"උකුස්සා" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('රාජාලියාට නෑකම් ඇති තරමක් ලොකු මාංසභක්ෂක පක්...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(නොපෙන්වන එම පරිශීලකයා මගින් අතරමැදි සංස්කරණ 7ක්)
1 පේළිය: 1 පේළිය:
රාජාලියාට නෑකම් ඇති තරමක් ලොකු මාංසභක්ෂක පක්ෂියෙකි. සතුන් ලුහුබැඳ ගොස් අල්ලා ගැනීම පිණිස උගේ ශරීරය අනුවර්තනය වී තිබේ. වකුටු වූ ශක්තිමත් හොට, තීක්ෂ්ණ දෘෂ්ටිය, වේගයෙන් පියාසර කිරීමට උපකාරී වන ලොකු පියාපත්, තියුණු නියවලින් යුත් පා ඇඟිලි සහිත ශක්තිමත් පාද යනාදිය තිබීම උකුස්සාගේ ප්‍රධාන ලක්ෂණ වේ. උකුස්සාගේ වර්ණය වඩා දීප්තිමත් නොවේ. මතු වී පෙනෙන්නේ අළුපාට, දුඹුරුපාට, කළුපාට හා සුදු පාටය. පිහාටුවලින් වැසී තිබෙන ප්‍රදේශ වැඩි වශයෙන් සුදු පාටය. උකුස්සා සාමාන්‍යයෙන් තම ගොදුරු සතා මරා ගන්නේ තම ශක්තිමත් පාදවලින් ඌ තදින් අල්ලාගෙන තම තියුණු නිය ඌ තුළට කාවැද්ද වීමෙනි.
+
[[ගොනුව:4-366-2.jpg|200px|left]][[ගොනුව:4-366-1.jpg|200px|right]]රාජාලියාට නෑකම් ඇති තරමක් ලොකු මාංසභක්ෂක පක්ෂියෙකි. සතුන් ලුහුබැඳ ගොස් අල්ලා ගැනීම පිණිස උගේ ශරීරය අනුවර්තනය වී තිබේ. වකුටු වූ ශක්තිමත් හොට, තීක්ෂ්ණ දෘෂ්ටිය, වේගයෙන් පියාසර කිරීමට උපකාරී වන ලොකු පියාපත්, තියුණු නියවලින් යුත් පා ඇඟිලි සහිත ශක්තිමත් පාද යනාදිය තිබීම උකුස්සාගේ ප්‍රධාන ලක්ෂණ වේ. උකුස්සාගේ වර්ණය වඩා දීප්තිමත් නොවේ. මතු වී පෙනෙන්නේ අළුපාට, දුඹුරුපාට, කළුපාට හා සුදු පාටය. පිහාටුවලින් වැසී තිබෙන ප්‍රදේශ වැඩි වශයෙන් සුදු පාටය. උකුස්සා සාමාන්‍යයෙන් තම ගොදුරු සතා මරා ගන්නේ තම ශක්තිමත් පාදවලින් ඌ තදින් අල්ලාගෙන තම තියුණු නිය ඌ තුළට කාවැද්ද වීමෙනි.
  
හලියස්ටුර් ඉන්ඩුස් ඉන්ඩුස් (Haliastur indus indus Boddaert) නමින් හැඳින්වෙන උකුස්සා ඉතා ප්‍රකටය. ලංකාවේ වියළි ප්‍රදේශවල ඌ ඉතා බහුලය. තෙත් ප්‍රදේශයේ එපමණ බහුල නැත. ඊශාන මෝසම් සුළං කාලයේ දී මේ උකුස්සන් කලපුවල, ගංගා මෝයවල හා වරාය අසල බෙහෙවින් දැක්ක හැකිය. මේ උකුස්සා මිරිදිය කරදිය දෙක ම ප්‍රිය කරයි. වියළි කලාපයේ ඕනෑ ම වැවක ඌ දක්නට ලැබේ. උගේ හිස, බෙල්ල හා පපුව සුදුපාටය. පියාපත්වල අග කළුපාටය. ශරීරයේ ඉතිරි කොටස් දුඹුරුපාටය. ඌ පහසුවෙන් හා දර්ශනීයාකාරයෙන් පියාසර කරයි. අහසේ පියාසර කරන අතර ම ඌ බිම ගොදුරක් තිබේ දැයි සියුම් ලෙස පරීක්ෂා කර බලයි. ගොදුරක් දුටු විට වහාම වේගයෙන් බිමට පහත් වී නියවලින් එය අල්ලා ඩැහැගෙන යයි. කුඩා මසුන්, කටුස්සන්, කුඩා කුරුල්ලන් හා කුකුළු පැටවුන් යනාදීන් ඌ ගොදුරු කර ගනී. කෝටු හා රිකිලි යොදා ඔව්හු ගස් මුදුන්වල කූඩු සාදති. සාමාන්‍යයෙන් බිජුලන කාලය අප්‍රේල් සිට ඔක්තෝබර් දක්වා කාලයයි. කිරිල්ලක් රතු පුල්ලි සහිත සුදු බිත්තර 2ක් හෝ 3ක් වරකට දමයි.
 
මිල්වුස් මිග්රාන්ස් ගෝවින්ද (Milvus migrans govinda Sykes) නමින් තවත් උකුස්සෙක් වේ. ඉන්දියාවේ නගරවල මේ උකුස්සා බහුල වුවත් ලංකාවේ ඌ දක්නට ලැබෙන්නේ උතුරු පළාතේ පමණි. නිරිත මෝසම් කාලයේ දී මේ ප්‍රදේශයේවත් ඌ දක්නට නොලැබේ. මේ කාලයේ දී උන් දකුණු ඉන්දියාවට පර්යටනය කරතියි සිතිය හැකිය. තද දුඹුරුපාට වූ මේ උකුස්සා හලියස්ටුර් උකුස්සාට වඩා ලොකුය. ඌ වැඩි කාලයක් ගත කරන්නේ අහසේ වටේට කැරකෙමින් පියාසර කරමිනි.
 
[[ගොනුව:4-367.jpg|400px|left]]
 
නොවැම්බර් සිට අප්‍රේල් දක්වා කාලය තුළ දී කිහිප වර්ගයක උකුස්සෝ ආසියාවේ උතුරු ප්‍රදේශවලින් ලංකාවට පැමිණෙති. මේ කාලය අවසානයේ දී ප්‍රජනනය සඳහා ඔව්හු ආපසු උතුරු ආසියාවට පර්යටනය කරති. සිර්කුස් මක්රූරුස්  උකුස්සෝ ලංකාවට පැමිණි විට දිවයින පුරා ම විසිරී යති. ජීවිත තත්වයන් හිතකර වූ විට උඩරට හා පාතරට දෙක්හි ම ඔව්හු දක්නට ලැබෙති. සිර්කුස් පිගාර්ගුස් (Circus pygargus L.) උකුස්සා ද මේ කාලයේ දී ලංකාවට පැමිණේ. ඌ ද හලියස්ටුර් උකුස්සාට වඩා කුඩාය. එහෙත් වඩා ලක්ෂණය. ඌ වඩාත් දක්නට ලැබෙන්නේ පාතරට ප්‍රදේශයෙහිය. සිර්කුස් මෙලනොලෙවුකොස් (Circus melanoleucos Pennant) ද ලක්ෂණ උකුස්සෙකි. අනික් උකුස්සන්ට වඩා ඌ දුර්ලභය. සාමාන්‍යයෙන් දක්නට ලැබෙන්නේ මුහුදු වෙරළබඩ පළාත්වලය. අක්කිපිටෙර් බොඩියුස් බොඩියුස් (Accipiter bodius bodius Gmelin) ලංකාවේ බහුල ලෙස දක්නට ලැබෙන කුඩා උකුස්සෙකි. ඌට කොබෙයි උකුස්සා හා කුරුළුගොයා යන නම් ද භාවිත කරනු ලැබේ. කිරිල්ල ප්‍රමාණයෙන් පරෙවියකු තරම්ය. කුරුල්ලා මීට කුඩාය. ඌ කිරිල්ලට වඩා කළුපාටය. ලොකු කැළෑවල හැර දිවයිනේ සැම තැනම වාගේ ඌ දක්නට ලැබේ. තේ වතුවල බහුලය. ශීඝ්‍ර ලෙස පියාපත් ගසමින් ඌ වේගයෙන් පියාසර කරයි. ඊට පසුව පියාපත් නොසලා සෙමින් සෙමින් අහසේ පාවී යයි. කිරිල්ල බිජු දමන්නේ මාර්තු සිට මැයි දක්වා කාලය තුළ දීය.
 
09:12, 23 පෙබරවාරි 2026 වන විට නවතම සංශෝධනය

4-366-2.jpg
4-366-1.jpg
රාජාලියාට නෑකම් ඇති තරමක් ලොකු මාංසභක්ෂක පක්ෂියෙකි. සතුන් ලුහුබැඳ ගොස් අල්ලා ගැනීම පිණිස උගේ ශරීරය අනුවර්තනය වී තිබේ. වකුටු වූ ශක්තිමත් හොට, තීක්ෂ්ණ දෘෂ්ටිය, වේගයෙන් පියාසර කිරීමට උපකාරී වන ලොකු පියාපත්, තියුණු නියවලින් යුත් පා ඇඟිලි සහිත ශක්තිමත් පාද යනාදිය තිබීම උකුස්සාගේ ප්‍රධාන ලක්ෂණ වේ. උකුස්සාගේ වර්ණය වඩා දීප්තිමත් නොවේ. මතු වී පෙනෙන්නේ අළුපාට, දුඹුරුපාට, කළුපාට හා සුදු පාටය. පිහාටුවලින් වැසී තිබෙන ප්‍රදේශ වැඩි වශයෙන් සුදු පාටය. උකුස්සා සාමාන්‍යයෙන් තම ගොදුරු සතා මරා ගන්නේ තම ශක්තිමත් පාදවලින් ඌ තදින් අල්ලාගෙන තම තියුණු නිය ඌ තුළට කාවැද්ද වීමෙනි.

හලියස්ටුර් ඉන්ඩුස් ඉන්ඩුස් (Haliastur indus indus Boddaert) නමින් හැඳින්වෙන උකුස්සා ඉතා ප්‍රකටය. ලංකාවේ වියළි ප්‍රදේශවල ඌ ඉතා බහුලය. තෙත් ප්‍රදේශයේ එපමණ බහුල නැත. ඊශාන මෝසම් සුළං කාලයේ දී මේ උකුස්සන් කලපුවල, ගංගා මෝයවල හා වරාය අසල බෙහෙවින් දැක්ක හැකිය. මේ උකුස්සා මිරිදිය කරදිය දෙක ම ප්‍රිය කරයි. වියළි කලාපයේ ඕනෑ ම වැවක ඌ දක්නට ලැබේ. උගේ හිස, බෙල්ල හා පපුව සුදුපාටය. පියාපත්වල අග කළුපාටය. ශරීරයේ ඉතිරි කොටස් දුඹුරුපාටය. ඌ පහසුවෙන් හා දර්ශනීයාකාරයෙන් පියාසර කරයි. අහසේ පියාසර කරන අතර ම ඌ බිම ගොදුරක් තිබේ දැයි සියුම් ලෙස පරීක්ෂා කර බලයි. ගොදුරක් දුටු විට වහාම වේගයෙන් බිමට පහත් වී නියවලින් එය අල්ලා ඩැහැගෙන යයි. කුඩා මසුන්, කටුස්සන්, කුඩා කුරුල්ලන් හා කුකුළු පැටවුන් යනාදීන් ඌ ගොදුරු කර ගනී. කෝටු හා රිකිලි යොදා ඔව්හු ගස් මුදුන්වල කූඩු සාදති. සාමාන්‍යයෙන් බිජුලන කාලය අප්‍රේල් සිට ඔක්තෝබර් දක්වා කාලයයි. කිරිල්ලක් රතු පුල්ලි සහිත සුදු බිත්තර 2ක් හෝ 3ක් වරකට දමයි.

මිල්වුස් මිග්රාන්ස් ගෝවින්ද (Milvus migrans govinda Sykes) නමින් තවත් උකුස්සෙක් වේ. ඉන්දියාවේ නගරවල මේ උකුස්සා බහුල වුවත් ලංකාවේ ඌ දක්නට ලැබෙන්නේ උතුරු පළාතේ පමණි. නිරිත මෝසම් කාලයේ දී මේ ප්‍රදේශයේවත් ඌ දක්නට නොලැබේ. මේ කාලයේ දී උන් දකුණු ඉන්දියාවට පර්යටනය කරතියි සිතිය හැකිය. තද දුඹුරුපාට වූ මේ උකුස්සා හලියස්ටුර් උකුස්සාට වඩා ලොකුය. ඌ වැඩි කාලයක් ගත කරන්නේ අහසේ වටේට කැරකෙමින් පියාසර කරමිනි.

4-367.jpg

නොවැම්බර් සිට අප්‍රේල් දක්වා කාලය තුළ දී කිහිප වර්ගයක උකුස්සෝ ආසියාවේ උතුරු ප්‍රදේශවලින් ලංකාවට පැමිණෙති. මේ කාලය අවසානයේ දී ප්‍රජනනය සඳහා ඔව්හු ආපසු උතුරු ආසියාවට පර්යටනය කරති. සිර්කුස් මක්රූරුස් උකුස්සෝ ලංකාවට පැමිණි විට දිවයින පුරා ම විසිරී යති. ජීවිත තත්වයන් හිතකර වූ විට උඩරට හා පාතරට දෙක්හි ම ඔව්හු දක්නට ලැබෙති. සිර්කුස් පිගාර්ගුස් (Circus pygargus L.) උකුස්සා ද මේ කාලයේ දී ලංකාවට පැමිණේ. ඌ ද හලියස්ටුර් උකුස්සාට වඩා කුඩාය. එහෙත් වඩා ලක්ෂණය. ඌ වඩාත් දක්නට ලැබෙන්නේ පාතරට ප්‍රදේශයෙහිය. සිර්කුස් මෙලනොලෙවුකොස් (Circus melanoleucos Pennant) ද ලක්ෂණ උකුස්සෙකි. අනික් උකුස්සන්ට වඩා ඌ දුර්ලභය. සාමාන්‍යයෙන් දක්නට ලැබෙන්නේ මුහුදු වෙරළබඩ පළාත්වලය. අක්කිපිටෙර් බොඩියුස් බොඩියුස් (Accipiter bodius bodius Gmelin) ලංකාවේ බහුල ලෙස දක්නට ලැබෙන කුඩා උකුස්සෙකි. ඌට කොබෙයි උකුස්සා හා කුරුළුගොයා යන නම් ද භාවිත කරනු ලැබේ. කිරිල්ල ප්‍රමාණයෙන් පරෙවියකු තරම්ය. කුරුල්ලා මීට කුඩාය. ඌ කිරිල්ලට වඩා කළුපාටය. ලොකු කැළෑවල හැර දිවයිනේ සැම තැනම වාගේ ඌ දක්නට ලැබේ. තේ වතුවල බහුලය. ශීඝ්‍ර ලෙස පියාපත් ගසමින් ඌ වේගයෙන් පියාසර කරයි. ඊට පසුව පියාපත් නොසලා සෙමින් සෙමින් අහසේ පාවී යයි. කිරිල්ල බිජු දමන්නේ මාර්තු සිට මැයි දක්වා කාලය තුළ දීය.

ලෝකයේ සියලු මහාද්වීපවල උකුස්සෝ දක්නට ලැබෙත්. මිල්වුස් ඉක්ටුනුස් (Milvus ictunus) නම් උකුස්සා යුරෝපය, උතුරු අප්‍රිකාව හා සිරියාව යනාදි ප්‍රදේශවල බහුලය. ඉක්ටිනියා මිසිසිපියෙන්සිස් (Ictinia mississipiensis) ඇමෙරිකානු උකුස්සෙකි. අක්කිපිටෙර් වෙලොක්ස් (Accipiter velox) හා අක්කිපිටෙර් කූපෙරි (A. cooperi) යන දෙදෙනා ද ඇමෙරිකාවේ දක්නට ලැබෙත්. (Circus macrourus Gmelin) මුන්ගෙන් එකෙකි. හලියස්ටුර් උකුස්සාට වඩා මූ කුඩාය. මේ උකුස්සා ආවේස් (Aves) වර්ගයෙහි ෆල්කොනිෆෝර්මේස් (Falconiformes) ගෝත්‍රයෙහි අක්කිපිට්රිඩෙ (Accipitridae) කුලයට අයත්ය.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උකුස්සා&oldid=10415" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි