"ඇංගෝලාව" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('ඇංගෝලාවේ, බටහිර අප්‍රිකාවේ ප්‍රථම යුරෝපීය (පෘ...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
11 පේළිය: | 11 පේළිය: | ||
රන්, තඹ, යකඩ සහ ගල් අඟුරු නිධි ඇංගෝලා වෙහි ඇතත් ක්‍රමානුකූල ආකර කර්මාන්තයක් එහි නොකෙරේ. බෙන්ගුවෙලාහි සිට නෝවා ලිෂ් - වෝවා හරහා කොංගෝ ප්‍රදේශය අක්වා දුම්රිය මාර්ගයක් ද ලොවන්ඩාහි සිට මලංගා දක්වා තවත් දුම්රිය මාර්ගයක් ද වෙයි. ලොබිටෝ, ලොවන්ඩා, බෙන්ගුවෙලා සහ මොසැමඞීස් ප්‍රධාන තොටුපළවල්ය. | රන්, තඹ, යකඩ සහ ගල් අඟුරු නිධි ඇංගෝලා වෙහි ඇතත් ක්‍රමානුකූල ආකර කර්මාන්තයක් එහි නොකෙරේ. බෙන්ගුවෙලාහි සිට නෝවා ලිෂ් - වෝවා හරහා කොංගෝ ප්‍රදේශය අක්වා දුම්රිය මාර්ගයක් ද ලොවන්ඩාහි සිට මලංගා දක්වා තවත් දුම්රිය මාර්ගයක් ද වෙයි. ලොබිටෝ, ලොවන්ඩා, බෙන්ගුවෙලා සහ මොසැමඞීස් ප්‍රධාන තොටුපළවල්ය. | ||
− | මෙහි ජනගහනය (1960) | + | මෙහි ජනගහනය (1960) 4,832,670කි. මෙයින් බහුතර කොටස බන්ටු ගෝත්‍රිකයන් වන අතර යුරෝපීයයෝ ද සෑහෙන ප්‍රමාණයක් සිටිති. ලොවන්ඩා (1,375,000) අගනුවරය. මෙනුවර අවුරුදු 200ක් පමණ කලක් වහල් වෙළෙඳාමේ මධ්‍යස්ථානයක් විය. නෝවා ලික්වෝවා අනාගතයේ දී අගනුවර වනු ඇත. |
== ඉතිහාසය හා වත්මන් තතු: == | == ඉතිහාසය හා වත්මන් තතු: == |
14:29, 19 ජූලි 2023 වන විට නවතම සංශෝධනය
ඇංගෝලාවේ, බටහිර අප්‍රිකාවේ ප්‍රථම යුරෝපීය (පෘතුගීසි) යටත් විජිතයයි. එය බෙල්ජියානු කොංගෝ, උතුරු රොඩේසියාව සහ නිරිතදිග අප්‍රිකාව යන ප්‍රදේශවලින් වට වී ඇත්තේය. කොංගෝ සහ කූනෙන් ගංගා මෝයවල් අතර පිහිටි ඇංගෝලා වෙරළ සැතැපුම් 1,000ක් පමණ දිගය. රාජ්‍යයෙහි විශාලත්වය වර්ග සැතැපුම් 481,351ක් පමණ වේ.
අප්‍රිකානු මහාද්වීපික සානුව සෑදී ඇති ස්ඵටික පාෂාණ සානුවක් ඇංගෝලාවෙහි වැඩි කොටසක් වසා සිටී. තැනින් තැන පැලියසොයික අවසාදිත නිධිවලින් වැසී ඇති මේ සානුව අඩි 4,000-6,000ක් පමණ උසය. අඩි 8,000ක් පමණ උස් වූ කඳු ප්‍රදේශයක් බෙන්ගුවෙලා පළාත ආශ්‍රිතව ඇත්තේය. කූනෙන්, ඕකෝවැංගෝ, ක්වාන්ඩෝ, සැම්බීසි, ක්වාන්සා ආදි ගංගා කීපයක් ම අංගෝලා සානුවෙන් පටන් ගනී. සානුවෙන් වෙරළබඩ තැන්නට ඇද හැළෙන නිසා ප්‍රධාන ගංගා ඔස්සේ වුව ද යාත්‍රා කිරීම පහසු නොවේ.
ඇංගෝලා වෙරළ සමීපයෙන් ගලන බෙන්ගුවෙලා දියවැලෙහි බලපෑම නිසා අත්ලන්තික් සාගරික සුළඟින් ඇංගෝලාවට වැඩි වැස්සක් නොලැබේ. වෙරළ බඩ පෙදෙස්වලට අඟල් 9–12 පමණ වාර්ෂික වර්ෂාපතනයක් ලැබෙන අතර සානු ආශ්‍රිත උස් බිම්වලට අඟල් 40ක පමණ වාර්ෂික වර්ෂාපතනයක් ලැබේ.
වර්ෂාව හිඟ දකුණු දිග පෙදෙස්වල උස් තණ වර්ග වැවේ. වර්ෂාව බහුල උතුරු ප්‍රදේශවල ඝර්මකලාපීය වනාන්තර වෙයි. උතුරු වෙරළබඩ පෙදෙස් වල තාල වර්ගයේ ගස් බහුලව වැඩේ.
දේශගුණය විවිධ හෙයින් ඇංගෝලාවෙහි ඝර්ම කලාපීය වූත් සමශීතෝෂ්ණ කලාපීය වූත් වෘක්ෂ ලතා වවනු ලැබේ. යුරෝපීය වැවිලි කරුවන් විසින් පාලනය කරනු ලබන කෝපි, උක් සහ කපු වතු ඇංගෝලාවෙහි ප්‍රධාන වෙළෙඳ වැවිලිය. මෙකී ද්‍රව්‍ය ද දියමන්ති, ඉරිඟු හා පොල් ද ඇංගෝලා වෙන් පිටරට යවන ද්‍රව්‍යයි. සාරවත් තැනිතලා වල යථෝක්ත වැවිලි කෙරෙන අතර වියළි සානු වල එළු, බැටළු ආදි සතුන් ඇති කිරීම මෙරට වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගයයි.
රන්, තඹ, යකඩ සහ ගල් අඟුරු නිධි ඇංගෝලා වෙහි ඇතත් ක්‍රමානුකූල ආකර කර්මාන්තයක් එහි නොකෙරේ. බෙන්ගුවෙලාහි සිට නෝවා ලිෂ් - වෝවා හරහා කොංගෝ ප්‍රදේශය අක්වා දුම්රිය මාර්ගයක් ද ලොවන්ඩාහි සිට මලංගා දක්වා තවත් දුම්රිය මාර්ගයක් ද වෙයි. ලොබිටෝ, ලොවන්ඩා, බෙන්ගුවෙලා සහ මොසැමඞීස් ප්‍රධාන තොටුපළවල්ය.
මෙහි ජනගහනය (1960) 4,832,670කි. මෙයින් බහුතර කොටස බන්ටු ගෝත්‍රිකයන් වන අතර යුරෝපීයයෝ ද සෑහෙන ප්‍රමාණයක් සිටිති. ලොවන්ඩා (1,375,000) අගනුවරය. මෙනුවර අවුරුදු 200ක් පමණ කලක් වහල් වෙළෙඳාමේ මධ්‍යස්ථානයක් විය. නෝවා ලික්වෝවා අනාගතයේ දී අගනුවර වනු ඇත.
ඉතිහාසය හා වත්මන් තතු:
1482 දී ප්‍රථම වරට පෘතුගීසීහු ඇංගෝලා ප්‍රදේශයට ගොඩබටහ. ඇංගෝලා වෙරළ ගවේෂණය කළ දියෝගු කාං සිය ගවේෂණය සිහි වීම උදෙසා කොංගෝ නදී මුවදොර සහ තවත් තැන්වල කළුගල් කුලුනු පිහිටුවිය. 1491 දී යළිත්වරක් මෙහි පැමිණි පෘතුගීසීහු කොංගෝ ගඟදිගේ ඉහළට ගොස් කොංගෝ රජ වාසල වෙත පැමිණ රජු ප්‍රමුඛ උසස් නිලධාරි පිරිසක් බව්තිස්ම කළහ. ඉක්බිති කොංගෝ රජු සමඟ තානාපති සම්බන්ධය ඇති කොටගත් පෘතුගීසීහු වෙළඳ සබඳතාව ද දියුණු කරගත්හ.
1575 දී පැමිණි පාවුලු දියස් ද නුවායස් කොංගෝ වේ දකුණු දිශා භාගය යටත් කොට ගෙන ලොවන්ඩා නම් නගරය පිහිටුවිය. ඉන් පසු අවුරුදු 50ක් තුළ දී මුළු ඇංගෝලා වෙරළබඩ ප්‍රදේශය ම පෘතුගීසීන් සතු විය.
1640, 1648 වර්ෂවල දී ලන්දේසීන් මෙහි වැදගත් පෘතුගීසි වරාය කීපයක් අල්ලා ගත් නමුත් ඒවා ඔවුන්ගේ ග්‍රහණයෙන් ගිලිහී ගියේය. 16 වන සියවසේ දී ඇංගෝලා වෙරළබඩ ප්‍රදේශය අල්ලා ගත් පෘතුගීසීන් එහි අභ්‍යන්තර ප්‍රදේශය අයත් කරගත්තේ 19 වන සියවස අග හරියේ දීය.
ආරම්භයේ සිට ම බ්‍රසීලයට වහලුන් සපයමින් පෘතුගීසීන් මෙහි ගෙන ගිය වහල් වෙළඳාම 1830 දක්වා පැවතිණ. වහල් වෙළඳාම නතර වූ නමුත් (ඇසිමිලාදු නම් තත්වයේ වූ 35,000ක් පමණ වූ සුළු පිරිසක් හැර) වැඩ කළ හැකි හොඳ සනීපයෙන් යුත් සැම (ඇංගෝලා) රටවැසි පිරිමියකු ම ඇංගෝලාවේ පෘතුගීසීන්ගේ වතුවල අවුරුද්දෙන් හමසකට වැඩි කාලයක් වැඩ කළ යුතුය යන නීතිය යටතේ මේ දක්වා ම එරට පවත්නේ ශ්‍රමය සූරාකන (ශ්‍රම කොන්ත්‍රාත්තුව නම් වූ) වහල් සේවා ක්‍රමයකි. 1947 දී කපිතන් හැන්රික් ගැල්වායෝ නම් ජ්‍යෙෂ්ඨ පරීක්ෂකයකු ඇංගෝලාවේ පවත්නා තත්වය ගැන සලාසර් රජයට වාර්තා කරමින් මෙසේ ලියා යැවීය: "ඇතැම් කරුණු අතින් ඇංගෝලාවේ තත්වය සාමාන්‍ය වහල් මෙහෙයට ද වඩා නරකය. වහල් මෙහෙය යටතේ සතකු වශයෙන් මිලට ගනු ලබන ස්වදේශිකයා අසකු හෝ ගොනකු වැනිව නීරෝගීව ද ශක්ති සම්පන්නව ද සිටිනු දැකීම වහල් හිමියාගේ ආශාවය. එහෙත් මෙහි ස්ව දේශිකයා මිලට ගනු නොලැබේ. නිදහස් වැසි යෙකැයි කියනු ලබන ඔහු රජය විසින් කුලියට දෙනු ලැබේ. ඔහු වැඩෙහි යෙදී සිටින විට ලෙඩ වුවත් මිය ගියත් සේවා යෝජකයාට කම් නැත. ලෙඩ වුවොත් හෝ මියගියොත් අනිකකු ඉල්ලා ගැනීමට ඔහුට පිළිවන් වන හෙයිනි".
පෘතුගීසි පාලනය යටතේ ඇංගෝලා වාසීන් අතර අධ්‍යාපනයක් ලැබීමේ අයිතිය ඇත්තේ එරට සෞඛ්‍ය සේවාවක් ඇතැයි කිව නොහැකි ඉතා සුළු කොටසකටය. ස්වදේශිකයන් උදෙසා තරම්ය. ඔවුනට රටවැසි අයිතිවාසිකම් හෝ දේශපාලන වගකීම් කිසිවක් ලැබී නොමැත. මෙලෙ තබාගෙන රටේ සාරය උරා ගනිමින් පෘතුගීසි සින් දේශීය ජනතාව අන්ත දුගී වහල් තත්වයේ අධිරාජ්‍යවාදීන් මෙහි ගෙන යන නින්දනීය ප්‍රතිපත්තිය නිසා ද පීඩිත ඇංගෝලා කළු ජනතාව නව අප්‍රිකානු ප්‍රබෝධයෙන් ඔද වැඩීම නිසා ද අවුරුදු කීපයක සිට සලාසේ ආඥාදායක පාලන යට විරුද්ධව මෙහි ජනතාව හෝල්ඩන් රොබෑර්තු නම් නායකයකු යටතේ අයිතිවාසිකම් හා දේශ පාලන නිදහස පතා සටන් අරඹා තිබේ.
1961 මාර්තු මාසයේ සිට විමුක්තිකාමී දේශීය ජනතාව හා පෘතුගීසි රජය අතර අවිගැටුම් ඇති විය. 1961 ජූලි මාසයේ දී කැරලිකරුවෝ උතුරු දෙස නම්බුවාංගොංගෝ නම් ප්‍රදේශය අල්ලාගත්හ. එහෙත් බ්‍රිතාන්‍යය වැනි බටහිර දියුණු රටවල ද ආධාරය හා අනුබලය ලත් සලාසර් රජය කැරලිකරුවන්ට පෙරළා පහර දී මුළුමහත් ප්‍රදේශවල කළු ජනතාව මුළුමනින් අතුගා දැමීමේ නිරනුකම්ප මර්දන ව්‍යාපාරයක් ගෙනයන්නට පටන් ගත්තේය. මේ දක්වා උන්හිටි ගමන් නැති වූ ඇංගෝලා වාසීන් සංඛ්‍යාව ගණන් ගත යුත්තේ ලක්ෂ ගණනිනි. දේශීය විමුක්ති ව්‍යාපාරය මැඩීමත් ජනතාවගේ ආත්මශක්තිය සිඳ ලෑමත් පිණිස පෘතුගීසීන් සම්පූර්ණ ගම් නියම් ගම් ගින්නට, බෝම්බයට, තුවක්කුවට ලක් කරමින් ස්ත්‍රී පුරුෂ ළමා ළපටි භේදයක් නැතිව අහිංසක ජනතාව දහස් ගණනින් අමුඅමුවේ ක්‍රෑර ලෙස ඝාතනය කරමින් ශිෂ්ට ලෝකයාගේ විරෝධය නොතකා ගෙනයන සාපරාධී ක්‍රියා කලාපය දැරිය නොහැකිව එරට හැර දමා අසල කොංගෝව ආදී රටවලට පලා යන ඇංගෝලා ජාතිකයන්ගේ සංඛ්‍යාව අති විශාලය. නිදහස් සටන් ඇරඹී සති කීපයක් තුළ දී, එනම් 1961 එංගලන්තය ආක්‍රමණය කොට එරට පදිංචි වූ ජූනි මාසය වන විට, 40,000ක් දේශසීමාව පසු කර රටින් පිටව ගිය බව එහි බැප්ටිස්ට් මීසම භාර පූජකවරයා පවසා තිබේ. කෙසේ වුව ද විමුක්ති ව්‍යාපාරය නොනැවතී දිගට ම ගෙන යනු ලබන අතර ස්වදේශික ජනතාව ද හැකි හැම විටකම හොර රහසේ වතුවලට හා ගෙවලට වැද සුදු ජාතිකයන් ක්‍රෑර ලෙස මරා දැමීමට තරම් සාහසික වී සිටිති.
ඇංගෝලා ප්‍රශ්නය ගැන එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ ද වේගවත් සාකච්ඡා ඇති විය. ඇංගෝලාවේ පෘතුගීසි ප්‍රතිපත්තියත් ක්‍රියාකලාපයත් අත්‍යන්තයෙන් හෙළාදකින අප්‍රිකාසියා ජාතීන් වෙනුවෙන් එක්සත් අරාබි ජනරජය, ඝානාව හා ලයිබීරියාව සමග ලංකාව එ.ජා. මණ්ඩලයෙහි මේ ගැන මුල්ව ක්‍රියා කෙළේය. විජිතවාදී අධිරාජ්‍යයන් විජිතයන්හි තම ආධිපත්‍යය හැර දමා පාලන බලය දේශීය ජනතාවට දිය යුතු යයි එ.ජා. මණ්ඩලය තීරණය කෙළේය. එහෙත් එ.ජා. මණ්ඩලයේ තීරණ අනුව කටයුතු කිරීමට තමන් බැඳී නැති බව පැවසූ පෘතුගීසීහු එ.ජා. ගවේෂක මණ්ඩලයකට ඇංගෝලාවට ඒමට පවා ඉඩ නොදුන්හ. ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය ද පෘතුගීසි මර්දන ක්‍රියා නතර කරන මෙන් ගෙනෙන ලද යෝජනාවට පක්ෂ විය. පෘතුගාලය සමඟ ඇමෙරිකාවේ ඇති නැටෝ සංවිධාන සම්බන්ධතා නිසා ශිෂ්ටසම්මත ලෝක මතයට ගරු කරමින් අප්‍රිකානු පක්ෂය ගැනීම ඇමෙරිකාවට බරපතළ ප්‍රශ්නයක් විය. මේ අතර බර්ලින් අර්බුදය උග්‍ර වීම නිසාත් බැල්ග්‍රේඩ්හි පැවැත්වුණු මධ්‍යස්ථ අප්‍රිකාසියා ජාතීන්ගේ සම්මේලනය නිසාත් නැටෝ සංවිධාන රාජ්‍යයක් වූ පෘතුගාලය සමඟ සබඳතාව තබාගැනීම වඩා නුවණට හුරු බව ඇමෙරිකාවට පෙනී ගියේය.
ඇංගෝලා විමුක්තිකාමීන්ට නව නිදහස ලබා සිටින අප්‍රිකාසියා ජාතීන්ගෙ සහයෝගය හා අනුබලය ලැබෙන නමුත් බ්‍රිතාන්‍යය, ස්පාඤ්ඤය, ප්‍රංසය වැනි බටහිර රාජ්‍ය කීපයකත් නැටෝ සංවිධානයේත් ආධාර අනුබල ලබන පෘතුගීසීහු සිය දරදඬු ප්‍රතිපත්තිය ලිහිල් නොකර ම ගෙනයති.
(සංස්කරණය:1967)