"අකුරණ" හි සංශෝධන අතර වෙනස්කම්
('මහනුවරට සැතපුම් අටක් උතුරින් පිහිටි ගමකි. මෙහ...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
(නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්) | |||
1 පේළිය: | 1 පේළිය: | ||
මහනුවරට සැතපුම් අටක් උතුරින් පිහිටි ගමකි. මෙහි එක් කොටක් හාරිස්පත්තුවට ද අනික් කොටස පාතදුම්බරට ද අයිතිය. මේ ගම් කොටස් දෙක එකිනෙකින් වෙන් වන්නේ වහගල ඇළෙනි. පළමුවෙන් කුඩා ගමක්ව පැවැති අකුරණට කහවත්ත, පරණගම, දිප්පිටිය යන ගම් ද එකතු කර ගැනීමෙන් දැනට විශාල ප්‍රදේශයක් එනමින් හැඳින්වේ. මෙහි වැඩි වශයෙන් සිටින්නේ මුස්ලිම්වරුන්ය. අකුරණ ආශ්‍රිත පාර්ලිමේන්තු මැතිවරණ කොට්ඨාසය හැඳින්වෙන්නේ ද අකුරණ නමිනි. | මහනුවරට සැතපුම් අටක් උතුරින් පිහිටි ගමකි. මෙහි එක් කොටක් හාරිස්පත්තුවට ද අනික් කොටස පාතදුම්බරට ද අයිතිය. මේ ගම් කොටස් දෙක එකිනෙකින් වෙන් වන්නේ වහගල ඇළෙනි. පළමුවෙන් කුඩා ගමක්ව පැවැති අකුරණට කහවත්ත, පරණගම, දිප්පිටිය යන ගම් ද එකතු කර ගැනීමෙන් දැනට විශාල ප්‍රදේශයක් එනමින් හැඳින්වේ. මෙහි වැඩි වශයෙන් සිටින්නේ මුස්ලිම්වරුන්ය. අකුරණ ආශ්‍රිත පාර්ලිමේන්තු මැතිවරණ කොට්ඨාසය හැඳින්වෙන්නේ ද අකුරණ නමිනි. | ||
− | + | රාජසිංහ රජු ප්‍රතිකාලුන්ට විරුද්ධව සටන් කළ අරාබිවරුන් තිදෙනෙකුට මේ ග්‍රාමය සතටු පඬුරු වශයෙන් දුන් බව සඳහන් වේ. උඩට කතුන් තිදෙනකු විවාහ කර ගැනීමට දැරූ උත්සාහය නිෂ්ඵ වුව ද රජුගෙන් ලබන ලද අනුබල ඇති අරාබිවරු පෙරහැර බැලීමට පැමිණි තරුණියන් තිදෙනකු ගෙන ගොස් මාලිගයේ සඟවා තැබූහ. එයින් ශෝකයට පත් ඥාතීහු ඒ බව රජුට සැල කළහ. අරාබිවරුන්ගේ වසඟයට පැමින සිටි තරුණියන් ඔවුන්ට ම පාවා දීම යහපතැ යි රජු අවවාද කෙළෙන් ඥාතීහු ඊට එකඟ වූහ. අකුරණට ගොස් පදිංචි වූ ඔවුන්ගෙන් පැවත එන ජනයා දැනට ද එහි සිටිති යි විශ්වාස කරනු ලැබේ. | |
− | + | අකුරණ පැරණි ගල් විහාරයක් ද ඇත්තේය. එය වළගම් අබා රජු විසින් කරවන ලද්දකැ යි කියති. මේ විහාරය ක්‍රි.ව.1371 පමණේ දී වික්‍රමබාහු III රජු විසින් ප්‍රතිසංස්කරණය කරවන ලදි. | |
− | + | ||
+ | තේ, රබර් හා කොකෝවා මේ පෙදෙසෙහි උපදවන ප්‍රධාන වෙළඳ ද්‍රව්‍යය. අකුරණ ජනගහනය (1953) 902කි. | ||
+ | |||
+ | රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට කෝරළයේ උතුරු උඩපත්තුවේ ද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරාතළාන කෝරළයේ දේවමැදි හත්පත්තුවේ ද අකුරණ නමින් ගම් දෙකක් තිබේ. | ||
− | |||
(සංස්කරණය:1963) | (සංස්කරණය:1963) | ||
[[ප්‍රවර්ගය:අ]] | [[ප්‍රවර්ගය:අ]] |
10:53, 8 ජූනි 2023 වන විට නවතම සංශෝධනය
මහනුවරට සැතපුම් අටක් උතුරින් පිහිටි ගමකි. මෙහි එක් කොටක් හාරිස්පත්තුවට ද අනික් කොටස පාතදුම්බරට ද අයිතිය. මේ ගම් කොටස් දෙක එකිනෙකින් වෙන් වන්නේ වහගල ඇළෙනි. පළමුවෙන් කුඩා ගමක්ව පැවැති අකුරණට කහවත්ත, පරණගම, දිප්පිටිය යන ගම් ද එකතු කර ගැනීමෙන් දැනට විශාල ප්‍රදේශයක් එනමින් හැඳින්වේ. මෙහි වැඩි වශයෙන් සිටින්නේ මුස්ලිම්වරුන්ය. අකුරණ ආශ්‍රිත පාර්ලිමේන්තු මැතිවරණ කොට්ඨාසය හැඳින්වෙන්නේ ද අකුරණ නමිනි.
රාජසිංහ රජු ප්‍රතිකාලුන්ට විරුද්ධව සටන් කළ අරාබිවරුන් තිදෙනෙකුට මේ ග්‍රාමය සතටු පඬුරු වශයෙන් දුන් බව සඳහන් වේ. උඩට කතුන් තිදෙනකු විවාහ කර ගැනීමට දැරූ උත්සාහය නිෂ්ඵ වුව ද රජුගෙන් ලබන ලද අනුබල ඇති අරාබිවරු පෙරහැර බැලීමට පැමිණි තරුණියන් තිදෙනකු ගෙන ගොස් මාලිගයේ සඟවා තැබූහ. එයින් ශෝකයට පත් ඥාතීහු ඒ බව රජුට සැල කළහ. අරාබිවරුන්ගේ වසඟයට පැමින සිටි තරුණියන් ඔවුන්ට ම පාවා දීම යහපතැ යි රජු අවවාද කෙළෙන් ඥාතීහු ඊට එකඟ වූහ. අකුරණට ගොස් පදිංචි වූ ඔවුන්ගෙන් පැවත එන ජනයා දැනට ද එහි සිටිති යි විශ්වාස කරනු ලැබේ.
අකුරණ පැරණි ගල් විහාරයක් ද ඇත්තේය. එය වළගම් අබා රජු විසින් කරවන ලද්දකැ යි කියති. මේ විහාරය ක්‍රි.ව.1371 පමණේ දී වික්‍රමබාහු III රජු විසින් ප්‍රතිසංස්කරණය කරවන ලදි.
තේ, රබර් හා කොකෝවා මේ පෙදෙසෙහි උපදවන ප්‍රධාන වෙළඳ ද්‍රව්‍යය. අකුරණ ජනගහනය (1953) 902කි.
රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට කෝරළයේ උතුරු උඩපත්තුවේ ද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරාතළාන කෝරළයේ දේවමැදි හත්පත්තුවේ ද අකුරණ නමින් ගම් දෙකක් තිබේ.
(සංස්කරණය:1963)