"එන්ටැමීබා" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
 
1 පේළිය: 1 පේළිය:
[[ගොනුව:5-279.jpg|400px|right]](Entamoeba). පරපෝෂිත ඇමීබා ගණයකි. පෘෂ්ඨ වංශීන්ගේ ජීරණ කාර්ෂයෙහි අන්තඃපරපෝෂිතයන් වශයෙන් මොවුහු ජීවත් වෙති. එන්ටැමීබා හිස්ටොලිටිකා (Entamoeba histolytica), එ. කෝලි (E. coli), එ. ගින්ගිවාලිස් (E. Gingivalis) හා එ. ඉන්වලෙන්ස් (E. invalens) හොඳින් දන්නා විශේෂයෝයි. පළමු විශේෂ දෙක මිනිසාගේ බඩවැලෙහි ජීවත් වෙති. එ. ගින්ගිවාලිස් මිනිසාගේ මුඛයෙහි ජීවත් වේ. එ. ඉන්වලෙන්ස් උරගයන්ගේ බඩවැලෙහි ජීවත් වේ. එ. හිස්ටොලිටිකා විශේෂය [[ඇමීබා රෝගය]] (බ.) ඇති කරන ව්‍යාධිජනකයකි (pathogen). එ. කෝලි හා එ. ගින්ගිවාලිස් විශේෂ දෙක බැක්ටීරියා හා යීස්ට් යනාදිය ආහාරයට ගන්නා අහිංසක අන්තඃසහභෝජීන් (entocommensals) සේ සැලකිය හැකිය.  
+
[[ගොනුව:5-279.jpg|200px|right]](Entamoeba). පරපෝෂිත ඇමීබා ගණයකි. පෘෂ්ඨ වංශීන්ගේ ජීරණ කාර්ෂයෙහි අන්තඃපරපෝෂිතයන් වශයෙන් මොවුහු ජීවත් වෙති. එන්ටැමීබා හිස්ටොලිටිකා (Entamoeba histolytica), එ. කෝලි (E. coli), එ. ගින්ගිවාලිස් (E. Gingivalis) හා එ. ඉන්වලෙන්ස් (E. invalens) හොඳින් දන්නා විශේෂයෝයි. පළමු විශේෂ දෙක මිනිසාගේ බඩවැලෙහි ජීවත් වෙති. එ. ගින්ගිවාලිස් මිනිසාගේ මුඛයෙහි ජීවත් වේ. එ. ඉන්වලෙන්ස් උරගයන්ගේ බඩවැලෙහි ජීවත් වේ. එ. හිස්ටොලිටිකා විශේෂය [[ඇමීබා රෝගය]] (බ.) ඇති කරන ව්‍යාධිජනකයකි (pathogen). එ. කෝලි හා එ. ගින්ගිවාලිස් විශේෂ දෙක බැක්ටීරියා හා යීස්ට් යනාදිය ආහාරයට ගන්නා අහිංසක අන්තඃසහභෝජීන් (entocommensals) සේ සැලකිය හැකිය.  
  
 
මේ ඇමීබා විශේෂවල ව්‍යූහය ඇමීබා ගණයට අයත් සාමාන්‍ය ඇමීබා විශේෂවල ව්‍යූහයට සමානය ([[ඇමීබා]] බ.). රුධිරාණු (blood corpuscles), බැක්ටීරියා, යීස්ට්, පටක කැබලි යනාදිය මුන්ගේ ආහාර වේ. සාමාන්‍ය ද්විඛණ්ඩනයෙන් (binary fission) මුන් බෝ වී ඊට පසු කුඩා පුරඃකෝෂ්ඨ (precystic) අවස්ථා ඇති වේ. අවසානයේ දී මොවුන්ගෙන් න්‍යෂ්ටි 4කින් යුත් සිනිඳු ගෝලාකාර කෝෂ්ඨ ඇති වේ. කෝෂ්ඨයකින් න්‍යෂ්ටි 4කින් යුත් ඇමීබාවෙක් ඇති වේ. අවසානයේ දී මේ ඇමීබාවා අනූනන ලෙස විභාජනය වී උගෙන් ඒක න්‍යෂ්ටික කුඩා ඇමීබියුලා අටදෙනෙක් සෑදෙති.
 
මේ ඇමීබා විශේෂවල ව්‍යූහය ඇමීබා ගණයට අයත් සාමාන්‍ය ඇමීබා විශේෂවල ව්‍යූහයට සමානය ([[ඇමීබා]] බ.). රුධිරාණු (blood corpuscles), බැක්ටීරියා, යීස්ට්, පටක කැබලි යනාදිය මුන්ගේ ආහාර වේ. සාමාන්‍ය ද්විඛණ්ඩනයෙන් (binary fission) මුන් බෝ වී ඊට පසු කුඩා පුරඃකෝෂ්ඨ (precystic) අවස්ථා ඇති වේ. අවසානයේ දී මොවුන්ගෙන් න්‍යෂ්ටි 4කින් යුත් සිනිඳු ගෝලාකාර කෝෂ්ඨ ඇති වේ. කෝෂ්ඨයකින් න්‍යෂ්ටි 4කින් යුත් ඇමීබාවෙක් ඇති වේ. අවසානයේ දී මේ ඇමීබාවා අනූනන ලෙස විභාජනය වී උගෙන් ඒක න්‍යෂ්ටික කුඩා ඇමීබියුලා අටදෙනෙක් සෑදෙති.

12:27, 18 ජූනි 2026 වන විට නවතම සංශෝධනය

5-279.jpg
(Entamoeba). පරපෝෂිත ඇමීබා ගණයකි. පෘෂ්ඨ වංශීන්ගේ ජීරණ කාර්ෂයෙහි අන්තඃපරපෝෂිතයන් වශයෙන් මොවුහු ජීවත් වෙති. එන්ටැමීබා හිස්ටොලිටිකා (Entamoeba histolytica), එ. කෝලි (E. coli), එ. ගින්ගිවාලිස් (E. Gingivalis) හා එ. ඉන්වලෙන්ස් (E. invalens) හොඳින් දන්නා විශේෂයෝයි. පළමු විශේෂ දෙක මිනිසාගේ බඩවැලෙහි ජීවත් වෙති. එ. ගින්ගිවාලිස් මිනිසාගේ මුඛයෙහි ජීවත් වේ. එ. ඉන්වලෙන්ස් උරගයන්ගේ බඩවැලෙහි ජීවත් වේ. එ. හිස්ටොලිටිකා විශේෂය ඇමීබා රෝගය (බ.) ඇති කරන ව්‍යාධිජනකයකි (pathogen). එ. කෝලි හා එ. ගින්ගිවාලිස් විශේෂ දෙක බැක්ටීරියා හා යීස්ට් යනාදිය ආහාරයට ගන්නා අහිංසක අන්තඃසහභෝජීන් (entocommensals) සේ සැලකිය හැකිය.

මේ ඇමීබා විශේෂවල ව්‍යූහය ඇමීබා ගණයට අයත් සාමාන්‍ය ඇමීබා විශේෂවල ව්‍යූහයට සමානය (ඇමීබා බ.). රුධිරාණු (blood corpuscles), බැක්ටීරියා, යීස්ට්, පටක කැබලි යනාදිය මුන්ගේ ආහාර වේ. සාමාන්‍ය ද්විඛණ්ඩනයෙන් (binary fission) මුන් බෝ වී ඊට පසු කුඩා පුරඃකෝෂ්ඨ (precystic) අවස්ථා ඇති වේ. අවසානයේ දී මොවුන්ගෙන් න්‍යෂ්ටි 4කින් යුත් සිනිඳු ගෝලාකාර කෝෂ්ඨ ඇති වේ. කෝෂ්ඨයකින් න්‍යෂ්ටි 4කින් යුත් ඇමීබාවෙක් ඇති වේ. අවසානයේ දී මේ ඇමීබාවා අනූනන ලෙස විභාජනය වී උගෙන් ඒක න්‍යෂ්ටික කුඩා ඇමීබියුලා අටදෙනෙක් සෑදෙති.

එන්ටැමීබා හිස්ටොලිටිකා ගණයේ ඇමීබාකාර අවස්ථා µ 20 සිට 30 පමණ දිගය. මේ විශේෂයේ සංචරණය එ. කෝලිගේ සංචරණයට වඩා ශීඝ්‍රය. උන්ගේ ව්‍යාජ පාද සාමාන්‍යයෙන් පැහැදිලිය. මිනිස් මලවල දක්නට ලැබෙන එ. හිස්ටොලිටිකාගේ ආහාර රික්තකවල රතු රුධිරාණු හෝ වෙනත් පටක කැබලි හෝ තිබෙන්නට පුළුවන. ඒවායේ බැක්ටීරියා දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. සායම් කරන ලද න්‍යෂ්ටියෙහි කුඩා මාධ්‍ය අන්තර් දේහයක් (endosome) ද පටලය සමීපයෙහි සිනිඳු පර්යන්ත කණිකා ද දක්නට ලැබේ. බොහෝ සෙයින් ගෝලාකාර වූ කෝෂ්ඨවල විෂ්කම්භය µ 6 සිට 20 දක්වා පමණ වේ. ළපටි කෝෂ්ඨවල ග්ලයිකජන් තිබේ. එහෙත් කෝෂ්ඨ පරිණත වන විට ඒවායේ ග්ලයිකජන් නැති වේ. ඇතැම් විට ඒක න්‍යෂ්ටික කෝෂ්ඨයක කොපමණ ග්ලයිකජන් තිබේ දැයි කිවහොත් න්‍යෂ්ටිය පෘෂ්ඨය දෙසට තල්ලු වී තිබේ. පරිණත කෝෂ්ඨයෙහි සාමාන්‍යයෙන් න්‍යෂ්ටි 4කි; කලාතුරකින් න්‍යෂ්ටි 8ක් හෝ ඊට වැඩි ගණනක් තිබේ. කෝෂ්ඨයෙන් බිහි වීමට පැය 12ක සිට 18ක පමණ කාලයක් ගත වේ. එක කෝෂ්ඨයකින් කුඩා ඇමීබාවෝ 8 දෙනෙක් බිහි වෙති.

එ. කෝලිගේ ඇම්බාකාර අවස්ථා µ 15 සිට 40 පමණ දිගය. මුන් සංචරණය කරන්නේ හෙමින්ය. ව්‍යාජපාද බොහෝවිට කණිකාමය වේ. ඒවා මොට්ටය. බැක්ටීරියා හා අන්ත්‍රවලින් ආ වෙනත් ද්‍රව්‍ය ද ආහාර රික්තවල අඩංගු වේ. කෝෂ්ඨවල විෂ්කම්භය µ 10 ක සිට 38ක් පමණ වේ. එ. කෝලි විශේෂය වඳුරන්ගේ අන්ත්‍රවලත් ජීවත් වේ. මේ විශේෂය සාමාන්‍යයෙන් අහිංසක විශේෂයක් සේ සලකනු ලැබුවත් නොයෙක් ආමාශආන්ත්‍රික ආබාධ මුගෙන් ඇති වන බව ද වාර්තා කොට ඇත.

මිනිස් ශරීරය තුළ ජීවත්වන ඇමීබා විශේෂවලින් පළමුවෙන් සොයා ගන්නා ලද්දේ ඒ. ගින්ගිවාලිස්ය. මූ දිගෙන් µ 6 සිට 60 දක්වා විය හැකිය. ව්‍යාජ පාද සාමාන්‍යයෙන් පැහැදිලිය. මුන් බොහෝ දෙනකුගේ ආහාර රික්තකවල සුදු රුධිරාණු (leucocytes) හා බැක්ටීරියා ද දක්නට ලැබේ. නීරෝගී මුඛයක මේ ඇමීබා විශේෂ දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. දත්මුල් දියව යැමෙන් හෙවත් ‘පයරියා’ රෝගයෙන් පෙළෙන්නවුන්ගේත් වයසට යන්නවුන්ගේත් මුඛයෙහි මේ ඇමීබා විශේෂය බහුලය. එ. ගින්ගිවාලීස්වල කෝෂ්ඨ දක්නට නොලැබේ.

එක් මිනිස් ශරීරයකින් වෙනත් මිනිස් ශරීරයකට එ. හිස්ටොලිටිකා හා එ. කෝලි විශේෂ සම්ප්‍රේෂණය වන්නේ ශරීරයෙන් පහ කරන මිනිස් මලවල තිබෙන මේ ඇමීබා විශේෂවල කෝෂ්ඨ මගිනි. එ. ගින්ගිවාලිස් සම්ප්‍රේෂණය වන්නේ පෝෂ ජීවීන් (trophozoites) මගිනි.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=එන්ටැමීබා&oldid=11237" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි