"ඕලු" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(නිම්ෆෙයියා ලෝටස් - Nymphaea lotus L.). ජලජ පැළෑටියකි. එහි අ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
3 පේළිය: 3 පේළිය:
 
ලංකාව, ඉන්දියාව, නිවර්තන අප්‍රිකාව, ජාවා හා පිලිපීන දූපත් යනාදි රටවල ගංගාවන්හි ද විල්වල හා වැව්වල ද මේ ශාකය වැවේ. සෞම්‍ය ප්‍රදේශවලත් එය දක්නට ලැබේ. මේ විශේෂයෙහි බීටා පුබෙස්කෙන්ස් (var. B. pubescens) නමැති ප්‍රභේදයක් ඇත. මේ ප්‍රභේදයේ පත්‍රවල යටි පැත්ත බූ සහිතය. පුෂ්පයක විෂ්කම්භය අඟල් 3 සිට 4 දක්වා වේ. නිම්ෆෙයියා ස්ටෙලාටා නමැති තවත් විශේෂයක් [[මානෙල්]] (බ.) නමින් ද හැඳින්වේ. ඕලු ශාකය ඇත් ඕලු නමින් ද හැඳින්වේ. ඕලු නිම්ෆෙයියාසේ (Nymphaeaceae) කුලයට අයත්ය.
 
−
ආයුර්වේද මතය
+
== ආයුර්වේද මතය ==
−
 
ඕලු වර්ග කිහිපයකි. කුඩා සුදු මල් ඇති සාමාන්‍ය ඕලුවලට වෙනස් වූ ඇත්ඕලු නම් වර්ගයක් ද ඇත. ඕලු ශීත වීර්යය ඇත්තේය. දාහ, පිත්ත, පිපාසා, විෂ, හෘද්රෝග, වමන, මූර්ච්ඡා ප්‍රමේහ නසයි. මල මූත්‍ර පිරිසිදු කොට ස්වාභාවික වර්ණයට පමුණුවාලයි. ප්‍රමේහාදි රෝග ශමනය කිරීම සඳහා සාදන චූර්ණවලට ඕලු ඇට පිටි ද යොදති.
 
09:07, 11 නොවැම්බර් 2026 වන විට නවතම සංශෝධනය

(නිම්ෆෙයියා ලෝටස් - Nymphaea lotus L.). ජලජ පැළෑටියකි. එහි අලටිය (root stock) කෙටිය; ඍජුය; ආකන්දීය. මේ ශාකයේ පත්‍ර හා පුෂ්ප ජලයේ පාවෙමින් තිබේ. ඉතා දිග සිලින්ඩරාකාර පත්‍රනටු ජලයේ ගිලී තිබේ. පත්‍ර තලයේ විෂ්කම්භය අඟල් 6 සිට 8 දක්වා වේ. එය වටකුරුය (rotund); පත්‍ර දාරය තරංගීය (sinuate). පුෂ්ප සුදු පාට හෝ රෝස පාටය. පුෂ්පයක විෂ්කම්භය අඟල් 5 සිට 7 දක්වා වේ. මණිපත්‍ර දලාභය. දල බොහොමයකි. දල ශ්‍රේණි කිහිපයක් තිබේ. දල ක්‍රමයෙන් රේණු බවට පරිවර්තනය වේ. රේණු විශාල සංඛ්‍යාවක් ඇත. අණ්ඩප බොහොමයකි. මේවා ග්‍රාහයත් සමග සංයෝග වී ඩිම්බකෝෂය සාදයි. ඩිම්බ විශාල සංඛ්‍යාවක් ඇත. සංසේචනය වූ පුෂ්ප ජලයේ ගිලී ඒවායින් ඵල සෑදේ. ඵලය බොහෝ ඇට සහිත මෘදු බදරියකි. එය අනියම් ලෙස පිපිරේ. ඇට කුඩාය; භ්‍රෑණපෝෂ සහිතය. ඇටය ලොකු බීජ කවචයකින් (aril) වැසී ඇත. ඇට කෑමට සුදුසුය.

ලංකාව, ඉන්දියාව, නිවර්තන අප්‍රිකාව, ජාවා හා පිලිපීන දූපත් යනාදි රටවල ගංගාවන්හි ද විල්වල හා වැව්වල ද මේ ශාකය වැවේ. සෞම්‍ය ප්‍රදේශවලත් එය දක්නට ලැබේ. මේ විශේෂයෙහි බීටා පුබෙස්කෙන්ස් (var. B. pubescens) නමැති ප්‍රභේදයක් ඇත. මේ ප්‍රභේදයේ පත්‍රවල යටි පැත්ත බූ සහිතය. පුෂ්පයක විෂ්කම්භය අඟල් 3 සිට 4 දක්වා වේ. නිම්ෆෙයියා ස්ටෙලාටා නමැති තවත් විශේෂයක් මානෙල් (බ.) නමින් ද හැඳින්වේ. ඕලු ශාකය ඇත් ඕලු නමින් ද හැඳින්වේ. ඕලු නිම්ෆෙයියාසේ (Nymphaeaceae) කුලයට අයත්ය.

ආයුර්වේද මතය

ඕලු වර්ග කිහිපයකි. කුඩා සුදු මල් ඇති සාමාන්‍ය ඕලුවලට වෙනස් වූ ඇත්ඕලු නම් වර්ගයක් ද ඇත. ඕලු ශීත වීර්යය ඇත්තේය. දාහ, පිත්ත, පිපාසා, විෂ, හෘද්රෝග, වමන, මූර්ච්ඡා ප්‍රමේහ නසයි. මල මූත්‍ර පිරිසිදු කොට ස්වාභාවික වර්ණයට පමුණුවාලයි. ප්‍රමේහාදි රෝග ශමනය කිරීම සඳහා සාදන චූර්ණවලට ඕලු ඇට පිටි ද යොදති.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඕලු&oldid=12076" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි