"අඤ්ජන වනය" හි සංශෝධන අතර වෙනස්කම්
('බුදුරජාණන්වහන්සේ සාකේත නුවරට පැමිණි අවස්ථාව...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
1 පේළිය: | 1 පේළිය: | ||
− | බුදුරජාණන්වහන්සේ සාකේත නුවරට පැමිණි අවස්ථාවල දී කලින්කල වැඩ විසූ ආරණ්‍යයකි. මෙය සාකේත (බ.) නුවර අසල පිහිටි මිගදායක් බව සංයුත්තනිකාය ආදි ග්‍රන්ථවල දැක්වේ. | + | බුදුරජාණන්වහන්සේ සාකේත නුවරට පැමිණි අවස්ථාවල දී කලින්කල වැඩ විසූ ආරණ්‍යයකි. මෙය [[සාකේත]] (බ.) නුවර අසල පිහිටි මිගදායක් බව සංයුත්තනිකාය ආදි ග්‍රන්ථවල දැක්වේ. |
බුද්ධකාලයෙහි සාකේත නුවර අසල කාළකාරාම, තිකණ්ටකී වන, අඤ්ජන වන යයි ආරාම තුනක් විය. භාග්‍යවතුන්වහන්සේගෙන් බණ අසා සෝවාන් වූ කාළක සිටුවරයා කාළකාරාමය කැරැවිය. බුදුරජාණන්වහන්සේ අඤ්ජන වනයෙහි වැඩ විසූ කාලවල කකුධ, කුණ්ඩලීය, ජරා, සාකේත යන සූත්‍ර හා සාකේත ජාතකය ද දේශනා කළසේක. වරක් බුදුරදුන් මහත් වූ භික්ෂු පිරිසක් සමග මේ වනයෙහි වසන කල ඇතැම් භික්ෂූහු ඒ අසල පිහිටි සරභූ නදී ඉවුරේ වැලිතලා මත නිදාගත්හ. රාත්‍රි සමයෙහි ගඟ ගලන්ට වූයෙන් ගවම්පති තෙරුන් ස්වකීය සෘද්ධි බලයෙන් එය නැවැත්වූ බව සුත්තනිපාතාදි ග්‍රන්ථවල දැක්වේ. | බුද්ධකාලයෙහි සාකේත නුවර අසල කාළකාරාම, තිකණ්ටකී වන, අඤ්ජන වන යයි ආරාම තුනක් විය. භාග්‍යවතුන්වහන්සේගෙන් බණ අසා සෝවාන් වූ කාළක සිටුවරයා කාළකාරාමය කැරැවිය. බුදුරජාණන්වහන්සේ අඤ්ජන වනයෙහි වැඩ විසූ කාලවල කකුධ, කුණ්ඩලීය, ජරා, සාකේත යන සූත්‍ර හා සාකේත ජාතකය ද දේශනා කළසේක. වරක් බුදුරදුන් මහත් වූ භික්ෂු පිරිසක් සමග මේ වනයෙහි වසන කල ඇතැම් භික්ෂූහු ඒ අසල පිහිටි සරභූ නදී ඉවුරේ වැලිතලා මත නිදාගත්හ. රාත්‍රි සමයෙහි ගඟ ගලන්ට වූයෙන් ගවම්පති තෙරුන් ස්වකීය සෘද්ධි බලයෙන් එය නැවැත්වූ බව සුත්තනිපාතාදි ග්‍රන්ථවල දැක්වේ. |
10:31, 13 ජූලි 2023 වන විට නවතම සංශෝධනය
බුදුරජාණන්වහන්සේ සාකේත නුවරට පැමිණි අවස්ථාවල දී කලින්කල වැඩ විසූ ආරණ්‍යයකි. මෙය සාකේත (බ.) නුවර අසල පිහිටි මිගදායක් බව සංයුත්තනිකාය ආදි ග්‍රන්ථවල දැක්වේ.
බුද්ධකාලයෙහි සාකේත නුවර අසල කාළකාරාම, තිකණ්ටකී වන, අඤ්ජන වන යයි ආරාම තුනක් විය. භාග්‍යවතුන්වහන්සේගෙන් බණ අසා සෝවාන් වූ කාළක සිටුවරයා කාළකාරාමය කැරැවිය. බුදුරජාණන්වහන්සේ අඤ්ජන වනයෙහි වැඩ විසූ කාලවල කකුධ, කුණ්ඩලීය, ජරා, සාකේත යන සූත්‍ර හා සාකේත ජාතකය ද දේශනා කළසේක. වරක් බුදුරදුන් මහත් වූ භික්ෂු පිරිසක් සමග මේ වනයෙහි වසන කල ඇතැම් භික්ෂූහු ඒ අසල පිහිටි සරභූ නදී ඉවුරේ වැලිතලා මත නිදාගත්හ. රාත්‍රි සමයෙහි ගඟ ගලන්ට වූයෙන් ගවම්පති තෙරුන් ස්වකීය සෘද්ධි බලයෙන් එය නැවැත්වූ බව සුත්තනිපාතාදි ග්‍රන්ථවල දැක්වේ.
අඳුන්වන් මල් හටගන්නා අඤ්ජන නමැති ලතා විශේෂයෙන් මේ ප්‍රදේශය වැසී තිබුණ බැවින් අඤ්ජන වනය යන නම ඊට ව්‍යාහාර වී යයි කියති. අඤ්ජන නමින් වෘක්ෂ විශේෂයෙක් ද ඇත. එයින් ගැවැසී ගත් හෙයින් හෝ අඳුන්වන් මල් හටගන්නා වෘක්ෂයන් රෝපණය කරන ලද හෙයින් හෝ මේ නම ඇති වී යයි ද සලකති.
(සංස්කරණය:1963)