"අතිධ්වනිය (Ultra-sonics)" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
 
(නොපෙන්වන එම පරිශීලකයා මගින් අතරමැදි සංස්කරණ 2ක්)
1 පේළිය: 1 පේළිය:
[[ගොනුව:1-29.jpg|400px|left]]එක් එක් තැනැත්තා තුළ ස්වල්ප වෙනස්කම් ඇති විය හැකි වුව ද සාමාන්‍යයෙන් මිනිස් කනට ධ්වනිය හැටියට දැනෙන්නේ තත්පරයකට චක්‍ර 20 සිට 20,000තෙක් සංඛ්‍යාතවලින් (frequencies) යුත් කම්පන පමණි. මේ ශ්‍රාව්‍යතා සීමාවෙන් ඔබ්බෙහි වූ-එනම් තත්පරයකට චක්‍ර 20,000කට අධික වූ සංඛ්‍යාතවලින් යුක්ත ප්‍රත්‍යාස්ථ (elastic) තරංග අතිධ්වනිය යනුයෙන් හැඳින්වෙයි. තහනම් පෙදෙස්වල හොරෙන් දඩයම් කරන්නෝ රක්ෂක නිලධාරීන්ට නොදන්වා සිය බල්ලන් තමන් වෙත කැඳවා ගැනීම පිණිස ඉතා ඈත කාලයේ සිට ම අතිධ්වනි තරංග පතුරුවන නළා යොද්‍රගත්හ. 1914-18 ලෝක යුද්ධ‍යේ දී ඉතා බහුලව වූ ජර්මන් සබ්මැරීන සැඟැවි ඇති තැන් සොයා ගැනීම සඳහා අතිධ්වනි තරංග යොද්‍ර ගැනීමට පර්යේෂණ පැවැත්විණි. එසේ වුව ද අතිධ්වනි ශක්තිය වෙන ම විද්‍යාවක් ලෙස හැදැරීම ඇරැඹුණේ 1920 පමණේ දී ය.
+
[[ගොනුව:1-29.jpg|500px|left]][[ගොනුව:1-30.jpg|250px|right]]එක් එක් තැනැත්තා තුළ ස්වල්ප වෙනස්කම් ඇති විය හැකි වුව ද සාමාන්‍යයෙන් මිනිස් කනට ධ්වනිය හැටියට දැනෙන්නේ තත්පරයකට චක්‍ර 20 සිට 20,000තෙක් සංඛ්‍යාතවලින් (frequencies) යුත් කම්පන පමණි. මේ ශ්‍රාව්‍යතා සීමාවෙන් ඔබ්බෙහි වූ-එනම් තත්පරයකට චක්‍ර 20,000කට අධික වූ සංඛ්‍යාතවලින් යුක්ත ප්‍රත්‍යාස්ථ (elastic) තරංග අතිධ්වනිය යනුයෙන් හැඳින්වෙයි. තහනම් පෙදෙස්වල හොරෙන් දඩයම් කරන්නෝ රක්ෂක නිලධාරීන්ට නොදන්වා සිය බල්ලන් තමන් වෙත කැඳවා ගැනීම පිණිස ඉතා ඈත කාලයේ සිට ම අතිධ්වනි තරංග පතුරුවන නළා යොද්‍රගත්හ. 1914-18 ලෝක යුද්ධ‍යේ දී ඉතා බහුලව වූ ජර්මන් සබ්මැරීන සැඟැවි ඇති තැන් සොයා ගැනීම සඳහා අතිධ්වනි තරංග යොද්‍ර ගැනීමට පර්යේෂණ පැවැත්විණි. එසේ වුව ද අතිධ්වනි ශක්තිය වෙන ම විද්‍යාවක් ලෙස හැදැරීම ඇරැඹුණේ 1920 පමණේ දී ය.
  
මේ අධිසංඛ්‍යාත ධ්වනි තරංග තුන් පරිද්දෙකින් උපදවා ගිය හැකියි. 1. පීඩවිද්‍යුත් ස්ඵටික මඟින්: ක්වෝට්ස් ස්ඵටිකයෙකින් කපාගත් පෙත්තක් සම්පීඩනය කළ විට ප්‍රතිවිරුද්ධ මුහුණත් දෙකෙහි විජාතීය විද්‍යුත් ආරෝපණ දිස් වෙයි. මේ සංසිද්ධිය පීඩවිද්‍යුත් ආවරණය නමි. මෙබඳු ක්වෝට්ස් ස්ඵටික පෙත්තක ප්‍රතිවිරුද්ධ මුහුණත් දෙකක් ප්‍රත්‍යාවර්තක විද්‍යුත් ක්ෂේත්‍රයකට භාජන කළ විට එය යාන්ත්‍ර කම්පන උපදවයි. පෙත්තේ ගනකම අඩු වත් ම කම්පනවල සංඛ්‍යාතය වැඩි වෙයි. 2. චුම්බකකුංචන දඬු (magnetostriction rods) මඟින්: ඇතැම් ලෝහත් මිශ්‍ර ලෝහත් චුම්බකිත කළ කල්හි මාන අතින් වෙනස් වෙයි. මේ ගුණය චුම්බකකුංචනය නමි. සියයට 49ක් යකඩ ද සීයයට 49ක් කොබෝල්ට් ද සියයට 2ක් වැනේඩියම් ද අන්තර්ගත මිශ්‍ර ලෝහයෙක මේ ගුණය ඉතා ප්‍රකටව පෙනෙයි. පිරිවෘත දඟරයක් එතුණු චුම්බකකුංචන කූරක් ප්‍රත්‍යාවර්ත විද්‍යුත් ධාරාවක් මගින් උත්තේජනය කළ විට කූර ප්‍රත්‍යාවර්ත ලෙස චුම්බකිත විචුම්බකිත වීමෙන් කම්පනය වෙයි. කූරෙහි මාන අඩුවැඩි කිරීමෙන් කම්පනවල සංඛ්‍යාත වෙනස් කළ හැකියි. 3. සයිරමක් මඟින් යාන්ත්‍ර ක්‍රමයෙන් ද මේ අධිසංඛ්‍යාත ධ්වනි තරංග උපදවා ලිය හැකිය.
 
11:59, 17 ජූලි 2023 වන විට නවතම සංශෝධනය

1-29.jpg
1-30.jpg
එක් එක් තැනැත්තා තුළ ස්වල්ප වෙනස්කම් ඇති විය හැකි වුව ද සාමාන්‍යයෙන් මිනිස් කනට ධ්වනිය හැටියට දැනෙන්නේ තත්පරයකට චක්‍ර 20 සිට 20,000තෙක් සංඛ්‍යාතවලින් (frequencies) යුත් කම්පන පමණි. මේ ශ්‍රාව්‍යතා සීමාවෙන් ඔබ්බෙහි වූ-එනම් තත්පරයකට චක්‍ර 20,000කට අධික වූ සංඛ්‍යාතවලින් යුක්ත ප්‍රත්‍යාස්ථ (elastic) තරංග අතිධ්වනිය යනුයෙන් හැඳින්වෙයි. තහනම් පෙදෙස්වල හොරෙන් දඩයම් කරන්නෝ රක්ෂක නිලධාරීන්ට නොදන්වා සිය බල්ලන් තමන් වෙත කැඳවා ගැනීම පිණිස ඉතා ඈත කාලයේ සිට ම අතිධ්වනි තරංග පතුරුවන නළා යොද්‍රගත්හ. 1914-18 ලෝක යුද්ධ‍යේ දී ඉතා බහුලව වූ ජර්මන් සබ්මැරීන සැඟැවි ඇති තැන් සොයා ගැනීම සඳහා අතිධ්වනි තරංග යොද්‍ර ගැනීමට පර්යේෂණ පැවැත්විණි. එසේ වුව ද අතිධ්වනි ශක්තිය වෙන ම විද්‍යාවක් ලෙස හැදැරීම ඇරැඹුණේ 1920 පමණේ දී ය.

මේ අධිසංඛ්‍යාත ධ්වනි තරංග තුන් පරිද්දෙකින් උපදවා ගිය හැකියි. 1. පීඩවිද්‍යුත් ස්ඵටික මඟින්: ක්වෝට්ස් ස්ඵටිකයෙකින් කපාගත් පෙත්තක් සම්පීඩනය කළ විට ප්‍රතිවිරුද්ධ මුහුණත් දෙකෙහි විජාතීය විද්‍යුත් ආරෝපණ දිස් වෙයි. මේ සංසිද්ධිය පීඩවිද්‍යුත් ආවරණය නමි. මෙබඳු ක්වෝට්ස් ස්ඵටික පෙත්තක ප්‍රතිවිරුද්ධ මුහුණත් දෙකක් ප්‍රත්‍යාවර්තක විද්‍යුත් ක්ෂේත්‍රයකට භාජන කළ විට එය යාන්ත්‍ර කම්පන උපදවයි. පෙත්තේ ගනකම අඩු වත් ම කම්පනවල සංඛ්‍යාතය වැඩි වෙයි. 2. චුම්බකකුංචන දඬු (magnetostriction rods) මඟින්: ඇතැම් ලෝහත් මිශ්‍ර ලෝහත් චුම්බකිත කළ කල්හි මාන අතින් වෙනස් වෙයි. මේ ගුණය චුම්බකකුංචනය නමි. සියයට 49ක් යකඩ ද සීයයට 49ක් කොබෝල්ට් ද සියයට 2ක් වැනේඩියම් ද අන්තර්ගත මිශ්‍ර ලෝහයෙක මේ ගුණය ඉතා ප්‍රකටව පෙනෙයි. පිරිවෘත දඟරයක් එතුණු චුම්බකකුංචන කූරක් ප්‍රත්‍යාවර්ත විද්‍යුත් ධාරාවක් මගින් උත්තේජනය කළ විට කූර ප්‍රත්‍යාවර්ත ලෙස චුම්බකිත විචුම්බකිත වීමෙන් කම්පනය වෙයි. කූරෙහි මාන අඩුවැඩි කිරීමෙන් කම්පනවල සංඛ්‍යාත වෙනස් කළ හැකියි. 3. සයිරමක් මඟින් යාන්ත්‍ර ක්‍රමයෙන් ද මේ අධිසංඛ්‍යාත ධ්වනි තරංග උපදවා ලිය හැකිය.

අතිධ්වනි තරංග ප්‍රචාරණයේ දී ඇති වන පීඩන ප්‍රත්‍යාවර්තන සමඟ යාන්ත්‍ර බල උපදී. අතිධ්වනි ශක්තිය නිසා කුහරකරණය ඇති වෙයි. ශක්තිය අවශෝෂණයෙන් තාපඵල හටගනී. මේ නිසා අතිධ්වනි ශක්තිවිකිරණයට පාත්‍ර කළ සජීව අජීව වස්තුවල නොයෙක් විපර්යාස සිදු වෙයි. අතිධ්වනි කම්පකයක් තෙල් බඳුනක් තුළ ගිල්ලු විට සිත් ගන්නා ප්‍රතිඵල කිහිපයක් දැක්ක හැකියි. ද්‍රව පෘෂ්ඨය කැළෑඹෙමින් ගොඩ ගැසී පිටට නෙරා අවුත් සීකරයක් විහිදුවයි. මෙසේ කැළැඹුණු ද්‍රවයෙහි වෙසෙන ක්ෂද්‍රප්‍රාණීහු ඉක්මනින් මැරී යති; රුධිරාණු වැනැසෙයි.

ජලයෙහි ද, කිරි ආදි නොයෙක් ආහාර වර්ගවල ද ජිවාණුහරණය සඳහාත් ඔක්සිකරණය, ඔක්සිහරණය, බහුඅවයවීකරණය (polymerisation) වැනි රසායිනික ප්‍රතික්‍රියා ඇති කැරැලීම සඳහාත් විවිධ බෙහෛත් ද්‍රව්‍ය ශරීරගත කිරීමටත් යකඩ, වානේ වැනි ලෝහවල පළුදු ඇති තැන් පිරික්සීමටත් මුහුදේ ගැඹුර පිරික්සීමටත් දිය යට දී පණිවුඩ හුවමාරු කිරීමටත් මේ අතිධ්වනි ශක්තිය උපයෝගි කොට ගෙන ඇත. බාධක මඟ හැර ගොදුරු සොයා වවුලන් පියා හඹන්නේ අතිධ්වනි තරංග උපකාරයෙනැයි පරීක්ෂණ මගින් සොයා ගෙන තිබේ.

කර්තෘ:ඩබ්ලිව්. සමරකෝන්

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අතිධ්වනිය_(Ultra-sonics)&oldid=2937" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි