"අමරිලිඩාසේ" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('[Amaryllidaceae (තොලබෝ කුලය) මෙය ඒකබීජපත්‍රී (monocotyledonous) ශාක...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
1 පේළිය: 1 පේළිය:
[Amaryllidaceae (තොලබෝ කුලය) මෙය ඒකබීජපත්‍රී (monocotyledonous) ශාක කුලයකි. මේ කුලයට අයත් ශාක බොහොමයක ම ඇති බල්බවල ආධාරයෙන් ඒ ශාකයන්ට අහිතකර සෘතූන්ට ඔරොත්තු දිය හැකියි. සමහරක රෛසෝම ඇත. රේඛීය කොළ ස්වල්ප වශයෙන් දක්නට ලැබේ. පුෂ්ප මංජරිය කොළපුවක් සහිත තුවැටියක් (scape) උඩ  හටගන්නා බහු -අක්ෂයකි  (cyme) මෙය බොහෝවිට ඡත්‍රාකාරය (umbel-like) සමහර ශාකවල තනි මල් තිබේ. මල් ද්විලිංගිකය, ක්‍රමවත් (regular) හෝ යුගරූපී (zyugomorhic) ය. පරිපුෂ්පය (perianth) 3 + 3කි, දලාභ (petaloid) ය. රේණු 3+3කි, සමහරවිට එයින් සමහරක් වඳය. ඩිම්බකෝෂය (ovary) අධර (inferior) ය. කලාතුරකින් අර්ධ- අධර හෝ උත්තර (superior) හෝ විය හැකි ය. සාමාන්‍යයෙන් කෝෂ්ඨ 3කි. සමහර විශේෂවල මල ප්‍රකටව පෙනෙන කිරීටයකින් (corona) යුක්තය. ඵලය ස්ඵෝටිකාවක් (capsule) හෝ බදරියක් (berry) හෝ වෙයි. එහි සාමාන්‍යයෙන් ඇට ස්වල්පයක් තිබේ.
+
[[ගොනුව:E-3.jpg|400px|left]][Amaryllidaceae (තොලබෝ කුලය) මෙය ඒකබීජපත්‍රී (monocotyledonous) ශාක කුලයකි. මේ කුලයට අයත් ශාක බොහොමයක ම ඇති බල්බවල ආධාරයෙන් ඒ ශාකයන්ට අහිතකර සෘතූන්ට ඔරොත්තු දිය හැකියි. සමහරක රෛසෝම ඇත. රේඛීය කොළ ස්වල්ප වශයෙන් දක්නට ලැබේ. පුෂ්ප මංජරිය කොළපුවක් සහිත තුවැටියක් (scape) උඩ  හටගන්නා බහු -අක්ෂයකි  (cyme) මෙය බොහෝවිට ඡත්‍රාකාරය (umbel-like) සමහර ශාකවල තනි මල් තිබේ. මල් ද්විලිංගිකය, ක්‍රමවත් (regular) හෝ යුගරූපී (zyugomorhic) ය. පරිපුෂ්පය (perianth) 3 + 3කි, දලාභ (petaloid) ය. රේණු 3+3කි, සමහරවිට එයින් සමහරක් වඳය. ඩිම්බකෝෂය (ovary) අධර (inferior) ය. කලාතුරකින් අර්ධ- අධර හෝ උත්තර (superior) හෝ විය හැකි ය. සාමාන්‍යයෙන් කෝෂ්ඨ 3කි. සමහර විශේෂවල මල ප්‍රකටව පෙනෙන කිරීටයකින් (corona) යුක්තය. ඵලය ස්ඵෝටිකාවක් (capsule) හෝ බදරියක් (berry) හෝ වෙයි. එහි සාමාන්‍යයෙන් ඇට ස්වල්පයක් තිබේ.
  
මේ ශාක සෞම්‍ය හෝ උණුසුම් දේශගුණයක් ඇති  ප්‍රදේශවල වැවේ. මේ කුලයෙහි ගණ 90ක් ද විශේෂ 1050ක් ද පමණ ඇතුළත් වේ. ගණ 5ක් ද විශේෂ 11ක් ද පමණ ලංකාවේ වැවේ. අගාවෙ, නාසිසුස්, ක්රීනුම්, සෙෆිරන්තෙස් සහ පොලිඅන්තෙස් මේ කුලයට අයත් වැදගත් ගණයෝ යි.
 
09:45, 25 සැප්තැම්බර් 2023 තෙක් සංශෝධනය

E-3.jpg
[Amaryllidaceae (තොලබෝ කුලය) මෙය ඒකබීජපත්‍රී (monocotyledonous) ශාක කුලයකි. මේ කුලයට අයත් ශාක බොහොමයක ම ඇති බල්බවල ආධාරයෙන් ඒ ශාකයන්ට අහිතකර සෘතූන්ට ඔරොත්තු දිය හැකියි. සමහරක රෛසෝම ඇත. රේඛීය කොළ ස්වල්ප වශයෙන් දක්නට ලැබේ. පුෂ්ප මංජරිය කොළපුවක් සහිත තුවැටියක් (scape) උඩ හටගන්නා බහු -අක්ෂයකි (cyme) මෙය බොහෝවිට ඡත්‍රාකාරය (umbel-like) සමහර ශාකවල තනි මල් තිබේ. මල් ද්විලිංගිකය, ක්‍රමවත් (regular) හෝ යුගරූපී (zyugomorhic) ය. පරිපුෂ්පය (perianth) 3 + 3කි, දලාභ (petaloid) ය. රේණු 3+3කි, සමහරවිට එයින් සමහරක් වඳය. ඩිම්බකෝෂය (ovary) අධර (inferior) ය. කලාතුරකින් අර්ධ- අධර හෝ උත්තර (superior) හෝ විය හැකි ය. සාමාන්‍යයෙන් කෝෂ්ඨ 3කි. සමහර විශේෂවල මල ප්‍රකටව පෙනෙන කිරීටයකින් (corona) යුක්තය. ඵලය ස්ඵෝටිකාවක් (capsule) හෝ බදරියක් (berry) හෝ වෙයි. එහි සාමාන්‍යයෙන් ඇට ස්වල්පයක් තිබේ.

මේ ශාක සෞම්‍ය හෝ උණුසුම් දේශගුණයක් ඇති ප්‍රදේශවල වැවේ. මේ කුලයෙහි ගණ 90ක් ද විශේෂ 1050ක් ද පමණ ඇතුළත් වේ. ගණ 5ක් ද විශේෂ 11ක් ද පමණ ලංකාවේ වැවේ. අගාවෙ, නාසිසුස්, ක්රීනුම්, සෙෆිරන්තෙස් සහ පොලිඅන්තෙස් මේ කුලයට අයත් වැදගත් ගණයෝ යි.

තොලබෝ (ක්රීනුම් ආසියාටිකුම්) වනාහි වෙරළබඩ වැවෙන සුවඳ මල් ඇති ශාකයකි. නාසිසුස්, ගොඩ මානෙල් (සෙෆිරන්තෙස්) සහ ටියුබ්රෝස් (පොලිඅන්තෙස්) යනාදිය මල් සඳහා වවනු ලැබේ. අගාවෙ සිසලිනා සහ අගාවෙ වෙරක්රූස් (ගෝනිගස්) වැනි නොයෙක් අගාවෙ විශේෂ කෙඳි ලබාගැනීම පිණිස වවනු ලබන කෙඳි ලබා ගන්නේ මේවායේ කොළ සහ මුල් දියේ දමා පල් කිරිමෙනි. පුර්ක්රෙයා ගිගන්ටෙයාවලින් මොරීෂස් හණ සපයා ගනු ලැබේ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අමරිලිඩාසේ&oldid=3459" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි