"අභිධම්මත්ථවිකාසිනී" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('බුද්ධදත්ත ආචාරීන් විසින් රචනා කරන ලද අභිධම්ම...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
15:39, 4 ජූලි 2023 වන විට නවතම සංශෝධනය
බුද්ධදත්ත ආචාරීන් විසින් රචනා කරන ලද අභිධම්මාවතාර (බ.) නම් ප්‍රකරණයට ලියන ලද ටීකාවයි.
පොළොන්නරු සමයෙහි මහත් කීර්තියෙන් වැජඹුණු ටීකාචාර්‍ය්‍ය ශාරිපුත්‍ර මාහිමියන්ගේ ශිෂ්‍යයන් අතුරෙන් අභිධර්මවිශාරදයකු වූ නන්දී පිරිවෙන් වැසි සුමංගල ස්ථවිරයන්වහන්සේ විසින් මෙම ග්‍රන්ථය රචිත බව නිගමනපාඨාදියෙන් පෙනේ. මෙම කර්‍තෘන්වහන්සේගේ ම කෘතියක් යයි සලකනු ලබන අභිධම්මත්ථවිභාවිනී නම් අභිධර්මාර්ථසංග්‍රහ ටීකාව මෙන් ම මෙම ග්‍රන්ථය ද අතිශයින් ප්‍රශස්තය.
(සංස්කරණය:1963)