"ඇපොලොදෝරස් (3)" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(දමස්කස්හි ඇපොලොදෝරස්). දෙවෙනි ශතවර්ෂයෙහි විස...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 3 පේළිය: | 3 පේළිය: | ||
(සංස්කරණය: 1967) | (සංස්කරණය: 1967) | ||
| − | [[ප්‍රවර්ගය: පුද්ගල චරිත - | + | [[ප්‍රවර්ගය: පුද්ගල චරිත - ගෘහනිර්මාණ ශිල්පියෝ]] |
[[ප්‍රවර්ගය: ඇ]] | [[ප්‍රවර්ගය: ඇ]] | ||
15:18, 17 අප්‍රේල් 2026 වන විට නවතම සංශෝධනය
(දමස්කස්හි ඇපොලොදෝරස්). දෙවෙනි ශතවර්ෂයෙහි විසූ ග්‍රීක ගෘහනිර්මාණ ශිල්පියෙකි. ට්රේජන් අධිරාජයා විසින් රෝමයට කැඳවනු ලැබූ මොහු එම නගරයෙහි ඕඩියම්, ෆෝරම් ආදි විශාල ගොඩනැගිලිවල සැලසුම් සැපයූයේය. ක්‍රි.ව. 112-113 අතරතුරේ දී ඉදි කරන ලද ෆෝරම් මන්දිරය, නගරනිර්මාණය හා ගෘහනිර්මාණය අතින් ඔහුගේ නෛපුණ්‍යය මොනොවට විදහාපාන්නකි. ඇපොලොදෝරස් නිපුණ ප්‍රතිමා ශිල්පියෙක් ද විය. ඔහුට ආවේණික වූ නිර්මාණ ශෛලිය ග්‍රීක, රෝම යන නිර්මාණ ශිල්පයන්ගේ සංකලනයකි. තවත් ගෘහනිර්මාණ ශිල්පියකු වූ හේඩ්රියන් අධිරාජයාගේ සැලැසුම් විවේචනයට භාජන කළ ඇපොලොදෝරස් එම අධිරාජයා විසින් රටින් පිටුවහල් කොට අනතුරුව මරුමුවට පත් කරවනු ලැබී යයි කියත්.
(සංස්කරණය: 1967)