"ඔර්ලෙයොං" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(Orleans). ප්‍රංස ආදිපාද පෙළපතකි. බූර්බොං හා වල්වා (Valo...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(නොපෙන්වන එම පරිශීලකයා මගින් අතරමැදි සංස්කරණ 3ක්)
5 පේළිය: 5 පේළිය:
 
1626 දී ලුවී XIII රජු විසින් සිය සහෝදර ගස්තොං ඔර්ලෙයොං ඈපා හැටියට පත් කරන ලදි. 1661 දී ලුවී XIV රජු විසින් එම ඈපා පදවිය පවරනු ලැබූ රජුගේ සහෝදර ෆිලිප්ගෙන් බූර්බොං-ඔර්ලෙයොං නමින් හැඳින්වෙන පරපුර ආරම්භ විය. 1830 දී ලුවී ෆිලිප් නමින් ප්‍රංසයේ රජ වූයේ මේ පෙළපතේ ආදිපාදවරයෙකි.
 
([[ඔර්ලෙයොංහි ෂාර්ල්]], [[ෆිලිප් II]] සහ [[ලුවී ෆිලිප් ජොසෙෆ්]] යන ආදිපාදවරුන් ගැන වෙන ම ලිපි පළ වේ).
+
([[ඔර්ලෙයොං ආදිපාද ෂාර්ල්]], [[ෆිලිප් II]] සහ [[ඔර්ලොයොං ආදිපාද ලුවී ෆිලිප් ජොසෙෆ්]] යන ආදිපාදවරුන් ගැන වෙන ම ලිපි පළ වේ).
  
(සංස්කරණය: 1974)
 
(සංස්කරණය: 1974)

10:16, 4 අගෝස්තු 2026 වන විට නවතම සංශෝධනය

(Orleans). ප්‍රංස ආදිපාද පෙළපතකි. බූර්බොං හා වල්වා (Valois) රාජවංශයන්ට කිට්ටු සම්බන්ධයක් ඇති මේ පෙළපතෙහි ආරම්භය ඇති වූයේ 14 වන සියවසේ අග කොටසේ දී ප්‍රංසයේ ෆිලිප් VI රජු විසින් ඔහු පුත් ෆිලිප් කුමරු ඔර්ලෙයොංහි ඈපා හැටියට පත් කිරීමෙනි. ඔර්ලෙයොං පෙළපතෙහි සමහර ආදිපාදවරු ප්‍රංසයේ රජකම ද ඉසුලූහ.

1375 දී පළමු ඔර්ලෙයොං ආදිපාදයා මිය ගිය පසු ෂාර්ල් V රජුගේ බාල පුත්‍රයා වූ ලුවී කුමරු 1392 දී දෙවන ඔර්ලෙයොං ආදිපාදයා හැටියට පත් කරනු ලැබීය. මොහුගේ ඇවෑමෙන් එම පදවිය හිමි වූයේ සුප්‍රසිද්ධ කවියකු වූ ෂාර්ල් නමැති ඔහුගේ පුත්‍රයාටය. ෂාර්ල්ගේ පුත්‍ර ලුවී ආදිපාදවරයා 1498 දී ලුවී XII නමින් ප්‍රංසයේ සිංහාසනාරූඪ වූ අවස්ථාවේ දී ඔර්ලෙයොං ඈපා පෙදෙස ඔටුන්නට අයත් ප්‍රදේශයට ම එකතු කරනු ලැබීය. ඔර්ලෙයොං ඈපා පදවිය ද අහෝසි විය. 1589 දී මියගිය හෙන්රි III දක්වා ප්‍රංස කිරුළ දැරුවේ මේ පරපුරේ අයය. මේ පෙළපත වල්වා-ඔර්ලෙයොං පරපුර නමින් හැඳින්විණ.

1626 දී ලුවී XIII රජු විසින් සිය සහෝදර ගස්තොං ඔර්ලෙයොං ඈපා හැටියට පත් කරන ලදි. 1661 දී ලුවී XIV රජු විසින් එම ඈපා පදවිය පවරනු ලැබූ රජුගේ සහෝදර ෆිලිප්ගෙන් බූර්බොං-ඔර්ලෙයොං නමින් හැඳින්වෙන පරපුර ආරම්භ විය. 1830 දී ලුවී ෆිලිප් නමින් ප්‍රංසයේ රජ වූයේ මේ පෙළපතේ ආදිපාදවරයෙකි.

(ඔර්ලෙයොං ආදිපාද ෂාර්ල්, ෆිලිප් II සහ ඔර්ලොයොං ආදිපාද ලුවී ෆිලිප් ජොසෙෆ් යන ආදිපාදවරුන් ගැන වෙන ම ලිපි පළ වේ).

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඔර්ලෙයොං&oldid=11502" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි