අවගාහනය

සිංහල විශ්වකෝෂය වෙතින්
09:03, 25 ජූලි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

බෙහෙත් වර්ග තම්බා ගන්නා ලද ජලයෙන් හෝ උණු පැනින් නැහැවීම ද උණු පැනින් හෝ බෙහෙත් ජලයෙන් ශරීරය තෙත මාත්තු කිරීම ද අවගාහනය යයි කියනු ලැබේ. ක්ෂතයන් හෙවත් තුවාළ බෙහෙත් ජලයෙන් සේදීම ද අවගාහනයකි. බෙහෙත් වතුරෙහි ගිල්වා හිඳුවීම ද අවගාහනයකි.

අවගාහනයෙන් ක්ෂතයන්හි ලේ විෂවීම් වළක්වයි. ක්ෂත ස්ථානය පිරිසිදු වෙයි. තුවාළය ලියලීමට හෙවත් ගොඩවීමට උපකාරී වේ. ඡවිගත වූ විෂ රෝගයන්හි අවගාහනය යොදනු ලැබේ. ශෝථ හෙවත් ඉදිමීම් රෝගයන්හි දී අවගාහනය කිරීමෙන් ශෝථය අඩු වේ. ජංගම විෂ ශරීරගත වීමෙන් විෂ මූර්ජාව ඇති වූ කල්හි බෙහෙත් යුෂ ඔරුවෙහි හිඳුවීම ද අවගාහන ක්‍රමයට අයත් වේ. අවගාහනය. බෙහෙත් වර්ග තම්බා ගන්නා ලද ජලයෙන් හෝ උණු පැනින් නැහැවීම ද උණු පැනින් හෝ බෙහෙත් ජලයෙන් ශරීරය තෙත මාත්තු කිරීම ද අවගාහනය යයි කියනු ලැබේ. ක්ෂතයන් හෙවත් තුවාළ බෙහෙත් ජලයෙන් සේදීම ද අවගාහනයකි. බෙහෙත් වතුරෙහි ගිල්වා හිඳුවීම ද අවගාහනයකි.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අවගාහනය&oldid=6089" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි