"ඓ‍ෆල්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(ආලෙක්සන්ඩ්‍රා ගුස්ටාව් ඒෆෙල්) (1832-1923). ප්‍රංශ ජා...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(නොපෙන්වන එම පරිශීලකයා මගින් අතරමැදි සංස්කරණ 3ක්)
1 පේළිය: 1 පේළිය:
−
(ආලෙක්සන්ඩ්‍රා ගුස්ටාව් ඒෆෙල්) (1832-1923). ප්‍රංශ ජාතික ඉන්ජිනේරුවෙකි. ගොඩනැඟිලි නිර්මාණ ශිල්පයේ හාස්කමක් ලෙස සැලකෙන ඓෆල් ටැම්ගේ නිර්මාණය කරන ලද්දේ මොහු විසිනි.  
+
[[ගොනුව:5-427.jpg|500px|right]]([[ආලෙක්සන්ඩ්‍රා ගුස්ටාව් ඒෆෙල්]]) (1832-1923). ප්‍රංශ ජාතික ඉන්ජිනේරුවෙකි. ගොඩනැඟිලි නිර්මාණ ශිල්පයේ හාස්කමක් ලෙස සැලකෙන ඓෆල් ටැම්ගේ නිර්මාණය කරන ලද්දේ මොහු විසිනි.  
  
ඩීෂෝංහි ඉපිද පැරිසියේ ගෘහ නිර්මාණ විද්‍යායතනයක අධ්‍යාපනය ලබා ගෞරව උපාධියක් හිමි කරගත් ඓෆල්ගේ නාමය පළමු කොට ම ප්‍රකට වූයේ පාලම් ඉදිකිරීමේ දී අත්තිවාරම් සිලින්ඩර කිඳා බැස්සීම සඳහා සම්පීඩිත වාතය යොදා ගැනීම හේතුකොටගෙනය. දකුණු ප්‍රංසයේ ගැරබිට් බෝක්කු පාර මොහුගේ ශිල්පීය නෛපුණ්‍යය විදහා දක්වන මාහැඟි නිදසුනකි. පලංචි නොමැතිව ටැම්වලින් ම නිමවා ඇති, පෘතුගාලයේ ඩෝරු පාලම හා බෝර්ඩෝහි ගාරොන් පාලම ද ඓෆල්ගේ නිර්මාණයෝයි. මෙතෙමේ නිව් යෝක් වරායේ නිදහස් ප්‍රතිමාවේ අභ්‍යන්තර ව්‍යූහයේ නිර්මාණ ශිල්පියා ද විය. පැනමා ඇළේ ඇළ දොරවල් නිර්මාණය කරන ලද්දේ ද මොහු විසිනි. 1889 දී පැරිස් ප්‍රදර්ශනය සඳහා ෂාං ද මා උද්‍යානයෙහි මොහු ඉදි කළ අඩි 1,010ක් උස ඓෆල් ටැම්ගෙය නිව් යෝක්හි අඩි 1,250ක් උසැති එම්පයර් ගොඩනැඟිල්ල ඉදිවන තුරු ම ලෝකයේ උස ම ගොඩනැඟිල්ල වශයෙන් සැලකිණි. ටැම්ගෙයි මුදුනටත් අතර පිහිටි වේදිකාවලටත් යෑම සඳහා එලිවේටර මෙන් ම සෝපාන පන්ති ද සවි කොට ඇත. වේදිකාවන්හි ආපණශාලා, කාලගුණ නිරීක්ෂණ ස්ථාන හා වෙනත් පර්යේෂණ මධ්‍යස්ථාන ද වෙයි.  
 
15:10, 13 ඔක්තෝබර් 2026 වන විට නවතම සංශෝධනය

5-427.jpg
(ආලෙක්සන්ඩ්‍රා ගුස්ටාව් ඒෆෙල්) (1832-1923). ප්‍රංශ ජාතික ඉන්ජිනේරුවෙකි. ගොඩනැඟිලි නිර්මාණ ශිල්පයේ හාස්කමක් ලෙස සැලකෙන ඓෆල් ටැම්ගේ නිර්මාණය කරන ලද්දේ මොහු විසිනි.

ඩීෂෝංහි ඉපිද පැරිසියේ ගෘහ නිර්මාණ විද්‍යායතනයක අධ්‍යාපනය ලබා ගෞරව උපාධියක් හිමි කරගත් ඓෆල්ගේ නාමය පළමු කොට ම ප්‍රකට වූයේ පාලම් ඉදිකිරීමේ දී අත්තිවාරම් සිලින්ඩර කිඳා බැස්සීම සඳහා සම්පීඩිත වාතය යොදා ගැනීම හේතුකොටගෙනය. දකුණු ප්‍රංසයේ ගැරබිට් බෝක්කු පාර මොහුගේ ශිල්පීය නෛපුණ්‍යය විදහා දක්වන මාහැඟි නිදසුනකි. පලංචි නොමැතිව ටැම්වලින් ම නිමවා ඇති, පෘතුගාලයේ ඩෝරු පාලම හා බෝර්ඩෝහි ගාරොන් පාලම ද ඓෆල්ගේ නිර්මාණයෝයි. මෙතෙමේ නිව් යෝක් වරායේ නිදහස් ප්‍රතිමාවේ අභ්‍යන්තර ව්‍යූහයේ නිර්මාණ ශිල්පියා ද විය. පැනමා ඇළේ ඇළ දොරවල් නිර්මාණය කරන ලද්දේ ද මොහු විසිනි. 1889 දී පැරිස් ප්‍රදර්ශනය සඳහා ෂාං ද මා උද්‍යානයෙහි මොහු ඉදි කළ අඩි 1,010ක් උස ඓෆල් ටැම්ගෙය නිව් යෝක්හි අඩි 1,250ක් උසැති එම්පයර් ගොඩනැඟිල්ල ඉදිවන තුරු ම ලෝකයේ උස ම ගොඩනැඟිල්ල වශයෙන් සැලකිණි. ටැම්ගෙයි මුදුනටත් අතර පිහිටි වේදිකාවලටත් යෑම සඳහා එලිවේටර මෙන් ම සෝපාන පන්ති ද සවි කොට ඇත. වේදිකාවන්හි ආපණශාලා, කාලගුණ නිරීක්ෂණ ස්ථාන හා වෙනත් පර්යේෂණ මධ්‍යස්ථාන ද වෙයි.

ගොඩනැඟිලි ඉදිකිරීමේ කටයුතුවලට යොදා ලූ වායුපීඩනය සම්බන්ධයෙන් පර්යේෂණ පැවැත්වූ ඓෆල් පසුව වායුගුණ විද්‍යාව හැදෑරීමට උත්සුක වූයේය; මේ පිළිබඳව ග්‍රන්ථ කීපයක් ද සම්පාදනය කෙළේය. 1908 දී ප්‍රථම නූතන වායු ගති විද්‍යා රසායනාගාරය පැරිසියේ ෂාං ද මා උද්‍යානයෙහි පිහිටුවා ලූ හේ 1912 දී අංග සම්පූර්ණ ප්‍රථම හුළං උමඟ පිහිටුවාලූයේය. ඓෆල්ගේ වැදගත් ම කෘතිය වනුයේ වායු ප්‍රතිරෝධය හා ගුවන් තරණය පිළිබදව ලියන ලද ග්‍රන්ථයයි.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඓ‍ෆල්&oldid=11829" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි