"අරත්තන (3)" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('බටහිර පලිස්පත්තුවේ පාතදුම්බර පළාතට අයත් ගමකි...' යොදමින් නව පිටුවක් තනන ලදි)
(වෙනසක් නොමැත)

22:17, 12 සැප්තැම්බර් 2023 තෙක් සංශෝධනය

බටහිර පලිස්පත්තුවේ පාතදුම්බර පළාතට අයත් ගමකි. කළු ගඟ හා කුකුළු ඔය මීට නුදුරින් ගලයි. දොඩම්වත්තේහෙල, ගොන්ගහන්නෙහෙල, පාන්තිබූහෙල, පිටකන්ද, තුරුනු ගලේකන්ද හා උඩහින්නේහෙල මේ අවට පිහිටි උස්බිම්ය. මේ ගමෙන් දළදා මාළිගයට මුරපංගුව හා හේවිසි පංගුව බැගින් තිබේ. අරත්තන බෝමළු පිටිය නාරම්පනාවේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ විසින් උන්වහන්සේගේ ශිෂ්‍යයන් සතර දෙනාට පවරා තිබුණ බව එච්.සී.පී. බැල් මහතා සඳහන් කරයි.

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අරත්තන_(3)&oldid=3064" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි