"එක්සත් ජාතීන්ගේ ප්‍රාදේශීය ආර්ථික කොමිසම්" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('එක්සත් ජාතීන්ගේ ප්‍රාදේශීය ආර්ථික කොමිසම් (U.N....' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | |||
| − | |||
(U.N. Regional Economic Commissions). එ.ජා. ආර්ථික හා සමාජ මණ්ඩලයේ ([[එක්සත් ජාතීන්ගේ සංවිධානය]] බ.) උපකාරක ආයතන වශයෙන් ප්‍රාදේශීය ආර්ථික කොමිසම් සතරක් පිහිටුවා ඇත. ඒවා නම් යුරෝපා ආර්ථික කොමිසම (ECE), ආසියාව හා ඈත පෙරදිග ආර්ථික කොමිසම (ECAFE), ලතින් ඇමෙරිකා ආර්ථික කොමිසම (ECLA) හා අප්‍රිකා ආර්ථික කොමිසම (ECA) යන මේවායි. | (U.N. Regional Economic Commissions). එ.ජා. ආර්ථික හා සමාජ මණ්ඩලයේ ([[එක්සත් ජාතීන්ගේ සංවිධානය]] බ.) උපකාරක ආයතන වශයෙන් ප්‍රාදේශීය ආර්ථික කොමිසම් සතරක් පිහිටුවා ඇත. ඒවා නම් යුරෝපා ආර්ථික කොමිසම (ECE), ආසියාව හා ඈත පෙරදිග ආර්ථික කොමිසම (ECAFE), ලතින් ඇමෙරිකා ආර්ථික කොමිසම (ECLA) හා අප්‍රිකා ආර්ථික කොමිසම (ECA) යන මේවායි. | ||
මෙම ආර්ථික කොමිසම් පිහිටුවීමේ මූලික අරමුණ වූයේ ප්‍රස්තුත ප්‍රදේශයන්හි ආර්ථික ක්‍රියාවලියේ මට්ටම ඔසවා ගැනීමට උදව් වීම හා ඒ එක් එක් ප්‍රදේශයක පිහිටි රටවල් අතරත් එම රටවල් හා ලෝකයේ අන් රටවල් අතරත් ආර්ථික සබඳතා පවත්වාගෙන යාම හා ශක්තිමත් කිරීමත්ය. එ.ජා. ආර්ථික හා සමාජ මණ්ඩලයේ උපකාරක ආයතන වශයෙන් මෙම කොමිසම් විසින් ඒවායේ කටයුතු පිළිබඳව වාර්ෂිකව එම මණ්ඩලයට වාර්තා කළ යුතුය. එක් එක් කොමිසමක ප්‍රධාන විධායක නිලධාරියා වනුයේ එ.ජා. සංවිධානයේ උපලේකම් තත්ත්වය දරන විධායක ලේකම්වරයෙකි. | මෙම ආර්ථික කොමිසම් පිහිටුවීමේ මූලික අරමුණ වූයේ ප්‍රස්තුත ප්‍රදේශයන්හි ආර්ථික ක්‍රියාවලියේ මට්ටම ඔසවා ගැනීමට උදව් වීම හා ඒ එක් එක් ප්‍රදේශයක පිහිටි රටවල් අතරත් එම රටවල් හා ලෝකයේ අන් රටවල් අතරත් ආර්ථික සබඳතා පවත්වාගෙන යාම හා ශක්තිමත් කිරීමත්ය. එ.ජා. ආර්ථික හා සමාජ මණ්ඩලයේ උපකාරක ආයතන වශයෙන් මෙම කොමිසම් විසින් ඒවායේ කටයුතු පිළිබඳව වාර්ෂිකව එම මණ්ඩලයට වාර්තා කළ යුතුය. එක් එක් කොමිසමක ප්‍රධාන විධායක නිලධාරියා වනුයේ එ.ජා. සංවිධානයේ උපලේකම් තත්ත්වය දරන විධායක ලේකම්වරයෙකි. | ||
| − | යුරෝපා ආර්ථික කොමිසම | + | == යුරෝපා ආර්ථික කොමිසම == |
| − | |||
යුරෝපයේ ආර්ථික පුනඃසංස්කරණය සඳහා ද, යුරෝපයේ ආර්ථික කටයුතු මට්ටම එසවීම සඳහා ද යුරෝපීය රටවල් අතරත් ලෝකයේ අන් රටවල් හා යුරෝපීය රටවල් අතරත් ආර්ථික සම්බන්ධතා පවත්වාගෙන යාම හා ශක්තිමත් කිරීම සඳහා ද එක් ව කටයුතු කිරීම පහසු කිරීමට පියවර ගැනීම හා සහභාගී වීම අරභයා 1947 දී එ.ජා. ආර්ථික හා සමාජ මණ්ඩලය විසින් යුරෝපා ආර්ථික කොමිසම පිහිටුවන ලදි. දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව ඇතැම් වෙළඳ භාණ්ඩ සම්බන්ධයෙන් ඇති වූ බලවත් හිඟයත් තව සමහරක් සම්බන්ධයෙන් පැවති අතිරික්තයත් නිසා යුරෝපයේ ජාත්‍යන්තර සහයෝගිතාව අත්‍යවශ්‍ය බව වැටහී යාම, ආර්ථික හා සමාජ මණ්ඩලය මෙම යුරෝපා ආර්ථික කොමිසම පිහිටුවීමෙහි මෙහෙය වන ලද බව පෙනේ. අත්හදා බැලීමක් වශයෙන් ආරම්භ කරනු ලැබූ මෙම කොමිසම එ.ජා. සංවිධානයේ නිත්‍ය ආයතනයක් බවට පත් වී ඇත. | යුරෝපයේ ආර්ථික පුනඃසංස්කරණය සඳහා ද, යුරෝපයේ ආර්ථික කටයුතු මට්ටම එසවීම සඳහා ද යුරෝපීය රටවල් අතරත් ලෝකයේ අන් රටවල් හා යුරෝපීය රටවල් අතරත් ආර්ථික සම්බන්ධතා පවත්වාගෙන යාම හා ශක්තිමත් කිරීම සඳහා ද එක් ව කටයුතු කිරීම පහසු කිරීමට පියවර ගැනීම හා සහභාගී වීම අරභයා 1947 දී එ.ජා. ආර්ථික හා සමාජ මණ්ඩලය විසින් යුරෝපා ආර්ථික කොමිසම පිහිටුවන ලදි. දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව ඇතැම් වෙළඳ භාණ්ඩ සම්බන්ධයෙන් ඇති වූ බලවත් හිඟයත් තව සමහරක් සම්බන්ධයෙන් පැවති අතිරික්තයත් නිසා යුරෝපයේ ජාත්‍යන්තර සහයෝගිතාව අත්‍යවශ්‍ය බව වැටහී යාම, ආර්ථික හා සමාජ මණ්ඩලය මෙම යුරෝපා ආර්ථික කොමිසම පිහිටුවීමෙහි මෙහෙය වන ලද බව පෙනේ. අත්හදා බැලීමක් වශයෙන් ආරම්භ කරනු ලැබූ මෙම කොමිසම එ.ජා. සංවිධානයේ නිත්‍ය ආයතනයක් බවට පත් වී ඇත. | ||
| 15 පේළිය: | 12 පේළිය: | ||
කොමිසමේ කාර්මික ආධාර කාර්යාලයේ අභ්‍යාස පන්ති පැවැත්වේ. යුරෝපයෙන් පිට සංවර්ධනය වන රටවල බොහෝ දෙන ද මෙහි පුහුණුව ලබති. අධිශිෂ්‍යත්ව පදනමක් උඩ යු.ආ.කො. විසින් සංවර්ධනය වෙමින් පවත්නා රටවල් 80ක පමණ විශේෂඥයන් 750ක් පමණ වූ සංඛ්‍යාවක් සඳහා යුරෝපා රටවල අධ්‍යයන සුදානම් කරනු ලැබේ. කොමිසමේ ලේකම් කාර්යාලය එ.ජා. ආර්ථීක හා සමාජ කටයුතු අංශයෙහි ම කොටසක් ව පවතින අතර ජිනීවා හි එ.ජා. කාර්යාලයෙහි පහසුකම්වල ප්‍රයෝජනය එයට ලැබේ. | කොමිසමේ කාර්මික ආධාර කාර්යාලයේ අභ්‍යාස පන්ති පැවැත්වේ. යුරෝපයෙන් පිට සංවර්ධනය වන රටවල බොහෝ දෙන ද මෙහි පුහුණුව ලබති. අධිශිෂ්‍යත්ව පදනමක් උඩ යු.ආ.කො. විසින් සංවර්ධනය වෙමින් පවත්නා රටවල් 80ක පමණ විශේෂඥයන් 750ක් පමණ වූ සංඛ්‍යාවක් සඳහා යුරෝපා රටවල අධ්‍යයන සුදානම් කරනු ලැබේ. කොමිසමේ ලේකම් කාර්යාලය එ.ජා. ආර්ථීක හා සමාජ කටයුතු අංශයෙහි ම කොටසක් ව පවතින අතර ජිනීවා හි එ.ජා. කාර්යාලයෙහි පහසුකම්වල ප්‍රයෝජනය එයට ලැබේ. | ||
| − | ආසියා හා ඈත පෙරදිග ආර්ථික කොමිසම | + | == ආසියා හා ඈත පෙරදිග ආර්ථික කොමිසම == |
| − | |||
(ECAFE) එ.ජා. ආර්ථික හා සමාජ මණ්ඩලය 1947 දී මෙම ප්‍රාදේශීය ආර්ථික කොමිසම පිහිටුවීය. මෙයට ඇතුළත් වන භූගෝලීය බල ප්‍රදේශය ඇෆ්ඝනිස්ථානය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉරානය, කාම්බෝජය (ඛමේර්), කොරියාව, චීනය, ජපානය, නවසීලන්තය, නේපාලය, තායිලන්තය, පකිස්තානය, පිලිපීනය, බටහිර සැමෝවා, බුරුමය, බ්රුනොයි, මලයාසියාව, මහාද්වීපික ඕස්ට්‍රේලියාව, මොංගෝලියාව, ශ්‍රී ලංකාව, ලාඕසය, වියට්නාමය, සිංගප්පූරුව හා හොංකොං යන ප්‍රදේශවලින් හිම් වේ. මේවා අතුරෙන් බ්රුනොයි හා හොංකොං ආශ්‍රේය සාමාජිකයන් වන අතර ඉතිරි රටවල් හා එක්සත් රාජධානිය, ප්‍රංසය, නෙදර්ලන්තය, සෝවියට් සංගමය හා එක්සත් ජනපදය යන රාජ්‍යයෝ ද මෙම ආර්ථික කොමිසමෙහි සාමාජිකත්වය දරති. ප්‍රධාන කාර්යාලය බැංකොක්හි පිහිටියේ ය. | (ECAFE) එ.ජා. ආර්ථික හා සමාජ මණ්ඩලය 1947 දී මෙම ප්‍රාදේශීය ආර්ථික කොමිසම පිහිටුවීය. මෙයට ඇතුළත් වන භූගෝලීය බල ප්‍රදේශය ඇෆ්ඝනිස්ථානය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉරානය, කාම්බෝජය (ඛමේර්), කොරියාව, චීනය, ජපානය, නවසීලන්තය, නේපාලය, තායිලන්තය, පකිස්තානය, පිලිපීනය, බටහිර සැමෝවා, බුරුමය, බ්රුනොයි, මලයාසියාව, මහාද්වීපික ඕස්ට්‍රේලියාව, මොංගෝලියාව, ශ්‍රී ලංකාව, ලාඕසය, වියට්නාමය, සිංගප්පූරුව හා හොංකොං යන ප්‍රදේශවලින් හිම් වේ. මේවා අතුරෙන් බ්රුනොයි හා හොංකොං ආශ්‍රේය සාමාජිකයන් වන අතර ඉතිරි රටවල් හා එක්සත් රාජධානිය, ප්‍රංසය, නෙදර්ලන්තය, සෝවියට් සංගමය හා එක්සත් ජනපදය යන රාජ්‍යයෝ ද මෙම ආර්ථික කොමිසමෙහි සාමාජිකත්වය දරති. ප්‍රධාන කාර්යාලය බැංකොක්හි පිහිටියේ ය. | ||
| 25 පේළිය: | 21 පේළිය: | ||
1974 මාර්තු-අප්‍රේල්හි දී මෙරට පැවැත්වුණු තිස්වෙනි සම්මේලන වාරයේ දී මෙහි කටයුතු පුළුල් කර ආසියාව සහ පැසිපික් ප්‍රදේශය පිළිබඳ ආර්ථික හා සමාජ කොමිසම (ESCAP) යනුවෙන් මෙය නම් කැරිණි. | 1974 මාර්තු-අප්‍රේල්හි දී මෙරට පැවැත්වුණු තිස්වෙනි සම්මේලන වාරයේ දී මෙහි කටයුතු පුළුල් කර ආසියාව සහ පැසිපික් ප්‍රදේශය පිළිබඳ ආර්ථික හා සමාජ කොමිසම (ESCAP) යනුවෙන් මෙය නම් කැරිණි. | ||
| − | ලතින් ඇමෙරිකානු ආර්ථික කොමිසම | + | == ලතින් ඇමෙරිකානු ආර්ථික කොමිසම == |
| − | |||
ලතින් ඇමෙරිකානු රාජ්‍යයන්හි ආණ්ඩුවලට ඒ රාජ්‍යයන්ගේ ආර්ථීක සංවර්ධනය පිණිස කටයුතු කිරීමට හා ඒවායේ ජනතාවගේ ජීවන තත්වය වැඩි දියුණු කරගැනීමටත් ආධාර දීමේ අරමුණු ඇතිව 1948 දී මෙම කොමිසම පිහිටුවන ලදි. මෙහි සාමාජිකත්වය හිමි කරගත හැක්කේ ලතින් ඇමෙරිකානු රාජ්‍යවලට ය. ආජන්ටිනා, බොලිවියා, බ්‍රසීලය, චිලී, කොලම්බියා, කොස්ටරිකා, කියුබා, ඩොමිනිකන් ජනරජය, ඉක්වදෝර්, එල් සල්වදෝර්, ගුවාතමාලා, හායිටි, හොණ්ඩ්‍යුරාස්, මෙක්සිකෝ, නිකරගුවා, පැනමා, පැරගුවේ, පේරු, උරුගුවේ, වැනිසියුලා හා ගුයානා යන රාජ්‍ය ලතින් ඇමෙරිකානු රටවල් සේ ගැනේ. | ලතින් ඇමෙරිකානු රාජ්‍යයන්හි ආණ්ඩුවලට ඒ රාජ්‍යයන්ගේ ආර්ථීක සංවර්ධනය පිණිස කටයුතු කිරීමට හා ඒවායේ ජනතාවගේ ජීවන තත්වය වැඩි දියුණු කරගැනීමටත් ආධාර දීමේ අරමුණු ඇතිව 1948 දී මෙම කොමිසම පිහිටුවන ලදි. මෙහි සාමාජිකත්වය හිමි කරගත හැක්කේ ලතින් ඇමෙරිකානු රාජ්‍යවලට ය. ආජන්ටිනා, බොලිවියා, බ්‍රසීලය, චිලී, කොලම්බියා, කොස්ටරිකා, කියුබා, ඩොමිනිකන් ජනරජය, ඉක්වදෝර්, එල් සල්වදෝර්, ගුවාතමාලා, හායිටි, හොණ්ඩ්‍යුරාස්, මෙක්සිකෝ, නිකරගුවා, පැනමා, පැරගුවේ, පේරු, උරුගුවේ, වැනිසියුලා හා ගුයානා යන රාජ්‍ය ලතින් ඇමෙරිකානු රටවල් සේ ගැනේ. | ||
| 33 පේළිය: | 28 පේළිය: | ||
මධ්‍ය ඇමෙරිකානු සහයෝගතා කමිටුව හා වෙළඳ කමිටුව මේ මඟින් පිහිටුවා ඇති ස්ථිර ආයතන දෙකකි. ලතින් ඇමෙරිකානු ආර්ථික කොමිසමේ කටයුතු කරගෙන යාමේ දී එය එ.ජා. මහා ලේකම් කාර්යාලය හා වෙනත් ආයතන ද එ.ජා. ප්‍රාදේශීය කොමිසම් හා විශේෂිත ආයතන ද සමඟ සමීප සමායෝජනයෙන් ක්‍රියා කරයි. | මධ්‍ය ඇමෙරිකානු සහයෝගතා කමිටුව හා වෙළඳ කමිටුව මේ මඟින් පිහිටුවා ඇති ස්ථිර ආයතන දෙකකි. ලතින් ඇමෙරිකානු ආර්ථික කොමිසමේ කටයුතු කරගෙන යාමේ දී එය එ.ජා. මහා ලේකම් කාර්යාලය හා වෙනත් ආයතන ද එ.ජා. ප්‍රාදේශීය කොමිසම් හා විශේෂිත ආයතන ද සමඟ සමීප සමායෝජනයෙන් ක්‍රියා කරයි. | ||
| − | අප්‍රිකා ආර්ථික කොමිසම | + | == අප්‍රිකා ආර්ථික කොමිසම == |
| − | |||
අප්‍රිකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා ද අප්‍රිකානු රටවල් අතරත් ලොව අන් රටවල් හා අප්‍රිකානු රටවල් අතරත් ආර්ථික සබඳතා පවත්වාගැනීම හා ශක්තිමත් කිරීම සඳහා ද එක්ව කටයුතු කිරීම පහසු කිරීමට පියවරගැනීම හා ඒවාට සහභාගි වීම ආදිය අරභයා මෙම ආර්ථික කොමිසම 1958 දී පිහිටුවන ලදි. | අප්‍රිකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා ද අප්‍රිකානු රටවල් අතරත් ලොව අන් රටවල් හා අප්‍රිකානු රටවල් අතරත් ආර්ථික සබඳතා පවත්වාගැනීම හා ශක්තිමත් කිරීම සඳහා ද එක්ව කටයුතු කිරීම පහසු කිරීමට පියවරගැනීම හා ඒවාට සහභාගි වීම ආදිය අරභයා මෙම ආර්ථික කොමිසම 1958 දී පිහිටුවන ලදි. | ||
10:33, 15 මැයි 2026 වන විට නවතම සංශෝධනය
(U.N. Regional Economic Commissions). එ.ජා. ආර්ථික හා සමාජ මණ්ඩලයේ (එක්සත් ජාතීන්ගේ සංවිධානය බ.) උපකාරක ආයතන වශයෙන් ප්‍රාදේශීය ආර්ථික කොමිසම් සතරක් පිහිටුවා ඇත. ඒවා නම් යුරෝපා ආර්ථික කොමිසම (ECE), ආසියාව හා ඈත පෙරදිග ආර්ථික කොමිසම (ECAFE), ලතින් ඇමෙරිකා ආර්ථික කොමිසම (ECLA) හා අප්‍රිකා ආර්ථික කොමිසම (ECA) යන මේවායි.
මෙම ආර්ථික කොමිසම් පිහිටුවීමේ මූලික අරමුණ වූයේ ප්‍රස්තුත ප්‍රදේශයන්හි ආර්ථික ක්‍රියාවලියේ මට්ටම ඔසවා ගැනීමට උදව් වීම හා ඒ එක් එක් ප්‍රදේශයක පිහිටි රටවල් අතරත් එම රටවල් හා ලෝකයේ අන් රටවල් අතරත් ආර්ථික සබඳතා පවත්වාගෙන යාම හා ශක්තිමත් කිරීමත්ය. එ.ජා. ආර්ථික හා සමාජ මණ්ඩලයේ උපකාරක ආයතන වශයෙන් මෙම කොමිසම් විසින් ඒවායේ කටයුතු පිළිබඳව වාර්ෂිකව එම මණ්ඩලයට වාර්තා කළ යුතුය. එක් එක් කොමිසමක ප්‍රධාන විධායක නිලධාරියා වනුයේ එ.ජා. සංවිධානයේ උපලේකම් තත්ත්වය දරන විධායක ලේකම්වරයෙකි.
පටුන
යුරෝපා ආර්ථික කොමිසම
යුරෝපයේ ආර්ථික පුනඃසංස්කරණය සඳහා ද, යුරෝපයේ ආර්ථික කටයුතු මට්ටම එසවීම සඳහා ද යුරෝපීය රටවල් අතරත් ලෝකයේ අන් රටවල් හා යුරෝපීය රටවල් අතරත් ආර්ථික සම්බන්ධතා පවත්වාගෙන යාම හා ශක්තිමත් කිරීම සඳහා ද එක් ව කටයුතු කිරීම පහසු කිරීමට පියවර ගැනීම හා සහභාගී වීම අරභයා 1947 දී එ.ජා. ආර්ථික හා සමාජ මණ්ඩලය විසින් යුරෝපා ආර්ථික කොමිසම පිහිටුවන ලදි. දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව ඇතැම් වෙළඳ භාණ්ඩ සම්බන්ධයෙන් ඇති වූ බලවත් හිඟයත් තව සමහරක් සම්බන්ධයෙන් පැවති අතිරික්තයත් නිසා යුරෝපයේ ජාත්‍යන්තර සහයෝගිතාව අත්‍යවශ්‍ය බව වැටහී යාම, ආර්ථික හා සමාජ මණ්ඩලය මෙම යුරෝපා ආර්ථික කොමිසම පිහිටුවීමෙහි මෙහෙය වන ලද බව පෙනේ. අත්හදා බැලීමක් වශයෙන් ආරම්භ කරනු ලැබූ මෙම කොමිසම එ.ජා. සංවිධානයේ නිත්‍ය ආයතනයක් බවට පත් වී ඇත.
කොමිසම යුරෝපයේ කෘෂිකර්ම ප්‍රශ්න, ගල් අඟුරු, විදුලි බලය, ගෑස්, දේශාභ්‍යන්තර ප්‍රවාහණය, වානේ, දැව, වෙළඳ සංවර්ධනය, නිවාස ගොඩනැඟිලි ඉදි කිරීම හා සැලැස්ම කරණය, සංඛ්‍යා ලේඛන යන අංශයන්හි කටයුතු නිත්‍ය කාරක සභා මගින් කරයි. එය වාර්ෂික ව එක් පොදු රැස්වීමක් පවත්වන අතර එහි උපකාරක ආයතනවල රැස්වීම් වර්ෂය පුරා පැවැත්වේ.
යුරෝපා ආර්ථික කොමිසම වෙනත් ප්‍රාදේශීය ආර්ථික කොමිසම් සමඟත්, එ.ජා. විශේෂිත ආයතන සමඟත්, එ.ජා. වෙළඳ හා සංවර්ධන සම්මේලනය (UNCTAD) සමගත් එහි කටයුතු ගැන ඕනෑකමක් දක්වන ආණ්ඩුවලට සම්බන්ධ වූ හා නොවූ ආයතන සමඟත් සමීප සම්බන්ධතාවෙන් කටයුතු කරයි. අයර්ලන්තය, අයිස්ලන්තය, ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය, ඇල්බේනියාව, ඉතාලිය, එක්සත් රාජධානිය, ඩෙන්මාර්කය, තුර්කිය, නෙදර්ලන්තය, නෝර්වේ, පෝලන්තය, පින්ලන්තය, පෘතුගාලය, ප්‍රංසය, බල්ගේරියාව, බ්‍යෙලෝ රුසියාව, බෙල්ජියම, මෝල්ටාව, යුක්රේන්, යුගෝස්ලාවියාව, රුමේනියාව, ලක්සම්බර්ග්, සයිප්‍රස්, සෝවියට් සංගමය, ස්පාඤ්ඤය හා ස්වීඩනය යන මේ රටවල් යු.ආ. කොමිසමේ සාමාජිකත්වය දරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක් නොවන ස්විට්සර්ලන්තය උපදේශක තත්ත්වයෙන් කොමිසමේත් එහි උපකාරක ආයතනවලත් රැස්වීම්වලට සහභාගි වේ.
කොමිසමේ කාර්මික ආධාර කාර්යාලයේ අභ්‍යාස පන්ති පැවැත්වේ. යුරෝපයෙන් පිට සංවර්ධනය වන රටවල බොහෝ දෙන ද මෙහි පුහුණුව ලබති. අධිශිෂ්‍යත්ව පදනමක් උඩ යු.ආ.කො. විසින් සංවර්ධනය වෙමින් පවත්නා රටවල් 80ක පමණ විශේෂඥයන් 750ක් පමණ වූ සංඛ්‍යාවක් සඳහා යුරෝපා රටවල අධ්‍යයන සුදානම් කරනු ලැබේ. කොමිසමේ ලේකම් කාර්යාලය එ.ජා. ආර්ථීක හා සමාජ කටයුතු අංශයෙහි ම කොටසක් ව පවතින අතර ජිනීවා හි එ.ජා. කාර්යාලයෙහි පහසුකම්වල ප්‍රයෝජනය එයට ලැබේ.
ආසියා හා ඈත පෙරදිග ආර්ථික කොමිසම
(ECAFE) එ.ජා. ආර්ථික හා සමාජ මණ්ඩලය 1947 දී මෙම ප්‍රාදේශීය ආර්ථික කොමිසම පිහිටුවීය. මෙයට ඇතුළත් වන භූගෝලීය බල ප්‍රදේශය ඇෆ්ඝනිස්ථානය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉරානය, කාම්බෝජය (ඛමේර්), කොරියාව, චීනය, ජපානය, නවසීලන්තය, නේපාලය, තායිලන්තය, පකිස්තානය, පිලිපීනය, බටහිර සැමෝවා, බුරුමය, බ්රුනොයි, මලයාසියාව, මහාද්වීපික ඕස්ට්‍රේලියාව, මොංගෝලියාව, ශ්‍රී ලංකාව, ලාඕසය, වියට්නාමය, සිංගප්පූරුව හා හොංකොං යන ප්‍රදේශවලින් හිම් වේ. මේවා අතුරෙන් බ්රුනොයි හා හොංකොං ආශ්‍රේය සාමාජිකයන් වන අතර ඉතිරි රටවල් හා එක්සත් රාජධානිය, ප්‍රංසය, නෙදර්ලන්තය, සෝවියට් සංගමය හා එක්සත් ජනපදය යන රාජ්‍යයෝ ද මෙම ආර්ථික කොමිසමෙහි සාමාජිකත්වය දරති. ප්‍රධාන කාර්යාලය බැංකොක්හි පිහිටියේ ය.
ආසියා හා ඈත පෙරදිග ආර්ථික කොමිසම පිහිටුවීමෙහි ලා මුල් වූ අරමුණු හා එයට අයත් කාර්යය සීමාව සංක්‍ෂේපයෙන් මෙසේය: (1) ආසියාවේ හා ඈත පෙරදිග ආර්ථික කටයුතුවල මට්ටම ඔසවා ලීම සඳහා ද එම ප්‍රදේශවල වූ රටවල් එකිනෙක අතරත් එම රටවල් හා ලෝකයේ අන් රටවල් අතරත් ආර්ථික සම්බන්ධතා පවත්වාගෙනයාම හා ශක්තිමත් කිරීම සඳහා ද එක්ව කටයුතු කිරීම පහසු කිරීමේ පියවර ගැනීම හා ඒවාට සහභාගි වීම, (2) ආර්ථික ප්‍රශ්න හා ශිල්ප කර්මාන්ත පිළිබඳ ප්‍රශ්න ගැන අධ්‍යයන විමංසන පැවැත්වීම, ආර්ථික, ශිල්ප කර්මාන්ත හා සංඛ්‍යා ලේඛනමය තොරතුරු එකතු කිරීම, ආනයනය හා බෙදාහැරීම මේ ප්‍රදේශවල රාජ්‍යවලට අවශ්‍ය වන එහෙත් විශේෂිත ආයතන මගින් හෝ එ.ජා කාර්මික ආධාර වැඩ පිළිවෙළ යටතේ හෝ සැලසෙන සේවාවන් හා නොගැටෙන උපදේශක සේවා සැලසීම, (3) කාර්මික ආධාර ක්ෂේත්‍රයේ ප්‍රශ්න ද ඇතුළත් ආර්ථික ප්‍රශ්න සම්බන්ධයෙන් ප්‍රදේශය තුළ ආර්ථික හා සමාජ මණ්ඩලය විසින් ඉටු කළ යුතු කාර්යයන්හි දී එයට ආධාර දීම, (4) ආර්ථික සංවර්ධනයේ සමාජ අංශය ගැනත් ආර්ථික හා සමාජ සාධකයන්ගේ සම්බන්ධතාව ගැනත් කටයුතු කිරීම යන මේයි.
කොමිසමේ කටයුතු එහි වාර්ෂික රැස්වීම් වාරය සහ එහි ප්‍රධාන කාරක සභා හා අනුමණ්ඩල යන මේවායේ රැස්වීම් මගින් සිදු කෙරේ. කර්මාන්ත හා ස්වාභාවික ධන සම්පත් කමිටුව, වෙළඳ කමිටුව දේශාභ්‍යන්තර ප්‍රවාහණ හා සංදේශ කමිටුව යනුවෙන් කොමිසමේ ස්ථාවර කාරක සභා තුනක් වේ. කාර්මිකකරණය පිළිබඳ ආසියානු සම්මේලනය, ආසියානු ආර්ථික සැලසුම්කරුවන්ගේ සම්මේලනය, ආසියානු සංඛ්‍යාලේඛන විද්‍යාඥයන්ගේ සම්මේලනය හා ජල සම්පත් සංවර්ධනය පිළිබඳ ප්‍රාදේශීය සම්මේලනය යන නිත්‍ය ප්‍රාදේශීය මණ්ඩල සතරක් ද ගොඩනැඟී ඇත. ආසියා හා ඈත පෙරදිග ආර්ථික කොමිසමේ මූලිකත්වය නිසා ඇති වූ නව ආයතන කීපයක් ද වේ. 1966 දී මැනිලාහි පිහිටුවන ලද ආසියානු සංවර්ධන බැංකුව ආර්ථීක සංවර්ධනය හා සැලැස්මකරණය පිළිබඳ ආසියානු ආයතනය (1964 බැංකොක්), ආසියානු මහා මාර්ග සමායෝජන කමිටුව (බැංකොක්) යන මේවායි.
1974 මාර්තු-අප්‍රේල්හි දී මෙරට පැවැත්වුණු තිස්වෙනි සම්මේලන වාරයේ දී මෙහි කටයුතු පුළුල් කර ආසියාව සහ පැසිපික් ප්‍රදේශය පිළිබඳ ආර්ථික හා සමාජ කොමිසම (ESCAP) යනුවෙන් මෙය නම් කැරිණි.
ලතින් ඇමෙරිකානු ආර්ථික කොමිසම
ලතින් ඇමෙරිකානු රාජ්‍යයන්හි ආණ්ඩුවලට ඒ රාජ්‍යයන්ගේ ආර්ථීක සංවර්ධනය පිණිස කටයුතු කිරීමට හා ඒවායේ ජනතාවගේ ජීවන තත්වය වැඩි දියුණු කරගැනීමටත් ආධාර දීමේ අරමුණු ඇතිව 1948 දී මෙම කොමිසම පිහිටුවන ලදි. මෙහි සාමාජිකත්වය හිමි කරගත හැක්කේ ලතින් ඇමෙරිකානු රාජ්‍යවලට ය. ආජන්ටිනා, බොලිවියා, බ්‍රසීලය, චිලී, කොලම්බියා, කොස්ටරිකා, කියුබා, ඩොමිනිකන් ජනරජය, ඉක්වදෝර්, එල් සල්වදෝර්, ගුවාතමාලා, හායිටි, හොණ්ඩ්‍යුරාස්, මෙක්සිකෝ, නිකරගුවා, පැනමා, පැරගුවේ, පේරු, උරුගුවේ, වැනිසියුලා හා ගුයානා යන රාජ්‍ය ලතින් ඇමෙරිකානු රටවල් සේ ගැනේ.
කොමිසමේ මූලස්ථානය චිලී රටේ සන්තියාගෝහි පිහිටුවා ඇත. මෙම ආර්ථික කොමිසමේ ලේකම් කාර්යාලය ආර්ථික සංවර්ධනය හා පර්යේෂණ වෙළඳ ප්‍රතිපත්ති, සමාජ කටයුතු සංඛ්‍යාලේඛන, පරිපාලන හා කෘෂිකර්ම යන අංශවලට බෙදා ඇත.
මධ්‍ය ඇමෙරිකානු සහයෝගතා කමිටුව හා වෙළඳ කමිටුව මේ මඟින් පිහිටුවා ඇති ස්ථිර ආයතන දෙකකි. ලතින් ඇමෙරිකානු ආර්ථික කොමිසමේ කටයුතු කරගෙන යාමේ දී එය එ.ජා. මහා ලේකම් කාර්යාලය හා වෙනත් ආයතන ද එ.ජා. ප්‍රාදේශීය කොමිසම් හා විශේෂිත ආයතන ද සමඟ සමීප සමායෝජනයෙන් ක්‍රියා කරයි.
අප්‍රිකා ආර්ථික කොමිසම
අප්‍රිකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා ද අප්‍රිකානු රටවල් අතරත් ලොව අන් රටවල් හා අප්‍රිකානු රටවල් අතරත් ආර්ථික සබඳතා පවත්වාගැනීම හා ශක්තිමත් කිරීම සඳහා ද එක්ව කටයුතු කිරීම පහසු කිරීමට පියවරගැනීම හා ඒවාට සහභාගි වීම ආදිය අරභයා මෙම ආර්ථික කොමිසම 1958 දී පිහිටුවන ලදි.
අප්‍රිකානු මහාද්වීපය කොමිසමට අයත් භූගෝලීය ප්‍රදේශයයි. මෙම ප්‍රදේශයේ වූ ස්වාධීන නොවන රටවලට ද පෘතුගාලය හැර එකී රටවල ජාත්‍යන්තර සම්බන්ධතාව පිළිබඳව වග කිවයුතු විදේශ ජාතීන්ට ද ආශ්‍රේය සාමාජිකත්වය හිමිය. එහෙත් එම විදේශ ජාතීන්ට එම ප්‍රදේශවල භූමිය සම්බන්ධ වගකීමක් නැති වූ කල සාමාජිකත්වය අහෝසි වී යයි. ඒ අනුව සෝමාලිය නිදහස ලැබූ පසු ඉතාලියේත්, රුවාන්දා හා බුරුන්දි නිදහස දිනාගැනීමෙන් පසු බෙල්ජියමේත් සාමාජිකත්වය නැති වී ගියේය.
පුහුණු මිනිස් ශ්‍රමය නොමැතිකම අප්‍රිකාවේ සංවර්ධනයට එරෙහි වූ මූලික බාධාවක් බව මුලදී ම තේරුම් ගත් මෙම ආර්ථික කොමිසම එ.ජා. කාර්මික ආධාර වැඩ පිළිවෙළෙහි ආධාර ඇතිව අප්‍රිකානු සංඛ්‍යා විද්‍යාඥයන් පුහුණු කිරීමේ මධ්‍යස්ථාන තුනක් එම මහාද්වීපයේ තැන තැන ඇති කෙළේය. ඒ සමඟ ම කොමිසම මිනිස් බලය සැලසුම් කිරීමේ ක්‍රම පිළිබඳ අභ්‍යාස පන්ති පැවැත්වීය. ආර්ථික සංවර්ධනයේ විවිධ අංශයන්හි දේශන පන්ති හා අභ්‍යාස පාඩම් මාලා පැවැත්වීමෙන් ද අභ්‍යාස ක්‍රම හා ඉගැන්වීමේ උපකරණ පිළිබඳ වැඩපළවල් සංවිධානය කිරීමෙන් ද වෙනත් නොයෙක් මාර්ගවලින් ද මෙම කොමිසම අප්‍රිකානු රටවල සංවර්ධනය පිණිස කටයුතු කරයි.
අප්‍රිකා ආර්ථික කොමිසම විශේෂයෙන් එ.ජා. සංවර්ධන වැඩ පිළිවෙළ මගින් අරඹා ක්‍රියාත්මක කැරෙන කාර්මික ආධාර වැඩපිළිවෙළවල් සමඟ සමීප සහයෝගතාවෙන් ක්‍රියා කරයි. අප්‍රිකාවේ ජනගහනයෙන් 75%ක් පමණ ගොවිතැනේ යෙදී සිටින්නන් බැවින් කෘෂිකර්මය ගැන මෙම කොමිසම විශාල උනන්දුවක් දක්වයි. මේ සම්බන්ධයෙන් එහි මූලික වෑයම් වනුයේ පරිභෝග ගොවිතැනින් වෙළඳාම සඳහා කරන ගොවිතැනට මාරුවීම වැඩී වර්ධනය කරලීමය. අන්තර් අප්‍රිකා වෙළඳාම නංවාලීම ගැන ද මෙම ආර්ථික කොමිසම උනන්දු වෙයි. 1964 දී අප්‍රිකා සංවර්ධන බැංකුව අයිවරි කෝස්ට්හි අබිජාන්හි පිහිටුවන ලද්දේ මෙම කොමිසම මගිනි.
(සංස්කරණය: 1974)