ඌරුගම
සිංහල විශ්වකෝෂය වෙතින්
08:54, 6 අප්‍රේල් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(සූකරගාම). ගජබා II රජුගේ බලකොටු පිහිටි ස්ථාන අතු...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
(සූකරගාම). ගජබා II රජුගේ බලකොටු පිහිටි ස්ථාන අතුරෙන් එකකැයි චූළවංසයෙහි සඳහන් වෙයි. ගජබාහු II සහ මහපැරකුම්බා රජුන් අතර සිදු වූ යුද්ධයක දී, මහපැරකුම්බාවන්ගේ දේව නමැති සෙන්පතියා විසින් අල්ලාගනු ලැබූ බලකොටු අතර මන්යාගාම, මිතගාම, සූකරගාම හා තෙරිගම ද වේ. මෙහි සඳහන් ඌරුගම (සූකරගාම) පිහිටා තිබුණේ අනුරාධපුරයට සැතපුම් කිහිපයක් නුදුරින් බව සී.ඩබ්ලියු. නිකලස් මහතා පෙන්වා දී ඇත.
(සංස්කරණය: 1974)