"අට්ටාලුස්" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
(නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්) | |||
6 පේළිය: | 6 පේළිය: | ||
මොහුගේ රාජ්‍ය කාලයේ දී පෙර්ගමුම් රාජසභාව ග්‍රීක සංස්කෘතියේ කේන්ද්‍රස්ථානයක් බවට පත් විය. එකල සාහිත්‍ය කටයුතු බහුලව කෙරුණු බව පෙනේ. ග්‍රීක කැටයම් කලාවට ද විශේෂ අනුග්‍රහ ලැබිණ. | මොහුගේ රාජ්‍ය කාලයේ දී පෙර්ගමුම් රාජසභාව ග්‍රීක සංස්කෘතියේ කේන්ද්‍රස්ථානයක් බවට පත් විය. එකල සාහිත්‍ය කටයුතු බහුලව කෙරුණු බව පෙනේ. ග්‍රීක කැටයම් කලාවට ද විශේෂ අනුග්‍රහ ලැබිණ. | ||
+ | == අට්ටාලුස් II (ෆිලඩෙස්ෆස්) == | ||
+ | ක්‍රි.පූ.200-139. අට්ටාලුස් I රජුගේ බාල පුත්‍රයා ද එම නමින් ම හැඳින්විණ. සිය වැඩි මහලු සොහොයුරු දෙවන යුමනීස්ගේ ඇවෑමෙන් (ක්‍රි.පූ.159) දෙවන අට්ටාලුස් පෙර්ගමුම්හි රජකමට පත් විය. මොහු රජවීමට පෙර තම සොහොයුරාගේ යුද්ධ හමුදාවේ සේනාධිපතියකු ලෙස කටයුතු කිරීම නිසා යුද කටයුතු පිළිබඳ විශේෂ දැනුමක් ලබා තිබුණි. එසේම කලින් සිය සොහොයුරාගේ තානාපතියකු ලෙස කීපවරක් ම රෝමයට ගිය බැවින් මොහුගේ රාජ්‍ය කාලයේ දී රෝම රාජ්‍යය හා පෙර්ගමුම් රාජ්‍යය අතර මිත්‍ර සම්බබන්ධයක් පැවතුණේය. පියාගේ කාලයේ දී මෙන් ම මොහුගේ කාලයේ දී ද ග්‍රීක සංස්කෘතියට මහත් අනුබලයක් ලැබුණේ ය. | ||
+ | |||
+ | |||
+ | == අට්ටාලුස් III (ෆිලෝමීටර්) == | ||
+ | ක්‍රි.පූ. ?-133. දෙවන අට්ටාලුස් රජු ඇවෑමෙන් ඔහුගේ ඥති පුත්‍ර තුන්වන අට්ටාලුස් ක්‍රි.පූ.138 දී පෙර්ගමුම්හි රජකම ට පත්වුයේය. මොහුගේ රාජ්‍ය සමය අවුරුදු පහකි. ක්‍රි.පූ.133 දී මෙතෙම මිය ගියේය. මොහු අට්ටාලුස් පෙළපතේ අන්තිම පාලකයා විය. තමාගෙන් පසු රජකමට හිමි කිසිවකු තමාගේ පෙළපතේ නුවූයෙන් මෙතෙම පෙර්ගමුම් රාජ්‍ය රෝම රාජ්‍යයට අයිතිවන හැටියට අන්තිම කැමති පත්‍රයක් ලියා තැබීය. මේ නිසා ඔහුගේ මරණින් පසු පර්ගමුම් රාජ්‍යය රෝමය සතු විය. | ||
(සංස්කරණය:1963) | (සංස්කරණය:1963) | ||
[[ප්‍රවර්ගය:අ]] | [[ප්‍රවර්ගය:අ]] |
12:55, 13 ජූලි 2023 වන විට නවතම සංශෝධනය
සුළු ආසියාවේ පෙර්ගමුම් ප්‍රදේශයේ රාජ්‍ය කළ ග්‍රීක රාජ පරම්පරාවක රජවරුන් තිදෙනකු දැරූ නමකි.
අට්ටාලුස් I (සෝටර්)
ක්‍රි.පූ.269-197. මොහු බලයට පත්වූයේ ක්‍රි.පූ.214 දී පමණ බව පෙනේ. මොහුගේ පරම්පරාවේ ආදිමයා වු ෆිලතේරුස් තෙමේ මැසිඩෝනියාවේ ප්‍රථම සෙලුකස් රජුගේ මරණයෙන් පසු (ක්‍රි.පූ.281) එම පෙළපතේ ම ප්‍රථම ඇන්ටියොකස් රජු යටතේ පෙර්ගමුම්හි ප්‍රාදේශික පාලකයකු හැටියට පත් විය. ෆිලතේරුස්ගෙන් පසු ඔහුගේ ඥාතියකු වූ යුමෙනීස් නමැත්තෙක් පෙර්ගමුම් ප්‍රදේශයේ ප්‍රාදේශික රජකමට පත්විය. යුමේනීස්ගෙන් පසු ක්‍රි.පූ.241 දී පමණ එම පදවිය ලැබුණේ අට්ටාලුස්ටය. මෙතෙම ෆිලතේරුස්ගේ මුනුබුරෙකි. මොහු එම පදවියට පත් වූ නොබෝ කලකින් ම, එනම් ක්‍රි.පූ.235 දී පමණ, ගැලේසියානුවරුන් හා කරන ලද යුද්ධයක දී ඔවුන් පරාජය කළේය. එම සිද්ධියෙන් පසු අට්ටාලුස් පෙර්ගමුම්හි නිදහස් රජු හැටියට පෙනී සිටියේය. ඉක්බිති මැසිඩෝනියාවේ ඇන්ටියොකස් හීරැක්ස් රජු ද යුද්ධයෙන් පරාජය කිරීම නිසා අට්ටාලුස්ට සුළු ආසියාවේ විශාල කොටසක් තමාගේ රාජ්‍යයට ඈදා ගත හැකි විය. මොහුගේ රාජ්‍යකාලයේ ඉතිරි හරියෙන් වැඩි කොටසක් මැසිඩෝනියාවේ පස්වන ෆිලිප් රජු හා කරන ලද යුද්ධ සඳහා යොදවන්නට සිදු විය. අට්ටාලුස්ගෙන් පටන් ගැනුණු රාජපදවිය හා රාජධානිය ශත වර්ෂයක් පමණ ඔහුගේ පරම්පරාවේ අය විසින් ආරක්ෂා කරගන්නා ලදී.
මොහුගේ රාජ්‍ය කාලයේ දී පෙර්ගමුම් රාජසභාව ග්‍රීක සංස්කෘතියේ කේන්ද්‍රස්ථානයක් බවට පත් විය. එකල සාහිත්‍ය කටයුතු බහුලව කෙරුණු බව පෙනේ. ග්‍රීක කැටයම් කලාවට ද විශේෂ අනුග්‍රහ ලැබිණ.
අට්ටාලුස් II (ෆිලඩෙස්ෆස්)
ක්‍රි.පූ.200-139. අට්ටාලුස් I රජුගේ බාල පුත්‍රයා ද එම නමින් ම හැඳින්විණ. සිය වැඩි මහලු සොහොයුරු දෙවන යුමනීස්ගේ ඇවෑමෙන් (ක්‍රි.පූ.159) දෙවන අට්ටාලුස් පෙර්ගමුම්හි රජකමට පත් විය. මොහු රජවීමට පෙර තම සොහොයුරාගේ යුද්ධ හමුදාවේ සේනාධිපතියකු ලෙස කටයුතු කිරීම නිසා යුද කටයුතු පිළිබඳ විශේෂ දැනුමක් ලබා තිබුණි. එසේම කලින් සිය සොහොයුරාගේ තානාපතියකු ලෙස කීපවරක් ම රෝමයට ගිය බැවින් මොහුගේ රාජ්‍ය කාලයේ දී රෝම රාජ්‍යය හා පෙර්ගමුම් රාජ්‍යය අතර මිත්‍ර සම්බබන්ධයක් පැවතුණේය. පියාගේ කාලයේ දී මෙන් ම මොහුගේ කාලයේ දී ද ග්‍රීක සංස්කෘතියට මහත් අනුබලයක් ලැබුණේ ය.
අට්ටාලුස් III (ෆිලෝමීටර්)
ක්‍රි.පූ. ?-133. දෙවන අට්ටාලුස් රජු ඇවෑමෙන් ඔහුගේ ඥති පුත්‍ර තුන්වන අට්ටාලුස් ක්‍රි.පූ.138 දී පෙර්ගමුම්හි රජකම ට පත්වුයේය. මොහුගේ රාජ්‍ය සමය අවුරුදු පහකි. ක්‍රි.පූ.133 දී මෙතෙම මිය ගියේය. මොහු අට්ටාලුස් පෙළපතේ අන්තිම පාලකයා විය. තමාගෙන් පසු රජකමට හිමි කිසිවකු තමාගේ පෙළපතේ නුවූයෙන් මෙතෙම පෙර්ගමුම් රාජ්‍ය රෝම රාජ්‍යයට අයිතිවන හැටියට අන්තිම කැමති පත්‍රයක් ලියා තැබීය. මේ නිසා ඔහුගේ මරණින් පසු පර්ගමුම් රාජ්‍යය රෝමය සතු විය.
(සංස්කරණය:1963)