"අඞ්කුශ" හි සංශෝධන අතර වෙනස්කම්
('අලිඇතුන් කම්පස් කිරීම සඳහා යොදන උපකරණ නොහොත්...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
1 පේළිය: | 1 පේළිය: | ||
− | අලිඇතුන් කම්පස් කිරීම සඳහා යොදන උපකරණ නොහොත් ආයුධ විශේෂයකි. හෙණ්ඩුව, රෙණ්ඩුව, අකුස්ස යන නම්වලින් ද මෙය හැඳින්වෙයි. ලීයක රුවාලීමට කළ ලෝහ කොපුවක මුදුනේ අඟලක් පමණ දිග තියුණු තුඩක් ද ඊට පහතින් අකුසු කොළය නම් වූ කොක්කක ආකාර මුවහත් තුඩක් ද ඇති වන සේ මෙය තනාගනු ලැබේ. අඩි පහක් පමණ දිග ද අඟල් එකහමාරක් පමණ විෂ්කම්භය ද ඇති ශක්තිමත් යෂ්ටියක යථෝක්ත කොපුව සවිකර ගැනීමෙන් පසු එය අංග සම්පුර්ණ අංකුශයක් වෙයි. අංග සම්පුර්ණ වූ පමණින් ම එය අලි ඇතුන් හික්මවීමට සුදුසු වන්නේ නැත. අංකුශයෙහි මුවහත් තුඩුදෙක පණපෙවීම ද විෂ පෙවීම ද කළ යුතුය. (අංකුශ මාරණය ද බලනු.) | + | අලිඇතුන් කම්පස් කිරීම සඳහා යොදන උපකරණ නොහොත් ආයුධ විශේෂයකි. හෙණ්ඩුව, රෙණ්ඩුව, අකුස්ස යන නම්වලින් ද මෙය හැඳින්වෙයි. ලීයක රුවාලීමට කළ ලෝහ කොපුවක මුදුනේ අඟලක් පමණ දිග තියුණු තුඩක් ද ඊට පහතින් අකුසු කොළය නම් වූ කොක්කක ආකාර මුවහත් තුඩක් ද ඇති වන සේ මෙය තනාගනු ලැබේ. අඩි පහක් පමණ දිග ද අඟල් එකහමාරක් පමණ විෂ්කම්භය ද ඇති ශක්තිමත් යෂ්ටියක යථෝක්ත කොපුව සවිකර ගැනීමෙන් පසු එය අංග සම්පුර්ණ අංකුශයක් වෙයි. අංග සම්පුර්ණ වූ පමණින් ම එය අලි ඇතුන් හික්මවීමට සුදුසු වන්නේ නැත. අංකුශයෙහි මුවහත් තුඩුදෙක පණපෙවීම ද විෂ පෙවීම ද කළ යුතුය. ([[අංකුශ මාරණය]] ද බලනු.) |
ඇතුන් ගොදුරු කර ගන්නා ඇත්කඳ ලිහිණි නමින් හැඳින්වෙන විශාල පක්ෂියාගේ නියවල හැඩ යට අඞ්කුශය තනා ගනු ලැබේ යයි කියති. අඞ්කුශ කොපුව බහුල වශයෙන් සාදා ගනු ලබන්නේ යකඩ, වානේ යන ලෝහ දෙකෙනි. රජුනට රන් අකුසු තිබුණ බව ද සාහිත්‍යයෙහි සඳහන් වේ. | ඇතුන් ගොදුරු කර ගන්නා ඇත්කඳ ලිහිණි නමින් හැඳින්වෙන විශාල පක්ෂියාගේ නියවල හැඩ යට අඞ්කුශය තනා ගනු ලැබේ යයි කියති. අඞ්කුශ කොපුව බහුල වශයෙන් සාදා ගනු ලබන්නේ යකඩ, වානේ යන ලෝහ දෙකෙනි. රජුනට රන් අකුසු තිබුණ බව ද සාහිත්‍යයෙහි සඳහන් වේ. | ||
5 පේළිය: | 5 පේළිය: | ||
කොපුවෙහි කැටයම් ද යෂ්ටියෙහි මේවර වැඩ ද කරන ලද දර්ශනීය අඞ්කුශයන් ද ව්‍යවහාර වූ බව පෙනේ. පුරාතනයන් කොපුව සවිකරන තැන මොනර පිල් බැඳි අඞ්කුශයන් පාව්චිචි කළ බව ශිශුපාලවධ කාව්‍යයෙහි සඳහන් වේ. දූරාතීතයේ පටන් යුද්ධාදී නොයෙක් කටයුතු සඳහා ඇතුන් යෙදූ බව සඳහන් වන බැවින් ඒ කාලයේ සිට ම අඞ්කුශය භාවිත වන්නට ඇතැයි සිතිය හැක. | කොපුවෙහි කැටයම් ද යෂ්ටියෙහි මේවර වැඩ ද කරන ලද දර්ශනීය අඞ්කුශයන් ද ව්‍යවහාර වූ බව පෙනේ. පුරාතනයන් කොපුව සවිකරන තැන මොනර පිල් බැඳි අඞ්කුශයන් පාව්චිචි කළ බව ශිශුපාලවධ කාව්‍යයෙහි සඳහන් වේ. දූරාතීතයේ පටන් යුද්ධාදී නොයෙක් කටයුතු සඳහා ඇතුන් යෙදූ බව සඳහන් වන බැවින් ඒ කාලයේ සිට ම අඞ්කුශය භාවිත වන්නට ඇතැයි සිතිය හැක. | ||
− | + | සාංචි, භර්හූත් ආදි සිද්ධස්ථානයන්හි ඇති පැරණි කැටයම් අතර ද ඇතුන් ළඟ අඞ්කුශය ගෙන සිටින ඇත්ගොව්වන්ගේ රූප නිරූපණය කර ඇත්තේය. ලංකාවේ ද දෙගල්දොරුව ආදි විහාරයන්හි එබඳු චිත්‍ර දක්නට ලැබේ. | |
(සංස්කරණය:1963) | (සංස්කරණය:1963) | ||
[[ප්‍රවර්ගය:අ]] | [[ප්‍රවර්ගය:අ]] |
10:06, 12 ජූලි 2023 තෙක් සංශෝධනය
අලිඇතුන් කම්පස් කිරීම සඳහා යොදන උපකරණ නොහොත් ආයුධ විශේෂයකි. හෙණ්ඩුව, රෙණ්ඩුව, අකුස්ස යන නම්වලින් ද මෙය හැඳින්වෙයි. ලීයක රුවාලීමට කළ ලෝහ කොපුවක මුදුනේ අඟලක් පමණ දිග තියුණු තුඩක් ද ඊට පහතින් අකුසු කොළය නම් වූ කොක්කක ආකාර මුවහත් තුඩක් ද ඇති වන සේ මෙය තනාගනු ලැබේ. අඩි පහක් පමණ දිග ද අඟල් එකහමාරක් පමණ විෂ්කම්භය ද ඇති ශක්තිමත් යෂ්ටියක යථෝක්ත කොපුව සවිකර ගැනීමෙන් පසු එය අංග සම්පුර්ණ අංකුශයක් වෙයි. අංග සම්පුර්ණ වූ පමණින් ම එය අලි ඇතුන් හික්මවීමට සුදුසු වන්නේ නැත. අංකුශයෙහි මුවහත් තුඩුදෙක පණපෙවීම ද විෂ පෙවීම ද කළ යුතුය. (අංකුශ මාරණය ද බලනු.)
ඇතුන් ගොදුරු කර ගන්නා ඇත්කඳ ලිහිණි නමින් හැඳින්වෙන විශාල පක්ෂියාගේ නියවල හැඩ යට අඞ්කුශය තනා ගනු ලැබේ යයි කියති. අඞ්කුශ කොපුව බහුල වශයෙන් සාදා ගනු ලබන්නේ යකඩ, වානේ යන ලෝහ දෙකෙනි. රජුනට රන් අකුසු තිබුණ බව ද සාහිත්‍යයෙහි සඳහන් වේ.
කොපුවෙහි කැටයම් ද යෂ්ටියෙහි මේවර වැඩ ද කරන ලද දර්ශනීය අඞ්කුශයන් ද ව්‍යවහාර වූ බව පෙනේ. පුරාතනයන් කොපුව සවිකරන තැන මොනර පිල් බැඳි අඞ්කුශයන් පාව්චිචි කළ බව ශිශුපාලවධ කාව්‍යයෙහි සඳහන් වේ. දූරාතීතයේ පටන් යුද්ධාදී නොයෙක් කටයුතු සඳහා ඇතුන් යෙදූ බව සඳහන් වන බැවින් ඒ කාලයේ සිට ම අඞ්කුශය භාවිත වන්නට ඇතැයි සිතිය හැක.
සාංචි, භර්හූත් ආදි සිද්ධස්ථානයන්හි ඇති පැරණි කැටයම් අතර ද ඇතුන් ළඟ අඞ්කුශය ගෙන සිටින ඇත්ගොව්වන්ගේ රූප නිරූපණය කර ඇත්තේය. ලංකාවේ ද දෙගල්දොරුව ආදි විහාරයන්හි එබඳු චිත්‍ර දක්නට ලැබේ.
(සංස්කරණය:1963)