"අරුග්ගම්මන" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('මෙය සබරගමු පළාතේ කෑගලු දිස්ත්‍රික්කයේ බෙලිගල...' යොදමින් නව පිටුවක් තනන ලදි)
(වෙනසක් නොමැත)

14:50, 25 සැප්තැම්බර් 2023 තෙක් සංශෝධනය

මෙය සබරගමු පළාතේ කෑගලු දිස්ත්‍රික්කයේ බෙලිගල් කෝරළයෙහි දකුණු කඳුපිට කොට්ඨාසයට අයත් ග්‍රාමයෙකි. රුවන්වැල්ලට සැතපුම් දහයක් පමණ උතුරින් වූ මේ ග්‍රාමය, දැනට වසා දමා ඇති කරඳවත්ත මිනිරන් පතලය නිසා ප්‍රසිද්ධ විය. බෝගල මිනිරන් පතල් ඇත්තේ ද අරුග්ගම්මනට නුදුරුවය. දේශගුණය හිතකර නිසාත් භුමිය සාරවත් නිසාත් මෙහි තේ, රබර්, වී සහ පුවක් වගාව දියුණුව පවතී.

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අරුග්ගම්මන&oldid=3556" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි