"අමර්කෝට්" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('ඉංග්‍රීසි හා පර්සියානු ග්‍රන්ථ කර්තෘවරුන් බො...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
11:05, 5 ජූලි 2023 වන විට නවතම සංශෝධනය
ඉංග්‍රීසි හා පර්සියානු ග්‍රන්ථ කර්තෘවරුන් බොහෝ දෙනකුන් මේ නගරයට "අමර්කෝට්" යයි වැරදි ලෙස වයවහාර කරතත් එහි නියම නාමය "උමර්ගේ හෙවත් ඔමර්ගේ බලකොටුව" යන්නයි. උමර් හෙවත් ඔමර්ගේ බලකොටුව යන්නයි. උමර් හෙවත් ඔමර් නැමැත්තා එකල විසූ "සුම්‍රා ගෝත්‍රෙයේ" නායකයෙකි. හාරදහසක පමණ ජනගහනයක් ඇති මෙය දැනට පකිස්ථානයේ නැගෙනහිර සින්ධූ ප්‍රදේශයේ තාර් සහ පර්කාර් යන දිස්ත්‍රික්කයන්හි ප්‍රධාන නගරයයි. තාර් කාන්තාරයට නිරිත දිගින් මෙය පිහිටියේ ය.
අක්බාර් (බ.) මෝගල් අධිරාජයා උපන්නේ මේ බලකොටුවේ දී යයි කියති. මෙය එකල හින්දුස්ථානය හා සින්ධු ප්‍රදේශය අතර වූ ප්‍රධාන මාර්ගයේ පිහිටා තුබූ බලකොටුවක් සහිත කුඩා නගරයකි. අක්බාර් රජුගේ පියා වු හුමායූන් (බ.) රජු උතුරු ඉන්දියාවේ පාලන බලය නැවත ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් තැනින් තැන යන අතර මේ නගරයට ද පැමිණියේ ය. එකල මේ ප්‍රදේශය පාලනය කළ ප්‍රාදේශික හින්දු රජකු වූ රාණා ප්‍රසාද්ගෙන් හූමායූන්ට උදවු ලැබුණෙය. අක්බර් කුමාරයා උපන්නේ මේ කාල පරිච්ඡේදයෙහි දීය.
(සංස්කරණය:1963)