"ඏ" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('සංස්කෘත වර්ණමාලාවෙහි දක්නට ලැබෙන මේ ස්වරය මි...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
1 පේළිය: 1 පේළිය:
සංස්කෘත වර්ණමාලාවෙහි දක්නට ලැබෙන මේ ස්වරය මිශ්‍ර සිංහල හෝඩියෙහි ද සඳහන් වෙයි. එහෙත් සංස්කෘත භාෂාවෙහි පවා මේ ස්වරය අත්‍යන්තයෙන් දුර්ලභය. එහි 'කෟප්' යයි ධාතු රූපයක් හා ඏ වර්ණයට පශ්චාත්කාලීන නිඝණ්ඩුකාරයන් දී ඇති කෘත්‍රිම අර්ථ කිහිපයක් පමණක් දක්නට ලැබේ. සිංහල අක්ෂරමාලාවෙන් සංස්කෘත භාෂාව හැදෑරීම සඳහා මිශ්‍ර සිංහල හෝඩියට වැද්ද ගන්නා ලද මේ ස්වරයට නිදසුන් වශයෙන් වදන් කව් පොතෙහි (8)'අදිතියගේ කුලය' යන අරුත් දෙතැයි සැලැකෙන 'ඏකුල' යන වචනය දක්වා ඇත.  
+
සංස්කෘත වර්ණමාලාවෙහි දක්නට ලැබෙන මේ ස්වරය මිශ්‍ර සිංහල හෝඩියෙහි ද සඳහන් වෙයි. එහෙත් සංස්කෘත භාෂාවෙහි පවා මේ ස්වරය අත්‍යන්තයෙන් දුර්ලභය. එහි 'කෟප්' යයි ධාතු රූපයක් හා ඏ වර්ණයට පශ්චාත්කාලීන නිඝණ්ඩුකාරයන් දී ඇති කෘත්‍රිම අර්ථ කිහිපයක් පමණක් දක්නට ලැබේ. සිංහල අක්ෂරමාලාවෙන් සංස්කෘත භාෂාව හැදෑරීම සඳහා මිශ්‍ර සිංහල හෝඩියට වැද්ද ගන්නා ලද මේ ස්වරයට නිදසුන් වශයෙන් වදන් කව් පොතෙහි (8) 'අදිතියගේ කුලය' යන අරුත් දෙතැයි සැලැකෙන 'ඏකුල' යන වචනය දක්වා ඇත.  
  
මේ ස්වරයට උත්පත්ති ස්ථානය වූයේ බර්ස්වය හෙවත් දත් පෙළට ඉහළින් වූ උස් පෙදෙස යයි තෛත්තිරිය ප්‍රාතිශාඛ්‍යයෙහි (ii.18) සඳහන් වෙයි. එහෙත් ඍක් ප්‍රාතිශාඛ්‍යයෙහි (i.41) දැක්වෙන්නේ එය ජිහ්වාමූලීය අක්ෂරයක් බවයි. ඏ වර්ණය ලකාර සහිත හෙයින් (ආපිශලී ශික්ෂා, i.26) හෙවත් ස්වරයක හා ව්‍යඤ්ජනයක ලක්ෂණ එක්වීමෙන් සෑදී ඇති හෙයින් එය 'මිශ්‍ර' ස්වරයකි. එහි උච්චාරණය සම්බන්ධයෙන් "ඏ වර්ණය වූකලි ලකාරය විසින් වැලඳගන්නා ලද අ-ශ්‍රැතිය (ස්වරය) දරන්නා වූ කේවල වර්ණයකැ"යි වාජසනේයි (කාත්‍යායනීය) ප්‍රාතිශාඛ්‍යයෙහි (iv.148) දැක්වෙයි.  
 
12:50, 7 අප්‍රේල් 2026 වන විට නවතම සංශෝධනය

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඏ&oldid=10738" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි