උර්ටිකාසේ

සිංහල විශ්වකෝෂය වෙතින්
10:52, 17 මාර්තු 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න
5-19-2.jpg
5-19-1.jpg
(කහඹිලියා කුලය - Urticaceae). මේ ද්විබීජපත්‍රී ශාක කුලය ආකික්ලැම්ඩියෙ උපවර්ගයෙහි උර්ටිකාසේ ගෝත්‍රයට අයත් වේ. නිවර්තන ප්‍රදේශවලත් උණුසුම් සෞම්‍ය දේශගුණය ඇති ප්‍රදේශවලත් මේ කුලය බහුල වශයෙන් දක්නට ලැබේ. ඊට අයත් ශාක ප්‍රධාන වශයෙන් පැළෑටිය. එම පැළෑටිවල කොළ හා කඳන් බොහෝ විට විෂ බූවකින් යුක්තය. බොහෝ අපිවර්මීය සෛලවල පැහැදිලිව පෙනෙන කෝෂ්ඨාශ්ම (cystoliths) ඇත. බොහෝ විට කඳන් කෙඳි සහිතය. මෙම ශාකවල මල් ඉතා කුඩාය. සාමාන්‍යයෙන් ඒක ලිංගිකය. පිලෙයා (Pilea) විශේෂවල රේනු තදින් පුපුරයි. ඵලය වියළි චර්මලයකි (achene); නැතහොත් මාංසල අෂ්ටිලයකි (drupe).

ට්රැගියා, උර්ටිකා, ලැපෝටියා, බෝමේරියා (Boehmeria) හා ගිරාර්ඩිනියා මේ කුලයේ බහුල ගණයෝ වෙති. ට්රැගියා ඉන්වොලියුක්‍රාටා (වැල් කහඹිලියා) හා ලැපෝටියා ක්රේනියුලාටා (මාඋස්සා) ලංකාවේ තිබෙන්නා වූ කවුරුත් පාහේ දන්නා විෂ බූවක් සහිත පැළෑටිය. මාඋස්සා පැළෑටියේ විෂ බූව මනුෂ්‍ය ශරීරයෙහි ගෑවුණ විට එයින් ඇතිවන වේදනාව හා පීඩාව දවස් ගණනක් පවතී.

ඌර්ටිකා, ලපෝටියා, මඌෂියා (Maoutia), බෝමේරියා ආදි විශේෂවලින් කෙඳි වර්ග ලබාගත හැකිය. බෝමේරියා නිවෙයා හා බෝමේරියා විරිඩීස් නමැති ශාකවලින් ලැබෙන කෙඳි ඉතා ශක්තිමත් ද ප්‍රයෝජනවත් ද වේ.

වැල්කහඹිලියා (බ.) ආයුර්වේද ඖෂධයක් ලෙස බෙහෙවින් පාවිච්චි කරනු ලැබේ.

(සංස්කරණය: 1974)

5-19-3.jpg
"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උර්ටිකාසේ&oldid=10685" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි