"අභිධා" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('යනු භාෂා ව්‍යවහාරයෙහි පවත්නා ශබ්දයන්ගේ ප්‍රථ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

16:19, 4 ජූලි 2023 වන විට නවතම සංශෝධනය

යනු භාෂා ව්‍යවහාරයෙහි පවත්නා ශබ්දයන්ගේ ප්‍රථම ශක්තිය හෙවත් ව්‍යාපාරය වශයෙන් හඳුන්වනු ලැබේ. අභිධා, ලක්ෂණා, ව්‍යඤ්ජනා යන ත්‍රිවිධ ශබ්ද ශක්තීන් අතුරෙන් අභිධා ශක්තිය වාච්‍යාර්ථය කවරේදැයි පළමුව අප සිතට නඟයි; නැතහොත් වචනවල සංකේතයන්හි ගැබ් වූ මූලික අර්ථය (මුඛ්‍යාර්ථය) ගෙන හැර දක්වයි. ලක්ෂණා හා ව්‍යඤ්ජනා නම් අනික් ව්‍යාපාරද්වය අර්ථාවබෝධය සඳහා ක්‍රියාකාරී වන්නේ මින් පසුවය.

සංස්කෘත වෛයාකරණයෝ ද කාව්‍ය විචාරකයෝ ද මේ අභිධා ශක්තිය අර්ථාවබෝධයේ මූලික පදනම වශයෙන් විස්තර කරමින් එය පැහැදිලි කොට මෙසේ දක්වත්. "ගාමානය", "ගාංබධාන" යන වාක්‍ය ඇසුණු විට යම් කෙනෙක් ගවයකුගේ ලක්ෂණවලින් යුත් සතකු ගැන සංකේතිතාර්ථය අනුව සිතා වාක්‍ය දෙකෙහි එන "ගො" ශබ්දයෙන් "ගවයකු" ගැන යමක් කියනු ලැබේ යයි මූලික අර්ථය නිසි ලෙස වටහා ගනිත්. භාෂාවක ව්‍යවහාර වන ඒ ඒ ශබ්දවලට සීමා වූ නිශ්චිත සංකේත කියවන්නාගේ සිතෙහි සම්මුතියෙන් ම ඇති වන හෙයින් "ගො" ශබ්දය ඇසීමෙන් "ගවයකු" විනා අශ්වයකු ගැන යමක් සඳහන් කරන ලද බවක් ඔවුන් සිතට නොනඟී.

කර්තෘ:ජේ. තිලකසිරි

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අභිධා&oldid=2139" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි