"එකිනොඩෙර්මාටා" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(Echinodermata). පසැඟිල්ලන් (starfishes) (පසැඟිල්ලා බ.), ඉකිරියන...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| (නොපෙන්වන එම පරිශීලකයා මගින් අතරමැදි සංස්කරණ 2ක්) | |||
| 1 පේළිය: | 1 පේළිය: | ||
(Echinodermata). පසැඟිල්ලන් (starfishes) ([[පසැඟිල්ලා]] බ.), ඉකිරියන් (sea urchins) ([[ඉකිරියා]] බ.), මුහුදු බළලුන් ([[මුහුදු බළලා]] බ.) හා [[මුහුදු කැකිරි]] (sea cucumbers) (බ.) වැනි අපෘෂ්ඨවංශීන්ගෙන් යුත් ලොකු සත්ව වංශයකි. මේ සත්තු සියල්ලෝ ම මුහුදේ ජීවත් වෙති. සැකිල්ලේ හා සිලෝමයේ විශේෂ ලක්ෂණවලින් එකිනොඩෙර්මියන් (ශල්‍යචර්මියන්) අනික් සතුන්ගෙන් වෙන් කොට හඳුනා ගත හැකිය. | (Echinodermata). පසැඟිල්ලන් (starfishes) ([[පසැඟිල්ලා]] බ.), ඉකිරියන් (sea urchins) ([[ඉකිරියා]] බ.), මුහුදු බළලුන් ([[මුහුදු බළලා]] බ.) හා [[මුහුදු කැකිරි]] (sea cucumbers) (බ.) වැනි අපෘෂ්ඨවංශීන්ගෙන් යුත් ලොකු සත්ව වංශයකි. මේ සත්තු සියල්ලෝ ම මුහුදේ ජීවත් වෙති. සැකිල්ලේ හා සිලෝමයේ විශේෂ ලක්ෂණවලින් එකිනොඩෙර්මියන් (ශල්‍යචර්මියන්) අනික් සතුන්ගෙන් වෙන් කොට හඳුනා ගත හැකිය. | ||
| − | + | [[ගොනුව:5-185.jpg|800px|center]] | |
මේ වංශයට අයත් සතුන්ගේ ඉතා වැදගත් ලක්ෂණයක් නම් හුනු තැන්පත් වුණු ඉතා තද ආවරණයක් උන්ට තිබීමය. මුහුදු කැකිරි නම් සතාගේ තැනින් තැන පිහිටි තලවල හුනු තැන්පත් වී තිබේ. පසැඟිල්ලන්ගේ හුනු තැන්පත් වී ඇත්තේ සංවිධානය වූ මාංසල තල මතය. ඉකිරියාගේ ආවරණයෙහි හුනු තැන්පත් වී එය තද කටුවක් වේ. මේ වංශයට අයත් ළපටි සතුන් ද්විපාර්ශ්වික වුවත් පරිණත සතුන්ගේ අරීය සමමිතියක් දක්නට ලැබේ. ශරීරයේ ස්ථානයකින් පිටතට විවෘත වන නළ ශ්‍රේණියකින් සමන්විත ජලවාහිනී පද්ධතියක් මේ සතුන්ට තිබේ. ශරීර පෘෂ්ඨයෙන් පිටතට නෙරා යන සියුම් නාල පාද (tube feet) බොහොමයක් මෙහි දරනු ලැබේ. ජලවාහිනී පද්ධතිය වනාහි විවිධ අනුවර්තී සේවාවන් ඉටු කරන සංවිධානයකි. සංචරණය (locomotion), ශ්වසනය, පෝෂණය හා සංවේදක සංජානනය (sensory perception) යනාදියෙහි අවශ්‍යතා එයින් සැපයේ. මේ සතුන්ගේ සීලෝමය හොඳින් විකාසනය වී ඇත. විශේෂ බහිස්ස්‍රාවිය පද්ධතියක් උන්ට නැත. චලනය වන කටු රාශියක් ඉකිරියාට ඇත. මේ වංශයට අයත් සතුන්ගේ විකාසනය රූපාන්තරණයත් සමඟ ඇති වේ. කලලය (embryo) පැහැදිලි ද්විපාර්ශ්වික ආකාරයක් දක්වයි. | මේ වංශයට අයත් සතුන්ගේ ඉතා වැදගත් ලක්ෂණයක් නම් හුනු තැන්පත් වුණු ඉතා තද ආවරණයක් උන්ට තිබීමය. මුහුදු කැකිරි නම් සතාගේ තැනින් තැන පිහිටි තලවල හුනු තැන්පත් වී තිබේ. පසැඟිල්ලන්ගේ හුනු තැන්පත් වී ඇත්තේ සංවිධානය වූ මාංසල තල මතය. ඉකිරියාගේ ආවරණයෙහි හුනු තැන්පත් වී එය තද කටුවක් වේ. මේ වංශයට අයත් ළපටි සතුන් ද්විපාර්ශ්වික වුවත් පරිණත සතුන්ගේ අරීය සමමිතියක් දක්නට ලැබේ. ශරීරයේ ස්ථානයකින් පිටතට විවෘත වන නළ ශ්‍රේණියකින් සමන්විත ජලවාහිනී පද්ධතියක් මේ සතුන්ට තිබේ. ශරීර පෘෂ්ඨයෙන් පිටතට නෙරා යන සියුම් නාල පාද (tube feet) බොහොමයක් මෙහි දරනු ලැබේ. ජලවාහිනී පද්ධතිය වනාහි විවිධ අනුවර්තී සේවාවන් ඉටු කරන සංවිධානයකි. සංචරණය (locomotion), ශ්වසනය, පෝෂණය හා සංවේදක සංජානනය (sensory perception) යනාදියෙහි අවශ්‍යතා එයින් සැපයේ. මේ සතුන්ගේ සීලෝමය හොඳින් විකාසනය වී ඇත. විශේෂ බහිස්ස්‍රාවිය පද්ධතියක් උන්ට නැත. චලනය වන කටු රාශියක් ඉකිරියාට ඇත. මේ වංශයට අයත් සතුන්ගේ විකාසනය රූපාන්තරණයත් සමඟ ඇති වේ. කලලය (embryo) පැහැදිලි ද්විපාර්ශ්වික ආකාරයක් දක්වයි. | ||
11:24, 17 අප්‍රේල් 2026 වන විට නවතම සංශෝධනය
(Echinodermata). පසැඟිල්ලන් (starfishes) (පසැඟිල්ලා බ.), ඉකිරියන් (sea urchins) (ඉකිරියා බ.), මුහුදු බළලුන් (මුහුදු බළලා බ.) හා මුහුදු කැකිරි (sea cucumbers) (බ.) වැනි අපෘෂ්ඨවංශීන්ගෙන් යුත් ලොකු සත්ව වංශයකි. මේ සත්තු සියල්ලෝ ම මුහුදේ ජීවත් වෙති. සැකිල්ලේ හා සිලෝමයේ විශේෂ ලක්ෂණවලින් එකිනොඩෙර්මියන් (ශල්‍යචර්මියන්) අනික් සතුන්ගෙන් වෙන් කොට හඳුනා ගත හැකිය.
මේ වංශයට අයත් සතුන්ගේ ඉතා වැදගත් ලක්ෂණයක් නම් හුනු තැන්පත් වුණු ඉතා තද ආවරණයක් උන්ට තිබීමය. මුහුදු කැකිරි නම් සතාගේ තැනින් තැන පිහිටි තලවල හුනු තැන්පත් වී තිබේ. පසැඟිල්ලන්ගේ හුනු තැන්පත් වී ඇත්තේ සංවිධානය වූ මාංසල තල මතය. ඉකිරියාගේ ආවරණයෙහි හුනු තැන්පත් වී එය තද කටුවක් වේ. මේ වංශයට අයත් ළපටි සතුන් ද්විපාර්ශ්වික වුවත් පරිණත සතුන්ගේ අරීය සමමිතියක් දක්නට ලැබේ. ශරීරයේ ස්ථානයකින් පිටතට විවෘත වන නළ ශ්‍රේණියකින් සමන්විත ජලවාහිනී පද්ධතියක් මේ සතුන්ට තිබේ. ශරීර පෘෂ්ඨයෙන් පිටතට නෙරා යන සියුම් නාල පාද (tube feet) බොහොමයක් මෙහි දරනු ලැබේ. ජලවාහිනී පද්ධතිය වනාහි විවිධ අනුවර්තී සේවාවන් ඉටු කරන සංවිධානයකි. සංචරණය (locomotion), ශ්වසනය, පෝෂණය හා සංවේදක සංජානනය (sensory perception) යනාදියෙහි අවශ්‍යතා එයින් සැපයේ. මේ සතුන්ගේ සීලෝමය හොඳින් විකාසනය වී ඇත. විශේෂ බහිස්ස්‍රාවිය පද්ධතියක් උන්ට නැත. චලනය වන කටු රාශියක් ඉකිරියාට ඇත. මේ වංශයට අයත් සතුන්ගේ විකාසනය රූපාන්තරණයත් සමඟ ඇති වේ. කලලය (embryo) පැහැදිලි ද්විපාර්ශ්වික ආකාරයක් දක්වයි.
උපවංශ දෙකකට අයත් වර්ග (classes) නවයකට එකිනොඩෙර්මාටා වංශයට අයත් සත්තු වර්ග කරනු ලබත්.
උපවංශය: එලෙයුතෙරොසෝවා (Eleutherozoa) - මුන්ට වෘන්තයක් නැත.
වර්ගය: අස්ටෙරොයිඩෙයා (Asteroidea) - පසැඟිල්ලෝ. ඔෆියුරොයිඩෙයා (Ophiuroidea) - මුහුදු බළල්ලු. එකිනොයිඩෙයා (Echinoidea) - ඉකිරි. හොලොතුරොයිඩෙයා - (Holothuroidea) මුහුදු කැකිරි. තෙකොයිඩෙයා (Thecoidea) - නෂ්ට වී ඇත.
උපවංගය: පෙල්මටොසෝවා (Pelmatozoa) - මුන්ට වෘන්තයක් ඇත (ළපටි අවස්ථාවේ දී වත්).
වර්ගය: ක්‍රිනොයිඩෙයා (Crinoidea). සිස්ටොයිඩෙයා (Cystoidea) - නෂ්ට වී ඇත. බ්ලස්ටොයිඩෙයා (Blastoidea) - නෂ්ට වී ඇත. කාපොයිඩෙයා (Carpoidea) - නෂ්ට වී ඇත.
(සංස්කරණය: 1974)
