"අම්හාරා" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('මෙනමින් හැඳින්වෙනුයේ ඇබිසීනියාවේ (ඉතියෝපියා...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
09:02, 7 ජූලි 2023 තෙක් සංශෝධනය
මෙනමින් හැඳින්වෙනුයේ ඇබිසීනියාවේ (ඉතියෝපියාවේ) මධ්‍යම පළාතයි. මේ පළාතේ අගනුවර ගොන්දර් නමින් ප්‍රකටය. මධ්‍ය යුගයේ සිට ක්‍රි.ව.1854 පමණ දක්වා ඇබිසීනියාවේ අගරජුගේ මාලිගය පිහිටා තුබුණේ මේ නගරයේය. අම්හාරා පළාතෙහි භූමි ප්‍රමාණය වර්ග සැතැපුම් 76,235ක් පමණ වෙයි. 1939 දී ජනගහනය විසි ලක්ෂයකට අධික විය. එයින් වැඩි දෙනෙක් ක්‍රිස්තු භක්තිකයෝය. මේ ප්‍රදේශවාසීන්ගේ භාෂාව අම්හාරික (බ.) යන නමින් හැඳින්වේ. සෙමිටික් භාෂාවක් වූ එය ඇබිසීනියාවේ රාජ්‍ය භාෂාව ද වෙයි.