් දෙපක්ෂයට ම ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් අණ කෙරෙන ආඥාව තහනම් ආඥාව වන්නේය. මෙහි පරමාර්ථය එය යවනු ලැබූ අධිකරණය තම නිසි අධිකරණ බලය ඇතුළත ක්‍රියා කරවීම හෝ යම් අධිකරණයක් විසින් එයට අහිමි බලයක් ආරූඪ කර ගැනීම වැළැක්වීම හෝ වේ. තහනම් ආඥාව ඉල්ලා සිටීමට හැකි වන්නේ යම් අධිකරණයක් අධිකරණ බලය නොමැතිව හෝ එම බලය ඉක්මවා හෝ ක්‍රියා කළ විටකය. අන්කිසි අධිකරණයක නීති කෘත්‍යවල දී සිදු විය හැකි අක්‍රමිකතා සම්බන්ධයෙන් හෝ යම් ප්‍රශ්නයක් විසඳීමේ දී විනිශ්චයකරු නීතිය පිළිබඳව වැරදි නිගමනයකට බැස ගැනීමෙන් දෙන ලද නඩු තීන්දුවක් සම්බන්ධයෙන් හෝ මේ ආඥාවෙන් ප්‍රයෝජන ගත නොහැකිය. නඩු තීන්දුව දීමෙන් පසු ද තහනම් ආඥාවක් නිකුත් කළ හැකිය. නඩු තීන්දුව ක්‍රියාත්මක වීමෙන් පසු මෙයින් ඵලක් නුවුව ද, තහනමට ගන්නා ලද බඩු නොවිකුණා ඇති අවස්ථාවක දී ඒ පිළිබඳව නීති කෘත්‍ය තවදුරටත් කරගෙන යෑම නතර කිරීම පිණිස මේ ආඥාව ප්‍රයෝජනවත් වේ. යටත් අධිකරණයක් ඉදිරියට පැමිණි යම් නඩු නිමිත්තක් හෝ කරුණක් පිළිබඳව ක්‍රියා කිරීමට ඒ අධිකරණයට බලය නොමැති විට හෝ විසඳීමට බලය ඇති කරුණක් විභාග වෙමින් පවතින අතර, විසඳීමට එයට අධිකරණ බලය නොමැති යම් ප්‍රශ්නයක් පැන නැඟි විට තහනම් ආඥාවේ පිහිට සෙවිය හැකිය. යම් නඩු නිමිත්තක් හා එය සම්බන්ධයෙන් පැන නැඟෙන සියලු කරුණු විසඳීමට යටත් අධිකරණයට අධිකරණ බලය ඇති විටක, යම් කරුණක් පිළිබඳව එහි තීරණය වැරදි වුව ද ඒ පිළිබඳව එම අධිකරණයට විරුද්ධව තහනම් ආඥාවක් ඉල්ලා සිටිය නොහැකිය.
 
තහනම් ආඥාව වනාහි තම අයිතිවාසිකමක් ලෙස ඉල්ලිය හැකි වූ ද දණ්ඩන නියමයට පෙර හෝ පසු ලබාගත හැකි වූ ද සහනයකි. නීතිය අනුව යමකුට දෙයාකාරයක සහන ලබාගත හැකි අවස්ථාවක දී ඉන් එකක් අත්හැර වඩා ඉක්මනටත් වඩා සහතික ලෙසත් ලබාගත හැකි සහනය ලබා ගැනීම වරදක් නොවේ. එහෙයින් ආයාචනයක් ලබා ගත හැකි හෙවත් ඇපැල් ගත හැකි අවස්ථා - වක දී වුව ද තහනම් ආඥාවක් ඉල්ලා සිටීමට බලය ඇත්තේය.
+
තහනම් ආඥාව වනාහි තම අයිතිවාසිකමක් ලෙස ඉල්ලිය හැකි වූ ද දණ්ඩන නියමයට පෙර හෝ පසු ලබාගත හැකි වූ ද සහනයකි. නීතිය අනුව යමකුට දෙයාකාරයක සහන ලබාගත හැකි අවස්ථාවක දී ඉන් එකක් අත්හැර වඩා ඉක්මනටත් වඩා සහතික ලෙසත් ලබාගත හැකි සහනය ලබා ගැනීම වරදක් නොවේ. එහෙයින් ආයාචනයක් ලබා ගත හැකි හෙවත් ඇපැල් ගත හැකි අවස්ථාවක දී වුව ද තහනම් ආඥාවක් ඉල්ලා සිටීමට බලය ඇත්තේය.
  
(අ) නීතිය අනුව ක්‍රියා කිරීම සඳහා යම් තැනැත්තකු, එසේ නැතහොත්
 
14 පේළිය: 15 පේළිය:
 
(ආ) රජයේ හෝ පෞද්ගලික සිරභාරයෙහි නීති විරෝධී ලෙස හෝ අනිසි ලෙස තබා ඇති තැනැත්තකු
 
ඒ අධිකරණය හෝ විනිශ්චයකරු ඉදිරිපිටට ගෙන ඒම සඳහා ද, එසේ ගෙන එනු ලැබූ තැනැත්තකු නිදහස් කිරීම, සිරභාරයේ තැබීම හෝ ඒ තැනැත්තා සම්බන්ධයෙන් නීතිය අනුව ක්‍රියා කිරීම සඳහා අධිකරණ හා එහි බලතල පිළිබඳ ආඥා පනතෙහි 45 වැනි වගන්තිය යටතේ හේබියස් කෝපුස් ආඥාවක් ප්‍රදානය කිරීමට හා එබඳු ආඥා පත්‍රයක් නිකුත් කිරීමට ශ්‍රෙෂ්ඨාධිකරණයට හෝ එහි විනිශ්චයකරුවකුට හෝ බලය ඇත්තේය. එසේ ම ළඟ ම ඇති දිස්ත්‍රික් උසාවියට හෝ රික්වැස්ට් උසාවියට හෝ සුළු අපරාධ අධිකරණයට හෝ ඒ තැනැත්තා ගෙන ඒමට ද ඔහු සිරභාරයට ගැනීමට හෝ රඳවා ගැනීමට හේතුව පිළිබදව යථෝක්ත අධිකරණයක විනිශ්චයකරුවකු මගින් විභාගයක් පවත්වා එම විභාග වාර්තාව ශ්‍රෙෂ්ඨාධිකරණයට යැවීමට ද අධිකරණයට හෝ විනිශ්චයකරුට සුදුසු යයි හැගෙන අතුරු කාල පරිච්ඡේදයක් තුළ ඒ තැනැත්තා සිරභාරයේ තැබීම සඳහා විධි විධාන සැලසිමට ද නියම කිරීමේ බලය ශ්‍රෙෂ්ඨාධිකරණයට හෝ එහි විනිශ්චයකරුවකුට ඇත්තේය. තවද ඒ අධිකරණයේ වාර්තාව අනුව ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් හෝ එහි විනිශ්චයකරුවකු විසින් ඒ තැනැත්තා නිදහස් කිරීම, සිරභාරයට ගැනීම, රඳවා ගැනීම හෝ ඔහු සම්බන්ධයෙන් අන් ලෙස කින් නීතිය අනුව ක්‍රියා කිරීම සඳහා ආඥාවක් නිකුත් කළ යුතුවා පමණක් නොව දිස්ත්‍රික් උසාවිය, රික්වැස්ට් උසාවිය හෝ සුළු අපරාධ අධිකරණය ඒ ආඥාව වහා ම ක්‍රියාවේ යෙදවිය යුතු ද වේ.
+
ඒ අධිකරණය හෝ විනිශ්චයකරු ඉදිරිපිටට ගෙන ඒම සඳහා ද, එසේ ගෙන එනු ලැබූ තැනැත්තකු නිදහස් කිරීම, සිරභාරයේ තැබීම හෝ ඒ තැනැත්තා සම්බන්ධයෙන් නීතිය අනුව ක්‍රියා කිරීම සඳහා අධිකරණ හා එහි බලතල පිළිබඳ ආඥා පනතෙහි 45 වැනි වගන්තිය යටතේ හේබියස් කෝපුස් ආඥාවක් ප්‍රදානය කිරීමට හා එබඳු ආඥා පත්‍රයක් නිකුත් කිරීමට ශ්‍රෙෂ්ඨාධිකරණයට හෝ එහි විනිශ්චයකරුවකුට හෝ බලය ඇත්තේය. එසේ ම ළඟ ම ඇති දිස්ත්‍රික් උසාවියට හෝ රික්වැස්ට් උසාවියට හෝ සුළු අපරාධ අධිකරණයට හෝ ඒ තැනැත්තා ගෙන ඒමට ද ඔහු සිරභාරයට ගැනීමට හෝ රඳවා ගැනීමට හේතුව පිළිබදව යථෝක්ත අධිකරණයක විනිශ්චයකරුවකු මගින් විභාගයක් පවත්වා එම විභාග වාර්තාව ශ්‍රෙෂ්ඨාධිකරණයට යැවීමට ද අධිකරණයට හෝ විනිශ්චයකරුට සුදුසු යයි හැගෙන අතුරු කාල පරිච්ඡේදයක් තුළ ඒ තැනැත්තා සිරභාරයේ තැබීම සඳහා විධි විධාන සැලසිමට ද නියම කිරීමේ බලය ශ්‍රෙෂ්ඨාධිකරණයට හෝ එහි විනිශ්චයකරුවකුට ඇත්තේය. තවද ඒ අධිකරණයේ වාර්තාව අනුව ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් හෝ එහි විනිශ්චයකරුවකු විසින් ඒ තැනැත්තා නිදහස් කිරීම, සිරභාරයට ගැනීම, රඳවා ගැනීම හෝ ඔහු සම්බන්ධයෙන් අන් ලෙසකින් නීතිය අනුව ක්‍රියා කිරීම සඳහා ආඥාවක් නිකුත් කළ යුතුවා පමණක් නොව දිස්ත්‍රික් උසාවිය, රික්වැස්ට් උසාවිය හෝ සුළු අපරාධ අධිකරණය ඒ ආඥාව වහා ම ක්‍රියාවේ යෙදවිය යුතු ද වේ.
  
හේබියස් කෝපුස් ආඥාව පහත දැක්වෙන අවස්ථා වන්හි ක්‍රියාවේ යෙදිය හැකිය :-
+
හේබියස් කෝපුස් ආඥාව පහත දැක්වෙන අවස්ථා වන්හි ක්‍රියාවේ යෙදිය හැකිය:
  
( 1 ) අපරාධ සම්බන්ධයෙන් හෝ අපරාධ යයි සැලකෙන ක්‍රියා සම්බන්ධයෙන් සිරභාරයට ගැනීමක් හෝ බලෙන් රඳවා ගැනීමක් හෝ පිළිබඳ නීත්‍යනුකූලභාවය පරීක්ෂා කිරීමෙන් රට වැසියකුගේ නිදහස ආරක්ෂා කිරීම ;
+
( 1 ) අපරාධ සම්බන්ධයෙන් හෝ අපරාධ යයි සැලකෙන ක්‍රියා සම්බන්ධයෙන් සිරභාරයට ගැනීමක් හෝ බලෙන් රඳවා ගැනීමක් හෝ පිළිබඳ නීත්‍යනුකූලභාවය පරීක්ෂා කිරීමෙන් රට වැසියකුගේ නිදහස ආරක්ෂා කිරීම;
  
(2) සාක්ෂි දීම සඳහා සිරකරුවන් ගෙන්වීම;
 
(2) සාක්ෂි දීම සඳහා සිරකරුවන් ගෙන්වීම;
24 පේළිය: 25 පේළිය:
 
(3) පරීක්ෂා කිරීම සඳහා හෝ අපරාධ චෝදනා විභාග සඳහා සිරකරුවන් ගෙන්වීම;
 
(4) නඩු විභාගය සඳහා එක් සිරභාරයක සිට තවත් සිරභාරයකට සිරකරුවන් ගෙන යෑම
+
(4) නඩු විභාගය සඳහා එක් සිරභාරයක සිට තවත් සිරභාරයකට සිරකරුවන් ගෙන යෑම;
  
(5) යටත් අධිකරණයක සිවිල් නියෝගයක් යටතේ සිරභාරයේ සිටින විත්තිකරුවකු ගෙන ඒම සහ ඔහු සිරභාරයට ගත් නීති කෘත්‍යය ශ්‍රෙෂ්ඨාධිකරණයට ගෙන ඒම.  
 
32 පේළිය: 33 පේළිය:
 
ඉහත සඳහන් වූයේ ග්‍රෂ්ඨාධිකරණය විසින් යටත් අධිකරණයන්ට නිකුත් කළ හැකි ආඥාපත්‍ර පිළිබඳවය. ඒ අතර ම දිස්ත්‍රික් උසාවිය හෝ රික්වැස්ට් උසාවිය විසින් රජයේ නිලධරයන්ට නිකුත් කළ හැකි ආඥාපත්‍ර කිහිපයක් ද වේ.
 
තීන්දු ප්‍රකාශයක් මුදල් ගෙවීමක් සඳහා වූ කල්හි ද ඒ මුදල ගෙවනු නොලැබූ කල්හි ද විනිශ්චිත ණය හිමියා විසින් විනිශ්චිත ණයකරුගේ විකිණිය 17-8 7605 (63/2) හැකි චංචල හෝ නිශ්චල දේපළක් තහනම් කොට විකිණීම සඳහා, යථා පරිදි කරනු ලැබූ ඉල්ලීමක් අනුව, සිවිල් නඩු විධාන සංග්‍රහයේ 225 වැනි වගන්තියේ 3 වැනි උපවගන්තියේ ප්‍රකාර දිස්ත්‍රික් උසාවිය විසින් පිස්කල් වෙත නියමිත ආකෘතියක් අනුව නිකුත් කරනු ලබන ආඥාවට ක්‍රියාවේ යෙදී මේ ආඥාව යයි කියනු ලැබේ.
+
තීන්දු ප්‍රකාශයක් මුදල් ගෙවීමක් සඳහා වූ කල්හි ද ඒ මුදල ගෙවනු නොලැබූ කල්හි ද විනිශ්චිත ණය හිමියා විසින් විනිශ්චිත ණයකරුගේ විකිණිය 17-8 7605 (63/2) හැකි චංචල හෝ නිශ්චල දේපළක් තහනම් කොට විකිණීම සඳහා, යථා පරිදි කරනු ලැබූ ඉල්ලීමක් අනුව, සිවිල් නඩු විධාන සංග්‍රහයේ 225 වැනි වගන්තියේ 3 වැනි උපවගන්තියේ ප්‍රකාර දිස්ත්‍රික් උසාවිය විසින් පිස්කල් වෙත නියමිත ආකෘතියක් අනුව නිකුත් කරනු ලබන ආඥාවට ක්‍රියාවේ යෙදීමේ ආඥාව යයි කියනු ලැබේ.
  
තීන්දු ප්‍රකාශය නිශ්චල දේපළක හෝ ඉන් කොටසක ස්වාමිත්වය ලබා ගැනීමට නම්, නැතහොත් එහි ස්වාමිත්වය දෙන ලෙස විනිශ්චිත ණයකරුට තීන්දු ප්‍රකාශයෙන් නියම කරනු ලබන්නේ නම්, යථා පරිදි ඒ සඳහා කරනු ලැබූ ඉල්ලීමක් අනුව, සිවිල් නඩු විධාන සංග්‍රහයෙහි 323 වැනි වගන්තිය ප්‍රකාර, දිස්ත්‍රික් උසාවිය විසින් පිස්කල් වෙත නියමිත ආකෘතියක් අනුව නිකුත් කරනු ලබන ආඥාව නිශ්චල දේපළවල ස්වාමිත්වය භාරදීමේ ආඥාව නමින් දන්නා ලැබේ. ඉහත සඳහන් ආඥා මේ ආකාරයට ම රික්වැට් උසාවිය විසිනුදු නිකුත් කරනු ලැබිය හැකිය.
 
18:04, 9 ජූලි 2024 වන විට නවතම සංශෝධනය

(Writs). සිවිල් හෝ වේවා ආගමික හෝ වේවා හැම අධිකරණ බලයක් ම කිරීටයෙන් ලැබී ඇති අතර, යුක්තිය පසිඳලීම විවිධ අධිකරණයන්ට භාරව ඇත්තේය. රටෙහි අණපනත් අනුව, එක් එක් නියමිත අධිකරණ බලය ඇතුළත ඒ අධිකරණ ක්‍රියා කෙරේ දැයි සොයා බැලීම කිරීටයේ යුතුකමය. මේ සඳහා ආඥාවන් පැනවීම කිරීටයට අවශ්‍ය විය. ඉංග්‍රීසි නීතිය අනුව, යම් ක්‍රියාවක් කිරීමට හෝ යම් ක්‍රියාවකින් වැළකී සිටීමට හෝ අණ කරමින් රජතුමාගේ නාමයෙන් හා කිරීටයේ හෝ අධිකරණයේ හෝ කිරීටයේ නිලධරයකුගේ මුද්‍රාව යටතේ යමකුට නිකුත් කෙරෙන නිවේදනයට ආඥාපත්‍රය යයි කියනු ලැබේ. 1815 මාර්තු 2 වෙනි දින ලංකාව ඉංග්‍රීසින් අතට පත් වූ පසු ඔවුන්ගේ නීතිවලින් සමහරක් ආඥාපනත් මගින් ලංකාවේ වලංගු නීතිය මෙන් භාවිත විය. ඒ අනුව 1889 අංක 1 දරන අධිකරණ හා එහි බලතල පිළිබඳ ආඥාපනතෙහි 42 වැනි වගන්තිය යටතේ, දිස්ත්‍රික් උසාවියේ විනිශ්චයකරුවකුට හෝ රික්වැස්ට් උසාවියේ විනිශ්චයකරුවකුට හෝ සුළු අපරාධ විනිශ්චයකරුවකුට හෝ අන් තැනැත්තකුට නැතහොත් විනිශ්චය මණ්ඩලයකට හෝ විරුද්ධව, (යමකුගේ ඉල්ලීම පිට) ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් හෝ එහි විනිශ්චයකරුවකු විසින් මන්ඩාමුස් ආඥා, සර්ටියෝරාරි ආඥා, ප්‍රොසිඩෙන්ඩෝ ආඥා හා තහනම් ආඥා ප්‍රදානය කරනු ලැබිය හැකිය. එසේ ම උසාවියේ ඕනෑකම පිට ද එබඳු ආඥා නිකුත් කරනු ලැබිය හැකිය.

මන්ඩාමුස් ආඥාවෙන් එක්තරා නියමිත යුතු කමක් ඉටු කිරීමට අණ කරනු ලැබේ. එය ඉටු කරවා ගැනීමට අන්කිසි මාර්ගයක් නොමැති විට ද ඇතැම් විට සාමාන්‍ය නීතිය අනුව එය ඉටු කර ගත හැකි මාර්ගය කරදර සහිත වූවක් හා අසම්පූර්ණ වූවක් වූ විටද මන්ඩාමුස් ආඥාපත්‍රය ලබාගත හැකිය. සාමාන්‍ය නීතිය අනුව එම කාර්යය ඉටු කර ගතහැකි නම් අධිකරණය විසින් මේ විශේෂ බලතල පාවිච්චි කරනු නොලැබේ. විශේෂයෙන් ම අනිසි ලෙස ඉවත් කරනු ලැබූ නිලධරයන් නැවත පත් කිරීම සඳහා ද තම අධිකරණ බල සීමා ඇතුළත වූ යම් යම් කරුණු පිළිබඳව ක්‍රියා කිරීම සඳහා ද රජයේ නිලධරයන් ලවා ඔවුන් වෙත නීතිය මගින් හෝ අන් ලෙසකින් පැවරුණු යුතුකම් ඉටු කරවා ගැනීමට ඔවුන්ට බල කිරීම සඳහා ද මේ ආඥාව යෙදවිය හැකිය. මෙය වුවමනාවට වඩා කලින් හෝ ප්‍රමාද වී හෝ නොව යථාකාලයෙහි ඉල්ලා සිටිය යුතුය.

ශ්‍රෙෂ්ඨාධිකරණයට යටත් අධිකරණයක හෝ නිලධරයකුගේ නීතිකෘත්‍ය හෙවත් නඩුවිභාග වාර්තා ගෙන්වා ඒවා නීත්‍යනුකූල ද නැද්දැයි පරීක්ෂා කිරීමට ද එම අධිකරණයට හෝ නිලධරයාට වඩා ශීඝ්‍ර ලෙසත්, හොඳිනුත්, සම්පූර්ණ ලෙසත් යුක්තිය ඉෂ්ට කරන බවට වගබලාගන්නා අටියෙන් ක්‍රියා කිරීමට ද සර්ටියෝරාරි ආඥාව මගින් ශ්‍රෙෂ්ඨාධිකරණයට බලය ඇත්තේය. පහළ උසාවියක නීත්‍යනුකූල නොවන තීරණ නිෂ්ප්‍රභ කොට ජයග්‍රාහක පක්ෂයට ගාස්තු අය කර ගැනීමට ද ඉන් නියම කළ හැකිය.

අන්කිසි අධිකරණයක් විසින් තීන්දුව දීම ප්‍රමාද කරනු ලැබූ නඩුවක තීන්දුව වහාම දෙන ලෙස ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් අණ කෙරෙන හෝ අන්කිසි අධිකරණයකින් ප්‍රමාණවත් හේතු නොමැතිව සර්ටියෝරාරි ආඥාව වැනි ආඥාවකින් ශ්‍රෙෂ්ඨාධිකරණය වෙත එවනු ලැබූ නඩුවක් ඒ අධිකරණයට ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් නැවත යැවෙන හෝ ආඥාවකට ප්‍රොසිඩෙන්ඩෝ ආඥාව යයි කියනු ලැබේ.

ආරම්භ කරනු ලැබූ නීති කෘත්‍ය තාවකාලිකව හෝ අවසාන වශයෙන් නතර කරන ලෙස අන්කිසි අධිකරණයකට හෝ පාර්ශ්වකරුවන්ට නැතහොත් දෙපක්ෂයට ම ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් අණ කෙරෙන ආඥාව තහනම් ආඥාව වන්නේය. මෙහි පරමාර්ථය එය යවනු ලැබූ අධිකරණය තම නිසි අධිකරණ බලය ඇතුළත ක්‍රියා කරවීම හෝ යම් අධිකරණයක් විසින් එයට අහිමි බලයක් ආරූඪ කර ගැනීම වැළැක්වීම හෝ වේ. තහනම් ආඥාව ඉල්ලා සිටීමට හැකි වන්නේ යම් අධිකරණයක් අධිකරණ බලය නොමැතිව හෝ එම බලය ඉක්මවා හෝ ක්‍රියා කළ විටකය. අන්කිසි අධිකරණයක නීති කෘත්‍යවල දී සිදු විය හැකි අක්‍රමිකතා සම්බන්ධයෙන් හෝ යම් ප්‍රශ්නයක් විසඳීමේ දී විනිශ්චයකරු නීතිය පිළිබඳව වැරදි නිගමනයකට බැස ගැනීමෙන් දෙන ලද නඩු තීන්දුවක් සම්බන්ධයෙන් හෝ මේ ආඥාවෙන් ප්‍රයෝජන ගත නොහැකිය. නඩු තීන්දුව දීමෙන් පසු ද තහනම් ආඥාවක් නිකුත් කළ හැකිය. නඩු තීන්දුව ක්‍රියාත්මක වීමෙන් පසු මෙයින් ඵලක් නුවුව ද, තහනමට ගන්නා ලද බඩු නොවිකුණා ඇති අවස්ථාවක දී ඒ පිළිබඳව නීති කෘත්‍ය තවදුරටත් කරගෙන යෑම නතර කිරීම පිණිස මේ ආඥාව ප්‍රයෝජනවත් වේ. යටත් අධිකරණයක් ඉදිරියට පැමිණි යම් නඩු නිමිත්තක් හෝ කරුණක් පිළිබඳව ක්‍රියා කිරීමට ඒ අධිකරණයට බලය නොමැති විට හෝ විසඳීමට බලය ඇති කරුණක් විභාග වෙමින් පවතින අතර, විසඳීමට එයට අධිකරණ බලය නොමැති යම් ප්‍රශ්නයක් පැන නැඟි විට තහනම් ආඥාවේ පිහිට සෙවිය හැකිය. යම් නඩු නිමිත්තක් හා එය සම්බන්ධයෙන් පැන නැඟෙන සියලු කරුණු විසඳීමට යටත් අධිකරණයට අධිකරණ බලය ඇති විටක, යම් කරුණක් පිළිබඳව එහි තීරණය වැරදි වුව ද ඒ පිළිබඳව එම අධිකරණයට විරුද්ධව තහනම් ආඥාවක් ඉල්ලා සිටිය නොහැකිය.

තහනම් ආඥාව වනාහි තම අයිතිවාසිකමක් ලෙස ඉල්ලිය හැකි වූ ද දණ්ඩන නියමයට පෙර හෝ පසු ලබාගත හැකි වූ ද සහනයකි. නීතිය අනුව යමකුට දෙයාකාරයක සහන ලබාගත හැකි අවස්ථාවක දී ඉන් එකක් අත්හැර වඩා ඉක්මනටත් වඩා සහතික ලෙසත් ලබාගත හැකි සහනය ලබා ගැනීම වරදක් නොවේ. එහෙයින් ආයාචනයක් ලබා ගත හැකි හෙවත් ඇපැල් ගත හැකි අවස්ථාවක දී වුව ද තහනම් ආඥාවක් ඉල්ලා සිටීමට බලය ඇත්තේය.

(අ) නීතිය අනුව ක්‍රියා කිරීම සඳහා යම් තැනැත්තකු, එසේ නැතහොත්

(ආ) රජයේ හෝ පෞද්ගලික සිරභාරයෙහි නීති විරෝධී ලෙස හෝ අනිසි ලෙස තබා ඇති තැනැත්තකු

ඒ අධිකරණය හෝ විනිශ්චයකරු ඉදිරිපිටට ගෙන ඒම සඳහා ද, එසේ ගෙන එනු ලැබූ තැනැත්තකු නිදහස් කිරීම, සිරභාරයේ තැබීම හෝ ඒ තැනැත්තා සම්බන්ධයෙන් නීතිය අනුව ක්‍රියා කිරීම සඳහා අධිකරණ හා එහි බලතල පිළිබඳ ආඥා පනතෙහි 45 වැනි වගන්තිය යටතේ හේබියස් කෝපුස් ආඥාවක් ප්‍රදානය කිරීමට හා එබඳු ආඥා පත්‍රයක් නිකුත් කිරීමට ශ්‍රෙෂ්ඨාධිකරණයට හෝ එහි විනිශ්චයකරුවකුට හෝ බලය ඇත්තේය. එසේ ම ළඟ ම ඇති දිස්ත්‍රික් උසාවියට හෝ රික්වැස්ට් උසාවියට හෝ සුළු අපරාධ අධිකරණයට හෝ ඒ තැනැත්තා ගෙන ඒමට ද ඔහු සිරභාරයට ගැනීමට හෝ රඳවා ගැනීමට හේතුව පිළිබදව යථෝක්ත අධිකරණයක විනිශ්චයකරුවකු මගින් විභාගයක් පවත්වා එම විභාග වාර්තාව ශ්‍රෙෂ්ඨාධිකරණයට යැවීමට ද අධිකරණයට හෝ විනිශ්චයකරුට සුදුසු යයි හැගෙන අතුරු කාල පරිච්ඡේදයක් තුළ ඒ තැනැත්තා සිරභාරයේ තැබීම සඳහා විධි විධාන සැලසිමට ද නියම කිරීමේ බලය ශ්‍රෙෂ්ඨාධිකරණයට හෝ එහි විනිශ්චයකරුවකුට ඇත්තේය. තවද ඒ අධිකරණයේ වාර්තාව අනුව ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් හෝ එහි විනිශ්චයකරුවකු විසින් ඒ තැනැත්තා නිදහස් කිරීම, සිරභාරයට ගැනීම, රඳවා ගැනීම හෝ ඔහු සම්බන්ධයෙන් අන් ලෙසකින් නීතිය අනුව ක්‍රියා කිරීම සඳහා ආඥාවක් නිකුත් කළ යුතුවා පමණක් නොව දිස්ත්‍රික් උසාවිය, රික්වැස්ට් උසාවිය හෝ සුළු අපරාධ අධිකරණය ඒ ආඥාව වහා ම ක්‍රියාවේ යෙදවිය යුතු ද වේ.

හේබියස් කෝපුස් ආඥාව පහත දැක්වෙන අවස්ථා වන්හි ක්‍රියාවේ යෙදිය හැකිය:

( 1 ) අපරාධ සම්බන්ධයෙන් හෝ අපරාධ යයි සැලකෙන ක්‍රියා සම්බන්ධයෙන් සිරභාරයට ගැනීමක් හෝ බලෙන් රඳවා ගැනීමක් හෝ පිළිබඳ නීත්‍යනුකූලභාවය පරීක්ෂා කිරීමෙන් රට වැසියකුගේ නිදහස ආරක්ෂා කිරීම;

(2) සාක්ෂි දීම සඳහා සිරකරුවන් ගෙන්වීම;

(3) පරීක්ෂා කිරීම සඳහා හෝ අපරාධ චෝදනා විභාග සඳහා සිරකරුවන් ගෙන්වීම;

(4) නඩු විභාගය සඳහා එක් සිරභාරයක සිට තවත් සිරභාරයකට සිරකරුවන් ගෙන යෑම;

(5) යටත් අධිකරණයක සිවිල් නියෝගයක් යටතේ සිරභාරයේ සිටින විත්තිකරුවකු ගෙන ඒම සහ ඔහු සිරභාරයට ගත් නීති කෘත්‍යය ශ්‍රෙෂ්ඨාධිකරණයට ගෙන ඒම.

දරුවන් සම්බන්ධ කරුණක දී, දරුවා අධිකරණයට ගෙන එන තුරු අධිකරණය විසින් ආඥාවක් නිකුත් කරනු නොලැබේ. දරුවා තමා කවරකු සමඟ විසිය යුතු දැයි යන්න තෝරා ගත හැකි තරම් වයසින් හා නුවණින් වැඩුණෙකැයි අධිකරණය සෑහීමට පත් වුවහොත්, එම තෝරා ගැනීම දරුවාට ම පවරා දෙනු ලැබිය හැකිය. දරුවා නිසි වයසට පත් නොවූවකු වුව ද, ඉල්ලුම්කරුට දරුවා නඩත්තු කිරීමට ශක්තියක් නැතැයි ද දරුවා ඒ තැනැත්තා සමඟ යෑමට අකමැති යයි ද අධිකරණයට හැඟී ගියොත් කිසිම ආඥාවක් නිකුත් කරනු නොලැබේ. ඉල්ලුම්කාරිය මව වුව ද දරුවා යහපත් තැනැත්තකුගේ රැකවල යටතේ සිටී නම්, දරුවා බැලීමට පමණක් අවසරය මවට දෙනු ලැබේ. නැදෑයකුගේ ආගම කුමක් වුව ද, අමාරු අවස්ථාවක ගැහැනු දරුවකු සිය කැමැත්තෙන් යම් තැනැත්තකුට දෙනු ලැබ, ඒ තැනැත්තා නියම ආදරයෙන් සැපවත් ලෙස ඒ ගැහැනු දරුවා නඩත්තු කරතහොත් හා එසේ ම දිගට ම නඩත්තු කිරීමට කැමති වතහොත්, දීර්ඝ කාලයක් ඉකුත්වීමෙන් පසු, ඒ නෑදෑයා දරුවා ඉල්ලා සිටින අවස්ථාවක, එසේ නැවත ඒ දරුවා හොඳ ස්ථානයකින් ගෙන කරදර සහිත අයහපත් ස්ථානයකට දීම සඳහා අධිකරණය විසින් හේබියස් කෝපුස් ආඥාව වැරදි ලෙස පාවිච්චි කරනු නොලැබේ. මව සහ පියා වෙන්ව සිටින අවස්ථාවක දී දරුවකුගේ භාරය සම්බන්ධයෙන් අධිකරණය සිය අභිමතය දරුවාගේ දියුණුව සැලසෙන පරිදි පාවිච්චි කරනු ඇත.

ඉහත සඳහන් වූයේ ග්‍රෂ්ඨාධිකරණය විසින් යටත් අධිකරණයන්ට නිකුත් කළ හැකි ආඥාපත්‍ර පිළිබඳවය. ඒ අතර ම දිස්ත්‍රික් උසාවිය හෝ රික්වැස්ට් උසාවිය විසින් රජයේ නිලධරයන්ට නිකුත් කළ හැකි ආඥාපත්‍ර කිහිපයක් ද වේ.

තීන්දු ප්‍රකාශයක් මුදල් ගෙවීමක් සඳහා වූ කල්හි ද ඒ මුදල ගෙවනු නොලැබූ කල්හි ද විනිශ්චිත ණය හිමියා විසින් විනිශ්චිත ණයකරුගේ විකිණිය 17-8 7605 (63/2) හැකි චංචල හෝ නිශ්චල දේපළක් තහනම් කොට විකිණීම සඳහා, යථා පරිදි කරනු ලැබූ ඉල්ලීමක් අනුව, සිවිල් නඩු විධාන සංග්‍රහයේ 225 වැනි වගන්තියේ 3 වැනි උපවගන්තියේ ප්‍රකාර දිස්ත්‍රික් උසාවිය විසින් පිස්කල් වෙත නියමිත ආකෘතියක් අනුව නිකුත් කරනු ලබන ආඥාවට ක්‍රියාවේ යෙදීමේ ආඥාව යයි කියනු ලැබේ.

තීන්දු ප්‍රකාශය නිශ්චල දේපළක හෝ ඉන් කොටසක ස්වාමිත්වය ලබා ගැනීමට නම්, නැතහොත් එහි ස්වාමිත්වය දෙන ලෙස විනිශ්චිත ණයකරුට තීන්දු ප්‍රකාශයෙන් නියම කරනු ලබන්නේ නම්, යථා පරිදි ඒ සඳහා කරනු ලැබූ ඉල්ලීමක් අනුව, සිවිල් නඩු විධාන සංග්‍රහයෙහි 323 වැනි වගන්තිය ප්‍රකාර, දිස්ත්‍රික් උසාවිය විසින් පිස්කල් වෙත නියමිත ආකෘතියක් අනුව නිකුත් කරනු ලබන ආඥාව නිශ්චල දේපළවල ස්වාමිත්වය භාරදීමේ ආඥාව නමින් දන්නා ලැබේ. ඉහත සඳහන් ආඥා මේ ආකාරයට ම රික්වැට් උසාවිය විසිනුදු නිකුත් කරනු ලැබිය හැකිය.

ස්වාමිත්වය ආපසු ලබාගැනීමේ ආඥාව ද සාමාන්‍ය ආඥාව ද ඉංග්‍රීසි නීතියට ම විශේෂ වූ ආඥාවන් ලෙස සැලකිය යුතුය. දේවස්ථානයක ආදායම හෝ දේවස්ථානය හෝ සඳහා දේවගැති කෙනෙකුන් විසින් කරනු ලබන ඉල්ලීමක් අනුව තවත් දේවගැති කෙනෙකුන්ට විරුද්ධව ආගමික අධිකරණයක් විසින් නිකුත් කෙරෙන ආඥාවකට ස්වාමිත්වය ආපසු ලබාගැනීමේ ආඥාව යයි කියනු ලැබේ. සාමාන්‍ය ආඥාව ද එංගලන්තයේ මහාධිකරණයෙන් නිකුත් කෙරෙන ආඥාවකි.

උඩරැටියන්, මුස්ලිම් ජාතිකයන් හා තේසවලමේ නීතියට යටත් තැනැත්තන් පිළිබඳව ආඥාවක් නිකුත් කිරීමෙහි දී එම තැනැත්තන්ට අදාළ විශේෂ නීති ගැන අධිකරණය සැලකිලිමත් විය හැකිය.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආඥාපත්‍ර&oldid=5782" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි