"අරත්තන (1)" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('නුවරඑළි දිස්ත්‍රික්කයෙහි උඩහේවා හැට දියතිලක...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
22:14, 12 සැප්තැම්බර් 2023 තෙක් සංශෝධනය
නුවරඑළි දිස්ත්‍රික්කයෙහි උඩහේවා හැට දියතිලක කෝරළයට අයත් මැද පිටිතැන්න නම් ස්ථානයෙහි පිහිටි ගමකි. පැරණි විහාරයක් නිසා ප්‍රසිද්ධියට පත්ව ඇත. මහනුවර රජුන් විසින් සංවර්ධනය කරන ලදුව අද පවා දියුණු ස්වභාවයකින් පවත්නා මෙම විහාරස්ථානය කවර කලෙක පිහිටුවන ලද දැයි දැක්විය හැකි ඓතිහාසික සටහන් මේ තාක් ලැබී නැති නමුදු එහි පිහිටි පුරාණ බෝධි වෘක්ෂය හා බෝමළුවට පිවිසෙන දොරටුව දෙපස දක්නා කලාත්මක ශෛලමය භෛරව රූප ද විහාරස්ථානයේ පෞරාණිකත්වය හෙළි කරයි.
නරේන්ද්‍රසිංහ රජතුමා විසින් පුරාණ බෝධි ද්‍රැමයට ප්‍රාකාරයක් කරවා ප්‍රතිමාගෘහයක් ද කරවූ බව මන්දාරම් පුවතෙහි සඳහන් වෙයි. ධාතු චෛත්‍යයකින් හා සංසාරාමාදියෙන් ද යුක්ත වූ මේ විහාරය දැනට අස්ගිරි පාර්ශ්වයේ භික්ෂූන් වහන්සේ සතුව පවත්නේය.