"උලමා" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(ස්ට්‍රික්ස් ලෙප්ටොග්රමිකා ඔක්රෝගෙනිස් - Strix lepto...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
1 පේළිය: 1 පේළිය:
(ස්ට්‍රික්ස් ලෙප්ටොග්රමිකා ඔක්රෝගෙනිස් - Strix leptogramica ochrogenys Hume). මේ නමින් හැඳින්වෙන පක්ෂියා බකමූණු විශේෂයකි. දිවයිනේ මූදු මට්ටමෙන් අඩි 7,000ක් පමණ උස් ප්‍රදේශ දක්වා මේ බකමූණා දක්නට ලැබේ. උලමා ජීවත් වන්නේ කැළෑවලය. ඌ නිශාචරය.  
+
[[ගොනුව:5-24.jpg|400px|right]](ස්ට්‍රික්ස් ලෙප්ටොග්රමිකා ඔක්රෝගෙනිස් - Strix leptogramica ochrogenys Hume). මේ නමින් හැඳින්වෙන පක්ෂියා බකමූණු විශේෂයකි. දිවයිනේ මූදු මට්ටමෙන් අඩි 7,000ක් පමණ උස් ප්‍රදේශ දක්වා මේ බකමූණා දක්නට ලැබේ. උලමා ජීවත් වන්නේ කැළෑවලය. ඌ නිශාචරය.  
  
උලමාට දුඹුරු පැහැති පැතළි මුහුණක් ඇත. උගේ හිස තරමක් ලොකුය. ඇස් විශාලය. ඒවා සම්පූර්ණයෙන් ම වාගේ නිශ්චලය. එබැවින් යම් දෙයක් දෙස බැලීමට උලමා උගේ හිස කරකැවිය යුතුය. උගේ හොට වකුටුය. ගාත් ඉතා ශක්තිමත්ය. ඒවා නැමුණු, ශක්තිමත් නිය සහිතය. පරිසරයට ගැලපෙන සේ උගේ වර්ණය වෙනස් වේ.  
 
12:43, 13 මාර්තු 2026 වන විට නවතම සංශෝධනය

5-24.jpg
(ස්ට්‍රික්ස් ලෙප්ටොග්රමිකා ඔක්රෝගෙනිස් - Strix leptogramica ochrogenys Hume). මේ නමින් හැඳින්වෙන පක්ෂියා බකමූණු විශේෂයකි. දිවයිනේ මූදු මට්ටමෙන් අඩි 7,000ක් පමණ උස් ප්‍රදේශ දක්වා මේ බකමූණා දක්නට ලැබේ. උලමා ජීවත් වන්නේ කැළෑවලය. ඌ නිශාචරය.

උලමාට දුඹුරු පැහැති පැතළි මුහුණක් ඇත. උගේ හිස තරමක් ලොකුය. ඇස් විශාලය. ඒවා සම්පූර්ණයෙන් ම වාගේ නිශ්චලය. එබැවින් යම් දෙයක් දෙස බැලීමට උලමා උගේ හිස කරකැවිය යුතුය. උගේ හොට වකුටුය. ගාත් ඉතා ශක්තිමත්ය. ඒවා නැමුණු, ශක්තිමත් නිය සහිතය. පරිසරයට ගැලපෙන සේ උගේ වර්ණය වෙනස් වේ.

ගෑනු සතා පිරිමි සතාට වඩා තරමක් ලොකුය. වර්ණයෙන් දෙදෙනා එක හා සමානය. බෝවීම සිදුවන්නේ අවුරුද්දේ පළමු හය මාසය තුළ දීය. බිත්තර දමන්නේ ලොකු ගසක බෙනයකය. බිත්තරය සුදුය. අඟල් 1½ක් පමණ දිගය. පෙනෙන හැටියට ගෑනු සතකු එක් වරකට දමන්නේ එක් බිත්තරයක් පමණි.

කොළවලින් ගහන වූ අඳුරු ගසක සැඟවී උලමා දවල් කාලය ගත කරයි. යම් කිසිවකු ඒ ගස ළඟට පැමිණි විට අනතුරක් වෙතියි බියෙන් ඌ මිරිකී ලී කැබෙල්ලක් සේ දිස්වෙයි. පිරිමි සතෙක් එක ම ගෑනු සතකු සමග මුළු ජීවිත කාලය ගතකරයි. එහෙත් දිවාකල ජෝඩුව එකට දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. සන්ධ්‍යා කාලයේ දී දෙදෙනා හූ හඬ නඟමින් එකිනෙකාට අඬ ගසා යත්. දෙදෙනා හමු වූ පසු ගොදුරු සොයාගැනීම පිණිස රාත්‍රිකාලයේ දී පිටත් වෙති. මීයන්, හික්මීයන්, කුඩා කුරුල්ලන් හා කටුස්සෝ උලමාගේ ප්‍රධාන ආහාර වෙති. බෝග වනසන සතුන් ආහාර කොට ගනිමින් උන් නැති කරන බැවින් උලමා මිනිසාට ප්‍රයෝජනවත් සතකු සේ සැලකිය හැකිය.

වැඩි වශයෙන් රාත්‍රි කාලයේ දී පමණක් ඇසෙන අමනුෂ්‍ය ශබ්දයකට බඳු හඬින් උලමා අඳුනා ගත හැකිය. ගැමියෝ මේ බිහිසුණු හඬ නිසා උලමා අප්‍රිය කරති. උලමාගේ හඬ ලාභාලාභාදිය දක්වන පූර්ව නිමිත්තක් ලෙස ගැමියෝ සලකති. එම හඬ ඇසුණේ බස්නාහිරින් නම් වැස්ස ද, උතුරින් නම් බන්ධුමිත්‍රාදීන්ගේ පැමිණීම ද, නැගෙනහිරින් නම් ඉෂ්ට ලාභයක් ද දකුණින් නම් මරණයක් ද දක්වතැයි ඔවුහු අදහති.

ආවේස් වර්ගයේ ස්ට්‍රිගිපෝමේස් (Strigiformes) ගෝත්‍රයෙහි ස්ට්‍රිගිඩෙ (Strigidae) කුලයට උලමා අයත්ය. ස්ට්‍රික්ස් ඉන්ද්‍රාණි ඉන්ද්‍රාණි නමින් ද උලමා හැඳින්වේ.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උලමා&oldid=10667" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි