"අන්නපූර්ණාදේවී" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('අන්නපූර්ණාදේවී යනු ශිව දෙවියාගේ භාර්‍ය්‍යාව...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
15:18, 24 ජූනි 2023 වන විට නවතම සංශෝධනය
අන්නපූර්ණාදේවී යනු ශිව දෙවියාගේ භාර්‍ය්‍යාව වූ උමාවට (පාර්වතියට) ව්‍යවහාර කරන නාමයකි. භික්ෂාටනයෙන් ආහාර කිසිත් නොලැබ පැමිණි ශිව දෙවියන්ට තමා ලත් ආහාරය අනුභව කරවීම හේතුකොටගෙන උමාවට අන්නපූර්ණාදේවී යන නම ඇති වූ බව සඳහන් වේ. (උමා බ.)
(සංස්කරණය:1963)