"ඒමයිල් මද්යසාර" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('C5 H11OH ආනුභවික සූත්රයෙන් දැක්වෙන මද්යසාර (බ.)...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| (නොපෙන්වන එම පරිශීලකයා මගින් අතරමැදි සංස්කරණ 2ක්) | |||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | + | [[ගොනුව:5-421-1.jpg|60px]] ආනුභවික සූත්රයෙන් දැක්වෙන [[මද්යසාර]] (බ.) මෙනමි. කාබන් පරමාණු එකිනෙකට සම්බන්ධ වී ඇති ආකාරය හා හයිඩ්රොක්සයිල් ඛණ්ඩකය (-OH) සම්බන්ධිත ස්ථානය අනුව සෛද්ධාන්තිකව ලබා ගත හැකි ඒමයිල් මද්යසාර අටකි. ඒවා පහත දැක්වෙයි. | |
| − | + | [[ගොනුව:5-421.jpg|800px|centre]] | |
සාමාන්ය උෂ්ණත්වයෙහි දී ඝන ද්රව්යයක් වූ 2,2 ඩයිමීතයිල්-1-ප්රොපනෝල් හැර අනෙක් සියලු ඒමයිල් මද්යසාර පැහැයක් නොමැති පැහැදිලි සචල ද්රවය. ඒමයිල් මද්යසාරය අල්ප වශයෙන් ජලයේ ද්රාව්යය. මේවායේ ගුණ මද්යසාරවල ගුණ මෙනි. මද්යසාර නිෂ්පාදනයෙහි දී අතුරු ඵලයක් වශයෙන් ලැබෙන පියුසල් (fusel) තෙලෙහි ඒමයිල් මද්යසාර තිබේ. ඇල්කොහොලීය පැසීමෙහි දී ඒ සඳහා යෙදෙන ප්රාරම්භක ද්රව්යයන්හි ඇති ප්රෝටීන් බිඳී යාමෙන් සෑදෙන වැඩි පරමාණුක භාර සහිත මද්යසාර සුළු ප්රමාණයක් අන්තර්ගත කොටස පියුසල් තෙල නමින් හැඳින්වෙයි. මෙම තෙලෙහි ප්රධාන සංඝටකය අයිසො ඒමයිල් මද්යසාරයයි. පියුසල් තෙලෙන් ඒමයිල් මද්යසාර නිස්සාරණය කිරීමෙහි දී තෙල ප්රබල කරදිය ද්රාවණයක් සමඟ සොලවා මෙහි ආසවනය කරනු ලැබේ. මෙහි දී සෙ.125°-140°ත් අතර ලැබෙන ආසුතය උණු හුණු දියර මිශ්රණයක හොඳින් සොලවා තැන්පත් වීමට හැරීමෙන් ලැබෙන තෙල් තට්ටුව වෙන් කොට කැල්සියම් ක්ලෝරයිඩ් යොදා වියළීමෙන් පසු නැවත ආසවනය කිරීමෙහි දී සෙ.128°-132°ත් අතර ලැබෙන ආසුතය ඒමයිල් මද්යසාරයි. මෙහි 85%ක් පමණ 3-මීතයිල්-1-බියුටනෝල් (අයිසො ඒමයිල් මද්යසාරය) හා 15%ක් පමණ 2-මීතයිල්-1-බියුටනෝල් තිබේ. වාණිජ අවශ්යතාවන් පිරිමසාලීමට පියුසල් තෙලෙන් ලැබෙන ඒමයිල් මද්යසාර ප්රමාණවත් නොවන හෙයින් සංශ්ලේෂණ ක්රම යොදා ද ඒමයිල් මද්යසාර නිපදවනු ලැබේ. | සාමාන්ය උෂ්ණත්වයෙහි දී ඝන ද්රව්යයක් වූ 2,2 ඩයිමීතයිල්-1-ප්රොපනෝල් හැර අනෙක් සියලු ඒමයිල් මද්යසාර පැහැයක් නොමැති පැහැදිලි සචල ද්රවය. ඒමයිල් මද්යසාරය අල්ප වශයෙන් ජලයේ ද්රාව්යය. මේවායේ ගුණ මද්යසාරවල ගුණ මෙනි. මද්යසාර නිෂ්පාදනයෙහි දී අතුරු ඵලයක් වශයෙන් ලැබෙන පියුසල් (fusel) තෙලෙහි ඒමයිල් මද්යසාර තිබේ. ඇල්කොහොලීය පැසීමෙහි දී ඒ සඳහා යෙදෙන ප්රාරම්භක ද්රව්යයන්හි ඇති ප්රෝටීන් බිඳී යාමෙන් සෑදෙන වැඩි පරමාණුක භාර සහිත මද්යසාර සුළු ප්රමාණයක් අන්තර්ගත කොටස පියුසල් තෙල නමින් හැඳින්වෙයි. මෙම තෙලෙහි ප්රධාන සංඝටකය අයිසො ඒමයිල් මද්යසාරයයි. පියුසල් තෙලෙන් ඒමයිල් මද්යසාර නිස්සාරණය කිරීමෙහි දී තෙල ප්රබල කරදිය ද්රාවණයක් සමඟ සොලවා මෙහි ආසවනය කරනු ලැබේ. මෙහි දී සෙ.125°-140°ත් අතර ලැබෙන ආසුතය උණු හුණු දියර මිශ්රණයක හොඳින් සොලවා තැන්පත් වීමට හැරීමෙන් ලැබෙන තෙල් තට්ටුව වෙන් කොට කැල්සියම් ක්ලෝරයිඩ් යොදා වියළීමෙන් පසු නැවත ආසවනය කිරීමෙහි දී සෙ.128°-132°ත් අතර ලැබෙන ආසුතය ඒමයිල් මද්යසාරයි. මෙහි 85%ක් පමණ 3-මීතයිල්-1-බියුටනෝල් (අයිසො ඒමයිල් මද්යසාරය) හා 15%ක් පමණ 2-මීතයිල්-1-බියුටනෝල් තිබේ. වාණිජ අවශ්යතාවන් පිරිමසාලීමට පියුසල් තෙලෙන් ලැබෙන ඒමයිල් මද්යසාර ප්රමාණවත් නොවන හෙයින් සංශ්ලේෂණ ක්රම යොදා ද ඒමයිල් මද්යසාර නිපදවනු ලැබේ. | ||
12:40, 6 ඔක්තෝබර් 2026 වන විට නවතම සංශෝධනය
ආනුභවික සූත්රයෙන් දැක්වෙන මද්යසාර (බ.) මෙනමි. කාබන් පරමාණු එකිනෙකට සම්බන්ධ වී ඇති ආකාරය හා හයිඩ්රොක්සයිල් ඛණ්ඩකය (-OH) සම්බන්ධිත ස්ථානය අනුව සෛද්ධාන්තිකව ලබා ගත හැකි ඒමයිල් මද්යසාර අටකි. ඒවා පහත දැක්වෙයි.
සාමාන්ය උෂ්ණත්වයෙහි දී ඝන ද්රව්යයක් වූ 2,2 ඩයිමීතයිල්-1-ප්රොපනෝල් හැර අනෙක් සියලු ඒමයිල් මද්යසාර පැහැයක් නොමැති පැහැදිලි සචල ද්රවය. ඒමයිල් මද්යසාරය අල්ප වශයෙන් ජලයේ ද්රාව්යය. මේවායේ ගුණ මද්යසාරවල ගුණ මෙනි. මද්යසාර නිෂ්පාදනයෙහි දී අතුරු ඵලයක් වශයෙන් ලැබෙන පියුසල් (fusel) තෙලෙහි ඒමයිල් මද්යසාර තිබේ. ඇල්කොහොලීය පැසීමෙහි දී ඒ සඳහා යෙදෙන ප්රාරම්භක ද්රව්යයන්හි ඇති ප්රෝටීන් බිඳී යාමෙන් සෑදෙන වැඩි පරමාණුක භාර සහිත මද්යසාර සුළු ප්රමාණයක් අන්තර්ගත කොටස පියුසල් තෙල නමින් හැඳින්වෙයි. මෙම තෙලෙහි ප්රධාන සංඝටකය අයිසො ඒමයිල් මද්යසාරයයි. පියුසල් තෙලෙන් ඒමයිල් මද්යසාර නිස්සාරණය කිරීමෙහි දී තෙල ප්රබල කරදිය ද්රාවණයක් සමඟ සොලවා මෙහි ආසවනය කරනු ලැබේ. මෙහි දී සෙ.125°-140°ත් අතර ලැබෙන ආසුතය උණු හුණු දියර මිශ්රණයක හොඳින් සොලවා තැන්පත් වීමට හැරීමෙන් ලැබෙන තෙල් තට්ටුව වෙන් කොට කැල්සියම් ක්ලෝරයිඩ් යොදා වියළීමෙන් පසු නැවත ආසවනය කිරීමෙහි දී සෙ.128°-132°ත් අතර ලැබෙන ආසුතය ඒමයිල් මද්යසාරයි. මෙහි 85%ක් පමණ 3-මීතයිල්-1-බියුටනෝල් (අයිසො ඒමයිල් මද්යසාරය) හා 15%ක් පමණ 2-මීතයිල්-1-බියුටනෝල් තිබේ. වාණිජ අවශ්යතාවන් පිරිමසාලීමට පියුසල් තෙලෙන් ලැබෙන ඒමයිල් මද්යසාර ප්රමාණවත් නොවන හෙයින් සංශ්ලේෂණ ක්රම යොදා ද ඒමයිල් මද්යසාර නිපදවනු ලැබේ.
පෙට්රෝලියම්වලින් ලැබෙන ඍජු පෙන්ටේන් හා අයිසො පෙන්ටේන් සම ප්රමාණයන්ගෙන් යුත් මිශ්රණයක් ආලෝකය හෝ උත්ප්රේරකයක් හෝ නොමැති විට සෙ.200°හි දී පමණ ක්ලෝරිනීකරණය කිරීමෙන් වාණිජ ඒමයිල් මද්යසාර නිපදවනු ලැබේ. ක්ලෝරිනීකරණයෙහි දී සමාවයවික ඒමයිල් ක්ලෝරයිඩ හතක මිශ්රණයක් ලැබෙයි. ඒමයිල් මද්යසාර ලබාගැනීම සඳහා මෙම ක්ලෝරයිඩ් මිශ්රණය සෝඩියම් හයිඩ්රොක්සයිඩ් යොදා ජලවිච්ඡේදනය කරනු ලැබේ. මෙහි දී සෝඩියම් ඕලියේට් උත්ප්රේරකයක් වශයෙන් යොදයි. ජල විච්ඡේදනයෙන් ලැබෙන සමාවයවික මද්යසාර 7ක මිශ්රණය ‘පෙන්ටසෝල්’ නමින් හැඳින්වෙයි.
ඒමයිල් මද්යසාර ප්රබල ද්රාවකයෝය. යූරියා-පෝමැල්ඩිහයිඩ්, කීටෝන-ඇල්ඩිහයිඩ්, කෝපල් (copals), කෝපල්-එස්ටර, ෂෙලැක්, එස්ටර මැලියම්, සෙලියුලෝස්-එස්ටර වැනි දුම්මල වර්ග සඳහා ද ඒමයිල් මද්යසාර ඉතා හොඳ ද්රාවකයෝය. එහෙයින් ලැකර් වර්ග සහ සායම් වර්ග නිෂ්පාදනයෙහි දී ඒමයිල් මද්යසාර බහුලව යෙදෙයි. මෙය වාණිජ නිෂ්පාදනයන් සඳහා අවශ්ය ඒමයිල් ඇසිටේට් (බ.) ලබාගැනීමට ද යෙදෙන ප්රාරම්භක ද්රව්යයකි. විද්යාගාරයන්හි සෝඩියම් හා ඒමයිල් මද්යසාරය ඔක්සිකාරකයක් වශයෙන් ද යොදනු ලැබේ. ආකර කර්මාන්තයෙහි දී ඛනිජයන්ගෙන් යකඩ අමිශ්ර ලෝහයන් වෙන් කරගැනීම සඳහා ඉපිලුම් පෙණකුරුවක් (flotation frothier) වශයෙන් ද පොටෑසියම් ඒමයිල් සැන්තේට් (C5H13OC SSK) වැනි සැන්තේට (xanthatea) ලවණ ආකාරයෙන් ඉපිලුම් සංග්රාහකයන් (flotation collectors) වශයෙන් ද ඒමයිල් මද්යසාර යොදා ගනිති.
(සංස්කරණය: 1974)
