"අරණායක" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('සබරගමු පළාතේ පරණකූරු කෝරළේ, බටහිර තුන්පළාත් ප...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
22:10, 12 සැප්තැම්බර් 2023 තෙක් සංශෝධනය
සබරගමු පළාතේ පරණකූරු කෝරළේ, බටහිර තුන්පළාත් පත්තුවේ, මහඔය බඩ පිහිටි කුඩා නගරයකි. මාවනැල්ලේ සිට අරණායකට දුර සැතපුම් 8ක් වේ. ඉතා සුඛදායක දේශගුණයක් සහිත අරණායක ප්‍රදේශයෙහි පස ද සාරවත් හෙයින් කෘෂිකාර්මික කටයුතු දියුණුය. ඒ අවට, විශේෂයෙන් රබර් වැවිලි කොට ඇති වතු ප්‍රදේශයේ, වෙළඳ මධ්‍යස්ථානය අරණායකයි. මේ හැර වී, පුවක්, කෝපි හා ගම්මිරිස් ද වවනු ලැබේ.