"අඤ්ජන (අඳුන්)" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
 
2 පේළිය: 2 පේළිය:
  
අඤ්ජන වශයෙන් භාවිත කරන ද්‍රව්‍ය කීපයක් තිබේ. ඉන් සමහරක් ඛනිජය; සමහරක් සාදාගනු ලබන ද්‍රව්‍යයි. වාග්භටාචාර්‍ය්‍යතුමාගේ රසරත්න සමුච්චයෙහි දැක්වෙන අන්දමට සෞවීරාඤ්ජන, රසාඤ්ජන, ස්‍රෝතාඤ්ජන, පුෂ්පාඤ්ජන සහ නීලාඤ්ජන යැයි අඤ්ජන පස් වැදෑරුම්ය.
 
== සෞවිරාඤ්ජන: ==
 
== සෞවිරාඤ්ජන: ==
 
මේ වූ කලී ඉන්දු නදිය අසබඩ සෞවීර දේශයෙන් ලැබෙන මැටි විශේෂයකැයි කියති. මෙය ප්‍රධාන වශයෙන් ලෙඩ් සල්ෆයිඩ් (ගැලීනා) වලින් සමන්විතය.
 
මසං හෙවත් ඩෙබර ගෙඩි කෂාය කොට පෙරා, ඝන කොට වියළා සාදන සාරයට ද සෞවීරාඤ්ජන යැයි කියති. සෞවීරාඤ්ජන දුඹුරු පාටය, රත්පිත් නසනසුලුය.
 
== රසාඤ්ජන: ==
 
== රසාඤ්ජන: ==
 
දාරුහරිද්‍රා කිරි කෂාය කොට පෙරා, කකාරා ඝන වූ විට වියළීමෙන් මෙය ලැ‍බේ. දාරුහරිද්‍රා යනු රසඳුන් (බෙර්බෙරිස් අරිස්ටාටා Berberis aristata) ගසය. මේ සඳහා ඇතැම්මු වෙණිවැල්ගැට (කොස්සිනියූම් ෆෙනෙස්ට්රාටුම් - Coscinium fenestratum) ද ගනිති. මෙය ඇසෙහි ගෑමෙන් දෘෂ්ටි ප්‍රසාදනය ඇති වේ.
 
== ස්‍රෝතාඤ්ජන: ==
 
== ස්‍රෝතාඤ්ජන: ==
18 පේළිය: 15 පේළිය:
 
== පුෂ්පාඤ්ජන: ==
 
== පුෂ්පාඤ්ජන: ==
 
මේ සුදුපාට යැයි කියති. ඒ පිළිබඳ විස්තර අප්‍රකටය.
 
== නීලාඤ්ජන: ==
 
== නීලාඤ්ජන: ==
26 පේළිය: 22 පේළිය:
  
නෙත් පිරිසිදු කරන අඳුන තුන්වැදෑරුම් වේ. රස, වටී, චූර්ණ යන විසිනි. ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය ද ලේඛන, රෝපණ, ස්නේහන (දෘෂ්ටිප්‍රසාදන) යයි තෙවැදෑරුම් වෙයි.
 
== ලේඛන: ==
 
== ලේඛන: ==
 
කාරම්  හෙවත් ක්ෂාර වර්ග හා ඇඹුල් යොදා සාදනු ලබන අඳුන ලේඛන නමි. එය නේත්‍රාබාධයන්හි යොදනු ලැබේ. චූර්ණ ආකාරයෙන් සාදන අඳුන් ද ලේඛන කාර්‍ය්‍යයට ගනු ලැබේ.
 
== රෝපණ: ==
 
== රෝපණ: ==
 
මේ වර්ගයේ අඳුන තික්ත රස ද්‍රව්‍යයන් යොදා සාදනු ලැබේ. මාංස ආදීන්ගේ ලියැලීමට උපකාරී වේ.
 
== ස්නේහන: ==
 
== ස්නේහන: ==

10:23, 13 ජූලි 2023 වන විට නවතම සංශෝධනය

රූපශෝභාව වැඩි කරගැනීම පිණිස ද ඖෂධයක් වශයෙන් ද ඇසෙහි ගල්වන ඉතා සියුම් ලෙස අඹරා ගත් කල්කයකි. පෙර ලක්වැසියන් විසින් නේත්‍රප්‍රසාදය සඳහා අඳුන් භාවිත කරන ලද බව පෙනේ. ඉන්දියාවේ නොයෙක් ප්‍රදේශවල ස්ත්‍රීහු ද ඇතැම් විට පුරුෂයෝ ද ඇසේ අඳුන් ගෑම දැනුදු සිරිතක් වශයෙන් කරති.

අඤ්ජන වශයෙන් භාවිත කරන ද්‍රව්‍ය කීපයක් තිබේ. ඉන් සමහරක් ඛනිජය; සමහරක් සාදාගනු ලබන ද්‍රව්‍යයි. වාග්භටාචාර්‍ය්‍යතුමාගේ රසරත්න සමුච්චයෙහි දැක්වෙන අන්දමට සෞවීරාඤ්ජන, රසාඤ්ජන, ස්‍රෝතාඤ්ජන, පුෂ්පාඤ්ජන සහ නීලාඤ්ජන යැයි අඤ්ජන පස් වැදෑරුම්ය.

සෞවිරාඤ්ජන:

මේ වූ කලී ඉන්දු නදිය අසබඩ සෞවීර දේශයෙන් ලැබෙන මැටි විශේෂයකැයි කියති. මෙය ප්‍රධාන වශයෙන් ලෙඩ් සල්ෆයිඩ් (ගැලීනා) වලින් සමන්විතය. මසං හෙවත් ඩෙබර ගෙඩි කෂාය කොට පෙරා, ඝන කොට වියළා සාදන සාරයට ද සෞවීරාඤ්ජන යැයි කියති. සෞවීරාඤ්ජන දුඹුරු පාටය, රත්පිත් නසනසුලුය.

රසාඤ්ජන:

දාරුහරිද්‍රා කිරි කෂාය කොට පෙරා, කකාරා ඝන වූ විට වියළීමෙන් මෙය ලැ‍බේ. දාරුහරිද්‍රා යනු රසඳුන් (බෙර්බෙරිස් අරිස්ටාටා Berberis aristata) ගසය. මේ සඳහා ඇතැම්මු වෙණිවැල්ගැට (කොස්සිනියූම් ෆෙනෙස්ට්රාටුම් - Coscinium fenestratum) ද ගනිති. මෙය ඇසෙහි ගෑමෙන් දෘෂ්ටි ප්‍රසාදනය ඇති වේ.

ස්‍රෝතාඤ්ජන:

යමුනා නදියෙහි සෑදෙන කළු මැටි විශේෂයකි. කැබැලි කළ විට රතු පාටට හැරේ. මෙය ඇසට හිතය, ගුණාධිකය. ඇන්ටිමනි සල්පයිඩ් යැයි හඳුනාගෙන තිබේ.

පුෂ්පාඤ්ජන:

මේ සුදුපාට යැයි කියති. ඒ පිළිබඳ විස්තර අප්‍රකටය.

නීලාඤ්ජන:

ලංකාවේ අඤ්ජන කැට නමින් දන්නා නිල් ඛනිජයකි. මෙය චූර්ණ කොට ඇඹුල් දොඩම් යුෂයෙහි බහා එක් එක් දිනක් අව්වේ තබාගත් කල විෂ පහ වේ. බෙහෙතට ගන්නේ ඊට පසුවයි. මෙය ද ඇන්ටිමනි සල්පයිඩ්ය.

කාලිකා පුරාණයෙහි සෞවීර, ජාම්බල, මයQර, තුත්ථ, ග්‍රීකරදර්විකා සහ මේඝනීල යයි අඤ්ජන සවර්ගයක් ගැන සඳහන් වේ. ඉන් දර්විකා හැර සෙසු සියල්ල ඛනිජ ද්‍රව්‍ය බව පෙනේ. දර්විකා යනු ගිතෙල් තලතෙල් ආදිය ගල්වන ලද වැටියක් දල්වා එයින් නැ‍ඟෙන දුම තඹ තැටියකට හෝ මැටි බඳුනකට හෝ කෙසෙල් පතුරක ඇතුළු පැත්තට හෝ ඇල්ලූ කල සෑදෙන දුඹුලුය.

නෙත් පිරිසිදු කරන අඳුන තුන්වැදෑරුම් වේ. රස, වටී, චූර්ණ යන විසිනි. ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය ද ලේඛන, රෝපණ, ස්නේහන (දෘෂ්ටිප්‍රසාදන) යයි තෙවැදෑරුම් වෙයි.

ලේඛන:

කාරම් හෙවත් ක්ෂාර වර්ග හා ඇඹුල් යොදා සාදනු ලබන අඳුන ලේඛන නමි. එය නේත්‍රාබාධයන්හි යොදනු ලැබේ. චූර්ණ ආකාරයෙන් සාදන අඳුන් ද ලේඛන කාර්‍ය්‍යයට ගනු ලැබේ.

රෝපණ:

මේ වර්ගයේ අඳුන තික්ත රස ද්‍රව්‍යයන් යොදා සාදනු ලැබේ. මාංස ආදීන්ගේ ලියැලීමට උපකාරී වේ.

ස්නේහන:

මේ වර්ගයේ අඳුන් සෑදීමට යොදනු ලබන්නේ මිහිරි, සිහිල් ද්‍රව්‍යයයි. එයින් නේත්‍රයන්හි දෘෂ්ටි ශක්තිය වඩයි.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අඤ්ජන_(අඳුන්)&oldid=2727" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි