"අක්ෂර මුෂ්ටිකා කථනය" හි සංශෝධන අතර වෙනස්කම්
('සූසැට කලාවන්ගෙන් එකක් වූ අක්ෂර මුෂ්ටිකා කථනය...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
1 පේළිය: | 1 පේළිය: | ||
− | සූසැට කලාවන්ගෙන් එකක් වූ අක්ෂර මුෂ්ටිකා කථනය පිළිබඳව පවත්නා මත කීපයකි. ශ්‍රීමත් භාගවතයට ටීකාවක් කළ ශ්‍රීධර පඬිතුමා එය මිටෙහි සඟවා තිබුණ ද්‍රව්‍ය මේ මේ යයි ප්‍රකාශ කිරීමට ඉවහල්වන කලාවක් හැටියට හඳුන්වයි. යථෝක්ත ග්‍රන්ථයේ ම ටීකා කර්තෘන් වූ ජීවගෝස්වාමි හා වල්ලභාචාර්‍ය්‍ය යන දෙදෙන එය කාව්‍ය ප්‍රබන්ධයක අලක්ෂිත අක්ෂරයන් මිටෙහි සඟවා තිබුණ ද්‍රව්‍ය මේ යයි අනුමාන වශයෙන් ප්‍රකාශ කළ හැකි කලාවකැයි කියති. මේ කලාව සම්බන්ධයෙන් සුළු වශයෙන් වත් විස්තරයක් දී තිබෙන්නේ වාත්ස්‍යායනයන්ගේ කාමසූත්‍රයට ටීකාවක් කළ යශෝධරය. එහි | + | සූසැට කලාවන්ගෙන් එකක් වූ අක්ෂර මුෂ්ටිකා කථනය පිළිබඳව පවත්නා මත කීපයකි. ශ්‍රීමත් භාගවතයට ටීකාවක් කළ ශ්‍රීධර පඬිතුමා එය මිටෙහි සඟවා තිබුණ ද්‍රව්‍ය මේ මේ යයි ප්‍රකාශ කිරීමට ඉවහල්වන කලාවක් හැටියට හඳුන්වයි. යථෝක්ත ග්‍රන්ථයේ ම ටීකා කර්තෘන් වූ ජීවගෝස්වාමි හා වල්ලභාචාර්‍ය්‍ය යන දෙදෙන එය කාව්‍ය ප්‍රබන්ධයක අලක්ෂිත අක්ෂරයන් මිටෙහි සඟවා තිබුණ ද්‍රව්‍ය මේ යයි අනුමාන වශයෙන් ප්‍රකාශ කළ හැකි කලාවකැයි කියති. මේ කලාව සම්බන්ධයෙන් සුළු වශයෙන් වත් විස්තරයක් දී තිබෙන්නේ වාත්ස්‍යායනයන්ගේ කාමසූත්‍රයට ටීකාවක් කළ යශෝධරය. එහි "අක්ෂර මුෂ්ටිකා කථනමිති අක්ෂරාණාං මුෂ්ටිරිව මුෂ්ටිකා ගුප්තිරිති" යයි විස්තර වේ. ඒ නයින් අක්ෂරයන්ගේ සැඟවීමක් නැතහොත් ආවරණය කිරීමක් වැනි මුෂ්ටිකාගුප්තිය (මිටෙහි සැඟවීම) හෙළිකිරීමේ සමර්ථතාව අක්ෂර මුෂ්ටිකා කථනයයි සැලකිය හැක. එහෙත් මීට උදාහරණ වශයෙන් ඔහු දක්වන නිදර්ශනයට අනුව "මිටෙහි සැඟවූ දෙයක් ප්‍රකට කරන්නාක් මෙන් අක්ෂර සංක්ෂේපාදියෙන් සඟවන ලද අර්ථය පැහැදිලි කිරීමය"යි ගැනීම වඩා උචිතය. මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු දක්වන යශෝධර එය සාභාස, නිරාභාස යයි දෙවැදෑරුම් කොට දක්වයි. සාභාසය අක්ෂරමුද්‍රා නමින් ද හැඳින්වේ. එය ගූඪවස්තු මන්ත්‍රණාර්ථයෙහි ද ග්‍රන්ථසංක්ෂේපාර්ථයෙහි ද යොදනු ලැබේ. රවිගුප්ත නම් ආචාර්‍ය්‍යවරයා විසින් චන්ද්‍රප්‍රභාවිජය කාව්‍යයෙහි දක්වන ලද උදාහරණයක් මෙහි දී යශෝධර ඉදිරිපත් කර තිබේ. |
− | + | "මෙවෘමිකසිං කතු වෘධම කුම්මී | |
මූධසබාසුශකනිධක ආව්‍යාඃ | මූධසබාසුශකනිධක ආව්‍යාඃ | ||
9 පේළිය: | 9 පේළිය: | ||
ආකාමාපෞමා චෛව" | ආකාමාපෞමා චෛව" | ||
− | + | මෙහි ප්‍රථම පාදයෙන් මේෂාදි ද්වාදශරාශි ද ද්විතීය පාදයෙන් ලග්නාදි භාව දොළසට ව්‍යවහාර කරන මූර්ති, ධන, සහජ, ඛාන්ධව, සුත, ශත්‍රැ, කලත්‍ර, නිධන, ධර්ම, කර්ම, ආය, ව්‍යය යන නාම ද ඉතරාර්ධයෙන් (ඉතිරි පාද දෙකින්) ඵාල්ගුන, චෛත්‍ර, වෛශාඛ, ජ්‍යෙෂ්ඨ, ආෂාඨ, ශ්‍රාවණ, භාද්‍රපද, ආශ්වින, කාර්තික, මාර්ගශීර්ෂ, පෞෂ, මාඝ යන මාස ද දක්වන ලදි. මෙබඳු යෙදුම් වෙනත් ග්‍රන්ථ කීපයක ම දක්නට ලැබේ. වෘහජ්ජාතකයෙහි ''ශකුබුගු ශුච සාද්‍යා වෘද්ධිතො වීර්‍ය්‍යවන්තඃ" යන ශ්ලෝක පාදයේ මුල් අකුරු හතෙන් ශනි, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, චන්ද්‍ර, සූර්‍ය්‍ය යන සප්ත ග්‍රහයන් ද ජ්‍යොතිර්නිබන්ධයෙහි ''දෙමරාමදමං දෙදෙරාරා මම දරාදරා දෙරාරාමම දෙරාරා මම දෙති ගණත්‍රයං" යන්නෙහි ප්‍රථම දෙකාරය පටන් අවසන් දෙකාරය දක්වා ඇති අකුරු විසිහතෙන් අස්විදාදි සප්තවිංශති නක්ෂත්‍රයන්ට අයත් දේව මනුෂ්‍ය රාක්ෂස සංඛ්‍යාත ගණත්‍රය ද සිඛවළඳෙහි පොහෝ පවුරුණු විනිසෙහි | |
− | + | "බ පො නි ව උ න කෙළෙ | |
− | වෙ ඇ බි හි දු මැ | + | වෙ ඇ බි හි දු මැ නොකෙළෙ" යන ගීයෙන් බක් ආදි මාස ද දක්වා තිබේ. |
− | |||
ගුහ්‍ය වස්තු මන්ත්‍රණාර්ථයෙහි යොදනු ලබන නිරාභාස, භූතමුද්‍රා නමින් ද හැඳින්වේ. මුෂ්ටි, කිසලය, ඡටා, චාරී, පතාකිකා, පතාකා, අංකුශ යයි මුද්‍රා සතකි. ව්‍යඤ්ජනාක්ෂරයන්ට ඇඟිලි ද ස්වරයන්ට ඇඟිලි පුරුක් ද යෙදීමෙන් අදහස් ප්‍රකාශ කිරීම අක්ෂර මුෂ්ටිකා කථන යයි ඇතැම් ශබ්ද කෝෂවල සඳහන් වේ. | ගුහ්‍ය වස්තු මන්ත්‍රණාර්ථයෙහි යොදනු ලබන නිරාභාස, භූතමුද්‍රා නමින් ද හැඳින්වේ. මුෂ්ටි, කිසලය, ඡටා, චාරී, පතාකිකා, පතාකා, අංකුශ යයි මුද්‍රා සතකි. ව්‍යඤ්ජනාක්ෂරයන්ට ඇඟිලි ද ස්වරයන්ට ඇඟිලි පුරුක් ද යෙදීමෙන් අදහස් ප්‍රකාශ කිරීම අක්ෂර මුෂ්ටිකා කථන යයි ඇතැම් ශබ්ද කෝෂවල සඳහන් වේ. | ||
(සංස්කරණය:1963) | (සංස්කරණය:1963) | ||
[[ප්‍රවර්ගය:අ]] | [[ප්‍රවර්ගය:අ]] |
14:26, 10 ජූලි 2023 වන විට නවතම සංශෝධනය
සූසැට කලාවන්ගෙන් එකක් වූ අක්ෂර මුෂ්ටිකා කථනය පිළිබඳව පවත්නා මත කීපයකි. ශ්‍රීමත් භාගවතයට ටීකාවක් කළ ශ්‍රීධර පඬිතුමා එය මිටෙහි සඟවා තිබුණ ද්‍රව්‍ය මේ මේ යයි ප්‍රකාශ කිරීමට ඉවහල්වන කලාවක් හැටියට හඳුන්වයි. යථෝක්ත ග්‍රන්ථයේ ම ටීකා කර්තෘන් වූ ජීවගෝස්වාමි හා වල්ලභාචාර්‍ය්‍ය යන දෙදෙන එය කාව්‍ය ප්‍රබන්ධයක අලක්ෂිත අක්ෂරයන් මිටෙහි සඟවා තිබුණ ද්‍රව්‍ය මේ යයි අනුමාන වශයෙන් ප්‍රකාශ කළ හැකි කලාවකැයි කියති. මේ කලාව සම්බන්ධයෙන් සුළු වශයෙන් වත් විස්තරයක් දී තිබෙන්නේ වාත්ස්‍යායනයන්ගේ කාමසූත්‍රයට ටීකාවක් කළ යශෝධරය. එහි "අක්ෂර මුෂ්ටිකා කථනමිති අක්ෂරාණාං මුෂ්ටිරිව මුෂ්ටිකා ගුප්තිරිති" යයි විස්තර වේ. ඒ නයින් අක්ෂරයන්ගේ සැඟවීමක් නැතහොත් ආවරණය කිරීමක් වැනි මුෂ්ටිකාගුප්තිය (මිටෙහි සැඟවීම) හෙළිකිරීමේ සමර්ථතාව අක්ෂර මුෂ්ටිකා කථනයයි සැලකිය හැක. එහෙත් මීට උදාහරණ වශයෙන් ඔහු දක්වන නිදර්ශනයට අනුව "මිටෙහි සැඟවූ දෙයක් ප්‍රකට කරන්නාක් මෙන් අක්ෂර සංක්ෂේපාදියෙන් සඟවන ලද අර්ථය පැහැදිලි කිරීමය"යි ගැනීම වඩා උචිතය. මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු දක්වන යශෝධර එය සාභාස, නිරාභාස යයි දෙවැදෑරුම් කොට දක්වයි. සාභාසය අක්ෂරමුද්‍රා නමින් ද හැඳින්වේ. එය ගූඪවස්තු මන්ත්‍රණාර්ථයෙහි ද ග්‍රන්ථසංක්ෂේපාර්ථයෙහි ද යොදනු ලැබේ. රවිගුප්ත නම් ආචාර්‍ය්‍යවරයා විසින් චන්ද්‍රප්‍රභාවිජය කාව්‍යයෙහි දක්වන ලද උදාහරණයක් මෙහි දී යශෝධර ඉදිරිපත් කර තිබේ.
"මෙවෘමිකසිං කතු වෘධම කුම්මී
මූධසබාසුශකනිධක ආව්‍යාඃ
ඵාචෛවෛ ජ්‍යෙ ආශ්‍රාභා
ආකාමාපෞමා චෛව"
මෙහි ප්‍රථම පාදයෙන් මේෂාදි ද්වාදශරාශි ද ද්විතීය පාදයෙන් ලග්නාදි භාව දොළසට ව්‍යවහාර කරන මූර්ති, ධන, සහජ, ඛාන්ධව, සුත, ශත්‍රැ, කලත්‍ර, නිධන, ධර්ම, කර්ම, ආය, ව්‍යය යන නාම ද ඉතරාර්ධයෙන් (ඉතිරි පාද දෙකින්) ඵාල්ගුන, චෛත්‍ර, වෛශාඛ, ජ්‍යෙෂ්ඨ, ආෂාඨ, ශ්‍රාවණ, භාද්‍රපද, ආශ්වින, කාර්තික, මාර්ගශීර්ෂ, පෞෂ, මාඝ යන මාස ද දක්වන ලදි. මෙබඳු යෙදුම් වෙනත් ග්‍රන්ථ කීපයක ම දක්නට ලැබේ. වෘහජ්ජාතකයෙහි ශකුබුගු ශුච සාද්‍යා වෘද්ධිතො වීර්‍ය්‍යවන්තඃ" යන ශ්ලෝක පාදයේ මුල් අකුරු හතෙන් ශනි, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, චන්ද්‍ර, සූර්‍ය්‍ය යන සප්ත ග්‍රහයන් ද ජ්‍යොතිර්නිබන්ධයෙහි දෙමරාමදමං දෙදෙරාරා මම දරාදරා දෙරාරාමම දෙරාරා මම දෙති ගණත්‍රයං" යන්නෙහි ප්‍රථම දෙකාරය පටන් අවසන් දෙකාරය දක්වා ඇති අකුරු විසිහතෙන් අස්විදාදි සප්තවිංශති නක්ෂත්‍රයන්ට අයත් දේව මනුෂ්‍ය රාක්ෂස සංඛ්‍යාත ගණත්‍රය ද සිඛවළඳෙහි පොහෝ පවුරුණු විනිසෙහි
"බ පො නි ව උ න කෙළෙ
වෙ ඇ බි හි දු මැ නොකෙළෙ" යන ගීයෙන් බක් ආදි මාස ද දක්වා තිබේ.
ගුහ්‍ය වස්තු මන්ත්‍රණාර්ථයෙහි යොදනු ලබන නිරාභාස, භූතමුද්‍රා නමින් ද හැඳින්වේ. මුෂ්ටි, කිසලය, ඡටා, චාරී, පතාකිකා, පතාකා, අංකුශ යයි මුද්‍රා සතකි. ව්‍යඤ්ජනාක්ෂරයන්ට ඇඟිලි ද ස්වරයන්ට ඇඟිලි පුරුක් ද යෙදීමෙන් අදහස් ප්‍රකාශ කිරීම අක්ෂර මුෂ්ටිකා කථන යයි ඇතැම් ශබ්ද කෝෂවල සඳහන් වේ.
(සංස්කරණය:1963)