"අයෝනා" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(Iona) බටහිරින් අත්ලන්තික් සාගරයේ පිහිටා ඇති ඉනර...' යොදමින් නව පිටුවක් තනන ලදි)
(වෙනසක් නොමැත)

21:24, 12 සැප්තැම්බර් 2023 තෙක් සංශෝධනය

(Iona) බටහිරින් අත්ලන්තික් සාගරයේ පිහිටා ඇති ඉනර් හෙබ්‍රිඩීස් දූපත් වලට අයත් දුපතකි. මෙහි දිග සැතපුම් 3, 1/2කි. පළල සැතපුම් 1, 1/2කි. දිවයිනෙන් තුනෙන් කොටසක පමණ ගොවිතැන් කොට තිබේ. ඉතිරි කොටස තෘණ භූමිවලින් යුක්තයි. මේ තෘණ භූමිවල ගව, බැටළු, අශ්ව ආදි සතුන් ඇති කරත්. මෙහි වැසියෝ ගොවිතැනින් මෙන් ම මසුන් ඇල්ලීමෙන් ද ජීවිකාව සපයා ගනිති. කිරිගරුඩ කැණීම ද කරති.

මේ දිවයින කෙල්ටික් ක්‍රිස්තියානි සභාව පිළිබඳ පැරැණි වැදගත් මධ්‍යස්ථානයක් වශයෙන් ප්‍රසිද්ධය. ක්‍රි.ව. 563 දී කොලුම්බා (Columba) ශාන්තුවරයා විසින් මෙහි පිහිටුවන ලද පූජකාරාමය ක්‍රි.ව. 807 දී මුහුදු කොල්ලකරුවන් විසින් වනසා දමන ලදී. 1203 දී පිහිටුවන ලද බෙනඩික්ටයින් පූජකාරාමයේ නටබුන් තවමත් දක්නට ලැබේ.

ජනගහනය 1951 දී 173ක් විය.

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අයෝනා&oldid=3047" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි