"අඩ්යාර් (අඩෛයාරු)" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('පරම විඥනාර්ථ (බ්‍රහ්මඥන) සමිතියේ ලෝක මධ්‍යස්ථ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
(වෙනසක් නොමැත)

15:51, 1 ජූනි 2023 තෙක් සංශෝධනය

පරම විඥනාර්ථ (බ්‍රහ්මඥන) සමිතියේ ලෝක මධ්‍යස්ථානය පිහිටි අඩ්යාර් ග්‍රාමය ඇත්තේ මදුරාසිය අසලය. මෙහි දී පරම විඥනාර්ථ සමිතියේ ආදිකර්තෘවරයන් වූ බ්ලැවට්ස්කි මැතිණිය හා ක'නල් ඕල්කොට් මහතා ද විසින් 1886 දී ඉන්දියානු පරම විඥනාර්ථ සමිතිය පිහිටුවන ලදී. අඩ්යාර්හි අගනා පුස්තකාලයක් ද ඇත. අප රට බෞද්ධයන් ප්‍රබෝධ කරවීමෙහි පුරෝගාමියකු වූ ඕල්කොට් මහතා දිවංගත වූයේ ද මෙහි දීය.

අඩ්යාර් අසලින් ගලන කුඩා ගඟක් ද අඩ්යාර් නමින් ම හැදින්වේ. ලොව පැරණිතම ගසක් හැටියට ගැනෙන සුවිශාල නුග වෘක්ෂයක් නිසා ද අඩ්යාර් ප්‍රසිද්ධියට පැමිණ ඇත.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අඩ්යාර්_(අඩෛයාරු)&oldid=1423" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි