"එකියුරොයිඩෙයා" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(Echiuroidea). සාමාන්‍යයෙන් නිවර්තන හා උප-නිවර්තන මුහු...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
1 පේළිය: 1 පේළිය:
(Echiuroidea). සාමාන්‍යයෙන් නිවර්තන හා උප-නිවර්තන මුහුදුවල ජීවත්වන කුඩා පණුවන්ගෙන් යුත් සත්ව වංශයකි (phylum). උන් ඉන්නේ මුහුදු වැලි යට හෝ මුහුදු පතුලේ තිබෙන මඩ යටය. මේ පණුවන්ගේ මුඛයට ඉහළින් තිබෙන සංවේදී වුවද අප්‍රතිකර්ෂක (non-retractile) වූ පුරඃපුටය (prostomium) නිසා උන් වෙන් කොට හඳුනා ගන හැකිය. බොනේලියා (Bonellia) ගණයට අයත් ඇතැම් පණුවන්ගේ මෙන් මේ වංශයට අයත් සමහර පණුවන්ගේ මේ පුරඃපුටය ලොකුවට වැඩෙන්නට පුළුවන.  
+
[[ගොනුව:5-186.jpg|300px|left]](Echiuroidea). සාමාන්‍යයෙන් නිවර්තන හා උප-නිවර්තන මුහුදුවල ජීවත්වන කුඩා පණුවන්ගෙන් යුත් සත්ව වංශයකි (phylum). උන් ඉන්නේ මුහුදු වැලි යට හෝ මුහුදු පතුලේ තිබෙන මඩ යටය. මේ පණුවන්ගේ මුඛයට ඉහළින් තිබෙන සංවේදී වුවද අප්‍රතිකර්ෂක (non-retractile) වූ පුරඃපුටය (prostomium) නිසා උන් වෙන් කොට හඳුනා ගන හැකිය. බොනේලියා (Bonellia) ගණයට අයත් ඇතැම් පණුවන්ගේ මෙන් මේ වංශයට අයත් සමහර පණුවන්ගේ මේ පුරඃපුටය ලොකුවට වැඩෙන්නට පුළුවන.  
  
මේ වංශයට අයත් ඉතා ප්‍රකට ගණ දෙක නම් බොනේලියා හා එකියුරුස් (Echiurus) ය. මේ සතුන්ගේ ශරීරය මඩියක් වැනිය. බොහෝ විට ශරීරය දීප්තිමත් ලෙස වර්ණවත්ය. පූර්ව කොටසේ පුරඃපුටය තිබේ. මෙය පහසුවෙන් කැඩී බිඳී යා හැකිය. බොනේලියා පණුවන්ගේ පුරඃපුටය දිගය. එහි කෙළවර දෙකට බෙදී ඇත. එකියුරුස් පණුවන්ගේ පුරඃපුටය කෙටිය. එය තැලි බඳුය (flap-like). සාමාන්‍යයෙන් මුඛයට ටිකක් දුරින් දැඩි කෙඳි යුගලයක් උදරීය ලෙස පිහිටා තිබේ. මුඛය ළඟට තිබෙන්නේ බඩවැලය. පැහැදිලි ප්‍රදේශ කිහිපයකට මෙය බෙදී ඇත. ශරීරයෙහි අපර කෙළවරෙහි ගුද ආශයිකා (anal vesicles) දෙකක් තිබේ. ශ්වසන හා බහිස්ස්‍රාවීය කෘත්‍ය ඒවායින් ඉටු කෙරේ. මේ වංශයට අයත් පණුවෝ ඒකලිංගිකය. එකියුරුස් පණුවන්ගේ පිරිමි සතාත් ගෑනු සතාත් එක සමානය. එහෙත් බොනේලියා පණුවන්ගේ පිරිමි සතා හා ගෑනු සතා එක සමාන නොවේ. පිරිමි සතා ඉතා කුඩාය. ඌ ගෑනු සතාගේ ශරීරය තුළ හෝ ශරීරය මත  පරපෝෂිතයකු සේ ජීවත් වෙයි.  
 
11:25, 17 අප්‍රේල් 2026 තෙක් සංශෝධනය

5-186.jpg
(Echiuroidea). සාමාන්‍යයෙන් නිවර්තන හා උප-නිවර්තන මුහුදුවල ජීවත්වන කුඩා පණුවන්ගෙන් යුත් සත්ව වංශයකි (phylum). උන් ඉන්නේ මුහුදු වැලි යට හෝ මුහුදු පතුලේ තිබෙන මඩ යටය. මේ පණුවන්ගේ මුඛයට ඉහළින් තිබෙන සංවේදී වුවද අප්‍රතිකර්ෂක (non-retractile) වූ පුරඃපුටය (prostomium) නිසා උන් වෙන් කොට හඳුනා ගන හැකිය. බොනේලියා (Bonellia) ගණයට අයත් ඇතැම් පණුවන්ගේ මෙන් මේ වංශයට අයත් සමහර පණුවන්ගේ මේ පුරඃපුටය ලොකුවට වැඩෙන්නට පුළුවන.

මේ වංශයට අයත් ඉතා ප්‍රකට ගණ දෙක නම් බොනේලියා හා එකියුරුස් (Echiurus) ය. මේ සතුන්ගේ ශරීරය මඩියක් වැනිය. බොහෝ විට ශරීරය දීප්තිමත් ලෙස වර්ණවත්ය. පූර්ව කොටසේ පුරඃපුටය තිබේ. මෙය පහසුවෙන් කැඩී බිඳී යා හැකිය. බොනේලියා පණුවන්ගේ පුරඃපුටය දිගය. එහි කෙළවර දෙකට බෙදී ඇත. එකියුරුස් පණුවන්ගේ පුරඃපුටය කෙටිය. එය තැලි බඳුය (flap-like). සාමාන්‍යයෙන් මුඛයට ටිකක් දුරින් දැඩි කෙඳි යුගලයක් උදරීය ලෙස පිහිටා තිබේ. මුඛය ළඟට තිබෙන්නේ බඩවැලය. පැහැදිලි ප්‍රදේශ කිහිපයකට මෙය බෙදී ඇත. ශරීරයෙහි අපර කෙළවරෙහි ගුද ආශයිකා (anal vesicles) දෙකක් තිබේ. ශ්වසන හා බහිස්ස්‍රාවීය කෘත්‍ය ඒවායින් ඉටු කෙරේ. මේ වංශයට අයත් පණුවෝ ඒකලිංගිකය. එකියුරුස් පණුවන්ගේ පිරිමි සතාත් ගෑනු සතාත් එක සමානය. එහෙත් බොනේලියා පණුවන්ගේ පිරිමි සතා හා ගෑනු සතා එක සමාන නොවේ. පිරිමි සතා ඉතා කුඩාය. ඌ ගෑනු සතාගේ ශරීරය තුළ හෝ ශරීරය මත පරපෝෂිතයකු සේ ජීවත් වෙයි.

සාමාන්‍යයෙන් ගෙෆිරෙයා (Gephyrea) වර්ගයෙහි ගෝත්‍රයකට අයත් සේ වර්ග කරනු ලැබූ මේ පණුවෝ වාලයික (annelid) පණුවන්ට නෑකම් දක්වන වෙනත් සත්ව වංශයක් ලෙස දැන් සලකනු ලැබෙත්.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=එකියුරොයිඩෙයා&oldid=10920" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි