"අයිබෙරෝ-බාස්ක්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('අයිබීරියන් හා බාස්ක් යන භාෂාවන් ඇතුළත් භාෂා ප...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

12:55, 7 ජූලි 2023 වන විට නවතම සංශෝධනය

අයිබීරියන් හා බාස්ක් යන භාෂාවන් ඇතුළත් භාෂා පවුලට භාවිත කෙරෙන නමය. අයිබීරියන් භාෂාව අයිබීරියන් අර්ධද්වීපයේ (ස්පාඤ්ඤය හා පෘතුගාලය) අතීතයේ විසූ ජනයාගේ භාෂාවය. දැනට අභාවයට ගොස් ඇති මේ භාෂාවෙන් ලියන ලද සෙල්ලිපි සියයක් පමණ ශේෂ වී තිබේ. ඒවායේ හෝඩිය පිනීසියන් හෝඩියට සම්බන්ධ වූවක් බව පෙනේ.

අයිබෙරෝ-බාස්ක් භාෂාවලින් දැනට ඉතිරිව ඇත්තේ බාස්ක් භාෂා පමණි. ස්පාඤ්ඤයේ හා ප්‍රංසයේ වෙසෙන බාස්ක් ජනයා කථා කරන මේ භාෂා හා අනිකුත් යුරෝපීය භාෂා අතර කිසිදු සම්බන්ධයක් නොපෙනේ. බාස්ක් භාෂාවේ භාවිතය ගැන දත හැකි පැරණි ම සාක්ෂ්‍ය 10 වන ශතවර්ෂයට අයත්ය. ප්‍රාදේශීය වූ බාස්ක් භාෂා සතක් ද උපභාෂා ගණනාවක් ද වේ. මේ භාෂාවනට අයත් විශේෂ හෝඩියක් නොමැත. ප්‍රංස හෝ ස්පාඤ්ඤ හෝඩිය ඒ ඒ ප්‍රදේශවල භාවිත වේ. (බාස්ක් ද බ.).

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අයිබෙරෝ-බාස්ක්&oldid=2318" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි