"ජිනයශස් මහතෙර (ක‍්‍රි.ව. 520-580)" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('ජිනයශස් මහතෙර (ක‍්‍රි.ව. 520-580). ඥානයශස් යන නමින් ද...' යොදමින් නව පිටුවක් තනන ලදි)
(වෙනසක් නොමැත)

14:29, 14 ජූලි 2017 තෙක් සංශෝධනය

ජිනයශස් මහතෙර (ක‍්‍රි.ව. 520-580). ඥානයශස් යන නමින් ද හැඳින්වෙන ජිනයශස් තෙරුන් ක‍්‍රි.ව. 520 පමණ භාරතයෙහි මගධයෙහි උපත ලබා ක‍්‍රි.ව. 557 දී චීනයට පැමිණ ඇත. මෙතුමා එහි දී යශෝගුප්ත, ජිනගුප්ත යන දෙනමගේ සහාය ඇති ව ග‍්‍රන්ථ හයක් චීන බසට නැ`ගූ බව සඳහන් වේ.

මුන් වහන්සේ ක‍්‍රි.ව. 559-560 දී ජාංගාං නුවර සිව්දෙව් රජුන්ගේ විහාරයෙහි වැඩසිටිමින් ග‍්‍රන්ථ රාශියක් චීන බසට නැඟූ බවට ද සාධක පවතී. මෙම ග‍්‍රන්ථ අතුරින් දැනට ශේෂ ව ඇත්තේ මහාමේඝ සූත‍්‍ර හා මහායානාභිසමය සූත‍්‍ර යන ග‍්‍රන්ථද්වය පමණි. මෙම තෙරුන් වහන්සේ කි‍්‍ර.ව. 580 දී අපවත් ව වූහ.

ඞී. පී. බිබිලේ