"අරකන් යෝමා" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('බටහිර බුරුමයේ උතුරේ සිට දකුණට විහිදෙන පටු කඳු...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
21:53, 12 සැප්තැම්බර් 2023 තෙක් සංශෝධනය
බටහිර බුරුමයේ උතුරේ සිට දකුණට විහිදෙන පටු කඳු වැටියකි. එය ඇසෑමයේ සිට දකුණු දෙසට විහිදෙන අරකන් උස්බිම් පෙදෙසින් පටන්ගෙන බටහිර වෙරළට සමාන්තරව උත්තර අක්ෂාංශ 17° සහ 22° අතරට සීමා වී පිහිටා ඇත. මෙහි සාමාන්‍ය උස අඩි 4,500 ක් පමණ වුව ද ඉතා උස් මුදුන වූ වික්ටෝරියා ශිඛරය අඩි 10,016ක් උසය. භූවිද්‍යානුකූලව අරකන් යොමා කඳු තෘතීයික සමයට අයත් පාෂාණයෙන් සෑදී තිබේ. සමහර පෙදෙස්වල ඛටිකා සමයට අයත් වැලිගල් හුනුගල් සහ ශල්ක පාෂාණ තිබේ. ඉරවඩි ගඟෙහි කුඩා අත්තක් වූ මොන් ගඟ ඇරැඹෙන්නේ මේ කඳුවැටියෙහි උතුරු පසිනි. චෞක්ප්‍යු සහ අන් පළාත් අතර මහාමාර්ගය මෙන් ම නාපේ සහ මිංබු පළාත් අතර මහාමාර්ග ද මෙහි කපොලු දෙකක් ඔස්සේ වැටී තිබේ. වනාන්තර බහුල නමුත් බුරුමයේ සුලබව ඇති තේක්ක මෙහි දුලබය.