"උෂ්ණත්ව පාලකය" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
 
(නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්)
7 පේළිය: 7 පේළිය:
 
උෂ්ණත්ව පාලකයක් මගින් ඉන්ධන ගලායාම පාලනය කරන අවස්ථාවන්හි දී දාහකයක් සම්පූර්ණයෙන් ම නිවී යාම වැළැක්වීම සඳහා විපථ මාර්ගයෙන් අල්ප ඉන්ධන ධාරාවක් නිරතුරුව ම තාපකයට ඇතුළුවීමට ඉඩ සලසනු ලැබේ. විද්‍යුත් පරිපථයක් පාලනය කිරීමට උෂ්ණත්ව පාලක යොදන විට පරිපථය ඇරීමෙහි දී හා වැසීමෙහි දී නිකුත් වන ස්ඵලිංගනය වළකාලීම සඳහා ඉතා දුර්වල සරල ධාරාවකින් ක්‍රියාකරන ප්‍රතියෝජකයක් (relay) පරිපථයට යෙදීම අත්‍යවශ්‍යය. මේ සඳහා විද්‍යුත්චුම්බක ප්‍රතියෝජක හෝ ඉලෙක්ට්‍රොනික ප්‍රතියෝජක හෝ යොදාගත හැකිය. ඉලෙක්ට්‍රොනික ප්‍රතියෝජක යොදාගැනීම වඩා වියදම් සහිත වුවත් වඩා සංකීර්ණ උපකරණයන්හි ඒවා යෙදෙයි. සංවේදන අවයවයේ ක්‍රියාකාරිත්වය මගින් ත'මයන කපාටයක ජාලක වෝල්ටීයතාව පාලනය කිරීමෙන් ප්‍රබල ඇනෝඩ ධාරාවක් උපදවා ඉන් විද්‍යුත් චුම්බක ප්‍රතියෝජකයක් ක්‍රියාකරවනු ලැබේ.
 
[[ගොනුව:5-42-3.jpg|350px|right]]
 
[[ගොනුව:5-42-3.jpg|350px|right]]
ද්‍රවයන්හි හා ඝනයන්හි ප්‍රසාරණය උපයෝගී කොටගෙන තැනිය හැකි උෂ්ණත්ව පාලක සෙ. 400° පමණ දක්වා උෂ්ණත්වයක් පාලනය කිරීම සඳහා යෝග්‍යය. එහෙත් ඊට ඉහළ උෂ්ණත්වයන් පාලනය කිරීම සඳහා බොහෝ කොට යෙදෙන්නේ උෂ්ණත්වය හා සමග සන්නායකයක ප්‍රතිරෝධය වෙනස්වීම හෝ තාප විද්‍යුත් වි.ගා.බ. වෙනස්වීම පදනම් කොටගත් උෂ්ණත්ව පාලකයි. ප්‍රතිරෝධයෙහි වෙනස්වීම පදනම් කොටගත් උපකරණයෙහි සංවේදන අවයවය වූකලි විට්ස්ටන් සේතුවක එක් පාදයක් වශයෙන් යෙදෙන්නා වූ ද ප්‍රතිරෝධයෙහි උෂ්ණත්ව සංගුණකය අධික වූ ද ද්‍රව්‍යයකි. දුර්වල සරල ධාරාවක් යොදා සේතුව තුලනය කොට තිබේ. උෂ්ණත්වයෙහි වෙනස්වීම නිසා ප්‍රතිරෝධයෙහි ඇති වන වෙනස්වීමට සමානුපාතිකව වෙනස් වන ධාරාව යොදා සුදුසු ප්‍රතියෝජකයක් ක්‍රියාකරවිය හැකිය. උෂ්ණත්වය සමග තාප විද්‍යුත් වි.ගා.බ. වෙනස්වීම නිසා ඇති වන සරල ධාරාවෙන් ද ප්‍රතියෝජකයක් ක්‍රියාකරවිය හැකිය. එක් ක්‍රමයක දී මෙම සරල ධාරාවෙන් [[ගැල්වනොමීටරය]]ක් (බ.) ක්‍රියාකරවීමෙන් ද ගැල්වනොමීටරයේ දර්ශකයෙන් පරාවර්තනය කරනු ලබන ආලෝකයෙන් ප්‍රකාශ විද්‍යුත් ඇසක් ක්‍රියාකරවීමෙන් ද උදුනෙහි උෂ්ණත්වය පාලනය කළ හැකිය. ඉතා ඉහළ උෂ්ණත්වයක් ඇති උදුන්හි උෂ්ණත්වය මැනීම සඳහා යෙදෙන අග්නිමානය (pyrometer) ම උෂ්ණත්වය පාලනය කිරීම සඳහා ද යොදා ගනු ලැබේ. එහි දී අග්නිමානයේ දර්ශකයට ඈඳුණු ද්විතීය දර්ශකයකින් ප්‍රතියෝජක පරිපථයක් ක්‍රියාකරවනු ලැබේ.  
+
ද්‍රවයන්හි හා ඝනයන්හි ප්‍රසාරණය උපයෝගී කොටගෙන තැනිය හැකි උෂ්ණත්ව පාලක සෙ. 400° පමණ දක්වා උෂ්ණත්වයක් පාලනය කිරීම සඳහා යෝග්‍යය. එහෙත් ඊට ඉහළ උෂ්ණත්වයන් පාලනය කිරීම සඳහා බොහෝ කොට යෙදෙන්නේ උෂ්ණත්වය හා සමග සන්නායකයක ප්‍රතිරෝධය [[ගොනුව:5-42-4.jpg|350px|left]] වෙනස්වීම හෝ තාප විද්‍යුත් වි.ගා.බ. වෙනස්වීම පදනම් කොටගත් උෂ්ණත්ව පාලකයි. ප්‍රතිරෝධයෙහි වෙනස්වීම පදනම් කොටගත් උපකරණයෙහි සංවේදන අවයවය වූකලි විට්ස්ටන් සේතුවක එක් පාදයක් වශයෙන් යෙදෙන්නා වූ ද ප්‍රතිරෝධයෙහි උෂ්ණත්ව සංගුණකය අධික වූ ද ද්‍රව්‍යයකි. දුර්වල සරල ධාරාවක් යොදා සේතුව තුලනය කොට තිබේ. උෂ්ණත්වයෙහි වෙනස්වීම නිසා ප්‍රතිරෝධයෙහි ඇති වන වෙනස්වීමට සමානුපාතිකව වෙනස් වන ධාරාව යොදා සුදුසු ප්‍රතියෝජකයක් ක්‍රියාකරවිය හැකිය. උෂ්ණත්වය සමග තාප විද්‍යුත් වි.ගා.බ. වෙනස්වීම නිසා ඇති වන සරල ධාරාවෙන් ද ප්‍රතියෝජකයක් ක්‍රියාකරවිය හැකිය. එක් ක්‍රමයක දී මෙම සරල ධාරාවෙන් [[ගැල්වනොමීටරය]]ක් (බ.) ක්‍රියාකරවීමෙන් ද ගැල්වනොමීටරයේ දර්ශකයෙන් පරාවර්තනය කරනු ලබන ආලෝකයෙන් ප්‍රකාශ විද්‍යුත් ඇසක් ක්‍රියාකරවීමෙන් ද උදුනෙහි උෂ්ණත්වය පාලනය කළ හැකිය. ඉතා ඉහළ උෂ්ණත්වයක් ඇති උදුන්හි උෂ්ණත්වය මැනීම සඳහා යෙදෙන අග්නිමානය (pyrometer) ම උෂ්ණත්වය පාලනය කිරීම සඳහා ද යොදා ගනු ලැබේ. එහි දී අග්නිමානයේ දර්ශකයට ඈඳුණු ද්විතීය දර්ශකයකින් ප්‍රතියෝජක පරිපථයක් ක්‍රියාකරවනු ලැබේ.  
[[ගොනුව:5-42-4.jpg|350px|left]]
+
[[ගොනුව:5-43.jpg|350px|left]]
 
පළමුවෙන් ම උෂ්ණත්ව පාලකයන් ප්‍රායෝගික ලෙස යෙදෙන්නට වූයේ 1880 පමණේ දීය. එකල උෂ්ණත්වපාලක යොදන ලද්දේ ගෙවල පාවිච්චි කළ තාපක ඌෂ්මක හා බොයිලේරු ක්‍රියාකරවීම සඳහාය. ඊට පසුව වඩා ලොකු ගොඩනැඟිලිවල උදුන් වෙනුවට මධ්‍ය තාප පද්ධති යොදන ලදි. යන්ත්‍රාගාරයන්හි ද වායු සමීකරණ (air conditioning) උපකරණවල ද කර්මාන්ත ශාලාවල ද ගෙදරදොරේ නිතර පාවිච්චි වන උදුන්, ඉස්තිරික්ක, ශීතකර යනාදියෙහි ද උෂ්ණත්ව පාලක යොදා තිබේ. ස්වයංක්‍රිය ඉස්තිරික්කය රෙදි මැදීම සඳහා සුදුසු උෂ්ණත්වයකට පැමිණි විට එහි තිබෙන උෂ්ණත්ව පාලකය විද්‍යුත් ධාරාව කපා හරියි. ඉන් පසු ඉස්තිරික්කය සිසිල් වීමට පටන් ගත් කල විද්‍යුත් ධාරාව යළි ඇති කිරීමෙන් උෂ්ණත්වපාලකය අවශ්‍ය උෂ්ණත්වයට ඉස්ත්‍රික්කය රත් කරයි.
 
13:19, 12 මාර්තු 2026 වන විට නවතම සංශෝධනය

(Thermostat). කිසියම් වස්තුවක හෝ කොටු කරන ලද ස්ථානයක හෝ උෂ්ණත්වය කලින් නියම කොටගත් කිසියම් අගයක හෝ එක්තරා පරාසයක් ඇතුළත හෝ ස්වයංක්‍රිය ලෙස පවත්වාගැනීමට යොදනු ලබන උපකරණයකි.

සාමාන්‍යයෙන් උෂ්ණත්වපාලකයක් සංවේදන මූලාවයවය (sensing element), මෙහෙයුම් මූලාවයවය (actuating element) යන කොටස් දෙකකින් සමන්විත වේ. උෂ්ණත්ව පාලකයක සංවේදන මූලාවයවය උෂ්ණත්ව විපර්යාසයන්ට සංවේදී වේ. උෂ්ණත්වයේ වෙනස්වීම ඇති වන කල මෙම මූලාවයවය එහි භෞතික මානවල හෝ පරිමාවෙහි හෝ විද්‍යුත් ප්‍රතිරෝධයෙහි හෝ තාප විද්‍යුත් වි.ගා.බලයෙහි හෝ සමානුපාතික වෙනස්වීම් ඇති කරයි. සංවේදන මූලාවයවයෙහි මෙම ක්‍රියාව මෙහෙයුම් මූලාවයවය විසින් පරිමන්දකයක (damper) කපාටයක හෝ විදුලි ස්විච්චියක හෝ ප්‍රතියෝජකයක හෝ පාලනයේ සමානුපාතික චලනයක් බවට පරිවර්තනය කරනු ලැබේ. උෂ්ණත්ව පාලකයන්හි මූලාවයව පාලනය කරන පද්ධති වායව (pneumatic) හෝ විද්‍යුත් හෝ ඉලෙක්ට්‍රොනික හෝ ද්‍රාව හෝ වෙයි.

5-41.jpg
5-42-1.jpg

බොහෝ උෂ්ණත්ව පාලකවලින් කෙරෙන්නේ උදුනකට සැපයෙන ඉන්ධන ප්‍රමාණය හෝ විදුලි ධාරාව හෝ පාලනය කිරීමයි. උෂ්ණත්වයේ වෙනස්වීම් හා සමග ද්‍රවයක හෝ ඝනයක ඇති වන ප්‍රසාරණය මේ සඳහා බොහෝ විට යොදාගනු ලැබේ. තෙල් දාහක ඒකකයන්හි හෝ තාපකයන්හි උෂ්ණත්වය පාලනය කිරීම සඳහා ඉන්ධන ගලායාම පාලනය කිරීමට පිත්තල නළයක ප්‍රසාරණය උපයෝගී කරගන්නා ආකාරය 1 රූප සටහනින් දැක්වෙයි. ද්විලෝහක (bimetallic) පටියක උෂ්ණත්වය වැඩි වීමෙහි දී වැඩි රේඛීය ප්‍රසාරණ සංගුණකයක් ඇති ලෝහය අනෙකට වඩා දිග්ගැසීම හේතුකොටගෙන පටිය නැමී සිටියි. උෂ්ණත්ව පාලකයන්හි සංවේදන මූලාවයවය තැනීම සඳහා බොහෝ විට මේ සිද්ධාන්තය උපයෝගී කරගනු ලැබේ. පිත්තල හා වානේ තහඩු යොදා තනන ලද ද්විලෝහක දණ්ඩක් ප්‍රසාරණය වීමෙහි දී ඇති වන නැමුම තාපකයක ධාරාව පාලනය කිරීම සඳහා යොදා ඇති උපකරණයක් 2 රූප සටහනෙහි දැක්වේ. ද්‍රවයක ප්‍රසාරණය යොදා මයිනහමක් හෝ රසදිය කඳක් ක්‍රියා කරවීමෙන් විද්‍යුත් පරිපථයක් සම්පූර්ණ වීමට සැලැස්සීමෙන් ද උෂ්ණත්ව පාලකයන් තැනිය හැකිය (3, 4 රූප සටහන්). තරලයක ප්‍රසාරණයට හෝ සංකෝචනයට අනුරූපව කපාටයක් ක්‍රියා කරවීමෙන් තාපකයට ඉන්ධන ගලායාම පාලනය කිරීමෙන් ද උදුන්වල උෂ්ණත්වය නියතව තැබිය හැකි වෙයි (5 හා 6 රූප සටහන්).

5-42-2.jpg

උෂ්ණත්ව පාලකයක් මගින් ඉන්ධන ගලායාම පාලනය කරන අවස්ථාවන්හි දී දාහකයක් සම්පූර්ණයෙන් ම නිවී යාම වැළැක්වීම සඳහා විපථ මාර්ගයෙන් අල්ප ඉන්ධන ධාරාවක් නිරතුරුව ම තාපකයට ඇතුළුවීමට ඉඩ සලසනු ලැබේ. විද්‍යුත් පරිපථයක් පාලනය කිරීමට උෂ්ණත්ව පාලක යොදන විට පරිපථය ඇරීමෙහි දී හා වැසීමෙහි දී නිකුත් වන ස්ඵලිංගනය වළකාලීම සඳහා ඉතා දුර්වල සරල ධාරාවකින් ක්‍රියාකරන ප්‍රතියෝජකයක් (relay) පරිපථයට යෙදීම අත්‍යවශ්‍යය. මේ සඳහා විද්‍යුත්චුම්බක ප්‍රතියෝජක හෝ ඉලෙක්ට්‍රොනික ප්‍රතියෝජක හෝ යොදාගත හැකිය. ඉලෙක්ට්‍රොනික ප්‍රතියෝජක යොදාගැනීම වඩා වියදම් සහිත වුවත් වඩා සංකීර්ණ උපකරණයන්හි ඒවා යෙදෙයි. සංවේදන අවයවයේ ක්‍රියාකාරිත්වය මගින් ත'මයන කපාටයක ජාලක වෝල්ටීයතාව පාලනය කිරීමෙන් ප්‍රබල ඇනෝඩ ධාරාවක් උපදවා ඉන් විද්‍යුත් චුම්බක ප්‍රතියෝජකයක් ක්‍රියාකරවනු ලැබේ.

5-42-3.jpg
ද්‍රවයන්හි හා ඝනයන්හි ප්‍රසාරණය උපයෝගී කොටගෙන තැනිය හැකි උෂ්ණත්ව පාලක සෙ. 400° පමණ දක්වා උෂ්ණත්වයක් පාලනය කිරීම සඳහා යෝග්‍යය. එහෙත් ඊට ඉහළ උෂ්ණත්වයන් පාලනය කිරීම සඳහා බොහෝ කොට යෙදෙන්නේ උෂ්ණත්වය හා සමග සන්නායකයක ප්‍රතිරෝධය
5-42-4.jpg
වෙනස්වීම හෝ තාප විද්‍යුත් වි.ගා.බ. වෙනස්වීම පදනම් කොටගත් උෂ්ණත්ව පාලකයි. ප්‍රතිරෝධයෙහි වෙනස්වීම පදනම් කොටගත් උපකරණයෙහි සංවේදන අවයවය වූකලි විට්ස්ටන් සේතුවක එක් පාදයක් වශයෙන් යෙදෙන්නා වූ ද ප්‍රතිරෝධයෙහි උෂ්ණත්ව සංගුණකය අධික වූ ද ද්‍රව්‍යයකි. දුර්වල සරල ධාරාවක් යොදා සේතුව තුලනය කොට තිබේ. උෂ්ණත්වයෙහි වෙනස්වීම නිසා ප්‍රතිරෝධයෙහි ඇති වන වෙනස්වීමට සමානුපාතිකව වෙනස් වන ධාරාව යොදා සුදුසු ප්‍රතියෝජකයක් ක්‍රියාකරවිය හැකිය. උෂ්ණත්වය සමග තාප විද්‍යුත් වි.ගා.බ. වෙනස්වීම නිසා ඇති වන සරල ධාරාවෙන් ද ප්‍රතියෝජකයක් ක්‍රියාකරවිය හැකිය. එක් ක්‍රමයක දී මෙම සරල ධාරාවෙන් ගැල්වනොමීටරයක් (බ.) ක්‍රියාකරවීමෙන් ද ගැල්වනොමීටරයේ දර්ශකයෙන් පරාවර්තනය කරනු ලබන ආලෝකයෙන් ප්‍රකාශ විද්‍යුත් ඇසක් ක්‍රියාකරවීමෙන් ද උදුනෙහි උෂ්ණත්වය පාලනය කළ හැකිය. ඉතා ඉහළ උෂ්ණත්වයක් ඇති උදුන්හි උෂ්ණත්වය මැනීම සඳහා යෙදෙන අග්නිමානය (pyrometer) ම උෂ්ණත්වය පාලනය කිරීම සඳහා ද යොදා ගනු ලැබේ. එහි දී අග්නිමානයේ දර්ශකයට ඈඳුණු ද්විතීය දර්ශකයකින් ප්‍රතියෝජක පරිපථයක් ක්‍රියාකරවනු ලැබේ.
5-43.jpg

පළමුවෙන් ම උෂ්ණත්ව පාලකයන් ප්‍රායෝගික ලෙස යෙදෙන්නට වූයේ 1880 පමණේ දීය. එකල උෂ්ණත්වපාලක යොදන ලද්දේ ගෙවල පාවිච්චි කළ තාපක ඌෂ්මක හා බොයිලේරු ක්‍රියාකරවීම සඳහාය. ඊට පසුව වඩා ලොකු ගොඩනැඟිලිවල උදුන් වෙනුවට මධ්‍ය තාප පද්ධති යොදන ලදි. යන්ත්‍රාගාරයන්හි ද වායු සමීකරණ (air conditioning) උපකරණවල ද කර්මාන්ත ශාලාවල ද ගෙදරදොරේ නිතර පාවිච්චි වන උදුන්, ඉස්තිරික්ක, ශීතකර යනාදියෙහි ද උෂ්ණත්ව පාලක යොදා තිබේ. ස්වයංක්‍රිය ඉස්තිරික්කය රෙදි මැදීම සඳහා සුදුසු උෂ්ණත්වයකට පැමිණි විට එහි තිබෙන උෂ්ණත්ව පාලකය විද්‍යුත් ධාරාව කපා හරියි. ඉන් පසු ඉස්තිරික්කය සිසිල් වීමට පටන් ගත් කල විද්‍යුත් ධාරාව යළි ඇති කිරීමෙන් උෂ්ණත්වපාලකය අවශ්‍ය උෂ්ණත්වයට ඉස්ත්‍රික්කය රත් කරයි.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උෂ්ණත්ව_පාලකය&oldid=10593" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි