"අයෝධ්‍යා" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('ඉන්දියාවේ එක්සත් ප්‍රාන්තයෙහි ගෝග්‍රා (සරයූ)...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
1 පේළිය: 1 පේළිය:
 
ඉන්දියාවේ එක්සත් ප්‍රාන්තයෙහි ගෝග්‍රා (සරයූ) ගඟබඩ පිහිටි පැරණි නගරයක් වූ මෙය හින්දුවරුන්ගේ ප්‍රධාන ශුද්ධස්ථාන හතෙන් එකක් ද වෙයි. "විනීතා" යනු ද මීට ම නමකි. පාහියන් මෙය හැඳින්වූයේ "ෂචේ" (Sha-che) නමිනි. ටොලමි "සොගෙඩා" (Sogeda) යන නමින් මේ නගරය හැඳින්විය. ඉක්ස්වාකු භූමි, රාමපුරී, කෝසල ආදි නම්වලින් ද මේ නගරය හැඳින්වුණු බව පෙනේ.
 
[[සාකේත]](බ.) යනුවෙන් හැඳින්වුණු නගරය අයෝධ්‍යාව ම බව සමහර ඉතිහාසඥයෝ සිතත්. එහෙත් රීස් ඩේවිඩ්ස්, බී.සී.ලෝ ආදි පඬුවෝ ඒ මතය නොපිළිගනිති.
+
[[සාකේත]] (බ.) යනුවෙන් හැඳින්වුණු නගරය අයෝධ්‍යාව ම බව සමහර ඉතිහාසඥයෝ සිතත්. එහෙත් රීස් ඩේවිඩ්ස්, බී.සී.ලෝ ආදි පඬුවෝ ඒ මතය නොපිළිගනිති.
 
මෙකල ෆයිසාබාද් නගරයේ උපනුවරක් වූ අයෝධ්‍යාව ඉහත දී කොසොල් රටේ (වර්තමාන අවුද් ප්‍රදේශය) අගනුවර වූයේ යයි රාමායණයෙහි දැක්වේ. අයෝධ්‍යාව ගොඩනංවනු ලැබූයේ මනු රජු විසිනැයි ද එය දිගින් දොළොස් යොදුනක් හා පළලින් දස යොදුනක් වී යයි ද එහි සඳහන් වෙයි. මනු රජුගේ වැඩිමහලු පුත් වූ සූර්යවංශික ඉක්ෂ්වාකු තෙමේ අයෝධ්‍යාවෙහි ප්‍රතිරාජයා විය. ඉක්ස්වාකු වංශයට ම අයත් රාම කුමාරයාගේ පියා වූ දශරථ රජු රජ කළේ ද අයෝධ්‍යා නගරයෙහිය. රාම කුමරු උපන්නේ ද රජ කළේ ද මෙහිය. මොහුගේ මරණයෙන් පසු කොසොල් රට උතුරු හා දකුණු යන කොටස් දෙකකට බෙදුණි. භරත යුද්ධයේ දී මැරුම් කෑ අයෝධ්‍යාවේ බෘහබල නම් රජුගෙන් පසු කොසොල් රට අයෝධ්‍යා නගරයේ රජකළ රජවරුන් තිස් එක් දෙනකුගේ නම් පුරාණ ග්‍රන්ථයන්හි සඳහන් වෙයි. මේ නාමාවලියට ශාක්‍ය, ශුද්ධෝදන, සිද්ධාර්ථ, රාහුල ආදි වශයෙන් බුදුන් වහන්සේගේ පරම්පරාව ද ඇතුළත්ය. බුද්ධ කාලයේ දී ද කොසොල් රට උතුරු, දකුණු යනුවෙන් දෙකකට බෙදී තුබුණු අතර අයෝධ්‍යාව දකුණු කොසොල් රටේ (විදර්භදේශයේ) අගනුවර විය. එහෙත් එකල අයෝධ්‍යාව බලයෙන් පිරිහී පැවැත්තේය. ඒ කාලයේ දී කොසොල් රටේ බුද්ධාගම හා ජෛනාගම පැතිර පැවතිණ. විවිධ තීර්ථ කල්ප නමැති ජෛන ග්‍රන්ථයෙහි සඳහන් වන අයුරු අයෝධ්‍යාව සෘෂභ, අජිත, අභිනන්දන, සුමති, අනන්ත සහ අචලභානු නමැති ජෛන ශ්‍රාවකයින්ගේ ජන්ම භූමිය විය. ජෛන ආදි ගුරුස්වාමි ධර්මය අවබෝධ කොට ගත්තේ ද අයෝධ්‍යාවේ දී බව කියති.
 
අයෝධ්‍යාවෙහි තිබී සම්බ වූ සෙල්ලිපියක [[පුෂ්‍ය මිත්‍ර ශිංග]](බ.) රජු අශ්වමේධ යාග දෙකක් පැවැත්වූ බව සඳහන් වන හෙයින්, අයෝධ්‍යාව ඔහුගේ රාජ්‍යයට අයත්ව තිබිණැ යි සිතිය හැක. සමුද්‍රගුප්ත රජුගේ ගයා තඹ සන්නසෙහි සඳහන් වන අයුරු අයෝධ්‍යා නුවර ගුප්ත ජයස්කන්ධා වාරයක් (ජය කඳවුරක්) පිහිටුවා තුබුණු බව පෙනේ. මේ ප්‍රදේශය එකල ගුප්ත පරම්පරාවට අයිතිව තුබූ බවට ගුප්ත ශිලා ලේඛන වලින් ද සාක්ෂි ලැබේ. අයෝධ්‍යා නගරයෙහි මිනිසුන් බුදුන් වහන්සේ උදෙසා විහාරයක් තැනවූ බව බුදුගොස් හිමියන්ගේ සාරත්ථප්පකාසිනියෙහි සඳහන් වෙයි.
+
අයෝධ්‍යාවෙහි තිබී සම්බ වූ සෙල්ලිපියක [[පුෂ්‍ය මිත්‍ර ශිංග]] (බ.) රජු අශ්වමේධ යාග දෙකක් පැවැත්වූ බව සඳහන් වන හෙයින්, අයෝධ්‍යාව ඔහුගේ රාජ්‍යයට අයත්ව තිබිණැ යි සිතිය හැක. සමුද්‍රගුප්ත රජුගේ ගයා තඹ සන්නසෙහි සඳහන් වන අයුරු අයෝධ්‍යා නුවර ගුප්ත ජයස්කන්ධා වාරයක් (ජය කඳවුරක්) පිහිටුවා තුබුණු බව පෙනේ. මේ ප්‍රදේශය එකල ගුප්ත පරම්පරාවට අයිතිව තුබූ බවට ගුප්ත ශිලා ලේඛන වලින් ද සාක්ෂි ලැබේ. අයෝධ්‍යා නගරයෙහි මිනිසුන් බුදුන් වහන්සේ උදෙසා විහාරයක් තැනවූ බව බුදුගොස් හිමියන්ගේ සාරත්ථප්පකාසිනියෙහි සඳහන් වෙයි.
  
වික්කම පණ්ඩු රජු (1042–43) ලක්දිව රුහුණෙහි රජකරන සමයෙහි රාම ගෝත්‍රයෙහි උපන් ජගත් පාල නමින් ප්‍රසිද්ධ රජ කුමරෙක් අයෝධ්‍යා පුරයෙන් මෙරට පැමිණ විකුම්පඬිහු රණ භූමියේ දී මරවා මහත් බල ඇතිව සතර අවුරුද්දක් රුහුණු රජය කෙළේ යයි චූළවංසයෙහි සඳහන්ව ඇත.  
 
10 පේළිය: 10 පේළිය:
 
ගංගා නදී තීරයේ පිහිටා තුබූ අයෝධ්‍යා නගරයක් ගැන ද සංයුක්ත නිකායෙහි සඳහන් වී තිබේ. බුදුරජාණන් වහන්සේ මේ නගරයට දෙවරක් වැඩිය බවත්, උන්වහන්සේ ඵෙණසුත්ත හා දාරුක් ඛන්ධසුත්ත යන සූත්‍රයන් දේශනා කළේ මේ දෙගමනේ දී බවත් එහි ම කියැවේ. සත්වන සියවසේ දී "අයෝධ්‍යාව" නම් නුවරකට පැමිණි හියුං සාං එනුවර ගැන පහත දැක්වෙන විස්තරය කරයි. "ලී 5000ක් (සැතැප්ම 833ක් පමණ) වටැති මෙහි අගනුවර ලී 20ක් (සැතැප්ම 3, 1/2) පමණ වටැත්තේය. මධ්‍යම දේශගුණයෙන් යුත් මෙරට ධාන්‍ය, පුෂ්ප හා ඵල වර්ග අතිශයින් සුලභය. ධර්මිෂ්ඨ ගුණැති ප්‍රියංකර වූ රට වැසියෝ ආගම භක්තියෙන් යුත් ශාස්ත්‍ර රසිකයෝය. හීන යානික, මහායානික දෙපක්ෂයේ ම 3000ක් පමණ භික්ෂූන් වසන සියයක් පමණ සංඝාරාම ද දේවස්ථාන දශයක් හා දේව භක්තිකයෝ ස්වල්ප දෙනෙක් ද මෙහි ඇත්තාහ. "එතුමා කියන අයුරු මේ අයෝධ්‍යා දේශය වසුබන්ධු හා අසංග යන මහායානික ආචාර්යවරුන් දෙදෙනාගේ තාවකාලික වාස භුමිය විය. අගනුවරින් උතුරෙහි ලී 40ක් (හැ. 6, 1/2) පමණ තැන ගංගා නදීතීරයෙහි පිහිටි "මහාසංඝාරාමය" ගැන සඳහන් කරන හියුං සාං විස්තර කර ඇත්තේ ද ගංගා නදිය අසල පිහිටි අයෝධ්‍යාවකි. මේ කරුණු සැලකීමෙන් අයෝධ්‍යා නමින් නගරද්වයක් ඉන්දියාවේ වූ බව මලලසේකර මහතා සිතයි. සරයු නදිය ගංගා නදියේ ම අතු ගංගාවක් වූ බැවින් සංයුක්ත නිකාය හා හියුං සාං ද ගංගා යන මහගඟේ නමින් එහි අතු ගඟ අදහස් කළා දෝයි අනුමාන කට හැකියි. අදහස එය නම් අයෝධ්‍යා යනුවෙන් පැවැත්තේ එක් නගරයක් මය.
 
අද අයෝධ්‍යාවෙහි පස්කඳුවලට යට වී ඇති ගොඩනැගිලි, කැඩුණු බිඳුණු ප්‍රතිමා හා ගරා වැටුණු කැටයම් කුලුනු ආදියත් පසින් යට වූ ගඩොඵත් එදා එහි පැවති ශ්‍රී විභූතිය සිහි කරවයි. අයෝධ්‍යාව සමීපයෙහි පිහිටි නගරය වන ෆයිසා බාද්හි ගොඩනැගිලි තැනීමට අයෝධ්‍යාවෙහි පසට දූපත් වල ජනගහනය (1951) 2,28,597කි. යට වී තුබූ ගඩොළු වැඩි වශයෙන් ම පාවිච්චි බොහෝ දුරට ග්‍රීක්වරුන්ගෙන් යුත් මේ ජනගහන කරන ලද බව කියති. එහි එදා වැදගත් හින්දු සිද්ධස්ථාන පැවති භූමිවල අද පවා දක්නට ලැබේ. අවශිෂ්ට වූ බෞද්ධ වෙහෙර විහාර මේ දක්වා සොයා ගෙන නැත. ([[අවුද්]]බ.)
+
අද අයෝධ්‍යාවෙහි පස්කඳුවලට යට වී ඇති ගොඩනැගිලි, කැඩුණු බිඳුණු ප්‍රතිමා හා ගරා වැටුණු කැටයම් කුලුනු ආදියත් පසින් යට වූ ගඩොඵත් එදා එහි පැවති ශ්‍රී විභූතිය සිහි කරවයි. අයෝධ්‍යාව සමීපයෙහි පිහිටි නගරය වන ෆයිසා බාද්හි ගොඩනැගිලි තැනීමට අයෝධ්‍යාවෙහි පසට දූපත් වල ජනගහනය (1951) 2,28,597කි. යට වී තුබූ ගඩොළු වැඩි වශයෙන් ම පාවිච්චි බොහෝ දුරට ග්‍රීක්වරුන්ගෙන් යුත් මේ ජනගහන කරන ලද බව කියති. එහි එදා වැදගත් හින්දු සිද්ධස්ථාන පැවති භූමිවල අද පවා දක්නට ලැබේ. අවශිෂ්ට වූ බෞද්ධ වෙහෙර විහාර මේ දක්වා සොයා ගෙන නැත. ([[අවුද්]] බ.)

21:22, 12 සැප්තැම්බර් 2023 තෙක් සංශෝධනය

ඉන්දියාවේ එක්සත් ප්‍රාන්තයෙහි ගෝග්‍රා (සරයූ) ගඟබඩ පිහිටි පැරණි නගරයක් වූ මෙය හින්දුවරුන්ගේ ප්‍රධාන ශුද්ධස්ථාන හතෙන් එකක් ද වෙයි. "විනීතා" යනු ද මීට ම නමකි. පාහියන් මෙය හැඳින්වූයේ "ෂචේ" (Sha-che) නමිනි. ටොලමි "සොගෙඩා" (Sogeda) යන නමින් මේ නගරය හැඳින්විය. ඉක්ස්වාකු භූමි, රාමපුරී, කෝසල ආදි නම්වලින් ද මේ නගරය හැඳින්වුණු බව පෙනේ.

සාකේත (බ.) යනුවෙන් හැඳින්වුණු නගරය අයෝධ්‍යාව ම බව සමහර ඉතිහාසඥයෝ සිතත්. එහෙත් රීස් ඩේවිඩ්ස්, බී.සී.ලෝ ආදි පඬුවෝ ඒ මතය නොපිළිගනිති. මෙකල ෆයිසාබාද් නගරයේ උපනුවරක් වූ අයෝධ්‍යාව ඉහත දී කොසොල් රටේ (වර්තමාන අවුද් ප්‍රදේශය) අගනුවර වූයේ යයි රාමායණයෙහි දැක්වේ. අයෝධ්‍යාව ගොඩනංවනු ලැබූයේ මනු රජු විසිනැයි ද එය දිගින් දොළොස් යොදුනක් හා පළලින් දස යොදුනක් වී යයි ද එහි සඳහන් වෙයි. මනු රජුගේ වැඩිමහලු පුත් වූ සූර්යවංශික ඉක්ෂ්වාකු තෙමේ අයෝධ්‍යාවෙහි ප්‍රතිරාජයා විය. ඉක්ස්වාකු වංශයට ම අයත් රාම කුමාරයාගේ පියා වූ දශරථ රජු රජ කළේ ද අයෝධ්‍යා නගරයෙහිය. රාම කුමරු උපන්නේ ද රජ කළේ ද මෙහිය. මොහුගේ මරණයෙන් පසු කොසොල් රට උතුරු හා දකුණු යන කොටස් දෙකකට බෙදුණි. භරත යුද්ධයේ දී මැරුම් කෑ අයෝධ්‍යාවේ බෘහබල නම් රජුගෙන් පසු කොසොල් රට අයෝධ්‍යා නගරයේ රජකළ රජවරුන් තිස් එක් දෙනකුගේ නම් පුරාණ ග්‍රන්ථයන්හි සඳහන් වෙයි. මේ නාමාවලියට ශාක්‍ය, ශුද්ධෝදන, සිද්ධාර්ථ, රාහුල ආදි වශයෙන් බුදුන් වහන්සේගේ පරම්පරාව ද ඇතුළත්ය. බුද්ධ කාලයේ දී ද කොසොල් රට උතුරු, දකුණු යනුවෙන් දෙකකට බෙදී තුබුණු අතර අයෝධ්‍යාව දකුණු කොසොල් රටේ (විදර්භදේශයේ) අගනුවර විය. එහෙත් එකල අයෝධ්‍යාව බලයෙන් පිරිහී පැවැත්තේය. ඒ කාලයේ දී කොසොල් රටේ බුද්ධාගම හා ජෛනාගම පැතිර පැවතිණ. විවිධ තීර්ථ කල්ප නමැති ජෛන ග්‍රන්ථයෙහි සඳහන් වන අයුරු අයෝධ්‍යාව සෘෂභ, අජිත, අභිනන්දන, සුමති, අනන්ත සහ අචලභානු නමැති ජෛන ශ්‍රාවකයින්ගේ ජන්ම භූමිය විය. ජෛන ආදි ගුරුස්වාමි ධර්මය අවබෝධ කොට ගත්තේ ද අයෝධ්‍යාවේ දී බව කියති.

අයෝධ්‍යාවෙහි තිබී සම්බ වූ සෙල්ලිපියක පුෂ්‍ය මිත්‍ර ශිංග (බ.) රජු අශ්වමේධ යාග දෙකක් පැවැත්වූ බව සඳහන් වන හෙයින්, අයෝධ්‍යාව ඔහුගේ රාජ්‍යයට අයත්ව තිබිණැ යි සිතිය හැක. සමුද්‍රගුප්ත රජුගේ ගයා තඹ සන්නසෙහි සඳහන් වන අයුරු අයෝධ්‍යා නුවර ගුප්ත ජයස්කන්ධා වාරයක් (ජය කඳවුරක්) පිහිටුවා තුබුණු බව පෙනේ. මේ ප්‍රදේශය එකල ගුප්ත පරම්පරාවට අයිතිව තුබූ බවට ගුප්ත ශිලා ලේඛන වලින් ද සාක්ෂි ලැබේ. අයෝධ්‍යා නගරයෙහි මිනිසුන් බුදුන් වහන්සේ උදෙසා විහාරයක් තැනවූ බව බුදුගොස් හිමියන්ගේ සාරත්ථප්පකාසිනියෙහි සඳහන් වෙයි.

වික්කම පණ්ඩු රජු (1042–43) ලක්දිව රුහුණෙහි රජකරන සමයෙහි රාම ගෝත්‍රයෙහි උපන් ජගත් පාල නමින් ප්‍රසිද්ධ රජ කුමරෙක් අයෝධ්‍යා පුරයෙන් මෙරට පැමිණ විකුම්පඬිහු රණ භූමියේ දී මරවා මහත් බල ඇතිව සතර අවුරුද්දක් රුහුණු රජය කෙළේ යයි චූළවංසයෙහි සඳහන්ව ඇත.

ගංගා නදී තීරයේ පිහිටා තුබූ අයෝධ්‍යා නගරයක් ගැන ද සංයුක්ත නිකායෙහි සඳහන් වී තිබේ. බුදුරජාණන් වහන්සේ මේ නගරයට දෙවරක් වැඩිය බවත්, උන්වහන්සේ ඵෙණසුත්ත හා දාරුක් ඛන්ධසුත්ත යන සූත්‍රයන් දේශනා කළේ මේ දෙගමනේ දී බවත් එහි ම කියැවේ. සත්වන සියවසේ දී "අයෝධ්‍යාව" නම් නුවරකට පැමිණි හියුං සාං එනුවර ගැන පහත දැක්වෙන විස්තරය කරයි. "ලී 5000ක් (සැතැප්ම 833ක් පමණ) වටැති මෙහි අගනුවර ලී 20ක් (සැතැප්ම 3, 1/2) පමණ වටැත්තේය. මධ්‍යම දේශගුණයෙන් යුත් මෙරට ධාන්‍ය, පුෂ්ප හා ඵල වර්ග අතිශයින් සුලභය. ධර්මිෂ්ඨ ගුණැති ප්‍රියංකර වූ රට වැසියෝ ආගම භක්තියෙන් යුත් ශාස්ත්‍ර රසිකයෝය. හීන යානික, මහායානික දෙපක්ෂයේ ම 3000ක් පමණ භික්ෂූන් වසන සියයක් පමණ සංඝාරාම ද දේවස්ථාන දශයක් හා දේව භක්තිකයෝ ස්වල්ප දෙනෙක් ද මෙහි ඇත්තාහ. "එතුමා කියන අයුරු මේ අයෝධ්‍යා දේශය වසුබන්ධු හා අසංග යන මහායානික ආචාර්යවරුන් දෙදෙනාගේ තාවකාලික වාස භුමිය විය. අගනුවරින් උතුරෙහි ලී 40ක් (හැ. 6, 1/2) පමණ තැන ගංගා නදීතීරයෙහි පිහිටි "මහාසංඝාරාමය" ගැන සඳහන් කරන හියුං සාං විස්තර කර ඇත්තේ ද ගංගා නදිය අසල පිහිටි අයෝධ්‍යාවකි. මේ කරුණු සැලකීමෙන් අයෝධ්‍යා නමින් නගරද්වයක් ඉන්දියාවේ වූ බව මලලසේකර මහතා සිතයි. සරයු නදිය ගංගා නදියේ ම අතු ගංගාවක් වූ බැවින් සංයුක්ත නිකාය හා හියුං සාං ද ගංගා යන මහගඟේ නමින් එහි අතු ගඟ අදහස් කළා දෝයි අනුමාන කට හැකියි. අදහස එය නම් අයෝධ්‍යා යනුවෙන් පැවැත්තේ එක් නගරයක් මය.

අද අයෝධ්‍යාවෙහි පස්කඳුවලට යට වී ඇති ගොඩනැගිලි, කැඩුණු බිඳුණු ප්‍රතිමා හා ගරා වැටුණු කැටයම් කුලුනු ආදියත් පසින් යට වූ ගඩොඵත් එදා එහි පැවති ශ්‍රී විභූතිය සිහි කරවයි. අයෝධ්‍යාව සමීපයෙහි පිහිටි නගරය වන ෆයිසා බාද්හි ගොඩනැගිලි තැනීමට අයෝධ්‍යාවෙහි පසට දූපත් වල ජනගහනය (1951) 2,28,597කි. යට වී තුබූ ගඩොළු වැඩි වශයෙන් ම පාවිච්චි බොහෝ දුරට ග්‍රීක්වරුන්ගෙන් යුත් මේ ජනගහන කරන ලද බව කියති. එහි එදා වැදගත් හින්දු සිද්ධස්ථාන පැවති භූමිවල අද පවා දක්නට ලැබේ. අවශිෂ්ට වූ බෞද්ධ වෙහෙර විහාර මේ දක්වා සොයා ගෙන නැත. (අවුද් බ.)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අයෝධ්‍යා&oldid=3046" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි